සීතල සඳ එළියේ
පිපුනු සුවඳ මලේ
නෑඹුල් සුවඳ පැතූ
බඹරො නුඹ නාඬන්...//
සඳලු තලාවේ මුනින්තලාවී
ඈත බලගෙන කඳුලු සලන්නේ
පරසතු මල් මකරන්ද සුවඳ මැද
බඹරො නුඹ නාඩන්
සීතල සඳ එළියේ......
සදාහරිත වන රේඛා මැද්දේ
මලානිකව ගලනා සඳ එළියේ
රෑ හීනෙන් මුව ගෑ අඳුනක් දැක
බඹරො නුඹ නාඬන්...//
සීතල සඳ එළියේ......





