හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Kibula aiye ambaruwa kiyanne kaatada :baffled:
    අම්බරුවා කියන්නේ හරකට. තව අම්බරුවා කියන්නේ කමත් භාෂාවෙන් මී හරකාට. කිබුලා අයියා සසාට ආදරයට කියන තවත් නමක් වෙන්න ඇති.
    buffalo-crocodile41.jpg
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අම්බරුවා කියන්නේ හරකට. තව අම්බරුවා කියන්නේ කමත් භාෂාවෙන් මී හරකාට. කිබුලා අයියා සසාට ආදරයට කියන තවත් නමක් වෙන්න ඇති.
    buffalo-crocodile41.jpg

    Ah ehemada :lol::lol:thnks bro.kohomada jeewithe :D
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අහෝ! සොයුර, මා ගැනම ලැජ්ජා වෙමි:sorry:. මෙය නම් අතපසු වීමක් ලෙස සැලකිය නොහැක. ප්‍රේමය-ආදරය-විරහව අනන්ත වූ බුදු ගුණයත් සමග ගැලපීමේදී මා මීට වඩා සැලකිලිමත් විය යුතුව තිබුණි. අනිවාර්යයෙන් එය එසේම නිවැරදි විය යුතුමය. ඒ ගැන සමාවන්න. විචාරය විචාර බුද්ධියෙන් රසවිද වටිනා අදහසක් සමග සිදුවූ වරද ඇතිසැටියෙන් පෙන්වා දුන් ඔබට මා හිස නමා ආචාර කරමි. :)

    කරපු මෙහෙවර බොහො....උසයි
    වනස්පති තරමට.............සමයි
    වැරදි අප කවුරුත්...........කරයි
    අටක්ලොව-දම එය..........තමයි
    ........:nerd::nerd::nerd::nerd::nerd:
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සොඳුර නුඹ මට මව් වෙයන්

    දවසක් එලකිරියට ලොග් වුනහම තියනවා මෙන්න මෙහෙම නූලක්... දාලා තියෙන්නේ අපේ "දත් කිබුලා" සහෘදයා...

    "මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!"

    ඇතුලට ගිහින් බැලුවහම "සසා" විවාපත් වෙලා. ගොඩාක් කාලෙක ඉදන් හිතේ තිබුනා මේ සින්දුවට විචාරයක් ලියලා හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2 නූලට අමුණන්න. එත් අවස්තාවක් ලැබුනේ නැහැ. කොහොම උනත් මම හිතනවා මේක ඒ සදහා සුදුසු අවස්තාව කියලා.

    හිතවත් "sasliit" සොයුර මේ ගීය ඔබ වෙනුවෙනි!:love:

    ගෑනු මිනිස්සු ආදරය කරනවා,කසාද බදිනවා,පවුල් කනවා ‍, එකට බෙදා හදාගෙන ජීවත් වෙනවා. සමහරු හොදින් පවුල් කනවා.තවත් සමහරු ටික කාලෙකින්ම දෙන්නට දෙන්නා එපා වෙලා මරා ගන්නවා. තවත් සමහරු ටික කාලයක් ගිහින් පවුල් කඩාගෙන තනිකඩ වෙනවා...

    කෙසේ වුවත් අවසානයේ යම් ගැටළුවක් පැනනැගුන වෙලාවට ඊට මුහුණ දිය යුතු වන්නේ ඔවුන් දෙපලටයි. නමුත් ඒ ගැන වැඩිපුරම කථා කරන්නේ වටේ ඉන්න උදවියයි. තමන් තමන්ගේ පවුල ගැන හිතනවට වඩා මිනිස්සු හිතන්නේ අනිත් උන්ගේ පවුල්-පෙලවාහ ගැනය. වර්තමාන නාගරික සමාජයේ මේවා මදක් සමනය වුවද, තවමත් පිටිසර පලාත්වල මේවා සුලභය.

    ඉස්සර ගම් වල පවුල් වල පුතාට හරි දුවට හරි කසාද බදින්න කෙනෙක් හොයන්නේ වට පිටේ ඉන්න හැමෝගෙන්ම අහලා. පුතාට මනමාලියක් ගේන්න කලින් දෙමව්පියෝ ඒ මනමාලිගේ ගමට ගිහින් වටේ ඉන්න මිනිස්සුන්ගෙන් ඒ මනමාලි ගැන විස්තර අහනවා.මනමාලිගේ පැත්තෙනුත් ඒකම කරනවා. මේ අතරේ ඒ පවුල් වල තරහාකා‍රයෙක්ගෙන් වැරදිලාවත් විස්තර ඇහුවොත් ඌ උගේ තරහට පට්ට පල් බො‍රු කියලා ඒ මගුල කඩලා දානවා. මේවන් දෑ අද ඊයේ ඇති වෙච්ච සමාජ ප්‍රශ්ණ නොවේ.

