ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිද මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා...
ඇය යන්න ගියා මැකිලා...
පිණි කඳුලක් මල්පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා
නිල්ල නිලන නිල් කදුවැටි අතරේ
සඳ එලියේ මං පෙත පාදා
රහසක් සඟවා ගොළුවූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා...
යලි කවදාවත් හමුනොවෙනා බව..
මද පවණක් හිස අතගා කීවද..
අදහාගන්නට නොහැකිය කිසිදින..
ඇය යලි නොයෙතැයි ගිම්හානෙට පෙර..
ඇය යන්න ගියා මැකිලා...
ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා


උපුටා ගැනීමකි!
ප්‍රියයන්ගෙන් වෙනවීම දුකක් සත්‍ය එයයි. එය සදහටම වෙන්වීමක් වුවහොත් දැනෙන වේදනාව කියා නිමකළ නොහැකියි... මල්ඵලවලින් බරවුණු සුන්දර වනාන්තරයේ මගේ තුරුළට වි ගී මුමුණපු ඇය යන්න ගිහින්, නිකම්ම නෙමෙයි මැකිලම යන්න ගිහින්... ඇය යළි නොඑන්නම ගිහින්... ඇය මෙලොව හැරදා ගිහින්.......
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා
"මිහිදුම් සළුවෙන් මුහුණ වසා" ඇය මියදුනු නිසාවෙන් සුදු රෙද්දකින් ඇගේ දේහය වසා දමලා... එනමුත් නෙත් අග ඉතිරිවුණු පුංචි කදුලු බින්දුවක් තවමත් දකින්නට තිබෙනවා.... මෙලොව හැර යනකොට ඇයට කොතරම් දුකක් දැනෙන්නට ඇත්ද?
නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳඑළියේ මං පෙත පාදා
රහසක් සඟවා
ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
ජිවිතයට පැමිණි බාධක මගහැර, බලාපොරොත්තුව නමැති සඳඑළිය දකින්නට අපි දෙන්නා හීන මැව්වා නේද? නිල්ල නිලන නිල් කඳුවැටි යැයි කවියා පවසන්නේ ජීවිතයට පැමිණි මහා බාධක කන්දරාවයි. ඔබ මේ ලෝකය හැරයනවිට කොතරම් දේවල් ප්‍රමාණයක් මාහට පවසන්නට තියෙන්න ඇත්ද? රහස් කන්දරාවක් සිතෙහි හිරකරගෙන කිසිවක්ම නොකියා ඇය යන්න යනවා. රහසක් සඟවා ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා යැයි කවියා පවසනවා..........
යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
පාළුවෙන් සිටිනා මොහොතක මඳ පවන ඇවිදින් හිස පිරිමදිමින් කියනවා ඇය කවදාවත් යළි හමුවෙන්නේ නැ කියලා.. ඒක හරියට නෑ හිතමිත්‍රාදීන් හිස අතගාලා හිත හදාගන්න කියනවා වගෙයි. එනමුත් අදහාගත නොහැකියි ඇය යළිත් ගිම්හානයට නොඑතැයි කියා.... ගිම්හාන කාලය කියන්නේ මුළු පරිසරයම මළානික වෙලා යන කාල වකවානුවක් දෙන්නාට දෙන්නා නැතිවම බැරි කාලයක්, ඇයව ජීවිතයට අවශ්‍යම කාලය අදහාගත නොහැකියි ඇය යළි නොඑතැයි කියා......
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මූණ වසා