ප්රථමයෙන් ඔබට මහත් සේ ස්තුතිවන්ත වෙමි. එය එසේමය. උක්ත කරුණ මා අසා තිබුණි. ශේෂ්ඨ නිර්මාණයක් බිහිවී ඇත්තේ කොතනද එතැන අනිවාර්යයෙන්ම කළාකරුවා තම ජීවිතයේ මුහුණ දුන් සුන්දර, හෝ අසුන්දර අත්දැකීමක් ඇතිබව මා අත්දැකීමෙන් දනිමි. සුන්දර අත්දැකීමක් තවත් සුන්දර කර රසිකයාට ලබාදෙන්නේද එම කලාකරුවාමය. එසේම අසුන්දරවුත් විදවන්නාවුත් අත්දැකීමක් එසේම සුන්දර නිර්මාණයක් බවට පත් කරන්නේද එම කලාකරුවාමය. එනිසා ඔවුන් සදා අමරණීය වේ.මෙය අති විශිෂ්ඨ වූ විග්රහයකි.. මෙහිදී මෙතුමානන් නිර්මාණය කල මෙම වේදිකා නාට්යයන්ගේ සංගීතය සැපයූ මහානම මහාචාර්යවරයානන් පැවසූ කරුණක් සිහිකලයුතු මනාය....
එතුමා හා යෙදුණු සංවාදයකදී එතුමාණන් මා වෙත මෙසේ පැවසූ කරුණු ලඝුකරමින් මෙසේ දක්වනු කැමැත්තෙමි...
එනම් ඔහු දක්නා පරිදි සරචන්ද්රයක් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකරුවෙකි, සහෘදයෙකි, බුද්ධිමතෙකි, ඇසූ පිරූතැන් ඇත්තෙකි..
අති දක්ෂ නිර්මාණ ශිල්පියෙකි... ලබැදි සහෝදරයෙකි...
නමුත් එතුමාගේ ජීවිතයේ බිරිද හා දියණිය සම්බන්ධ ප්රභල ගට්ඨනයන් දෙක සිදු නොවන්නට මනමේ සිංහභාහු බිහි නොවන්නට ඉඩ තිබිණි...
ඒ මන්ද යත්... සැබෑ කලා කරුවන් මනෝවට වඩා සංවේදී වන්නේ සිය අත්දැකීම් කෙරෙහිය...
එම අත්දැකීම් ඔස්සේ ඉතා අග්රගන්ය නිර්මාණ බිහි වීම සිදුවේ...
සත්තකටම මනමේ සිංහභාහු යනු එතුමාගේ පර්යේෂණ, බුද්ධීය, දැනුම හා හැකියාවන්ගේ අග්ර ඵලයන්ය..
එහෙත් එම අග්රඵලයන් සදාතනික අතිවිශිෂ්ඨ නිර්මාණබවට පත්වීමේ කණවැල අල්ලා ඇත්තේ ඉහතින් දක්වනු ලැබූ එතුමාගේ අත්දැකීම් බව මහාචාර්ය මහානාමයන්ගේ මතයයි...
ඔබ විසින් දක්වනු ලැබූ ගීත පුහුණු වන බොහෝ අවස්ථාවන් වලදී එතුමානන්ගේ සිත කොහේදෝ අතරමං වන්නේය.. සිතුවිලි සමුදායක ගිලෙන්නේය...
සමහරවිට ඔහු සිය අතීතය ආවර්ජනය කරනාවාදෝයි එකල අපි සිතුවෙමු...
රසික හදවතට අමතන්නට නම් ඔහුට පෘථුල මෙන් ම මානව දයාවෙන් පිරුණු විසල් හදවතක් හා කිරිවැදුණු ගොයම පොළොවට පාත්වන්නාක් මෙන් නිරහංකාර හදවතක් ද තිබිය යුතු වන්නේ ය. එහි තර්කයක් නැත. මහාචාර්ය සරත්චන්ද්රයන්ට මෙන්ම ඔහුගේ නිර්මාණ ඉදිරියේ මා දන ගසමි. මෙය ලියන්නට පටන් ගෙන සතියකටත් වැඩිය. මෙතෙක් මෙය පල කිරීමට ප්රමාද වුයේ, මා පමණක් නොව මුළු මහත් ජාතියම දන නැමිය යුතු ඒ ශේෂ්ඨ පඩි රුවනගේ පෞද්ගලික ජීවිතයේ අත්දැකීමෙන් අපගමනය වී සිංහබාහු විචාරය කිරීමට මා ගත් ඒ වෙහෙස නිසයි. මෙය සරත්චන්ද්රයන් පෞද්ගලික ජීවිතයේ ලද ඒ කටුක අත්දැකීම මතින් මෙය නිර්මාණය කළා නම් වඩාත් සරල වනවා නොඅනුමානය. නමුත්, සරත්චන්ද්රයන් සිය ජිවිත කාලයම ඒ අමිහිරි මතකය තුල මැරී මැරී උපදින්නට ඇත. සරත්චන්ද්රයන් දැන් මෙලොව හැර ගොසින්ය. ඔහු විදවූ ඒ අමිහිරි මතකය ඔහුත් සමගම මිහිදන් වේවා යන පැතුම මුල්කර මෙය ලීවෙමි.
සස්ලිට් සොයුර, යලිත් ඔබට ස්තුති කරමින් මෙසේ ඉල්ලීමක් කරමි. මා වරදවා තේරුම් නොගනු මැන. ඔබ විසින් මා පිළිතුරක් ලබාදී ඒ වෙත දැක්වූ ඒ කාරුණිකත්වය පහත් කළා යැයි මොහොතකටවත් නොසිතනු මැන. සරත්චන්ද්රයන් කෙරේ ඇති අපරිමිත භක්තිය හේතුවෙන් ඒ පිලිබදව කිසිත් සදහන් නොකලෙමි.