    මිනිස්න් පුදුමාකාර විදියට අනුන්ගේ පවුල් ප්‍රශ්ණ ගැන උනන්දුයි. කවුරුන් හෝ විවාපත් වුවාට පසු හෝ පෙම් සබදතාවක් ආරම්භ කලවිට සමහරක් යාළුවෝ කියාගත්ත අය ඔන්න ටිකෙන් ටික ඒ මැද්දට එනවා..

    ඔන්න පිරිමි විදිහට අපිට අපේ යාළුවො යොමුකරන ප්‍රශ්න...

    • මචං උඹේ කෙල්ල/wife උඹට හොදට සළකනවාද?
    • මචං මුල ඉදන්ම කෙල්ල/wife උඹට ඕන විදියට හදාගනින්
    • මචං මට ආරංචි වුණා උඹේ කෙල්ල/wife අරුත් එක්ක පළහිලව්වක් තිබුනා කියලා
    • උඹට කෙල්ල/wife හොදටම ෂුවර්ද?
    • කෙල්ල/wife පදේට නටන්න එපා බං. බලපන් මට වෙලා තියෙන දේ
    • මචං තමන්ගේ කෙල්ල/wife උනත් ඕනිවට වඩා විශ්වාස කරන්න එපා. ගෑනු කියන්නේ ජරා ජාතියක් බං
    මෙන්න මේ වගේම කෙල්ලන්ගේ/wifeලගේ පැත්තෙන් යාළුවෝ එයාට යොමු කරන ප්‍රශ්ණ.

    • ඔයාගේ Boy-friend/හස්බන්ඩ් ඔයාට හොදට සළකනවද?
    • Boy-friend/හස්බන්ඩ් මුල ඉදන්ම ඔයාට ඕන විදියට හදාගන්න. නැත්නම් කෙල්ලේ ඔයාට පස්සට කරදර වෙයි
    • මට ආරංචි වුණා ඔයාගේ Boy-friend/හස්බන්ඩ් ගොඩක් ගෑනු පළහිලව් තිබුනා කියලා.අනේ මම කිව්වා කියලා කියන්න එපා.
    • ඔයාට Boy-friend/හස්බන්ඩ් හොදටම ෂුවර්ද?
    • Boy-friend/හස්බන්ඩ්ට ඕන විදියට නටන්න එපා.කාන්තා නිදහස නැති කරගන්න එපා
    • පිරිමි කියන්නේ විෂබීජ වගේ ජාතියක්. සත පහකට විශ්වාස කරන්න එපා
    මෙන්න මෙහෙම ළග යාළුවො හෙමින් සම්බන්ධතා අතරට ඇවිත් පිරිමියාට සහ කාන්තාවගේ ඔලුවට ප්‍රශ්ණ දානවා. අවාසනාවකට සමහර අය ඒවා ගැන හිතන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ යාළුවන්ගෙන්ම පවුල් ජීවිතේට අවවාද අරගන්නවා. දැන් දෙන්නට දෙන්නා යාළු වෙලා පවුල් උන උන්ගේ පවුල් රන් කරන්නේ වටේ ඉන්න උපදේශකයන්. ටික දවසකින් අන්තෝ ජටා බහී ජටා දෙන්නා දෙමහල්ලෝ කසාදෙට තිත තියලා දික්කසාද වෙනවා.

    මාස කිහිපයකට පෙර මගේ පියාණන් බොහෝ නිස්කලංකව පවුලේ සංවාදයක යෙදෙමින් සිටියදී කිවූ දෙයක් මා සිහියට නැගේ "ලොකු පුතේ මිනිහෙක් කසාද බඳිනවා කියන්නේ දෙවැනි පාරට උපදිනවා කියන එකයි" එහි නියම තේරුම තවම මා තේරුම් නොගෙන ඇතිබව නම් මා හට පැහැදිලිය. නමුත් කාලයට එහි යතාර්ථය මා හට පැහැදිලි කරදෙනතෙක් කාලයට ඉඩදී බලා සිටිමි.

