හතර කේන්දරේ පාළු වීම හොඳට සහ නරකට 🪐 =|-|=

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    හතර කේන්දරේ පාළු වීම කියන්නේ මොකක්ද? හතර කේන්දරේ පාළු වීම නරකද? හතර කේන්දරේ පාළු වීම ඔය කියන තරම් නරක නැද්ද?
    ජ්‍යෝතිෂ්‍යය ගැන උනන්දුවක් තියෙන බොහෝ දෙනා අතර නිතර කතාබහ කෙරෙන මාතෘකාවක් තමයි මේ 'හතර කේන්දරේ පාළු වීම' යන කාරණය.
    හොඳයි මුලින්ම අපි බලමු මොකක්ද මේ හතර කේන්දරේ කියන්නේ කියලා. ජන්ම පත්‍රයක දල සටහන 1, 2, 3 ආදී වශයෙන් ස්ථාන හෙවත් භාව දොළහකට බෙදලා තිබෙන බව දන්නවානේ. උපන් මොහොතේ උදාවුණු රාශිය පළමු (1) ස්ථානයේ තියලා පිළිවෙලින් මේ ස්ථාන දොළහට රාශි නාම යොදනවා. ඒ ස්ථාන දොළහ අතරින් 1, 4, 7 සහ 10 යන ස්ථාන හතරට කේන්ද්‍රස්ථාන කියලා කියනවා. අන්න ඒ ස්ථාන හතරට තමයි කටවහරේ හතර කේන්දරේ කියලා කියන්නේ. හඳහනක වඩාත්ම බලවත් වෙන්නේ මේ කේන්ද්‍රස්ථාන හතරයි. සාමාන්‍යයෙන් කේන්ද්‍රස්ථානයක සිටින ග්‍රහයින් අනෙක් තැන්වල සිටින ග්‍රහයන් ට වඩා බලවත් වෙනවා.
    යම් ජන්ම පත්‍රයක මේ කේන්ද්‍රස්ථාන හතරෙන් එකකවත් ග්‍රහයෙක් නොසිටියොත් හතර කේන්දරේ පාළු වෙනවා කියලා තමයි කියන්නේ.

    sinha.JPG


    ඒත් ග්‍රහයන් නොසිටි පමණින් හතර කේන්දරේ පාළු වෙන්නේ නෑ. ග්‍රහයන් නොසිටියත් මේ ස්ථාන වලට ග්‍රහ දෘෂ්ටි වැටිලා තියෙනවා නම් ඒ ස්ථාන පාළු වීමක් සිදුවෙන්නේ නෑ. ඒත් කලාතුරකින් කෙනෙකුගේ ජන්ම පත්‍රයේ මේ ස්ථාන හතරේ ග්‍රහයන් නොසිට කිසිම ග්‍රහයකු ගේ දෘෂ්ටියක් හෝ නොවැටී තියෙනවා නම් අන්න එතකොට හතර කේන්දරේ පාළු වෙනවා. මේ විදියට හතර කේන්දරේ පාළු වීම මොනම විදියකින් වත් යහපත් වෙන්නේ නෑ. එවැනි අය බොහෝවිට අඩු වයසෙන් මියයනවා.
    කේන්ද්‍රස්ථාන හතරේ ග්‍රහයන් නොසිටියත් 3, 5, 9, 11 වගේ යහපත් තැන්වල සිටින ග්‍රහයන් ගේ දෘෂ්ටි වැටීමෙන් කේන්ද්‍රස්ථාන බලවත් වෙනවා. එවැනි අයට ජීවිතයේ දියුණුව කරා යන්න බාධාවක් වෙන්නේ නැහැ.
    ඉහත සඳහන් කළ යහපත් ස්ථාන හැරුණු කොට 2, 6, 8, 12 වගේ නපුරු ස්ථාන වල පමණක් සියලු ග්‍රහයන් සිටිමින් කේන්ද්‍ර ස්ථාන හතරට කිසිදු දෘෂ්ටියක් නොදෙනවා නම් ඒක බාලාරිෂ්ට යෝගයක් වෙනවා. ඒ කියන්නේ ඉපදී නොබෝ කාලයකින් මියයනවා. මියයන වයස ග්‍රහයන්ගේ තත්වය සහ ලබන දශාවන් අනුව නිශ්චය කරන්න ඕන. හැබැයි මේ නපුරු ස්ථාන වල හිඳිමින් හතර කෙන්දරේට දෘෂ්ටි දෙනවා නම් ඒ දෘෂ්ටි ලැබෙන විදියට අනුව බාලාරිෂ්ට යෝග අහෝසිවෙලා කේන්ද්‍රය අතිශයින්ම බලවත් වෙන්න ත් පුළුවන්. එවැනි යෙදීමකට කියන්නේ 'සිංහාසන යෝගය' කියලා. මේෂ, කටක, තුලා හෝ මකර රාශියක් ලග්නයේ තිබියදී සිංහාසන යෝගය යෙදුනොත් ඒ ජන්මියා අනිවාර්යෙන් තම උපන් තත්වයට වඩා සිය දහස් ගුණයකින් උසස් තත්වයකට පත්වෙනවා. ඇතැම් විට රටේ ප්‍රධානියා (රජු) බවට පත්වෙන්නත් ඉඩක් තියෙනවා.

    hatharakendare.JPG


    ඒ නැතත් වෙනත් ආකාරයකින් හෝ රටේ නම් දරාපු බලවන්තයෙක් වෙනවා.
    මෙන්න මේ හේතු නිසා කෙනෙකුගේ හඳහනේ හතර කේන්දරේ ග්‍රහයන් නොසිටි පමණින් අශුභ ඵල කියන්න ඉක්මන් වෙන්න හොඳ නෑ. නීච භංගයෙදී වගේ තමයි. ග්‍රහයෙක් නීච වූ නිසාම අශුභ ඵල දෙනවා කියන්න බෑ. නීචය භංග නම් රාජ යෝග පවා යෙදෙන්න පුළුවන්.