හද රුදී ගී

DCloser_3

Active member
  • Jul 16, 2018
    220
    43
    28

    බිඳුනු පෙම්හද නිවාලන්නට
    කඳුල නුඹ ආ දා
    අඳුර රජයන හුදකලා සිත
    නුඹට පෙම් බැන්දා
    සරාගික වූ නෙතින් ගිලිහී
    ජීවිතෙන් පිදු ආදරේ
    සරාගික වූ නෙතින් ගිලිහී
    ජීවිතෙන් පිදු ආදරේ
    නිමාවූ සිහි වටන පමණකි
    දෙනෙත් දෑලේ ඉදිවුණේ
    කඳුල නුඹ පිපුනා
    දැවී ගිණිගත් පෙම් සුසානේ
    කඳුලු මල් පිපුණා
    බිඳුනු පෙම්හද නිවාලන්නට
    කඳුල නුඹ ආ දා
    අඳුර රජයන හුදකලා සිත
    නුඹට පෙම්බැන්දා
    ප්රේම ආතුරයන් වෙලා
    ජීවිතේ තනි මංසලේ
    ප්රේම ආතුරයන් වෙලා
    ජීවිතේ තනි මංසලේ
    දිනෙක ඇය මා අමුත්තන් සේ
    යලිත් හමු වේවී
    කඳුල නුඹ නාඩන්
    දුරස් වන්නේ නැතේ නුඹ මා
    කඳුළු නුබ නාඩන්
    බිඳුනු පෙම්හද නිවාලන්නට
    කඳුල නුඹ ආ දා
    අඳුර රජයන හුදකලා සිත
    නුඹට පෙම්බැන්දා
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර


    නුබේ සිත සිත් අහසක්
    මගේ සිත කවි දහසක්
    ලං නොවී අප දෙදෙනා
    කවදාක හෝ සංසාරයේ

    නුවර එලි සිසිලයි
    නුබේ රිය ඇතුලේ
    අදුරු වීදුරුවෙන්
    ඇතුල පිට නොපෙනේ
    මේ අනග රැගුමේ
    අවසනදී මා වේද ගොදුරක්

    ඔබ මට සෙනේ නම්
    ඇයි ලොවට රහසින්
    අසම්මත ඇරයුම්
    දෑසින් කරන්නේ
    මේ අනග රැගුමේ
    අවසනදී මා වේද ගොදුරක්

    නුබේ සිත සිත් අහසක්
    මගේ සිත කවි දහසක්
    ලං නොවී අප දෙදෙනා
    කවදාක හෝ සංසාරයේ
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර


    පාරමිතා නොපුරමු අප දෙදෙනා
    මතු මහු සංසාරේ
    පන සිනා සුළගට විසිකරමු
    හමුවෙන හැම වාරේ //

    කදුළු වලින් දියවී යනවානම්
    අවිහිංසක රූපේ
    දොරගලනතුරු කදුළු හලනම්
    ඔබමට නොපෙනෙන සේ

    පාරමිතා නොපුරමු අප දෙදෙනා...

    මට ඔබ ඔබ මට පෙම් කල තරමට
    වෙන්වී යන්නට බැරි
    අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි
    වරදට වහල් වෙවී

    පාරමිතා නොපුරමු අප දෙදෙනා...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113



    ආරාධනා
    ආරාධනා
    ජීවිතයේ තනිමංසල අතරමංවෙලා
    හුදකලාව සුසුම් හෙලන හදවත සනහා
    අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න
    ආරාධනා
    ආරාධනා
    නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
    මැකී ගියාදෝ කාලයේ වෙරලේ
    ජීවිතයේ දිගු ගමනින් අනාතවූදා
    සෙනේහයේ සත් පියුමන් යලිදු පිපේවා
    ආරාධනා
    ආරාධනා
    එදා සිගිති කිරි සුවඳින් යුගදිවි අරනේ
    ඔබේ උණුසුමේ යලිඳු උපන්නෙම්
    කිඳුනු එවන් රජදහනෙන් සමුගෙන යනදා
    ඔබේ නුවන් පහනින් යලි එළිය ලැබේවා
    ආරාධනා
    ආරාධනා

    Patta rep+.....meke cover ekak nadda?
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර


    වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
    ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ලඟින්..
    වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
    ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ලඟින්..

    ඔබෙ දෙතොලේ - මොලකැටි බව
    නාදුනන ලෙසින්..
    නා දළු වැනි සුමුදු වෙතැයි
    කියමිද කෙලෙසින්..

    වී පැදුරෙන්...

    ඔබේ සොදුරු - මුව මඬලේ
    කැළුම් මම දුටිම්...
    පුරපස හද ඔබ පරදයි
    කියමිද කෙලෙසින්..

    වී පැදුරෙන්...

    ඔබෙ ආදර - නිමල දියේ
    සිහිලස ලද මං..
    තිබහට බොරවූ වතුරක්
    බොන්නද කෙලෙසින්...

    වී පැදුරෙන්...
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර


    මහ වරුසාවට පසුව නැගෙන සඳ
    වෙනදාටත් වැඩියෙන් එළියයි
    නෝක්කාඩුවට පසුව ඔබේ වත
    ඒ එළියට වැඩියෙන් එළියයි...//

    ඇලදොල පාමුල ගොළුවුන ගීයකි
    අප හදවත් බැඳි සොදුරු සෙනේ...
    අද නොදකින ඔබ හෙට දකිනා තුරු
    මඟ බලමින් මා සිත ලතැවේ...

    මහ වරුසාවට...//

    ඔබ මට හමුවුන මල්බර මාවත
    වෙනදාටත් වැඩියෙන් සුවදයි...
    විටකදි නැගුනත් සැක බිය ශෝකය
    පිවිතුරු සෙනෙහස අද උතුරයි...

    මහ වරුසාවට...//
     
    • Like
    Reactions: nicjosh83

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    බිඳුනු පෙම්හද නිවාලන්නට
    කඳුල නුඹ ආ දා
    අඳුර රජයන හුදකලා සිත
    නුඹට පෙම් බැන්දා
    සරාගික වූ නෙතින් ගිලිහී
    ජීවිතෙන් පිදු ආදරේ
    සරාගික වූ නෙතින් ගිලිහී
    ජීවිතෙන් පිදු ආදරේ
    නිමාවූ සිහි වටන පමණකි
    දෙනෙත් දෑලේ ඉදිවුණේ
    කඳුල නුඹ පිපුනා
    දැවී ගිණිගත් පෙම් සුසානේ
    කඳුලු මල් පිපුණා
    බිඳුනු පෙම්හද නිවාලන්නට
    කඳුල නුඹ ආ දා
    අඳුර රජයන හුදකලා සිත
    නුඹට පෙම්බැන්දා
    ප්රේම ආතුරයන් වෙලා
    ජීවිතේ තනි මංසලේ
    ප්රේම ආතුරයන් වෙලා
    ජීවිතේ තනි මංසලේ
    දිනෙක ඇය මා අමුත්තන් සේ
    යලිත් හමු වේවී
    කඳුල නුඹ නාඩන්
    දුරස් වන්නේ නැතේ නුඹ මා
    කඳුළු නුබ නාඩන්
    බිඳුනු පෙම්හද නිවාලන්නට
    කඳුල නුඹ ආ දා
    අඳුර රජයන හුදකලා සිත
    නුඹට පෙම්බැන්දා

    :love::love:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර


    මන්දාරම් අදුර මැදින්
    හිරිපොද වැහි වැටෙන වෙලේ
    මා හා ඇවිදන් යන්නට
    ඔබ සිටියා නම්

    තනිවම වත් යන්නට මදි
    කුඩේ යටින් ඔබේ ලගින්
    නොතෙමී තෙමි තෙමි සතුටින්
    යන්නට තිබුනා

    මග යන එන අයට හොරෙන්
    ඔබෙ දෑසට එබී බලා
    කොපුලේ වැහි බිදුවක රස
    බලන්න තිබුනා
     

    DCloser_3

    Active member
  • Jul 16, 2018
    220
    43
    28



    වැස්සකට ඉඩ ඇතත් අහස් කුස දස අතම
    හිරුට එපමණ කුමට පුංචි පෙදෙසක් ඇතිය
    සිනාසී සිනාසී දෙතොල් ඉරි තැළෙද්දී
    අඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට

    පුංචි කුහුඹුවන්ටත් තියේ උන් හෙවනැල්ල
    බිඳී ගියමුත් බඳුන් අතින් දිය බොනු හැකිය
    ඔබට මා මටද ඔබ හමුවුනෝතින්
    සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන

    සයුර ගොඩ එන තුරා කඳු මුදුන් ඇත උසට
    ගලන ගඟ නැවැත්වූ තැනින් ගම යට නොවෙද
    ඔබට මා මටද ඔබ හමුවුනෝතින්
    සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන