හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මෙය අති විශිෂ්ඨ වූ විග්‍රහයකි.. මෙහිදී මෙතුමානන් නිර්මාණය කල මෙම වේදිකා නාට්‍යයන්ගේ සංගීතය සැපයූ මහානම මහාචාර්යවරයානන් පැවසූ කරුණක් සිහිකලයුතු මනාය....
    එතුමා හා යෙදුණු සංවාදයකදී එතුමාණන් මා වෙත මෙසේ පැවසූ කරුණු ලඝුකරමින් මෙසේ දක්වනු කැමැත්තෙමි...

    එනම් ඔහු දක්නා පරිදි සරචන්ද්‍රයක් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකරුවෙකි, සහෘදයෙකි, බුද්ධිමතෙකි, ඇසූ පිරූතැන් ඇත්තෙකි..
    අති දක්ෂ නිර්මාණ ශිල්පියෙකි... ලබැදි සහෝදරයෙකි...

    නමුත් එතුමාගේ ජීවිතයේ බිරිද හා දියණිය සම්බන්ධ ප්‍රභල ගට්ඨනයන් දෙක සිදු නොවන්නට මනමේ සිංහභාහු බිහි නොවන්නට ඉඩ තිබිණි...
    ඒ මන්ද යත්... සැබෑ කලා කරුවන් මනෝවට වඩා සංවේදී වන්නේ සිය අත්දැකීම් කෙරෙහිය...
    එම අත්දැකීම් ඔස්සේ ඉතා අග්‍රගන්‍ය නිර්මාණ බිහි වීම සිදුවේ...

    සත්තකටම මනමේ සිංහභාහු යනු එතුමාගේ පර්යේෂණ, බුද්ධීය, දැනුම හා හැකියාවන්ගේ අග්‍ර ඵලයන්ය..
    එහෙත් එම අග්‍රඵලයන් සදාතනික අතිවිශිෂ්ඨ නිර්මාණබවට පත්වීමේ කණවැල අල්ලා ඇත්තේ ඉහතින් දක්වනු ලැබූ එතුමාගේ අත්දැකීම් බව මහාචාර්ය මහානාමයන්ගේ මතයයි...
    ඔබ විසින් දක්වනු ලැබූ ගීත පුහුණු වන බොහෝ අවස්ථාවන් වලදී එතුමානන්ගේ සිත කොහේදෝ අතරමං වන්නේය.. සිතුවිලි සමුදායක ගිලෙන්නේය...
    සමහරවිට ඔහු සිය අතීතය ආවර්ජනය කරනාවාදෝයි එකල අපි සිතුවෙමු...
    ප්‍රථමයෙන් ඔබට මහත් සේ ස්තුතිවන්ත වෙමි. එය එසේමය. උක්ත කරුණ මා අසා තිබුණි. ශේෂ්ඨ නිර්මාණයක් බිහිවී ඇත්තේ කොතනද එතැන අනිවාර්යයෙන්ම කළාකරුවා තම ජීවිතයේ මුහුණ දුන් සුන්දර, හෝ අසුන්දර අත්දැකීමක් ඇතිබව මා අත්දැකීමෙන් දනිමි. සුන්දර අත්දැකීමක් තවත් සුන්දර කර රසිකයාට ලබාදෙන්නේද එම කලාකරුවාමය. එසේම අසුන්දරවුත් විදවන්නාවුත් අත්දැකීමක් එසේම සුන්දර නිර්මාණයක් බවට පත් කරන්නේද එම කලාකරුවාමය. එනිසා ඔවුන් සදා අමරණීය වේ.

