TV වල කතා කරන්න එන ප්‍රසිද්ද මනෝවෛද්‍යවරු ගාවට යන්න එපා බං

ඒ මිනිස්සුන්ට කතා කරන්නවත් වෙලාවක් නෑ හෙන සෙනගක් එනව. මාත් ඔය වගේ මුලින්ම ගියෙ ඒ කාලෙ හිටපු ඩීවීජේ හරිස්චන්ද්‍ර ගාවට. ඒ කාලෙ කොලඹ එන්නෙත් නෑ ගාල්ලෙ විතරයි බෙහෙත් දුන්නෙ. සූ ගාල සෙනග නිකං මූණ බැලුව ප්‍රශ්න දෙක තුනක් ඇහුව විශාදය කියල ආ මේ ටික බීල මාසෙකිං එන්න කිව්ව. එහෙම මේ උණට හෙම්බිරිස්සාවට බෙහෙත් කරනව වගේ ලක්ශණ දෙක තුනක් සලකා බලල ලෙඩා එක්ක කතා කරන්නෙවත් නැතුව බෙහෙත් දීල හරියන්නෑනෙ. ඊට පස්සෙ ගියා ඩොක්ටර් හේමමාලි පෙරේරා ලඟට. ඔඒසිස් එකේ ඒ කාලෙ චැනල් කලේ. ගියාමයි දන්නෙ බෙහෙත් ගන්න ඇවිත් තියෙන්නෙ මායි තව දෙන්නෙකුයි විතරයි.

මාත් එක්ක කතා කලේවත් නෑ මුලින්ම අම්මට හරි තාත්තට හරි ඇතුලට එන්න කිව්ව. ඇතුලට ගිහිං කතා කලා කතා කලා කොහොම හරි පැය බාගෙකට වඩා ඇතුලට වෙලා කතා කල්ල තමා පස්සෙ මට එන්න කිව්වෙ. ඊට පස්සෙ මාත් එක්ක නං වැඩි වෙලා කතා කලේ නෑ ප්‍රශ්න දෙක තුනක් අහල ලමා රෝහලට එන්න කියල ලියල දුන්න. අන්න එහෙම බෙහෙත් කරන දොස්තර කෙනෙක් ගාවට පලයං. එක රෝගියෙක් වෙනුවෙන් අඩුම ගානෙ පැය භාගයක්වත් වෙන් කරන්න බැරි නම් කොහොමද රෝගිය හිතන විදිහවත් අඳුනගන්නෙ. ප්‍රසිද්ද අය පස්සෙ යන්න එපා