හදවතට හදවතක් බද්ධ කර දොස්තර II
හදවතට හදවතක් බද්ධ කර දොස්තර I
හදවතට හදවතක් බද්ධ කර දොස්තර
හෘද රෝග විශේෂඥ වෛද්‍ය
අනිල් අබේවික්‍රම කතා කරයි-02
සමහර පුද්ගලික රෝහල් මාෆියාවන්
මේක කොල්ල කන්න හදනවා
නුවර රෝහලේදී අපි මේක කරන්නේ නොමිලේ....
විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා එංගලන්තයේ නිව් කාසල් හි පිහිටි ෆ්රීමන් රෝහලට සම්බන්ධ වී හදවත් බද්ධ කිරීම පිළිබඳව වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ දැනුම ලබාගත්තේය.
2014 වර්ෂයේ ශ්‍රී ලංකාවට පැමිණි වෛද්‍ය අනිල් අබේවික්‍රම හදවත් බද්ධ කිරීමේ ශල්‍ය කර්මය තම මවුරටේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කළේය. හදවත් සැත්කම කිරීම සඳහා අවශ්‍ය කරන සියලු සහාය ලබා ගැනීමට ෆ්රීමන් රෝහලේ වෛද්‍යවරුන් කැමැති කරවා ගන්නට අනිල් අබේවික්‍රම මහතාට හැකිවිය.
සැත්කම ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමකගේ සහාය ලබා ගැනීමට ද වෛද්‍ය අනිල් අබේවික්‍රමට හැකි වුණේය. අවම පහසුකම් යටතේ ශ්‍රී ලංකාවේ පළමුවන හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකළ අයුරු මෙවර ලිපියෙන් දිගහැරෙයි.
1967 වර්ෂයේ දෙසැම්බර් 03 වැනිදා දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නගරයේ පිහිටි රෝහලකදී වෛද්‍ය විද්‍යාව උඩුයටිකුරු කළ සිදුවීමක් සිදුවිය. දකුණු අප්‍රිකානු ජාතික විශේෂඥ වෛද්‍ය ක්‍රිස්ටියන් බර්නාඩ් සිදු කළ හදවත් බද්ධ කිරීමේ විශ්මිත ශල්‍යකර්මය සමස්ත වෛද්‍ය ක්ෂේත්රය එතෙක් මෙතෙක් ලැබූ සුවිශේෂීම ජයග්‍රහණය බවට පත් කළේය.
වෛද්‍ය ක්ෂේත්රයේ නිම් වළලු පුළුල් කිරීමට සමත් වූ හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය දියුණු වෙමින් පවතින තුන්වැනි ලෝකයේ රටවල සිදු කිරීම සිහිනයක් විය. එහෙත් ඒ අභියෝගය ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් ජයගත්තේ මුළු රටේම පමණක් නොව ලෝකයේම අවධානය යොමුකර ගනිමින් ය.
ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන් මේ ජයග්‍රහණය ලබා ගන්නේ පළමුවැනි හදවත් සැත්කම සිදුකර හරියටම පනස් වසරක් ගෙවී ගිය පසුවය.
ඉතාම සීමිත පහසුකම් යටතේ සිදු කළ මේ අභියෝගාත්මක ශල්‍යකර්මය මේ වනවිට අතිශය සාර්ථක එකක් බවට පත් වී හමාරය. මේ විශ්මිත ශල්‍යකර්මය සිදු කිරීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතාය. වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා තුළ තිබූ කැපවීම අධිෂ්ඨානය නිසාම වසර දෙකක් වැනි කාල සීමාවක් තුළදී ශ්‍රී ලාංකේය වෛද්‍ය ක්ෂේත්රය ලැබූ සුවිශේෂීම ජයග්‍රහණය ලබා ගන්නට හැකි වූ බව නොරහසකි.
හදවත බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදු කරන ආකාරය පිළිබඳව අපේ වෛද්‍යවරුන් දැනුවත් කිරීම සඳහා එංගලන්තයේ ෆ්රීමන් රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ස්ටීව් ක්ලාර්ක් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වන්න මම කටයුතු කළා.
ස්ටීව් ක්ලාක් මහත්තයව ගෙන්වලා අපේ වෛද්‍යවරුන් දැනුවත් කිරීමේ සම්මන්ත්රණ තියන්න ලොකු වියදමක් යනවා. මේ වැඩේට කව්රුත් මට ආධාර උපකාර කළේ නැහැ. රජයෙන්වත් මේකට උදව් කළේ නැහැ.
අන්තිමේදී මගේ වියදමෙන් මම ස්ටීව් ක්ලාක් මහතාව ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්තා. පැය 23 ක් පමණයි එයා ලංකාවේ හිටියේ. ඒ කාල සීමාවේදී අපේ වෛද්‍යවරුන් දැනුවත් කිරීමේ දේශන ඒ මහතා පැවැත්වූවා. 2015 සැප්තැම්බර් මාසෙ තමයි මේ දේශනය පැවැත්වූවේ. අපි එදාම සංගමයක් පිහිටුවා ගත්තා. ශ්‍රී ලංකා හදවත් සහ පෙනහළු බද්ධ කිරීමේ සංගමය බිහිවුණේ ඒ විදිහට. මේ සංගමයේ සභාපති විදියට අපි ස්ටීව් ක්ලාක් මහතා පත් කර ගත්තා. අධ්යක්ෂවරයා විදියට මම පත් වුණා.
රිඡ්වේ රෝහලේ ශල්‍ය විශේෂඥ වෛද්‍ය කංචන සිංගප්පුලි, පෙනහළු පිළිබඳ ශල්‍ය රෝග විශේෂඥ වෛද්‍ය වරුණ කරුණාරත්නත් මාත් එකතුවෙලා මේ සංගමයේ මූලිකත්වය අරගෙන වැඩ කරන්න පටන් ගත්තා.
හදවත් බද්ධ කිරීමේ සැත්කමට භාජන වන රෝගීන් තුළ ඒ පිළිබඳව ලොකු විශ්වාසයක් තියෙන්න ඕනෙ. ඒ වගේම අපේ මේ කාර්යය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙත් පිළිගැනීමක් තියෙන්න ඕනෙ. ඒනිසයි අපි මේ සංගමය පිහිටුවා ගත්තේ. ඒ වගේම මම කියන්න ඕනේ මේ භාරධූර කාර්යයට සම්බන්ධ වෙච්ච හැම වෛද්‍යවරයෙක්ම ඊට ඉදිරිපත් වුණේ මුදල් ඉපයීමේ පරමාර්ථයකින් නොවන බව. මේ හැම වෛද්යවරයකුගේම උනන්දුව,කැපවීම බලාපොරොත්තුව වෙලා තිබුණේ අපේ රටේ දුප්පත්, අහිංසක රෝගීන්ගේ ජීවිත බේර ගන්න. ඒ නිසයි මේ හැම වෛද්‍යවරයෙක් ම තමුන්ගේ රාජකාරි කටයුතු පවා පසෙක දාලා මාත් එක්ක මේ භාරධූර කාර්යය කරන්න අත්වැල් බැඳගත්තෙ.
වෛද්‍ය කංචන සිංගප්පුලිත් මමත් හෘදය බද්ධ කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන කාර්යයන් කරගෙන ගියා. වෛද්‍ය වරුණ කරුණාරත්න පෙනහළු බද්ධ කිරීම සම්බන්ධයෙන් වූ කාර්යය බාරගත්ත. වෛද්‍ය වරුණ කරුණාරත්න අවස්ථා කීපයකදීම එංගලන්තයේ ෆ්රීමන් රෝහල වෙත ගිහින් මේ සම්බන්ධයෙන් තව තවත් දැනුම ලබාගත්තා.
ඔය විදිහට තමයි අපි මේ හදවත් සහ පෙනහළු බද්ධ කිරීමේ ඒකකය සඳහා මූලික අඩිතාලම දාගත්තේ. ඒ කාර්යය සඳහා හැම විටම ෆ්රීමන් රෝහලේ වෛද්‍යවරුන් අපට උදව් උපකාර කළා. අපට අවශ්‍ය කරන දැනුම උපදෙස් ලබා දුන්නා.
ඇත්තටම ජුලි 07 වැනිදා අපි කළේ මේ සමස්ත කාර්යයේ අන්තිම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරපු එක විතරයි. උදාහරණයක් ගත්තොත් අපි එදා කළේ ගුවන් යානයක් ගුවන්ගත කරපු එක විතරයි. වසර ගණනක් ගතවෙලා තියෙනවා ගුවන් යානය නිෂ්පාදනය කරන්න.