    රසික හදවතට අමතන්නට නම් ඔහුට පෘථුල මෙන් ම මානව දයාවෙන් පිරුණු විසල් හදවතක් හා කිරිවැදුණු ගොයම පොළොවට පාත්වන්නාක් මෙන් නිරහංකාර හදවතක් ද තිබිය යුතු වන්නේ ය. එහි තර්කයක් නැත. මහාචාර්ය සරත්චන්ද්රයන්ට මෙන්ම ඔහුගේ නිර්මාණ ඉදිරියේ මා දන ගසමි. මෙය ලියන්නට පටන් ගෙන සතියකටත් වැඩිය. මෙතෙක් මෙය පල කිරීමට ප්‍රමාද වුයේ, මා පමණක් නොව මුළු මහත් ජාතියම දන නැමිය යුතු ඒ ශේෂ්ඨ පඩි රුවනගේ පෞද්ගලික ජීවිතයේ අත්දැකීමෙන් අපගමනය වී සිංහබාහු විචාරය කිරීමට මා ගත් ඒ වෙහෙස නිසයි. මෙය සරත්චන්ද්‍රයන් පෞද්ගලික ජීවිතයේ ලද ඒ කටුක අත්දැකීම මතින් මෙය නිර්මාණය කළා නම් වඩාත් සරල වනවා නොඅනුමානය. නමුත්,
    සරත්චන්ද්‍රයන් සිය ජිවිත කාලයම ඒ අමිහිරි මතකය තුල මැරී මැරී උපදින්නට ඇත. සරත්චන්ද්‍රයන් දැන් මෙලොව හැර ගොසින්ය. ඔහු විදවූ ඒ අමිහිරි මතකය ඔහුත් සමගම මිහිදන් වේවා යන පැතුම මුල්කර මෙය ලීවෙමි.

    සස්ලිට් සොයුර, යලිත් ඔබට ස්තුති කරමින් මෙසේ ඉල්ලීමක් කරමි. මා වරදවා තේරුම් නොගනු මැන. ඔබ විසින් මා පිළිතුරක් ලබාදී ඒ වෙත දැක්වූ ඒ කාරුණිකත්වය පහත් කළා යැයි මොහොතකටවත් නොසිතනු මැන. සරත්චන්ද්‍රයන් කෙරේ ඇති අපරිමිත භක්තිය හේතුවෙන් ඒ පිලිබදව කිසිත් සදහන් නොකලෙමි.
    :yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    "ගල් ලෙන බිදලා ලෙන් දොර ඇරලා

    සිංහබා සිංහබා සිංහබා"
    11.gif
     
    • Like
    Reactions: BonziBUDDY

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    "ගල් ලෙන බිදලා ලෙන් දොර ඇරලා

    සිංහබා සිංහබා සිංහබා"
    me drama eka balanna school eken giya matakai e welawe nam harima boring melo deyak terune na..oba wicharaya apuuruwata wigraha kara eta..
    ettenma sinhabahu gana tarahak ha sinhaya gana dukak eti wenawa me pada wela balana wityadi

    “ඇයි සුදු දියණිය නුබවත් නොසිටියේ
    සොහොයුරා නම් ඕලමොල ගති ඇත
    නුබ මෙන් මුදු නැත
    ඔහුගේ අණටද කීකරු වුයේ
    පෙරලා එන්නේද ඔහුගෙන් ගැලවී”

    සුරතල් දියණිය මොළ කැටි වදනින්
    මා සනසන්නිය අහර පිසන්නිය
    කවන්නිය පොවන්නිය මා ගැන බිය වන්නිය
    වනයේ දුකක් විද
    අසන්නිය සොයන්නිය
    ඈත් ගොසින්ය

    :(:(
    obe supiri wicharayata bohoma sthutie:yes:
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මෙය අති විශිෂ්ඨ වූ විග්‍රහයකි.. මෙහිදී මෙතුමානන් නිර්මාණය කල මෙම වේදිකා නාට්‍යයන්ගේ සංගීතය සැපයූ මහානම මහාචාර්යවරයානන් පැවසූ කරුණක් සිහිකලයුතු මනාය....
    එතුමා හා යෙදුණු සංවාදයකදී එතුමාණන් මා වෙත මෙසේ පැවසූ කරුණු ලඝුකරමින් මෙසේ දක්වනු කැමැත්තෙමි...

