හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ගීතය ජීවිතාබෝධය ලබාදෙන භාවනාවක් බදුය. එනමුදු මිනිස් සිත් සතන් නිවා සනහාලන ගී පද අපේ දෙසවන් අභියස අද නැත.

    :yes::yes:
     
    • Like
    Reactions: BonziBUDDY

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    ගීතය ජීවිතාබෝධය ලබාදෙන භාවනාවක් බදුය. එනමුදු මිනිස් සිත් සතන් නිවා සනහාලන ගී පද අපේ දෙසවන් අභියස අද නැත. දෙසවන් පුරා ඇසෙන්නේ මස්තිෂ්කයත් දෙදරවන ගීත ආකෘතියේ ගෝරනාඩුය.

    ඔබේ කියමන හා 100% එකඟවෙමි.....
    විචාරයට තෝරාගත් ගීතය මා සිත පැහැරගත් ගීතයක් වීමත් ඊටම ගැලපෙන ඔබේ ගුණාත්මක විචාරයත් නිසා ඇතිවූ සිතතුට මෙසේ පල කරමි....
    සුපිරී සහෝ...... !!!!!!
     
    • Like
    Reactions: BonziBUDDY

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඔබේ කියමන හා 100% එකඟවෙමි.....
    විචාරයට තෝරාගත් ගීතය මා සිත පැහැරගත් ගීතයක් වීමත් ඊටම ගැලපෙන ඔබේ ගුණාත්මක විචාරයත් නිසා ඇතිවූ සිතතුට මෙසේ පල කරමි....
    සුපිරී සහෝ...... !!!!!!
    බොහෝම ස්තුතියි සහෝ:)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගීතය ජීවිතාබෝධය ලබාදෙන භාවනාවක් බදුය. එනමුදු මිනිස් සිත් සතන් නිවා සනහාලන ගී පද අපේ දෙසවන් අභියස අද නැත.........................
    හිතට දැනෙන ගීත‍යක්..........:yes::yes::yes:

    "පෙම් කල හදකට විරහව ගින්දරකි. එහෙත් වෛරයෙන් ඔබේ ජීවිතයත් ආත්මයත් ගිනිබත් කර ගත යුතු නොවේ.
    "
    මේ කතාව නම් දෙපාර්ශව‍යටම අදාල‍යි........
     
    • Like
    Reactions: BonziBUDDY

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    හිතට දැනෙන ගීත‍යක්..........:yes::yes::yes:
    "පෙම් කල හදකට විරහව ගින්දරකි. එහෙත් වෛරයෙන් ඔබේ ජීවිතයත් ආත්මයත් ගිනිබත් කර ගත යුතු නොවේ."
    මේ කතාව නම් දෙපාර්ශව‍යටම අදාල‍යි........
    :yes::yes::yes: ඒ වගේම බොහෝම ස්තුතියි :D
     
    • Like
    Reactions: sayu11111

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    apita udau nethi geetha vichara thread..... ai api waasa nisada :frown::frown::frown::frown::frown:
    ගහෙන් ගෙඩි එන්න වගේ, කොත්තු ගහල දෙනව වගේ විචාර දෙන්න බෑ මල්ලි...........
    විචාරයක් කරන්න කලින් ගීතය විදින්න ඕන..විදින එක උපරිම වෙලා අර ගඩුව පුපුරනව වගේ අවස්ථාවක් තමා විචාරය එළියට එන්නේ......

    ඉවසපං.....ඉවසීම ප්‍රගුණ කරපං.........
     
    polangaa

    Member
    Jun 26, 2013
    2
    1
    0
    Galle
    සේකර නොමැති ජීවිතය මට පදවැලක් නැති ගීයක් &#352