ඒ වගේ තමයි මේ ක්‍රියාවලියත්. අපි අවුරුදු තුනක විතර වෙච්ච මහන්සියක, කැපවීමක අවසන් ප්‍රතිඵලය තමයි ජුලි 07 වැනිදා එළියට ආවේ. එදා කළේ හදවත මහලා බද්ධ කරපු එක විතරයි. ඒත් ඒ තත්ත්වයට ගේන්න අපිට විශාල කාර්ය භාරයක් කරන්න සිද්ධ වුණා.
මේ හදවත් බද්ධ කිරීම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන සියලු උපදෙස් අපට ෆ්රීමන් රෝහලෙන් ලැබුණා. ඒ වෙනකොට අපිට බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබුණේ, මේ හැම දේම තිබුණත් අපට මේ ශල්‍යකර්මය කරන්න රෝහලක් තිබුණේ නැහැ. ඒ වගේම වෛද්‍ය උපකරණ කිසිවක් තිබුණෙත් නැහැ. අපි හැමෝම එකතු වෙලා රෝහලක් හොයන්න ගත්තා. එක්තරා පෞද්ගලික රෝහලක් මේ කාර්යය නොමිලේ ක්‍රියාත්මක කරන්න කැමැත්ත පළ කළා.
ඒත් අන්තිමේදී ඒකට මැදිහත් වෙන්න ඒ රෝහලේ කෙනෙක් ඉදිරිපත් නොවීම නිසා ඒ වැඩේ අතහැරලා දාන්නත් අපට සිද්ධ වුණා.
ඔය අතරේ තමයි මට මහනුවර රෝහල මේ සඳහා ලබා ගන්න හැකියාව ලැබුණේ. ඒ හරියටම මීට අවුරුද්දකට උඩදී. මම ඒ වෙනකොට සේවය කරමින් සිටියේ රිඡ්වේ ළමා රෝහලේ. මම එතනින් මාරුවීමක් ගත්තා මහනුවර රෝහලට.
මහනුවර රෝහලේ හෘද රෝග ශල්‍ය වෛද්‍ය මුදිත ලංසක්කාර එක්ක සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. වෛද්‍ය කංචන සිංගප්පුලි, වරුණ කරුණාරත්න, මුදිත ලංසක්කාර අපි හතරදෙනා දිගටම මේ ගැන සාකච්ඡා කළා. අපට අවශ්‍ය වුණා රටේ ප්‍රධානම රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් මේ කාර්යය සඳහා සම්බන්ධ කරගන්න.
මහනුවර මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා හමුවී අපි මේ කරන්න යන කාර්යය පිළිබඳව දැනුවත් කළා. රත්නායක මහතා අපට ඒ සඳහා සියලු සහාය ලබා දෙන්න පොරොන්දු වුණා.
පිට පළාත්වල රෝහල්වල සේවය කරන දක්ෂ වෛද්‍යවරුන් පිරිසකගේ සහාය ලබා ගන්න අපට අවශ්‍ය වෙලා තිබුණා. අපි ඒ පිළිබඳව සමන් රත්නායක මහතාට දැනුම් දුන්නා. ඒ අනුව සමන් රත්නායක මහතා මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්යක්ෂවරයාට ලි�තව දැනුම් දුන්නා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා.
මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය ලැබුණාට පස්සේ අපි දක්ෂ වෛද්‍යවරුන් කණ්ඩායමක් තෝරා ගැනීමට කටයුතු කළා. අපිට රෝහල් හතකින් විශේෂඥ වෛද්‍යවරුන් මේ ශල්‍යකර්මය සඳහා සම්බන්ධ කරගන්න අවස්ථාව ලැබුණා.
විදේශයකදී හදවත් බද්ධ
කිරීමේ මෙහෙයුමක් අරඹන ආකාරය
කොළඹ ළමා රෝහලේ හෘද රෝග ශල්‍ය විශේෂඥ කංචන සිංගප්පුලි, වැලිසර ලය රෝහලේ ළමා හා පෙනහළු පිළිබඳ විශේෂඥ වරුණ කරුණාරත්න, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ හෘද රෝග ශල්‍ය විශේෂඥ සුනේත්‍රා ඉරුගල්බණ්ඩාර, අනුරාධපුර මහ රෝහලේ හෘද රෝග විශේෂඥ වසන්ත කපුකොටුව, රොෂාන් පරණමාන, කුරුණෑගල මහ රෝහලේ ළමා රෝග විශේෂඥ දිමුතු වීරසූරිය යන අති දක්ෂ වෛද්‍යවරුන් සම්බන්ධ කරගන්න අපට අවස්ථාව ලැබුණා.
ඒ වගේම හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා අතිදක්ෂ නිර්වින්දන වෛද්‍යවරුන් සිටිය යුතුයි. මං හිතන්නෙ අපේ රටේ ඉන්න දක්ෂතම නිර්වින්දන වෛද්‍යවරුන් අතරින් තුන්දෙනෙක් මහනුවර රෝහලේ ඉන්නවා. වෛද්‍ය ජගත් පෙරේරා, අරුණි ජයසේකර, ප්‍රියන්ත හෙට්ටිආරච්චි අපට මේ වැඩේට සම්බන්ධ කරගන්න අවස්ථාව ලැබුණා.
මේ හැම වෛද්‍යවරයෙක්ම තමන්ගෙ වැඩ රාජකාරි හැම එකක්ම බාධා කරගෙන හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය පිළිබඳව අපි පැවැත්වූ සියලුම සාකච්ඡාවලට සහභාගි වුණා. ඇත්තටම මේ හැම කෙනෙක්ම ඒ වැඩේට සම්බන්ධවෙලා හිටියේ ස්වෙච්ඡාවෙන්, බොහොම කැමැත්තෙන්. ඒ හැම කෙනෙක්ම දැනගෙන හිටියා මේ සැත්කමෙන් ඒ අයට කිසිම ලාභ ප්‍රයෝජනයක් ලැබෙන්නෙ නැහැ කියලා. ඒක තමයි මේ වෛද්‍යවරුන්ගෙ තිබුණු විශේෂත්වය.
හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය ක්‍රියාත්මක කිරීමේදී නීතිමය පැත්ත ගැනත් බලන්න ඕනෙ වුණා. මොකද අපේ රටේ නීති රීති සැකසිලා තිබුණෙ නැහැ හදවත් සැත්කම් සම්බන්ධයෙන්. විශේෂයෙන්ම හදවත පරිත්‍යාග කරන කෙනා සම්බන්ධයෙන් නීති සැකසිලා තිබුණෙ නැහැ.
මම එවකට නීතිපතිවරයා මුණගැහිලා, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මේ සාකච්ඡාව කළේ මහාචාර්ය ස්ටීව් ක්ලාක් ලංකාවට ආව දවසෙ. මම එයාවත් මේ සාකච්ඡාවට කැඳවාගෙන ගියා.
දැනට තියන නීතිමය රාමුව යටතේ මේ ශල්‍යකර්මය අපට කරන්න අවස්ථාව ලබා දෙන්න හිටපු නීතිපතිවරයා කටයුතු කළා. මේ සාකච්ඡාව තිබ්බ දවසෙම අපි එවකට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සමඟත් සාකච්ඡාවක් තිබ්බා. පාලිත මහීපාල මහතාත් අපට මේ කාර්යය සඳහා සියලු උදව් උපකාර ලබා දෙන්න පොරොන්දු වුණා. මහීපාල මහතා පොරොන්දු වුණා මේ සැත්කමට සම්බන්ධවෙන අනෙක් වෛද්‍යවරුන්ටත් එංගලන්තයේ පුහුණුවක් ලබා දෙන්න.
ඒ වගේම ඊළඟට ආව ලොකුම ප්රශ්නය වුණේ සැත්කම සඳහා අවශ්‍ය කරන වෛද්‍ය උපකරණ හොයාගන්න එක. මම ලංකාවෙ හැම ප්‍රධාන රෝහලක්ම පරීක්ෂා කරල මේ ශල්‍යකර්මයට ඕනෙ කරන උපකරණ ටික කොහොමහරි හොයා ගත්තා.
මේ ශල්‍යකර්මයට භාජන වෙන රෝගියාට ලබාදෙන බෙහෙත් ජාති ශ්‍රී ලංකාවෙ තිබුණෙ නැහැ. මම මගේ මුදලින් ඒ හැම බෙහෙතක්ම එංගලන්තයෙනුත් ඉන්දියාවෙනුත් ගෙන්න ගත්තා.
ඒ වෙනකොට හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයට අවශ්‍ය කරන වෛද්‍ය උපකරණ සියල්ලමත්, ඕන කරන බෙහෙත් වර්ග සියල්ලත් මම එකතු කරගෙන හිටියෙ.