    එනම් ඔහු දක්නා පරිදි සරචන්ද්‍රයක් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකරුවෙකි, සහෘදයෙකි, බුද්ධිමතෙකි, ඇසූ පිරූතැන් ඇත්තෙකි..
    අති දක්ෂ නිර්මාණ ශිල්පියෙකි... ලබැදි සහෝදරයෙකි...

    නමුත් එතුමාගේ ජීවිතයේ බිරිද හා දියණිය සම්බන්ධ ප්‍රභල ගට්ඨනයන් දෙක සිදු නොවන්නට මනමේ සිංහභාහු බිහි නොවන්නට ඉඩ තිබිණි...
    ඒ මන්ද යත්... සැබෑ කලා කරුවන් මනෝවට වඩා සංවේදී වන්නේ සිය අත්දැකීම් කෙරෙහිය...
    එම අත්දැකීම් ඔස්සේ ඉතා අග්‍රගන්‍ය නිර්මාණ බිහි වීම සිදුවේ...

    සත්තකටම මනමේ සිංහභාහු යනු එතුමාගේ පර්යේෂණ, බුද්ධීය, දැනුම හා හැකියාවන්ගේ අග්‍ර ඵලයන්ය..
    එහෙත් එම අග්‍රඵලයන් සදාතනික අතිවිශිෂ්ඨ නිර්මාණබවට පත්වීමේ කණවැල අල්ලා ඇත්තේ ඉහතින් දක්වනු ලැබූ එතුමාගේ අත්දැකීම් බව මහාචාර්ය මහානාමයන්ගේ මතයයි...
    ඔබ විසින් දක්වනු ලැබූ ගීත පුහුණු වන බොහෝ අවස්ථාවන් වලදී එතුමානන්ගේ සිත කොහේදෝ අතරමං වන්නේය.. සිතුවිලි සමුදායක ගිලෙන්නේය...
    සමහරවිට ඔහු සිය අතීතය ආවර්ජනය කරනාවාදෝයි එකල අපි සිතුවෙමු...
    :yes:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    me drama eka balanna school eken giya matakai e welawe nam harima borin melo deyak terune na..
    ඔබ ලබා දුන් කොමෙන්ටුවට බොහෝමත්ම ස්තුතියි... :D

    අදහස සමග එකගයි... බොරු කියන්න ඕනි නැහැ මම මුලින්ම "සිංහබාහු" බැලුවේ 9ය වසරේදී. එදා මට විතරක් නෙමෙයි A/L කළා කරපු අයියලාට වත් තේරුනේ නැහැ කියලයි මට දැන් හිතෙන්නේ.

    එදා නොදන්නා කමට නොහොත් කොළු කමට මෙම ගීතය අප විසින් මෙසේ සරල කර ගනු ලැබීය.

    ගල්ලෙන බ්‍රෝකන්
    ලෙන් දොර ඕපන්
    ලයන් බා - ලයන් බා
    (ඉතිරි කොටස ශිෂ්ඨ භාෂාවෙන් ලිවිය නොහැක):P

    සරත්චන්ද්‍රයනි.. ඒ එදා නොදැන කල වරදට සමාවනු මැන! :sorry:

    "සිංහබාහු" නාටකය වරක් ඉන්දියාවේ පැවති ආසියානු නාට්‍ය උළෙලකට ද ශ්‍රී ලංකාව නියෝජනය කළේ ය. මෙවන් විශිෂ්ට දෘශ්‍ය කාව්‍යයක් ශ්‍රී ලාංකේය අප සතුව පැවතීම ඇත්තටම අපට මහත් සංස්කෘතිකමය වූ අභිමානයක් නොවන්නේ ද?:)
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔබ ලබා දුන් කොමෙන්ටුවට බොහෝමත්ම ස්තුතියි... :D

    අදහස සමග එකගයි... බොරු කියන්න ඕනි නැහැ මම මුලින්ම "සිංහබාහු" බැලුවේ 9ය වසරේදී. එදා මට විතරක් නෙමෙයි A/L කළා කරපු අයියලාට වත් තේරුනේ නැහැ කියලයි මට දැන් හිතෙන්නේ.

