සාමාන්‍යයෙන් අලුතෙන්ම ලෙඩෙක් ආවම පැයකට ආසන්න කාලයක් යනවා මචන් ඩේටා කලෙක්ට් කරන්න .මුලින්ම මම නම් කරන්නේ ලෙඩා සහ දෙමවුපියන් ,පාර්ට්නර් එක්ක කතාකරලා විස්තර ගන්නවා ,ඒවා consultant psychiatrist එක්ක කතාකරනව පස්සේ තමයි එයා අදහසක් ගන්නේ රෝගියා ගැන .හැමෝම මෙහෙම නැහැ හැබැයි ,සමහරු මුදල විතරනේ බලන්නේ !
ඔබතුමා මනෝ වෛද්‍යවරයෙක්ද ?
අදයි දැනගත්තෙ
ලංකාවෙ මනෝ වෛද්‍යවරු ප්‍රමාණෙත් අඩු නිසා එහෙම කාලයක් වෙන් කරන එක අමාරුත් ඇති. අනික් ක්ශේත්‍ර වලත් දවසට බැලිය යුතු රෝගීන් ප්‍රමාණය වගේ කීප ගුණයක් බලන්න සිද්ද වෙනවනෙ. quantity එක වැඩිවෙද්දි quality එක බැහීම සාමාන්‍යයි. අනුරාධරාටත් කරන්න තියෙන්නෙ ඒක. ගිය ගමං මූණ බලල බෙහෙත් ලියන්නැති හොඳට කතා කරල සෑහෙන්න විස්තර දැනගෙන රෝග නිශ්චය කරන කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න. මං මේ නිකමට දැනගන්න වගේ අහන්නෙ. සේවය කරද්දි ලංකාවෙ psychopath ලව එහෙම මුනගැහෙන්නැද්ද ?


සමස්තයක් ගැනනෙ ඇහුවෙ එතකොට ඔය කොන්ඩෙන්සියැලිටි එක කැඩෙන්නෑ 

ඒ මිනිස්සුන්ට කතා කරන්නවත් වෙලාවක් නෑ හෙන සෙනගක් එනව. මාත් ඔය වගේ මුලින්ම ගියෙ ඒ කාලෙ හිටපු ඩීවීජේ හරිස්චන්ද්‍ර ගාවට. ඒ කාලෙ කොලඹ එන්නෙත් නෑ ගාල්ලෙ විතරයි බෙහෙත් දුන්නෙ. සූ ගාල සෙනග නිකං මූණ බැලුව ප්‍රශ්න දෙක තුනක් ඇහුව විශාදය කියල ආ මේ ටික බීල මාසෙකිං එන්න කිව්ව. එහෙම මේ උණට හෙම්බිරිස්සාවට බෙහෙත් කරනව වගේ ලක්ශණ දෙක තුනක් සලකා බලල ලෙඩා එක්ක කතා කරන්නෙවත් නැතුව බෙහෙත් දීල හරියන්නෑනෙ. ඊට පස්සෙ ගියා ඩොක්ටර් හේමමාලි පෙරේරා ලඟට. ඔඒසිස් එකේ ඒ කාලෙ චැනල් කලේ. ගියාමයි දන්නෙ බෙහෙත් ගන්න ඇවිත් තියෙන්නෙ මායි තව දෙන්නෙකුයි විතරයි. 