    මහ වැවක් වගෙ නිශ්ශබ්ද, තැන්පත්, උපශාන්ත, උපේක්ෂා සහගත කාන්තා රුවක් මට මැවීලා පේනවා! ඇත්තටම හොද බිරිදක් සැමියාට මවක්ම තමයි. ඒ වගේම හොද සැමියෙක් කියන්නේ බිරිදකට පියෙක් වගෙයි. ඒක හරිම සොදුරු හැඟීමක් නොවේද?

    සත්‍ය වශයෙන්ම මෙම ගීය මේ හූයට බැදීමට පෙර විසිවතාවකට වඩා ගීය ශ්‍රවනය කලෙමි. නමුත් මාහට ඒ ශ්‍රවනය කල සෑම විටකදීම එකිනෙකට වෙනස් වූ අදහස් ගැලපෙන්නට විය. එනිසා ගීයට විචාරයක් ලිවීම තාවකාලිකව නවතා දමා සිටියෙමි. මා සිතන්නේ මේ ගීයට සාධාරණ විචාරයක් ලිවීමට මා හට තව බොහෝ කාලයක් ගතවන බවය. එනිසා මෙය පරිශීලනය කරන්නාවූ ජීවිතය පිළිබද අත්දැකීම් බහුල විවාහකයන්ගෙන් මීට වඩා වටිනා ප්‍රතිචාර මා බලාපොරොත්තු වෙමි.

    ආදරයක් වේවා, යෝජිත විවාහයක් වේවා ආදර බැම්මකින් පටන් ගන්න විවාහය කාලයත් සමග ගැටීමේදී දුර්වල වෙනවා. ශාරීරික වෙනස්කම් එක්ක ආසාවන් මත හැදුනු ආදරය දියවෙන්න ගන්නවා. ඒ අඩුව පිරවීමට කරුණාව, මෛත්‍රිය එකතුවීමෙන් එම අඩුව සපිරෙනවා නම් ඒ විවාහය හොඳින් ගෙවෙනවා යයි මා සිතමි. සෑම පිරිමියෙකුම සිය බිරිඳ තුලින් තමන්ට දෙවැනි මවක් බලාපොරොත්තු වෙනවා නොවේදැයි ඔබෙන් මා ඇසුවහොත් ඔබ දෙන පිළිතුර කුමක්ද? එසේම බිරිඳටත් ඒ ලෙසටම සැමියා පියෙක් මෙන් වෙනවා කියන්නේ එලෙස දයාව, කරුණාව, ආදරය හා ගෞරවය එකට එක් වී සෑදෙන නව බැඳීමට යැයි මට සිතේ.. අවුල් වූ මනසකින් තොරව සන්සුන් මනසකින් මේ ගීතය වින්දනය කළහොත් ඔබට මෙහි අරුත් බර බව නිසගයෙන්ම හැගෙනු ඇත.

    http://youtu.be/DB5sHkO-br0

    සොඳුර නුඹ මට මව් වෙයන්
    මතු උපදිනා දින බව කුසේ…
    බිරිඳ වී මගේ වින්ද දුක් ගිනි
    නිවාලන්නට පව් ගෙවන්නට…

    දුකේ සැපතේ එක ලෙසේ
    පණනල ලෙසේ මා ලඟ ‍රැදී…
    සොඳුර නුඹ මට මව් වෙයන්
    මතු උපදිනා දින බව කුසේ…

    හදට දුක් ගිනි කිසිත් නොමදී
    නුඹ රකින්නට ණය ගෙවන්නට…
    සොඳුර නුඹ මට මව් වෙයන්
    මතු උපදිනා දින බව කුසේ…


    මෙහි ගීත රචකයා නම් ගාමිණි ෆොන්සේකා නම් වූ ඒ මහා කලාකරුවානන්ය. මේ ගීතය ඔහු විසින් නිර්මාණය කර ඇත්තේ සිය ජීවිතයේ අත්දැකීමක් මත බව නම් මනාව පැහැදිලිය. කාරනා කෙසේ වුවද නොසැලෙන ආදරයක් තමන්ට උරුම කර දෙන බිරිඳක් වෙනුවෙන් පහළ වුණු අසීමිත දයාව එක්ක ඒම ආදරය සමග තමන්ට දැනෙන උච්චතම ස්ථානයේ තම බිරිද තබා ඇයට දිය හැකි උපරිම ගෞරවය මේ ගීය තුලින් ලබාදී ඇති බව මගේ හැගීමයි.

