හදවත මොහොතකට නැවතුනා
ජීවිත රැසක් බේරන්න තම ජීවිතය පූජා කළ විරුවෙක්

කන්දෙන් පහළට බස් එක ගියානම් ජීවිත කීයක් නම් විනාශ වෙයිද? ජීවිත රැසක් බේර ගන්න තම ජීවිතය පරිත්‍යාග කරපු ඒ සොඳුරු මිනිසා’
‘ඔබ වැනි සොඳුරු මිනිසුන් ඇසුරු කළ අප පින්වන්තයෝය’
‘රියැදුරු දෑතේ වගකීම නිසියාකාරව ඉටුකර ජීවිතය පූජා කළ ඔහු අපගේ ජීවිත ආරක්ෂා කළා.
හපුතලේ විහාරගල බස්රථ අනතුරින් මියගිය රියැදුරු කීර්ති බණ්ඩාරගේ නිවසේ ප්‍රදර්ශනය කර තිබූ පුවරුවල ලියා තිබූ වැකි කීපයකි.
බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නැහැ. ජීවිත 25ක් ආරක්ෂා කර ගන්න වගකීම රියැදුරු දෑතට තිබුණා. තව මීටර් කිහිපයක් ඉදිරියට ගියොත් අඩි දහසකට අධික ප්‍රපාතයකට බසය පෙරළෙනවා.
‘බ්‍රේක් නැතිවුණා. කළබල නොවී හැමෝම පස්සට ගිහින් බේරෙන්න.
එසේ රියදුරුගේ හඬ අවදි වීමත් සමගම බස් රථයේ සිටි සියලුදෙනා මරළතෝනි දුන්නා.
කීර්ති බණ්ඩාරට කරන්න තිබුණේ එක දෙයයි. ඔහු පල්ලමට බස්රථය යන්න කලින් තමුන්ගේ රියැදුරු අසුන තියෙන පැත්ත හිතලම ගල් ඇන්දේ හැප්පුවා.
වේගයෙන් පැමිණි බස් රථය එක හුස්මේ නතර වුණා. මිනිස්සු බස් රථයෙන් බැහැලා ජීවිත බේරා ගත්තා. හැබැයි රියදුරු කීර්ති බණ්ඩාරගේ හුස්ම ආයෙත් ආවේ නැහැ. ඔහු තව එක විරයෙක් වෙලා මේ ලෝකෙ දාලා ගියා.
ඉකුත් 01 දින සවස හපුතලේ උඩ විහාරගලදී සිදුවූ ලංගම බස් අනතුරින් මෙසේ ජිවිතය අහිමි වූයේ හල්දුම්මුල්ල ඌව කොස්ගම වෙහෙරගොඩ පදිංචිව සිටි හීරලු මොහොට්ටාලගේ කීර්ති බණ්ඩාර පත්මසිරි නමැති 45 වියැති දෙදරු පියකුටය. බණ්ඩාරවෙල ඩිපෝවට අයත් බස් රථය බණ්ඩාරවෙල සිට මරංගහවෙල හරහා කොස්ගම ගම්මානය දක්වා ධාවනය වෙමින් තිබුණි.