    සේකර නොමැති ජීවිතය මට පදවැලක් නැති ගීයක් වගෙයි -ආචාර්ය පණ්ඩිත් අමරදේව

    July 12, 2013 at 5:43pm
    ‘ගී පොතයි – මීවිතයි’
    10151525922293946
    මහගමසේකරයනුත් ආචාර්ය පණ්ඩිත් අමරදේවයනුත් කලා ලෝකයේදී හැඳින්වුණේ එලෙසය. ඔවුන් දෙදෙනා ඒකාත්මිකයන්ව නිර්මාණය කළ ගීත, සිංහල සුභාවිත ගීත කලාවේ සම්භාව්‍ය කෘති ලෙස බුහුමන් ලබයි.
    සේකරගේ වියොවින් තමා බෙහෙවින් හුදෙකලා වූ බව අමරදේවයෝ පසුකලෙක මහත් විස්සෝපයෙන් යුක්තව කියා සිටියහ. ඔහු නොමැති ජීවිතය පදවැලක් නොමැති කවියක්, නාදයකට නොනැඟුණු සංගීතයක් ලෙසිනි අමරදේවයන් සංකේතාත්මකව දක්වා සිටියේ.
    සේකරයනුත් අමරදේවයනුත් පළමු වතාවට නිර්මාණාත්මකව එක්වූයේ ගුවන්විදුලියේ ‘මධුවන්ති’ සංගීත වැඩසටහනෙනි. 1959 දී අමරදේවයන්ට ගුවන්විදුලියේ වාදක මණ්ඩල ප්‍රධාන තනතුර පිරිනැමිණි. ඊට වසරකට පසු සේකර ගුරු වෘත්තිය අතැර නිබන්ධ සම්පාදකයකු ලෙස ගුවන්විදුලියට බැඳුණේය.
    එසේම 1960 දී සිංහල සංගීතය උසස් කිරීම සඳහා කරුණු සොයාබලා වාර්තා කිරීමට ගුවන්විදුලිය විසින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මූලිකත්වයෙන් විශේෂ කමිටුවක් පත්කරන ලදී. ‘මධුවන්ති’ බිහිවූයේ මේ කරුණු සියල්ල පසුබිමේ තිබියදීය. (මෙවන් ප්‍රබුද්ධ සංගීතමය වැඩසටහනක් ඉදිරිපත් කිරීමට යෝජනා කෙරුණේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් වෙතින් බවක් පැවසේ.)
    වරක් ප්‍රවීණ කලාකරු සෝමබන්දු විද්‍යාපති ‘සේකරත් සමඟ එක්ව අලුත් යමක් කරන්නැ’යි අමරදේවයන්ගෙන් ඉල්ලා සිටියේය. ‘මධුවන්ති’ සංගීතමය විචිත්‍රාංගයට එකී නම යොදන ලද්දේ අමරදේවයන් විසිනි. උත්තර භාරතී රාග පද්ධතියේ මධුවන්තී නමින් රාගයක් පවතින බව මෙහිලා සිහිකටයුතුය.
    ’මළ ඉර බසිනා හැන්දෑ යාමේ’ ගීතය අමරදේව - සේකර නිර්මාණ සුසංයෝගයේ පළමු ඵලය වෙයි. කෙසේ වෙතත් තමාගේත් සේකරගේත් නිර්මාණ සුසංයෝගයේ අග්‍රඵලය ‘ඈත කඳුකර හිමව් අරණේ’ ගීතය බව අමරදේවයෝ කියති.
    එය නිර්මාණය වූයේ චිත්‍රසේනයන්ගේ ‘නළ දමයන්ති’ මුද්‍රා නාටකය වෙනුවෙනි. එය එම ඉඟි නළුවේ තේමා ගීතය විය. එම අතිවිශිෂ්ට ගීතය බිහිවූයේ රාජගිරියේ මාදින්නාගොඩ කුඩා කඳු ගැටයක් මත පිහිටි ශේෂා පලිහක්කාරගේ නිවහනේදීය. කොටින්ම නිවෙස වටා සුදුවැලි අතුල මිදුලේය. එම මහරු අවස්ථාව අමරදේවයන් සිහියට නඟන්නේ මෙපරිදිය.
    10151525922293946
    ”සුදු වැලි මතින් සඳරැස් ගලා බසී. සේකරත් මාත් දැන් සඳකැන් සිඹිනා සුදු වැලි මතය. සේකර මුමුනන්නට වූයේය. මුවින් එක් එක් පද ගිලිහිණි. අපි දෙදෙනා ඇසිල්ලකින් එක් කුටියක යහන මතට වීමු. සේකර කඩදාසියක් රැගෙන කුරුටු ගාන්නට විය. දැහැනින් අවදි වූ හේ මා අත තැබූ කඩදාසියෙහි මෙය දිස් විය.