    (මේ කාරුණික ඉල්ලීම හූයේ නිර්මාතෘතුමන් ගෙනි: මේ හුයට සම්බන්ධ වන, පෙදෙහි රස හව් විදින එළකිරියේ සුධීන් ගෙන් කෙරෙන ඉල්ලීමකි. ඔබ යම් විචාරයකට ප්‍රතිචාර දැක්විමේ දී කරුණාකර මුලු විචාරය ම නැවත උපුටා දැක්විමෙන් (QUOTE කිරීමෙන්) වළකින ලෙස ඉතාමත් බැහැපත් ව ඉල්ලා සිටිමු. ඒ පෙර මෙන් ම මේ හුය ද, අතිශයින් ම දිගු විමද, විඩාබර තත්ත්වයකට ඒමද වැලැක්විමටයි.)



     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Bonzibuddy bro lassanata liyala tiyenawa
    Sasliit brota.godak lassana wife kenek labila tiyenawa sasata matching couple eka
    Suba anagatayak patanawa dedenatama :D
    Dan dennama ekatuwela show ekak kala nam hari :yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දවසක් එලකිරියට ලොග් වුනහම තියනවා මෙන්න මෙහෙම නූලක්... දාලා තියෙන්නේ අපේ "දත් කිබුලා" සහෘදයා...

    "මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!"

    ටිකක් වෙනස් විදි‍යක විචාර‍යක්.......:yes::yes::yes:
     
    • Like
    Reactions: BonziBUDDY

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ටිකක් වෙනස් විදි‍යක විචාර‍යක්.......:yes::yes::yes:
    මේ සින්දුවට විචාරයක් ලියන්න තරම් ජීවිත අත්දැකීම් අඩුයි සහෝ... ඒත් සසාට වෙනුවෙන් (මම හිතන්නේ ඌත් මන් වගේම හිතනවා ඇති කියලා:P) මේක දැම්මා. :) ගොඩාක් ස්තුතියි...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ සින්දුවට විචාරයක් ලියන්න තරම් ජීවිත අත්දැකීම් අඩුයි සහෝ... ඒත් සසාට වෙනුවෙන් (මම හිතන්නේ ඌත් මන් වගේම හිතනවා ඇති කියලා:P) මේක දැම්මා. :) ගොඩාක් ස්තුතියි...
    මේ ගැන නම් මම හරි‍යටම දන්නේ නෑ.....හැබැ‍යි මම එක දෙ‍යක් දන්නවා.....

    ‍යාලුවන්ගේ අදහස් අනුව උගේ විවාහ‍ ජීවිත‍ය වෙනස් වෙන්නේ නෑ.....මොකද ඌ ව‍යිපරේට පට්ට බ‍ය‍යි.......
    අහෝ ඛේද‍යකි..... අපට හිටපු ලපටි කැකුලු නාඹර වස්සා......

    :lol::lol::lol:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    හැබැ‍යි මම එක දෙ‍යක් දන්නවා...මොකද ඌ ව‍යිපරේට පට්ට බ‍ය‍යි.......අහෝ ඛේද‍යකි..... අපට හිටපු ලපටි කැකුලු නාඹර වස්සා......

    :lol::lol::lol:
    PupFaint.gif
    එකත් එහෙමද? හපොයි!
     
    • Like
    Reactions: Dinushasankalpa

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    සොඳුර නුඹ මට මව් වෙයන්………

    සොඳුර නුඹ මට මව් වෙයන්
    මතු උපදිනා දින බව කුසේ…



    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]**** [/FONT]ආදරණීය sasliit සොයුර සතුට, සෙනිහස, දයාව සහ අවබෝදය නොමදව කැටිවුණු සොදුරු පවුල් දිවියකට මගෙන් සුබපැතුම් !!!! :love::love::love::love:




    [FONT=&quot]සොඳුර[/FONT] [FONT=&quot]නුඹ[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]මව්[/FONT] [FONT=&quot]වෙයන්[/FONT]………

    මෙය හුදෙක්ම ලාංකික (අඩුමතරමින් ඉන්දියානු උප-මහද්වීපික) පැතුමකි, සොදුරු දකුනුආසියතික ෆැන්ටසියකි!! මාත් ඇතුළුව බොහෝ ශ්‍රී ලංකික පිරිමින් තම බිරිද/පෙම්වතිය තුලින් සොයන්නේ තම මවගේ ප්‍රතිරුපයයි !! එලෙසෙම අප බොහෝවිට පවුල් ජිවිත තුල ඇනගන්නෙත් බලපොරුත්තුවූ මව (පෙම්කරන කාලයේ එලෙස පෙනුනත්) බිරිදතුලින් නොලැබීමෙනි!!

    මම මෙයට සම්බන්ද මගේ කතාවක කොටසක් කියන්නම් ... මම මිට අ.4 පමණපෙර මා සමග එක්තරා වියාපෘතියක (ලංකාවේදී) වැඩකළ විදේශිය තරුණියක්හා පෙම්සබදතාවයක් පැවැත්තුවෙමි. ලංකාවතුල විදේශිය තරුණියක හා විවාහ දිවියක් ගතකිරීම ප්‍රයෝගිකව තරමක් අපහසුවුවත් විවාහවීම ගැන අපි බොහෝදේ කතාකලෙමු. කලින් සදහන්කල ලෙසටම මා බොහෝවිට ඇය තුලින් සොයන්නට වුයේ මගේ මවගේ ගතිගුණය ( මගේ මව ජිවතුන් අතර නැත) ... ඉතාමත් නිහතමානී, ප්‍රජාතන්ත්‍රවාදී, හා කරුණාවන්ත තරුනියක්වූ ඇය මට ඍජුව පහදාදුන්නේ ඇයට කිසිදා මට මවක් විය නොහැකි බවයි (Sorry, I can never be your Maa,), නමුත් මගේ හොදම යහළුවා හා ගමන්-සගයා වීමට ඇයට අනිවාර්යයෙන්ම හැකිබව මට පොරොන්දුවිය !! ලාංකිකයන් විදිහට අපතුල පවතින තීරණ ගැනීමේ දුර්වල තාවයත්, මවගේ ගතිගුණ සෙවීමට යාමත් නිසා මගේ ජීවිතයේ මට හමුවූ ඉතාමත් සරල, නිහතමානී, හා සුන්දරම තරුණිය අහිමිවිය ..

    ඉන්පසු බොහෝ අවස්ථාවල මම කල්පනාකරේ ඇත්තෙන්ම බිරිදකට මවක් වියහැකිද, අප මවක් බලාපොරොත්තුවිම සාදාරණද? (ප්‍රජාතන්ත්‍රවාදීද? ), හා ගැහැනියක් ඇගේ දුස්ටිකොනයෙන් මෙය කෙසේ බලනවද යන්නයි...
    එමනිසා අප අතර සොයුරියන් සිටිනවානම් ඔවුන්ගේ මෙ සම්බන්ද අදහස දක්වනු ඇතැයි බලාපොරොත්තුවෙමි...

    ඒ කෙසේ උවත් අහබුලෙස හෝ තම මවවන් බිරිදක් ලැබුනහොත් එම පවුල් දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවනබවනම් නොරහසකි. මෙවන් සොදුරු හැගීම් ජනිතකරන්නාවූ පදවැලක් අපසමග බෙදාගත්තට BonziBUDD ය සොයුරාට බොහොම ස්තුතියි!!!
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ ගැන නම් මම හරි‍යටම දන්නේ නෑ.....හැබැ‍යි මම එක දෙ‍යක් දන්නවා.....

    ‍යාලුවන්ගේ අදහස් අනුව උගේ විවාහ‍ ජීවිත‍ය වෙනස් වෙන්නේ නෑ.....මොකද ඌ ව‍යිපරේට පට්ට බ‍ය‍යි.......
    අහෝ ඛේද‍යකි..... අපට හිටපු ලපටි කැකුලු නාඹර වස්සා......

    :lol::lol::lol:
    :angry::angry::angry::frown::frown::frown::frown:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දවසක් එලකිරියට ලොග් වුනහම තියනවා මෙන්න මෙහෙම නූලක්... දාලා තියෙන්නේ අපේ "දත් කිබුලා" සහෘදයා...

    "මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!"

    ස්තූතියි සහෝ අපි දෙන්න එක්කම එකතුවෙලා රසවින්දා.... දෙදෙනාම හදවතින්ම ස්තුති කරනවා සහෝ... හදවතින්ම රසවින්දා ඔබේ විචාරය....:D:D:D:D