අපට ආව ඊළඟ ප්රශ්නය වුණේ හදවත බද්ධ කිරීම සඳහා රෝගීන් එකතු කරගන්න එක. හදවත බද්ධ කරන රෝගියා මෙන්ම හදවත පරිත්‍යාග කරන රෝගියාත් හොයාගන්න ඕනෙ. ඒකත් බොහොම බරපතළ සංකීර්ණ ප්‍රශ්නයක් වුණා.
හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්ම ශ්‍රී ලංකාවේ මීට පෙර සිද්ධ වෙලා නැති නිසා කිසිම ලෙඩෙක් මේකට ඉදිරිපත් වුණේ නැහැ. මොකද ඕනම මිනිහෙක් කැමතියි එක දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න. ඒ වෙනකොට හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්ම ගැන කාටවත් විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ නිසා ශල්‍යකර්මය සඳහා රෝගියෙක් හොයාගන්න එක ලොකුම ප්‍රශ්නයක් වුණා. අපි මේ ප්‍රශ්නයට මැදිවෙලා ඉන්නකොට අනුරාධපුර රෝහලේ වෛද්‍ය රොෂාන් පරනමාන්න සහ වසන්ත කපුවත්ත මහත්වරුන් රෝගීන් තුන්දෙනෙක් එවන්න පොරොන්දු වුණා. තව ලෙඩෙක් කොළඹ ඉඳලා ආවා. කොළඹින් ආව කෙනා ළමයෙක්. එයාගෙ අක්කත් මීට පෙර හදවත් රෝගයෙන් මියගිහින් තිබුණා.
මේ ළමයාගේ තාත්තා මගේ ලිපියක් පත්තරේක තිබිලා දැකලා, මාව හොයාගෙන මහනුවර රෝහලට ආවා.
අපි මේ ශල්‍යකර්මයට තෝරාගන්නෙ 20% කට අඩුවෙන් හදවතේ ක්‍රියාකාරීත්වය තියෙන අය. මොකද මේ ශල්‍යකර්මය නොකළොත් අවුරුද්දකට අඩු කාලයකදි මේ අය අනිවාර්යයෙන් ම මැරෙනවා.
ඒ කොහොම වුණත් හැම ලෙඩෙක්ම කැමැති නැහැ මේ වගේ පුරුදු වෙන ඔපරේෂන් එකකට ඉදිරිපත් වෙන්න.
මෙහෙම ආව රෝගීන් එක්ක මම කථා කළා. ඒ අය තුළ මේ හදවත් සැත්කම පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා දෙන්න මම කටයුතු කළා. කොටින්ම මේ ශල්‍යකර්මය එංගලන්තයේ ෆ්රීමන් රෝහලත් එක්ක එකතු වෙලා කරන බවට ඒ අයට පෙන්නලා දුන්නා. අපි මේ ඔපරේෂන් එක පුරුදුවෙන්න කරන එකක් නොවන බව ඒ අයට කිව්වා. ඉන් පස්සේ ඒ අය තුළ මේ හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය ගැන ලොකු විශ්වාසයක් ගොඩනැඟුණා.
හදවත බද්ධ කරන රෝගියා හොයා ගන්න වගේම බරපතළ ප්‍රශ්නයක් වුණා හදවත පරිත්‍යාග කරන රෝගියෙක් හොයා ගන්න එකත්. මොකද අපේ රටේ මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටමත් එක්ක කව්රුත් කැමැති නැහැ මැරෙන්න ඉන්න කෙනෙකුගෙ වුණත් හදවත පරිත්‍යාග කරන්න.
විශේෂයෙන් ම මොළය මියගිය රෝගියෙක් ජීවත් කරන්න බැහැ කියලා අපේ රටේ මිනිස්සු දන්නෙ නැහැ. මොළය මියගිය රෝගීන් හොයා ගත්තත් අපට ඒ අයගෙ හදවත ලබා ගන්න හැකියාවක් තිබුණෙ නැහැ.
මහනුවර රෝහලේ වෛද්‍ය ලෙස්ලි සිරිවර්ධන මගේ ළඟම හිතවතෙක්. එයාට මම මේ ප්‍රශ්න ගැන කියලා තිබුණා. ලෙස්ලි සිරිවර්ධන මට කිව්වා ඔයා මේ ඔපරේෂන් එක කරනව නම් මම අනිවාර්යයෙන් මොළය මියගිය රෝගීන්ගේ හාර්ට් එක අරගෙන දෙන්නම් කියලා. මහනුවර රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය පී. කේ. හරිස්චJද්‍ර මහතා මගේ ශල්‍ය වෛද්‍ය ගුරුවරයා. එයා මේ වෙන කොට මියගිය පුද්ගලයන්ගෙන් වකුගඩු ලබාගෙන ඒවා සාර්ථකව බද්ධ කර තිබෙන වෛද්‍යවරයෙක්. එයත් කැමැති වුණා මට මොළය මියගිය රෝගීන්ගේ හදවත ලබා දෙන්න.
හදවත බද්ධ කිරීමේ ශල්‍යකර්මයට ඉදිරිපත් වෙන රෝගීන් විවිධ පරීක්ෂණ 100 කට වැඩි ප්‍රමාණයකට ඉදිරිපත් වෙන්න ඕනෙ. මහනුවර රෝහල බොහොම කාර්ය බහුල නිසා මේ පරීක්ෂණ කරන්න අමාරුයි.
සිරිමා බණ්ඩාරනායක රෝහලේ විශේෂඥ වෛද්‍ය සුනේත්‍රා ඉරුගල්බණ්ඩාර මහත්මිය අපට උදව් කරන්න ඉදිරිපත් වුණා. මේ රෝගීන්ගේ වෛද්‍ය පරීක්ෂණ වැඩි ප්‍රමාණයක් සිරිමා බණ්ඩාරනායක රෝහලේ සිදු කළා.
මේ හැම දෙයක්ම ඒ අය කළේ මා එක්ක තියෙන හිතවත්කමට. මේ ශල්‍යකර්මයට ඉදිරිපත් වෙච්ච හැම වෛද්‍යවරයෙක් ම වැඩ කළේ ස්වෙච්ඡාවෙන්. කිසිම කෙනෙක් මුදල් පරමාර්ථයෙන් වැඩ කළේ නැහැ. ඒක තමයි ඒ අයගෙ තිබුණ ශ්‍රේෂ්ඨත්වය.
මේ හැම වෛද්‍යවරයෙක් ම දන්නවා මුදල් පරමාර්ථයක් මගේ නැහැ කියලා. මම බොහොම ආඩම්බරයෙන් කියනවා මම කිසිම දවසක මුදලට ශල්‍යකර්ම කරලා නැහැ. මම පාවිච්චි කරන්නේ කිසිම වෛද්‍යවරයෙක් පාවිච්චි කරන්නෙ නැති තත්ත්වයේ පරණ කාර් එකක්. මම මහනුවර නැවතිලා ඉන්නේ කුලී කාමරයක.
මම මේ වගේ ශල්‍යකර්මවලින් මුදල් උපයනවා නම් අවුරුද්දක් යන්න ඉස්සර කෝටිපතියෙක් වෙන්න පුළුවන්. මේ ශල්‍යකර්මයට එකතු වෙලා හිටිය හැම වෛද්‍යවරයෙක්ම දන්නවා මං ගැන. ඒ නිසයි ඒ අය ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මට උදව් කරන්න පටන් ගත්තේ.
මාස කීපයක් ගත වුණාට පස්සෙ අපි හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා රෝගීන් 4 දෙනෙක් තෝරා ගත්තා. ඇත්තටම මේ රෝගීන් ඒ සඳහා තෝරල දුන්නේ වෛද්‍ය සුනේත්‍රා ඉරුගල්බණ්ඩාර මහත්මිය.
ඒ වෙනකොට හදවත පරිත්‍යාග කරන්න රෝගියෙක් හොයලා දෙන්න වෛද්‍ය ලෙස්ලි සිරිවර්ධන කටයුතු කළා. හදිසි අනතුරකින් තුවාල වෙලා මහනුවර රෝහලට ඇතුළත් කරපු තරුණයෙක් ඉන්නවා එයාගෙ දැනටමත් මොළය මියගිහින් කියලා. ලෙස්ලි සිරිවර්ධන මට කිව්වා.
මම ඒ ලෙඩාව පරීක්ෂා කළා. එයා මොළය මියගිහින් දවස් 11 ක් දැඩි සත්කාර ඒකකයේ මැෂින් එකක සිටියා. අන්තිමේදී එයාගෙ හාර්ට් එකත් නැවතිලා තිබුණා. එංගලන්තයේ වගේනම් මොළය මිය ගියාම දවස් 2 - 3 න් එයාගෙ හාර්ට් එක ගන්නවා.
ඒ වෙලාවෙ මම කිව්වා නතර වෙච්ච හාර්ට් එකක් ගන්න බැහැ කියලා. ඊට දවසකට පස්සේ මට මහනුවර රෝහලෙන් දැනුම් දුන්නා අර තරුණයාගෙ හාර්ට් එක ආයෙත් වැඩ කරනවා කියලා.
ඒ පාර මම නැවත මේ තරුණයගෙ හාර්ට් එක පරීක්ෂණ කීපයකට භාජන කළා. අන්තිමේදී මම මේ තරුණයගෙ හාර්ට් එක සම්බන්ධයෙන් ගන්න හැම රිපෝර්ට් එකක් ම ෆ්රීමන් රෝහලට යෑව්වා.
ෆ්රීමන් රෝහල ඒ රිපෝර්ට් පරීක්ෂා කරලා කිව්වා හාර්ට් එක හොඳයි ඔපරේෂන් එකට යන්න කියලා.
සාමාන්‍යයෙන් වෙනත් රටක මේ වගේ හාර්ට් ඔපරේෂන් එකක් කරන කොට එංගලන්තයෙ ෆ්රීමන් රෝහලේ වෛද්‍යවරු 25 ක් විතර ඒ රටට යනවා. ගිහිල්ල මාස කීපයක් එහෙ නතර වෙලා. ඒ රටේ වෛද්‍යවරුන්ට අවශ්‍ය දැනුම, උපදෙස් දීලා, ඔපරේෂන් එක කරනකල් ඉඳලා තමයි ආපහු යන්නෙ.
ඒත් අපිට ඒ විදිහට වෛද්‍යවරු කණ්ඩායමක් ලංකාවට ගෙන්න ගන්න ශක්තියක් තිබුණේ නැහැ. ලොකු මුදලක් ඒ වෙනුවෙන් වැය කරන්න ඕනෙ. මම ෆ්රීමන් රෝහලට කිව්වා මේ වගකීම මම භාරගන්නවා. ඔපරේෂන් එක අපි කරනවා. දිගටම අපට උදව් කරන්න කියලා.
ඒ අනුව අපි ඔපරේෂන් එක කරන්න සියලු දේ ලෑස්ති කර ගත්තා. හාර්ට් එක පරිත්‍යාග කරන්න ඉදිරිපත් වෙලා හිටියෙ ප්‍රදීප් කුමාර කියලා 21 හැවිරිදි තරුණයෙක්. ඇත්තටම මේ තරුණයගේ මවුපියන්ට ස්තූතිවන්ත වෙන්න ඕනෙ මේ විදියට තමුන්ගෙ පුතාගෙ ශරීර අංග පරිත්‍යාග කරන්න ඉදිරිපත් වෙච්ච එකට.
හදවත් සැත්කමට භාජන වෙන්න තෝරාගෙන හිටියෙ අනුරාධපුරයේ අවුරුදු 34 ක් වයස දරු දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක්. පුෂ්පකුමාරි කියන මේ කාන්තාවගේ හාර්ට් එක වැඩ කළේ 12% කටත් අඩු ප්‍රමාණයක්. මේ ඔපරේෂන් එක කළේ නැත්නම් එයා තව මාස 06 ක් වත් ජීවත් වෙන්නෙ නැහැ.
හදවත් රෝග තියෙන අයට මේ බද්ධ කිරීම හැර වෙන විකල්පයක් නැහැ. අනික තමයි ලෝකෙ කිසිම රටක වෙනත් රටක කෙනෙකුට හදවත් සැත්කම් කරන්නෙ නැහැ. තමුන්ගෙ රටේ කෙනෙකුට විතරයි ඒ රටේ පුරවැසියකුගෙන් හදවතක් අරගෙන බද්ධ කරන්න පුළුවන්.
ඒ නිසා මොන තරම් සල්ලි තිබුණත් අපේ රටේ කෙනෙකුට බැහැ පිටරටකට ගිහින් මේ ඔපරේෂන් එක කරගන්න.
හේමන්ත රන්දුණු:
උපුටා ගැනීමකි:

ඒකට අපි කොහෙවත් ඉන්න 225 ක බුරු රැලක් තමා නඩත්තු කරන්නෙ
+10 