    ඈත කඳුකර හිමව් අරණේ
    සීත චන්දන ළපලු හෙවණේ
    සුළං රැල්ලේ පාව එන්නේ
    ඔහුගෙ නාමය වේ

    දිනක් එක්තරා රාත්‍රියක සේකර ගම්පහ ලීලා පොත්හලේ අධිපති කේ.එන්.ඕ.විජේදාස (ඔහු මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාසගේ සොහොයුරෙකි) සමඟ මෝටර් රියක නැඟී අස්ගිරිය වෙල්යාය අසබඩින් ගමන් කරමින් සිටියේය. හදිස්සියේම වාහනය නැවැත්වූ සේකර කළුවරේම වෙල දෙසට ගමන් කළේය. ඔහු මඳ වේලාවක් අහස දිහා බලා සිටියේය.
    ඔහු ‘පාළු අඳුරු නිල් අහස මමයි’ ගීතය ලිව්වේ ඉන් හටගත් අසීමිත චමත්කාරයෙනි. එසේ වුවත් ඒ ගීතයට පාදක වූ එක්තරා අනුභූ®තියක් ද සේකර සතුව තිබිණි. ගුවන්විදුලි වැඩසටහනක දී සේකර ප්‍රවීණ වැඩසටහන් සම්පාදකවරයකු වූ පාලිත සමරසිංහ සමඟ කියූ ආකාරයට එය ප්‍රේමයේ බිඳවැටීමක් පිළිබඳ වූ අනුභූ®තියකි.
    ”පාළු අඳුරු නිල් අහස මමයි’ ගීතය මගේ ජීවිතයේ එක්තරා අත්දැකීමක් කියලා කියන්න පුළුවන්. තරුණ වියේදී කාලාන්තරයක් තිස්සේ මම පෙම්කළ යුවතියකගේ අතගන්න බැරිවුණා. කුලමල, සිරිත් විරිත් ප්‍රශ්න නොසිතපු අන්දමට හරස්වුණු නිසා.”
    මහගමසේකරයන්, අමරදේවයන් නිර්මාණ සුසංයෝගය චිත්‍රපට ක්ෂේත්‍රයට ද විශිෂ්ට ගීත සම්ප්‍රදානයක් බිහිකිරීමට හේතුභූත වූයේය. ‘සත්සමුදුර’ (සිනිඳු සුදු මුතු තලාවේ), ‘පරසතුමල්’ (තොලින් තොලට වෑහෙන ගී සින්දූ), ‘රන්සළු’ (සිරිපා පියුමේ), ‘බිනරමලී’ (රටකින් රටකට පාර අසාගෙන) වැනි ගීත ඊට නිදසුන්ය. ගුවන් යානයක නැඟී ඇමෙරිකාව බලා ගිය ගමනකදී කවුළුවෙන් දිස්වූ පුළුන් අතුරා ලූවාක් වැනි සුදු පැහැ වලාකුළු තට්ටුව නෙත ගැටි සේකරට ඉබේටම වාගේ මේ ගීතයේ පදවැල් සිහියට ආවේය.
    අමරදේවයන් මේ ගීයට තනුව යෙදුවේ අඹේපුස්සට නුදුරු ගමක පිහිටි ගල් කුළින් හා නිල් තුරුලියෙන් සැදි උස් කඳු මුදුනකය. සේකර ද ඒ අවස්ථාවේ එහි සිටියේය. සේනාසනයක පවත්නා වැනි සාන්ත ස්වභාවයක් එහි වූ බව සේකර කියා ඇත.
    තමාගේ ‘තුංමං හන්දිය’ චිත්‍රපටයට ප්‍රේක්ෂකයන් වෙතින් ලැබුණ ප්‍රතිචාර කෙරෙහි සංවේදී වූ සේකර අතින් කවියක් ලියැවිණි. ඒ මෙ පරිද්දෙනි.