    එදා නොදන්නා කමට නොහොත් කොළු කමට මෙම ගීතය අප විසින් මෙසේ සරල කර ගනු ලැබීය.

    ගල්ලෙන බ්‍රෝකන්
    ලෙන් දොර ඕපන්
    ලයන් බා - ලයන් බා
    (ඉතිරි කොටස ශිෂ්ඨ භාෂාවෙන් ලිවිය නොහැක):
    :p
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    සුන්දර ගීයක ඇරඹුම 1 සහ 2 සම්පුර්ණයෙන් කියවීමි. උගත් දේ නම් බොහෝ ය..... අන් අයගේ දැනුම සහ රසවින්දනය වෙනුවෙන් තම කාලය ශ්‍රමය වැය කරමින් මෙහි ගී පදරුත් , විචාර මෙන්ම ගීත නිධාන කතා ලියු සියලුම සොයුරු සොයුරියන්ට මාගේ ගෞරවයත් ප්‍රනාමයත් පුද කරමි.
    මෙවන් ගැඹුරු භාෂා දැනුමකින් හා උසස්වු කලාකාමී මනසකින් හෙබි පිරිසක් එලකිරිය තුල සිටීම ගැන බොහෝ සේ සතුටු වන අතර තවදුරටත් මෙවන් හරබර මෙන්ම රසබර ගී විවරණ අප හා බෙදා ගැනීමට ඔබලාට විවෙකය හා සිත් පහල වෙවායි පතමි. ඔබ සියලුදෙන එලකිරියට පමනක් නොව මුලු මහත් සමාජයටම ආඩම්බරයක් බව නොරහසකි.

    :love::love::love::love::love:
    ආයු බොහෝ වෙවා ........ !!!!!!!!

    එලකිරිය හා එකතුවීමට සිත් පහලවුයේ මේ සුන්දර ගීයක ඇරඹුම නිසා බව මතක් කරමි.අගය කල යුතු දෑ අපමන ඇතත් ඒවා පසුවට ලියමි. ගීයක් පිලිබඳ සොඳුරු විවරනයක යෙදෙන්නටත් ඉදිරියේදී බලපොරොත්තු වෙමි....
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    "ගල් ලෙන බිදලා ලෙන් දොර ඇරලා
    සිංහබා සිංහබා සිංහබා"
    //සිංහයා (තාත්තා) ගේ හදෙහි කොනක පැලපදියම්වූ පුංචි ප්‍රාර්ථනයක් වේ. එනම් සිය දියණිය ඒ මොහොතේ කල හැකි අන් කිසිවක් නොවුයෙන් තම වැඩිමහල් පුතුට කීකරු වූ නමුත් පසුව හෝ තමා වෙතට පෙරලා එනු ඇති බවයි. එහෙත් සිංහයා (තාත්තා) ට දියණිය පිළිබද ප්‍රශ්නයක් වේ. එනම් සිය පුතු හැගීමට වහල් වුවෙකු මුත් දුරඅවබෝධය නොමැති කෙනෙකු නමුදු දියණිය එසේ වුයේ මන්දැයි යන්නය. සොහොයුරා පිළිබදව දැන දැනම ඔහුගේ අණට කීකරු වුයේ මන්ද යන්නය. එනම් තමන් ආදරය කල දියණියට හෝ දුරඅවබෝධය නොතිබුනේද යන්නයි. වර්තමානයේද පියවරුන් පෙළන්නේ මේ ප්‍රශ්නය නොවේද? ඒ හේතුවෙන් යලිත් මගේ සෙනෙහේ සොයා එනු මැන! සිංහයා පියා පතන්නේ එය//

    මහාචාර්ය සරත්චනද්‍රයන්ගේ ජීවිතයත්.. එයින් පිලිඹිබු කෙරෙන වර්තමාණයත් අතර ගැලපූ මේ වටින විචාරයට ස්තූතියි ගොඩක්..!!! :yes: