මම එළකිරියේ සාමාජිකයකු වී මාස 2-3 කි. මෙහි කිසියම් දෙයක් පළ කිරීමේදී පහත නීති-රීති පිළිපැදිය යුතු බව දක්වා තිබුනි.
1. වැඩිහිටියන්ට පමණක් වෙන්වූ තොරතුරු පලකිරීමෙන් වලකින්න. - එමෙන්ම ලිපිවල ශීර්ෂ යෙදීමේදී අවධානය ලබාගැනීමට [18+] හෝ [වැඩිහිටියන්ට පමණයි] යනුවෙන් සඳහන් කිරීමෙන්වලකින්න. එසේ සටහන් කරනට යෙදුනහොත් අදාල ලිපියේ අන්තර්ගතය කුමන අයුරක එකක් වූවද එසේ යෙදීමෙන් සිදුකළ නීති උල්ලංඝණයට නිසි පියවර ගනු ඇත.
2. වැඩිහිටි මෙන්ම බාලවයස්කරුවන්ගෙන්ද සමන්විත එළකිරි වෙබ් අඩවියේ සාමාජික සියළු දෙනාට නොගැලපෙන, පලකිරීමට නුසුදුසු දෑ පලකිරීමෙන් වලකින්න. (ඡායාරූප ආදිය සම්බන්ධයේදී නිරුවත් ඡායාරූප බව පෙනෙන censored නිරුවත් ඡායාරූප හෝ පූර්ණවශයෙන් නිරුවත් ඡායාරූප හෝ පල කළ නොහැක. එමෙන්ම නිරුවත් ඡායාරූප,වීඩියෝ පට, ඕඩියෝ පට මැගසින් ආදිය පලකිරීම බෙදාහැරීම ආදිය ශ්රී ලංකාවේ වර්තමාන නීතීන්ට පටහැනිය.)
අයියෝ එළකිරිය. - ඇඩ්මින්ලා නිවාඩුද? එළකිරිය සුද්ද කිරීමට කාලයයි.