    මා මියගිය දවසක
    සොහොන් කොතේ
    ලියන්න පෙම් ගීයක්
    නොදන්න අත් අකුරින්
    අඩ සඳ පායා එන
    සීතල රැයක
    රැහැයියන්ගේ රැව් මැද
    එතකොට ඒ ගී හඬ මට ඇසේවි
    මේ ලොවේ යම් කිසිවකු
    මා හට පෙම් කළ බව
    එතකොට ඒ ගී හඬ මට කියාවි

    පසුව එයින් ගීතයක් පබැඳූ සේකර එය අමරදේවයන් වෙත මෙබඳු කෙටි සටහනක් ද සමඟ මෙසේ යොමු කෙළේය.

    ප්‍රිය අමරේ;
    පහත සඳහන් ගීය සරල ගී වැඩසටහනකට සුදුසු යැයි සිතේ. ගීයේ තේමාව මෙයයි. කාගෙන් හෝ ආදරයක් බලාපොරොත්තු වෙමින් මුළු ජීවිත කාලයම ගෙවා - එහෙත් ඒ නොලැබී ගිය මිනිසෙකුගේ සිතුවිල්ලකි. රාත්‍රියක සොහොන් පිටියක ඇති නිහඬතාව - කලකිරීම – පාළුව - ශෝකාකූල ගතිය ආදී හැඟීම් දනවන සංගීතයක් සුදුසු යයි සිතේ.

    මා මළ පසු සොහොන් කොතේ
    දුක් ගීයක් ලියනු මැනව
    නන්නාඳුනනා ඔබගේ අත් අකුරින්
    දුක් ගීයක් ලියනු මැනව
    අඩසඳ බැසගෙන යන සඳ
    රෑ යාමේ
    රෑහි අඬන රැව් අතරින්
    එතකොට ඒ ගී රාවය
    යාන්තමින් මට ඇසේවි
    මේ ලොව යම් කිසිවකු
    මා හට පෙම්කළ බව
    එතකොට ඒ ගී රාවය
    හීන් හඩින් මට කියාවි

    අමරදේවයන් පූර්වෝක්ත ගී පද තම නිර්මාණයේදී තම අභිමතය පරිදි සංශෝධනය කරගත් ආකාරය එම ගීතය අසන ඔබට මැනැවින් පසක් වනු නොඅනුමානය.
    කෙසේ වෙතත් අමරදේවයන්ට ලියූ ගී අතරින් සේකර පෞද්ගලිකව වඩාත් ප්‍රිය කළේ ‘චන්දෝ මා බිළිඳේ’ ගීතයටය.
    සේකරගේ අවමඟුල් උත්සවයේදී සියලු කලාකරුවන් වෙනුවෙන් අවමඟුල් සභාව ඇමතුවේ අමරදේවයන්ය. සෑයට ගිනි ඇවිලෙද්දී වා තලයට මුසු වූයේ සේකර ලියූ අමරදේවයන් ගැයූ මේ ගීතයයි. (එය සේකර අමරදේවයන්ට ලියූ මුල්ම ගීතය ද වූයේය) ඉතාම ශෝකී ස්වරයෙන් යුක්තව එය ගායනා කෙරිණි.

    ”මළ හිරු බසිනා හැන්දෑ යාමේ
    ඔබගෙන් සමුගන්නම්
    අඳුරේ සැඟවී – අඳුරට ඉඩදී
    ඔබගෙන් වෙන්වී
    මම යන්නම්”

    සංසාරික මිතුරාගේ දේහය රැගත් සෑය දැවී අළුවී ගිය මොහොතේ පටන් අමරදේවයන්ගේ හුදෙකලා ජීවිතය ආරම්භ වූයේය.
    -සුනිල් මිහිඳුකුල(සිළුමින - 2011 ජනවාරි 9 ඉරිදා)
     
    • Like
    Reactions: dath kimbula

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    සේකර නොමැති ජීවිතය මට පදවැලක් නැති ගීයක් වගෙයි -ආචාර්ය පණ්ඩිත් අමරදේව

    July 12, 2013 at 5:43pm
    ‘ගී පොතයි – මීවිතයි’
    10151525922293946
    මහගමසේකරයනුත් ආචාර්ය පණ්ඩිත් අමරදේවයනුත් කලා ලෝකයේදී හැඳින්වුණේ එලෙසය. ඔවුන් දෙදෙනා ඒකාත්මිකයන්ව නිර්මාණය කළ ගීත, සිංහල සුභාවිත ගීත කලාවේ සම්භාව්‍ය කෘති ලෙස බුහුමන් ලබයි.
    සේකරගේ වියොවින් තමා බෙහෙවින් හුදෙකලා වූ බව අමරදේවයෝ පසුකලෙක මහත් විස්සෝපයෙන් යුක්තව කියා සිටියහ. ඔහු නොමැති ජීවිතය පදවැලක් නොමැති කවියක්, නාදයකට නොනැඟුණු සංගීතයක් ලෙසිනි අමරදේවයන් සංකේතාත්මකව දක්වා සිටියේ.
    සේකරයනුත් අමරදේවයනුත් පළමු වතාවට නිර්මාණාත්මකව එක්වූයේ ගුවන්විදුලියේ ‘මධුවන්ති’ සංගීත වැඩසටහනෙනි. 1959 දී අමරදේවයන්ට ගුවන්විදුලියේ වාදක මණ්ඩල ප්‍රධාන තනතුර පිරිනැමිණි. ඊට වසරකට පසු සේකර ගුරු වෘත්තිය අතැර නිබන්ධ සම්පාදකයකු ලෙස ගුවන්විදුලියට බැඳුණේය.
    එසේම 1960 දී සිංහල සංගීතය උසස් කිරීම සඳහා කරුණු සොයාබලා වාර්තා කිරීමට ගුවන්විදුලිය විසින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මූලිකත්වයෙන් විශේෂ කමිටුවක් පත්කරන ලදී. ‘මධුවන්ති’ බිහිවූයේ මේ කරුණු සියල්ල පසුබිමේ තිබියදීය. (මෙවන් ප්‍රබුද්ධ සංගීතමය වැඩසටහනක් ඉදිරිපත් කිරීමට යෝජනා කෙරුණේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් වෙතින් බවක් පැවසේ.)
    වරක් ප්‍රවීණ කලාකරු සෝමබන්දු විද්‍යාපති ‘සේකරත් සමඟ එක්ව අලුත් යමක් කරන්නැ’යි අමරදේවයන්ගෙන් ඉල්ලා සිටියේය. ‘මධුවන්ති’ සංගීතමය විචිත්‍රාංගයට එකී නම යොදන ලද්දේ අමරදේවයන් විසිනි. උත්තර භාරතී රාග පද්ධතියේ මධුවන්තී නමින් රාගයක් පවතින බව මෙහිලා සිහිකටයුතුය.
    ’මළ ඉර බසිනා හැන්දෑ යාමේ’ ගීතය අමරදේව - සේකර නිර්මාණ සුසංයෝගයේ පළමු ඵලය වෙයි. කෙසේ වෙතත් තමාගේත් සේකරගේත් නිර්මාණ සුසංයෝගයේ අග්‍රඵලය ‘ඈත කඳුකර හිමව් අරණේ’ ගීතය බව අමරදේවයෝ කියති.
    එය නිර්මාණය වූයේ චිත්‍රසේනයන්ගේ ‘නළ දමයන්ති’ මුද්‍රා නාටකය වෙනුවෙනි. එය එම ඉඟි නළුවේ තේමා ගීතය විය. එම අතිවිශිෂ්ට ගීතය බිහිවූයේ රාජගිරියේ මාදින්නාගොඩ කුඩා කඳු ගැටයක් මත පිහිටි ශේෂා පලිහක්කාරගේ නිවහනේදීය. කොටින්ම නිවෙස වටා සුදුවැලි අතුල මිදුලේය. එම මහරු අවස්ථාව අමරදේවයන් සිහියට නඟන්නේ මෙපරිදිය.
    10151525922293946
    ”සුදු වැලි මතින් සඳරැස් ගලා බසී. සේකරත් මාත් දැන් සඳකැන් සිඹිනා සුදු වැලි මතය. සේකර මුමුනන්නට වූයේය. මුවින් එක් එක් පද ගිලිහිණි. අපි දෙදෙනා ඇසිල්ලකින් එක් කුටියක යහන මතට වීමු. සේකර කඩදාසියක් රැගෙන කුරුටු ගාන්නට විය. දැහැනින් අවදි වූ හේ මා අත තැබූ කඩදාසියෙහි මෙය දිස් විය.

    ඈත කඳුකර හිමව් අරණේ
    සීත චන්දන ළපලු හෙවණේ
    සුළං රැල්ලේ පාව එන්නේ
    ඔහුගෙ නාමය වේ

    :)
     
    ලසී

    Member
    Jul 14, 2012
    25
    1
    0
    සීතල රටක
    [FONT=&quot]ඇය නොමැති ව තනි ව හිදින සද දිවියට වසන්තය පැමිණීමේ ඛේදවාචකය......................[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සදු ද අවදියෙන්.............................[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]දුරු රටක සිය ප්‍රියයන්ගෙන් වෙන් ව වෙසෙන බොහෝ සොයුරන් හට මෙය ආත්ම කථනයක් වන්නේ එබැවිනි. එවැන්නෙකු වූ එළකිරියෙකු වන “ලසී“ - සොයුරාණෙනි නුඹ තරම් මේ අත්දැකුමට ළග තවත් අයෙකු ඇත්දැයි මම විපිළිසර වෙමි.[/FONT]

    [FONT=&quot]දයාබර කිඹුල් අයියේ!!![/FONT]
    [FONT=&quot]ලෙන්ගතු කම වැඩි නිසාද කොහෙද මේක තමයි මටනම් ඔබතුමාගේ අති විශිෂ්ටතම විචාරය.. අමරසිරි පීරිස් ගාන්ධර්වයා ගේ මන්ද්‍ර කටහඬ හිතට දැනෙන ඒ දුරස්බවේ හැගීම් තවත් උද්දීපනය කෙරෙනවා. ඇත්තෙන්ම සීත රටක සිටින මා වැන්නෙකුගේ හැගීම් ඉතා ලෙන්ගතු ලෙස වටහා ගත ඔබ, දින කිහිපයකින් මාගේ ඉල්ලීම ඉෂ්ට සිද්ධ කිරීම සම්බන්ධයෙන් මා තුල ඇති ප්‍රීතිය වචන වලට පෙරලීම සඳහා මාගේ වාග් මාලාවේ වචන ප්‍රමාණවත් නැත. ඔබ වන්නෙකු අසුරුකිරීමට ලැබීම මහා භාග්‍යයක් කොට මා සළකමි. අති විශිෂ්ටයි!!
    [/FONT]

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    [FONT=&quot]
    [/FONT]

    ප්‍රේමය කුමක් දැයි වත් නොදත් බහුතරයක් වූ ප්‍රේම-උම්මත්තකන් සිටින සමාජයකට පෙම්-කවක සාරය ලිහිල් බසින් පහදාදීම ගැන ඔබට කෘතඥ වෙමි. සින්හල පද්‍ය සාහිත්‍ය තුල ඉතා ගැබුරු නිර්මාණයක් ලෙස නොසැලකුවත් යසොදරවත යනු ප්‍රේමයේ පවතින ගැබුරු අත්මීයබව මනබදින අයුරින් පසක්කරන්නාවූ විසිෂ්ටතම ගනයේ නිර්මාණයක් ලෙස මම දකිමි. ලාදලුබෝපත් ගීතයට පාදක වන්නේ මෙම යසොදරවතේ සාරයයි.. :nerd:

    ගීතය-කවිය යනු මහත් පුදුමාකාර දෙයකි, එය නැවතත් මෙම ගීතය පහදදෙයි. බොහෝ පදවැල් ගණනක් මගින් අලංකෘතවූ යසෝදරාවතහි අරුත්-සාරය පහත පද කිහිපයෙන් සම්පුර්නයේම ප්‍රකාශවේ!!!!!

    තැලී සෙනේ සිත සැලී හඩනවිට වැටී දෙපාමුල යසෝදරාවෝ
    පිපී නිවන්මල් සධුකරදී නිවී පහන්විය උදාසනක් සේ...........

    මෙම ගීතයේ ජිවය රැදීපවතින්නේ මෙම පද කිහිපයෙයි.....

    *** ඉහත විචාරයේදී මගේ මිතුරාට සිදුවූ සියුම් අතපසුවිමක් මම දුටිමි:

    [FONT=&quot]බුදු[/FONT][FONT=&quot]බව[/FONT][FONT=&quot]ලැබුවත්[/FONT][FONT=&quot] නොසලකා[/FONT][FONT=&quot]හැරිය[/FONT][FONT=&quot]නොහැකි[/FONT][FONT=&quot]වූ[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot]ප්[/FONT][FONT=&quot]රේමය[/FONT][FONT=&quot] ඉදිරියේ[/FONT] [FONT=&quot]බුදුරජාණන්[/FONT][FONT=&quot]වහන්සේ[/FONT][FONT=&quot] සංවේදී[/FONT][FONT=&quot]වූ[/FONT][FONT=&quot]සේක[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]යශෝදරාවට[/FONT][FONT=&quot] අවශ්[/FONT][FONT=&quot]ය[/FONT][FONT=&quot]වුයේ [/FONT][FONT=&quot]ජනකාය[/FONT][FONT=&quot]මැද[/FONT][FONT=&quot]නොව[/FONT] [FONT=&quot]තනිව[/FONT][FONT=&quot] උතුම්[/FONT][FONT=&quot]පෙම්[/FONT][FONT=&quot] කදුළු[/FONT][FONT=&quot]ව ගුරවන්නටයි[/FONT].

    [FONT=&quot]බුදු[/FONT][FONT=&quot]බව[/FONT][FONT=&quot]ලැබුවත් [/FONT][FONT=&quot]නොසලකා[/FONT][FONT=&quot]හැරිය[/FONT][FONT=&quot]නොහැකි[/FONT][FONT=&quot]වූ [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]ප්[/FONT][FONT=&quot]රේමය [/FONT][FONT=&quot]ඉදිරියේ[/FONT] [FONT=&quot]බුදුරජාණන්[/FONT][FONT=&quot]වහන්සේ [/FONT][FONT=&quot]සංවේදී[/FONT][FONT=&quot]වූ[/FONT][FONT=&quot]සේක[/FONT][FONT=&quot].[/FONT] යන යෙදුම තරමක් නොගැලපෙන ලෙස මාපුද්ගලිකව සලකමි !! ප්‍රේමය කොතෙක් සුන්දරඋවත් එය තවත් කෙලෙස් නිසා හටගන්නා පෘතජන මනොබාවයකි !!!! බුදුන්වැනි සියලු කෙලෙසුන් නැසූ උතමයෙක් ප්‍රේමය ඉදිරියේ සංවෙදිඉනොවේ !! මෙහිදී බුදුන් ක්‍රියා කරන්නේ යසොදරව වෙතවූ මහා දයනුකම්පාවෙන් ඇයවත් මෙම කටුකවූ සසරගමනින් එතරකිරිමටයි.... මා මිත්‍රයා මෙය හොදාකාරවම දන්නාබව මම දනිමි. ලිවීමේදී අප සැමට සිදුවන අතපසුවිමක් සිදුවී ඇතිබව මගේ හැගීමයි
     
    Last edited:
    • Like
    Reactions: BonziBUDDY

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    තැලී සෙනේ සිත සැලී හඩනවිට වැටී දෙපාමුල යසෝදරාවෝ
    පිපී නිවන්මල් සධුකරදී නිවී පහන්විය උදාසනක් සේ...........

    මෙම ගීතයේ ජිවය රැදීපවතින්නේ මෙම පද කිහිපයෙයි.....

    *** ඉහත විචාරයේදී මගේ මිතුරාට සිදුවූ සියුම් අතපසුවිමක් මම දුටිමි:

    [FONT=&quot]බුදු [/FONT][FONT=&quot]බව [/FONT][FONT=&quot]ලැබුවත්[/FONT][FONT=&quot] නොසලකා[/FONT][FONT=&quot]හැරිය[/FONT][FONT=&quot]නොහැකි[/FONT][FONT=&quot] වූ[/FONT][FONT=&quot] ප්‍රේමය[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] ඉදිරියේ[/FONT] [FONT=&quot]බුදුරජාණන්[/FONT][FONT=&quot]වහන්සේ[/FONT][FONT=&quot] සංවේදී[/FONT][FONT=&quot]වූ[/FONT][FONT=&quot] සේක[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]යශෝදරාවට[/FONT][FONT=&quot] අවශ්[/FONT][FONT=&quot]ය[/FONT][FONT=&quot]වුයේ [/FONT][FONT=&quot]ජනකාය [/FONT][FONT=&quot]මැද [/FONT][FONT=&quot]නොව[/FONT] [FONT=&quot]තනිව[/FONT][FONT=&quot] උතුම්[/FONT][FONT=&quot]පෙම්[/FONT][FONT=&quot] කදුළු[/FONT][FONT=&quot]ව ගුරවන්නටයි[/FONT].

    [FONT=&quot]බුදු[/FONT][FONT=&quot] බව [/FONT][FONT=&quot]ලැබුවත් [/FONT][FONT=&quot]නොසලකා[/FONT][FONT=&quot]හැරිය [/FONT][FONT=&quot]නොහැකි[/FONT][FONT=&quot]වූ [/FONT][FONT=&quot]ප්‍රේමය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉදිරියේ[/FONT] [FONT=&quot]බුදුරජාණන්[/FONT][FONT=&quot]වහන්සේ [/FONT][FONT=&quot]සංවේදී[/FONT][FONT=&quot]වූ[/FONT][FONT=&quot]සේක[/FONT][FONT=&quot].[/FONT] යන යෙදුම තරමක් නොගැලපෙන ලෙස මා පුද්ගලිකව සලකමි !! ප්‍රේමය කොතෙක් සුන්දරඋවත් එය තවත් කෙලෙස් නිසා හටගන්නා පෘතජන මනොබාවයකි !!!! බුදුන්වැනි සියලු කෙලෙසුන් නැසූ උතමයෙක් ප්‍රේමය ඉදිරියේ සංවෙදිඉනොවේ !! මෙහිදී බුදුන් ක්‍රියා කරන්නේ යසොදරව වෙතවූ මහා දයනුකම්පාවෙන් ඇයවත් මෙම කටුකවූ සසරගමනින් එතරකිරිමටයි.... මා මිත්‍රයා මෙය හොදාකාරවම දන්නාබව මම දනිමි. ලිවීමේදී අප සැමට සිදුවන අතපසුවිමක් සිදුවී ඇතිබව මගේ හැගීමයි
    අහෝ! සොයුර, මා ගැනම ලැජ්ජා වෙමි:sorry:. මෙය නම් අතපසු වීමක් ලෙස සැලකිය නොහැක. ප්‍රේමය-ආදරය-විරහව අනන්ත වූ බුදු ගුණයත් සමග ගැලපීමේදී මා මීට වඩා සැලකිලිමත් විය යුතුව තිබුණි. අනිවාර්යයෙන් එය එසේම නිවැරදි විය යුතුමය. ඒ ගැන සමාවන්න. විචාරය විචාර බුද්ධියෙන් රසවිද වටිනා අදහසක් සමග සිදුවූ වරද ඇතිසැටියෙන් පෙන්වා දුන් ඔබට මා හිස නමා ආචාර කරමි. :)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    11.gif
    11.gif