හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පේ‍රමයේ ඉමිහිරි වේදනාවන්ට මධුවිත කෙතරම් අපූරු උත්තේජකයක්දැයි මා හරියටම පසක් කර ගත්තේ පාසැල් කාලයේදී පාසැල් මිතුරන් සමඟම සහභාගී වූ මංගල උත්සවයක් නිසාය. පළමු වතාවට අත දිග හැර බොන්නට ලැබුණු ඒ අවස්ථාව නොවේ නම් තව යම් කලක් යන තුරු හෝ මධුවිත සම්බන්ධව මගේ ආකල්ප කෙබඳු වනු ඇත්ද? එකල මා සිතා සිටියේ මත්පැන් යනු අප විසින් දියත් කරනු ලබන සමාජවාදී විප්ලවයෙන් පසු මුළු රටෙන් ම තුරන් කර දැමිය යුතුවූ ධනේශ්වර උවදුරක් ලෙසය. කරුණාසේන ජයලත් එකල මගේ පරම සතුරකුව සිටියේ දම්මි නිසා මධුවිතට ඇබ්බැහි වන සුගත් කෙනෙකු නිර්මාණය කිරීමට ඒ භ‍්‍රෂ්ටයා කටයුතු කර තිබීම නිසා ය. සුගත් තුළින් මා බලාපොරොත්තු වූයේ විරහ වේදනා තුට්ටුවකට නොතකා පරාක‍්‍රම කොඩිතුවක්කුගේ “නොවැලපෙමි ඔබ යන්න” වැනි කවියක් හඬගා කියන සමාජ සත්තා යථාර්ථවාදී වීරයෙකි.නොමිලේ හරි හැටි බොන්නට අවස්ථාවක් ලැබෙන තුරු ඒ සියලූ සිද්ධාන්ත මගේ මනසේ නිරුපද්‍රිත ව පැවතියේ ය.

    මේ ගීතය ලියැවී ඇත්තේ ද විරහව නිසා මධුවිතෙහි ගැලුනු යෞවනයෙකු ගැන ය. එතැනින් නොනැවතී නිස්සාර මීවිත අතැර යන ලෙස ඔහුට ඔවා දෙන උපදේශාත්මක හඬක් ද ගීතයේ ඇතුළත් ය. පළමු තීරණාත්මක මධු සාදයෙන් පසු පාසැල් කාලයේ සිටම මේ ගීතය මට රස මසවුලක් වුව ද එදා සිටම මගේ සිත කීරි ගස්වන ලද්දේ නුරා විරා ගිනි නිසා සුරාවේ ගැලුනු යෞවනයාගේ පරාජිත අරාජික ස්වරය මිස මේ උපදේශ කතන්දරය නොවේ. පේ‍්‍රමයේදී විටෙක ජයග‍්‍රහණයටත් වඩා පරාජය ඉමිහිරි ය. කාව්‍යාත්මක ය. තර්ක බුද්ධියේ උපදේශ ඊට අගෝචර ය. අපි ඒ නිසා ම ඒ ඉමිහිරි ශෝක සංවේදනා ගංගාවේ කිමිදෙමින් සිටීමට ආසා කරමු. එතැනට මධුවිත ද එක්වූ විට මැවෙන්නේ අපූරු අසිරියකි. එහි ගැලී විනාස නොවන්නෙකුට ඒ අසිරිය අපූරු ආත්මීය ඔසුවක් යැයි මට සිතේ.

    විරහව හා මධුවිත නිසා ජීවිතය ම නැති නාස්ති කරගත් ආදරවන්තයෝ ද සිටින බව කියති. එක්ටැම්ගේ චිත‍්‍රපටයේ රවීන්ද්‍ර රන්දෙනිය පණ දුන්නේ එවැනි චරිතයකට ය. එවැනි විකාර ආදරවන්තයෝ කයි කතන්දරවල මිස සැබෑ ජීවිතය තුළ බෙහෙවින් විරල වුව ද සැබෑ ලෝකයේ ද එවැනි මිනිසුන් කීප දෙනෙක් ගැන මා අසා තිබේ. මීට කලකට පෙර සඳරේණු පුවත්පතට “නිම්තෙරින් එහා” නැමති නවකතාවක් ලියූ චානුක උයන්ගොඩ මෙහිදී මගේ මතකයට එයි. එය චානුකගේ සත්‍ය කතාව බවත් ඔහු විරහව නිසා මධුවිතට ජීවිතය කැප කළ අයෙකු බවත් කියැවේ. එය මල් පත්තර කාරයන්ගේ බාල වෙළෙඳ ගැටයක් නොවේ නම් අද ඒ චානුක කොහේ සිටින්නේ දැ යි දැන ගැනීමට මා කැමති ය.

    රුවක් ඇදෙනවා ගීතය සමලිංගික සම්බන්ධයක් ගැන කියැවෙන්නක් බවට ද මතයක් තිබේ. සමලිංගිකත්වය ගැන ද ගීත ලිවීම වරදක් නොවුණ ද මේ ගීතය තුළ මට නම් කිසි විටෙක එවැනි අර්ථයක් හමු නොවේ. මේ ගීතයේ රචකයා ද ඒ සාහසික අර්ථ දැක්වීම ප‍්‍රතික්ෂේප කර තිබිණි. කතුවර අධ්‍යාශයෙන් ඔබ්බට යමින් නිර්මාණවලට අර්ථ පැනවීමට අපට නිදහස ඇතත් එය වල්බූරු නිදහසක් නොවේ. නිර්මාණයට අදාල අභ්‍යන්තර හා බාහිර සාධක රාශියක් විසින් අපේ අර්ථ පැනවීමේ නිදහස සීමා කරයි. මේ කිසිවක් වටහා ගැනීමට නිරවුල් චින්තනයක් නැත්තෝ මෙය “මගේ කියවීම” ආදී වචන ඔහේ දොඩවනුයේ බාත්ගේ, ඩෙරීඩාගේ කෑලිද සම්මාදමට ගනිමිනි. උපුටාගත් දාර්ශනික කෑලිවලට වඩා නිරවුල් රස වින්දන ශක්තිය නිර්මාණකරණයේ දී හා විචාරයේ දී වැදගත් බව මෙහිදී කිව යුතු ය. අව්‍යාජ දාර්ශනික අදහස් උපදින්නේද එවැනි මනස් තුළ බව සාමාන්‍ය මිනිසුන්ගේ හැසිරීම් ඔස්සේ පවා අපට අවබෝධ කරගත හැක්කකි.

    ඉසුරු ප‍්‍රසංග

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පේ‍රමයේ ඉමිහිරි වේදනාවන්ට මධුවිත කෙතරම් අපූරු උත්තේජකයක්දැයි මා හරියටම පසක් කර ගත්තේ පාසැල් කාලයේදී පාසැල් මිතුරන් සමඟම සහභාගී වූ මංගල උත්සවයක් නිසාය. පළමු වතාවට අත දිග හැර බොන්නට ලැබුණු ඒ අවස්ථාව නොවේ නම් තව යම් කලක් යන තුරු හෝ මධුවිත සම්බන්ධව මගේ ආකල්ප කෙබඳු වනු ඇත්ද? එකල මා සිතා සිටියේ මත්පැන් යනු අප විසින් දියත් කරනු ලබන සමාජවාදී විප්ලවයෙන් පසු මුළු රටෙන් ම තුරන් කර දැමිය යුතුවූ ධනේශ්වර උවදුරක් ලෙසය.

    :cool:
    11.gif
     
    Piumal_E

    Member
    Apr 26, 2014
    7
    5
    3
    සම්ප්‍රදායික වැඩවසම් ක්‍රමයේ ඉරිතැලීම හ&

    සම්ප්‍රදායික වැඩවසම් ක්‍රමයේ ඉරිතැලීම හා නවයුගයකට අරුණලු වැටීම

    මේ මගේ දෙවැනි විචාරය මේක ගීතය මට තේරෙන විදිහට උපහාසාත්මක දේශපාලන ගීතයක් .. මම වැරදි වෙන්න පුළුවන්.. මේ මට හැඟෙන හැටි

    https://www.youtube.com/watch?v=JwEWsB_AmzI

    මෙම ගීතයේ සීයාගෙන් ආර්ථිකව, සමාජිකව,සංස්කෘතිකව පිඩනයට පත් මුළු ලෝකයම තමා උපන් හැදී වැඩුණු ගමයි සිතන සම්ප්‍රදායික චින්තනයක් සහිත භයපක්ෂපාත ප්‍රවේනිදාස ගැමි සමාජය නිරුපනය කරනා අතර මුණුපුරා මගින් 1977 නිදහස් ආර්ථිකය හඳුන්වාදුන් පසු ගමෙන් නගරයට ගොස් රටේ ලෝකයේ කරක් ගසා මිල මුදල් අතපත ගෑ එකල තරුණ රැඩිකල් සමාජය (සුරසේන) හා නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් අධ්‍යාපනය ලද හෝ ගමෙන් එලියට ගොස් විශ්විද්‍යාල අධ්‍යාපනය ලද තරුණය සමාජය (පියල්) නියෝජනය කරනු ලබයි.
    ...................................................................................
    අතුරු කතා - 1942 කන්නංගර මැතිතුමා විසින් නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අවස්ථාවේ බණ්ඩාරනායක මහතා විසින් කන්නංගර මහතාට මෙහෙම කිව්වලු "ක්‍රිස් පිස්සු වැඩ කරන්න එපා ඔයා ඔය කරන වැඩෙන් අපිට ගහක ගෙඩියක් කඩාගන්නවත් කොල්ලෙක් නැතිවෙනවා"
    ........................................................................................

    සීය උජාරුවෙන් තමන්ගේ අලුත් පරපුර සමග නව ගමන ඇරඹුවත් තවමත් තමන්ගේ හිතේ ඉඩම් හිමි වැවිලිකරු පන්තියට ඇති ජානගත භයපක්ෂපතීත්වය හා විචිකිච්චාව පෙන්වා දෙන්නේ සීයා මෙම ගීතයේ පළමු කොටසේ ඇති මෙම දෙබස කලබලයෙන් හා තැතිගැන්මකින් යුක්තව තම මුණුපුරාට කියාපෑම මගින්ය. සීයාගේ දෙබසට අනුව තවමත් සීයගේ සම්ප්‍රදායික කුඩා ලෝකයේ හාමු (ඉඩම් හිමි වැවිලිකරු) යෝධයෙකි.

    ඔන්න බෝල ඉස්සරහින් එනවා දෙවැට දිගේ වලව්වේ තඩි වාහනේ
    නීල මහා යෝධයා වගේ හාමු පිටිපස්සේ ආසනේ ..

    නමුත් ගමෙන් එලියට ගොස් රට ලෝකය දැකගත් රැඩිකල් තරුණ පන්තිය තවදුරටත් තමන්ගේ වැඩිහිටි ප්‍රවේණි දාස පරම්පරාව පෙළු සම්ප්‍රදායික වැඩවසම් ක්‍රමය පිළිනොගන්නා බව හා ඊට විරුද්ධව අරගල හා අභියෝග කරන බව මුණුබුරාගේ දෙබස් කණ්ඩයෙන් මොනවට පැහැදිලිවේ.

    යන්නත් ඉඩ නැහැ සීයේ ඔහොම නවත්තගම්මු
    හැබැයි බහින් එපා සීයේ අපිට ලොකු නැහැ හාමු

    එහෙත් මුනුපුරගේ හිතට විචිකිච්චාවක් තියෙනවා තමන්ගේ පිඩිත වැඩිහිටි පරම්පරාවට තමන් කරන අරගලය තේරුම්ගන්න නොහැකිවීමෙන් හා ඔවුන්ගේ සම්ප්‍රදායික හා ජානගත භයපක්ෂපතීත්වය ඉස්මතු වීමෙන් මේ අලුතෙන් ඇරඹු ගමන අතරමග ඔවුන් බැස යාවි කියා එනිසා මුණුපුරා විසින් සීයට ටිකක් තරවටු ස්වරයෙන් මෙහෙම කියනවා

    "හැබැයි බහින් එපා (තිරික්කලයෙන්) සීයේ අපිට ලොකු නැහැ හාමු" කියල..

    මෙය ඇත්තටම 1900 ආරම්භවී 1980 දශකයේ අග වනවිට උච්චත්වයට පත්වූ ලංකේය සම්ප්‍රදායික පෙරළියකි. මුලදී තමන්ගේ සම්ප්‍රදායික වැඩවසම්ක්‍රමයේ බලපුලුවන් කාරකමින් මෙම සමාජ පෙරළියට ප්‍රතිරෝධයක් දැක්වුවත් පසුව තව දුරටත් තමන්ට එයට විරුද්ධ විය නොහැකි බව වටහාගෙන අයිනට වූ වැඩවසම් සවාමීත්වය පහත දෙබස් කණ්ඩයෙන් පිළිබිඹුවේ..

    ඔන්නබොල බෙරිහන් දීගෙන පස්සෙන් පස්සට අයිනට ගත්ත වාහනේ
    පුපුර පුපුරා ඇති වලව්වෙහාමු පිටිපස්සේ ආසනේ

    එසේම මෙම සමාජ පෙරලිය සීයාගේ පරම්පරාවට මහා පුදුමයකි ඔවුන්ගේ හිතේ තිබුනාවූ කවදාවත් හැබෑ නොවන්නාවූ සිහිනයක් සැබෑවීමකි මේබව සීයා විශ්මයෙන් හා ප්‍රීතියෙන් යුක්තව ඉහත දෙබස් කාණ්ඩය මුණුපුරාට කීම මගින් වටහාගත හැක.
    ................................................................................
    අතුරු කතා - උඩරට වලව් 13න් ප්‍රධාන වලව්වක් වන XXX වලව්ව එම වලව්වේම ප්‍රවේනි දාසකම් කරපු පරම්පරාවක කෙනෙකුගේ මුනුපුරෙක් මිලටගැනීම

    වලව්වකට නෑකම් නොකියන රණසිංහ ප්‍රේමදාස විධායක ජනාධිපති වීම

    උදාහර නම් ඕනතරම් තියෙනවා...

    ................................................................................

    මෙහිදී අවසාන වශයෙන් සම්ප්‍රදායික වැඩවසම් ක්‍රමයේ අවසානය සනිටුහන් කරමින් මේ අලුතෙන් ඇරඹු ගමන නොනැවතී ඉදිරියටම යාම පහත දෙබස් කණ්ඩයෙන් දැක්වේ

    හාමු හාමු අපි ඉස්සරහට මිස පස්සට යන්න දන්නේ නැහැ
    අපිට සමාවෙන්න හමු අපිට රිවස් එකක් නැහැ

    ඉතින් ඔහොම තමයි මට ඔය සින්දුව Feel වෙන්නේ වැරදිනම් දහස්වර සමාව දෙන සේක්වා.....

    • Like
    Reactions: RIDER89

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ගුරුවරයෙක් ලෙස මා වගකීම් ඇත්තෙකි, හැසිරිය යුත්තෙකි.... පාසලේදී හිටිඅඩියේම දුරකතනය නාද විය... කාන්තා කටහඩකි....
    ඇය - හලෝ.... හැපි බර්ත්ඩේ....
    මම - තැන්ක්යූ තැන්ක්යූ... කව්ද මේ..............?
    ඇය - හැම අවුරුද්දෙම විෂ් කරන මාව මතක නැද්ද....? හරි හරි කමක්නෑ ඔන්න මම විෂ් කලා... මාව අදුන ගත්ත වෙලාවක මැසේජ් එකක් දාල තියන්න.

    හරස්පද ප්‍රෙහේලිකාවකි... මතක් කරන්නට උත්සාහ කලෙමි... අද ගුරුවරයෙක් උවත් පාසල් සමයේ අපි සැවොම පෙම් කුරුල්ලන්ය ඉතින් මතක් කරන්නේ කෙසේද? නමුත් ඇය මට ඉගියක් දුනි... ඒ නම් “හැම අවුරුද්දෙම විෂ් කරන මාව මතක නැද්ද” යන්නයි...

    හිත පතුලේ ඇණී තිබූ විස කටුවක් ඉන් මිදී ඇස් කෙවෙණි අගින් කදුලක දැවටී එලියට ආයේය. සහෝදරයට පින් සිදු වේවා !!!!!
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    (මමත් තාත්තෙක්) ඒත් අද මහ පුදුම දවසක්?

    ඒ දිනය 2014 මැයි මස 13 වෙනි දින... මගේ බිරිදට දරුවා ලැබෙන වේදනාව දැනිනි...ඒයි මට අමාරුයි ඒයි.. ඇය කී විගසම වා වාහනය රැගෙන රෝහලට ඇය ගෙන ගියාය.. බයක් නැත සියල්ලම වෛද්‍යවරුන් කීපරිදි සූදානම් කර තිබූ නිසා ඇය රෝහලට ගෙන අවශ්‍ය ප්‍රතිකාල කලේය.. වේලාව පාන්දර 4.00ය ... තාත්තා ලෙස මාගේ හිත ලොකු යුද්ධයකි කොල්ලෙක් බව දනිමි... කොල්ල සුදු වෙයිද, මොනව හරි ප්‍රශ්ණයක් වෙයිද? මූණ කැත වෙයිද? කකුල් අත් හරියට තියේවිද? මට ප්‍රශ්ණ කෝටියකි... ඒ මැද බිරිද හොදින් ඉදීවිද... සිතමින් මා රෝහලේ ඇවිදිමි....

    මේ අතරේ මා හොදින් දන්නා ඇතැම් වෛද්‍ය යහාළුවන් පැමිණ මචං දැන්ම ළමය ලැබෙන්නෑ උඹ ගෙදර ගිහින් වරෙන්... මාව සනසා යයි.. උදේ 4ට පැමිණි මා සවස 2 වන තෙක්ම සිටියෙමි.. ලැබෙනා ලමුන් ගැන වාට්ටුව ඉදිරියේ පලවේ මගේ නම නැත එබැවින් මා ගෙදර පැමිණ මදක් විවේක ගත්තෙමි... හදිස්සියේම වෛද්‍ය මිතුරෙක් මා ඇමතුවේය.. මචං උඹට කොල්ලෙක් ඉන්නවා ඔන්න 4.05ට ලැබුනෙ දැන්ම වරෙන්... මා ගියා නොව ඉගිලුනාය... අත්දැකීම් නැති මා බෝල සූකිරි කොල්ලෙක් බලන්ට ඉගිලුනාය...ඒත්....

    රෝ්හලට ගිය විගස කෝ තාත්ත එන්න කියා මා රැගෙන දරුවා ලගට ගෙන ගියේය.. දෙවියනේ.. පපුව තුලින් වේදනාවක් පැමිණෙයි.. මේ මා සිතූ ලමයාද.. ඔලුව කුල්ලක් මෙනි , ඇග රතු ලප වලින් පිරිලාය සිතා ගත නොහැක.. ඒත් මගේ බිරිද දරුවා තුරුළු කරන් සෙනෙහසිනි... මා සිතුවිලි පසෙක දැමූ මා දෙදෙනාවම තුරුලු කර ගත්තෙමි....

    ඒ මාගේ බොලද නොදැනුවත් කමයැ... දරුවන් උපදින්නේ ඒ ලෙසින් බව මා දැන නොසිටියෙමි... ටිකෙන් ටික මා පුතු සුන්දර සෙනෙහෙබර විය.... ඔබ මෙලෙස දකින විටදි ආදරේ නැති වෙන්නේ කාටද පුතේ....

    මට මේ අත්දැකීම විදින්නට දයිවයත්,
    නොමිනිසුන් පිරිසකුත් ඉඩ දුන්නේ නැත.
    එදින ඇතිවූ අසීමාන්තික කලකිරීම ජීවිතය සදහටම ඉච්චාභංගත්වයෙන් පුරවා ඇත.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සම්ප්‍රදායික වැඩවසම් ක්‍රමයේ ඉරිතැලීම හා නවයුගයකට අරුණලු වැටීම

    මේ මගේ දෙවැනි විචාරය මේක ගීතය මට තේරෙන විදිහට උපහාසාත්මක දේශපාලන ගීතයක් .. මම වැරදි වෙන්න පුළුවන්.. මේ මට හැඟෙන හැටි

    https://www.youtube.com/watch?v=JwEWsB_AmzI

    මෙම ගීතයේ සීයාගෙන් ආර්ථිකව, සමාජිකව,සංස්කෘතිකව පිඩනයට පත් මුළු ලෝකයම තමා උපන් හැදී වැඩුණු ගමයි සිතන සම්ප්‍රදායික චින්තනයක් සහිත භයපක්ෂපාත ප්‍රවේනිදාස ගැමි සමාජය නිරුපනය කරනා අතර මුණුපුරා මගින් 1977 නිදහස් ආර්ථිකය හඳුන්වාදුන් පසු ගමෙන් නගරයට ගොස් රටේ ලෝකයේ කරක් ගසා මිල මුදල් අතපත ගෑ එකල තරුණ රැඩිකල් සමාජය (සුරසේන) හා නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් අධ්‍යාපනය ලද හෝ ගමෙන් එලියට ගොස් විශ්විද්‍යාල අධ්‍යාපනය ලද තරුණය සමාජය (පියල්) නියෝජනය කරනු ලබයි.
    ...................................................................................
    අතුරු කතා - 1942 කන්නංගර මැතිතුමා විසින් නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අවස්ථාවේ බණ්ඩාරනායක මහතා විසින් කන්නංගර මහතාට මෙහෙම කිව්වලු "ක්‍රිස් පිස්සු වැඩ කරන්න එපා ඔයා ඔය කරන වැඩෙන් අපිට ගහක ගෙඩියක් කඩාගන්නවත් කොල්ලෙක් නැතිවෙනවා"
    ........................................................................................

    සීය උජාරුවෙන් තමන්ගේ අලුත් පරපුර සමග නව ගමන ඇරඹුවත් තවමත් තමන්ගේ හිතේ ඉඩම් හිමි වැවිලිකරු පන්තියට ඇති ජානගත භයපක්ෂපතීත්වය හා විචිකිච්චාව පෙන්වා දෙන්නේ සීයා මෙම ගීතයේ පළමු කොටසේ ඇති මෙම දෙබස කලබලයෙන් හා තැතිගැන්මකින් යුක්තව තම මුණුපුරාට කියාපෑම මගින්ය. සීයාගේ දෙබසට අනුව තවමත් සීයගේ සම්ප්‍රදායික කුඩා ලෝකයේ හාමු (ඉඩම් හිමි වැවිලිකරු) යෝධයෙකි.

    ඔන්න බෝල ඉස්සරහින් එනවා දෙවැට දිගේ වලව්වේ තඩි වාහනේ
    නීල මහා යෝධයා වගේ හාමු පිටිපස්සේ ආසනේ ..

    නමුත් ගමෙන් එලියට ගොස් රට ලෝකය දැකගත් රැඩිකල් තරුණ පන්තිය තවදුරටත් තමන්ගේ වැඩිහිටි ප්‍රවේණි දාස පරම්පරාව පෙළු සම්ප්‍රදායික වැඩවසම් ක්‍රමය පිළිනොගන්නා බව හා ඊට විරුද්ධව අරගල හා අභියෝග කරන බව මුණුබුරාගේ දෙබස් කණ්ඩයෙන් මොනවට පැහැදිලිවේ.

    යන්නත් ඉඩ නැහැ සීයේ ඔහොම නවත්තගම්මු
    හැබැයි බහින් එපා සීයේ අපිට ලොකු නැහැ හාමු

    එහෙත් මුනුපුරගේ හිතට විචිකිච්චාවක් තියෙනවා තමන්ගේ පිඩිත වැඩිහිටි පරම්පරාවට තමන් කරන අරගලය තේරුම්ගන්න නොහැකිවීමෙන් හා ඔවුන්ගේ සම්ප්‍රදායික හා ජානගත භයපක්ෂපතීත්වය ඉස්මතු වීමෙන් මේ අලුතෙන් ඇරඹු ගමන අතරමග ඔවුන් බැස යාවි කියා එනිසා මුණුපුරා විසින් සීයට ටිකක් තරවටු ස්වරයෙන් මෙහෙම කියනවා

    "හැබැයි බහින් එපා (තිරික්කලයෙන්) සීයේ අපිට ලොකු නැහැ හාමු" කියල..

    මෙය ඇත්තටම 1900 ආරම්භවී 1980 දශකයේ අග වනවිට උච්චත්වයට පත්වූ ලංකේය සම්ප්‍රදායික පෙරළියකි. මුලදී තමන්ගේ සම්ප්‍රදායික වැඩවසම්ක්‍රමයේ බලපුලුවන් කාරකමින් මෙම සමාජ පෙරළියට ප්‍රතිරෝධයක් දැක්වුවත් පසුව තව දුරටත් තමන්ට එයට විරුද්ධ විය නොහැකි බව වටහාගෙන අයිනට වූ වැඩවසම් සවාමීත්වය පහත දෙබස් කණ්ඩයෙන් පිළිබිඹුවේ..

    ඔන්නබොල බෙරිහන් දීගෙන පස්සෙන් පස්සට අයිනට ගත්ත වාහනේ
    පුපුර පුපුරා ඇති වලව්වෙහාමු පිටිපස්සේ ආසනේ

    එසේම මෙම සමාජ පෙරලිය සීයාගේ පරම්පරාවට මහා පුදුමයකි ඔවුන්ගේ හිතේ තිබුනාවූ කවදාවත් හැබෑ නොවන්නාවූ සිහිනයක් සැබෑවීමකි මේබව සීයා විශ්මයෙන් හා ප්‍රීතියෙන් යුක්තව ඉහත දෙබස් කාණ්ඩය මුණුපුරාට කීම මගින් වටහාගත හැක.
    ................................................................................
    අතුරු කතා - උඩරට වලව් 13න් ප්‍රධාන වලව්වක් වන XXX වලව්ව එම වලව්වේම ප්‍රවේනි දාසකම් කරපු පරම්පරාවක කෙනෙකුගේ මුනුපුරෙක් මිලටගැනීම

    වලව්වකට නෑකම් නොකියන රණසිංහ ප්‍රේමදාස විධායක ජනාධිපති වීම

    උදාහර නම් ඕනතරම් තියෙනවා...

    ................................................................................

    මෙහිදී අවසාන වශයෙන් සම්ප්‍රදායික වැඩවසම් ක්‍රමයේ අවසානය සනිටුහන් කරමින් මේ අලුතෙන් ඇරඹු ගමන නොනැවතී ඉදිරියටම යාම පහත දෙබස් කණ්ඩයෙන් දැක්වේ

    හාමු හාමු අපි ඉස්සරහට මිස පස්සට යන්න දන්නේ නැහැ
    අපිට සමාවෙන්න හමු අපිට රිවස් එකක් නැහැ

    ඉතින් ඔහොම තමයි මට ඔය සින්දුව Feel වෙන්නේ වැරදිනම් දහස්වර සමාව දෙන සේක්වා.....

    මටත් සිතෙන්නේ එසේමයැ. ගම්පෙරලිය නවකතාවේ කියවෙන දෙයම මෙහිත් ඇතැයි සිතේ.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අනුර මාධව ජයසේකරනිර්මාණය කල චක්‍රායුධය ටෙලිනාට්‍යයේ තේමා ගීතය. රත්න ශ්‍රී විජේසිංහයන් රචනා කල, නවරත්න ගමගේ තනු නිර්මාණය කල, අමරසිරි පීරිස් හා රශ්මි සංගීතාගේ තැන්පත් හඩින් ගායනා කල මේ ගීතය එතරම් සමාජ ගතවී නැත. 2004 වසරේ (මගේ මතකය නිවැරදිනම්)ස්වාදීන රූපවාහිනිය ප්‍රදර්ශනය කල මෙම ටෙළි නාටකය 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල පසුබිම් කර නිර්මාණය කල ඉතා විශිෂ්ඨ නිර්මාණයකි.

    මොණරවිල කැප්පෙටිපොල දිසාවේගේ සෙන්පතිවරයෙකු හා ඔහුට පෙම් බඳින ගැමි තරුණියක් අතර ඇතිවන සංවාදයක් ආකාරයට ලියැවී ඇති මෙම ගීය 1818 ඌවෙ මහා කැරැල්ලේන් සිංහලයන් තුල ජනිත කල සැබෑ පිබිදීම මැනවින් කියා පායි. කැප්පෙටිපොල හා මඩුගල්ලේ දිසාවේ වරුන්ගේ හිස ගසා දැමීමෙන් අසාර්ථක කල මෙම කැරැල්ල සමයේ වන වැදුනු උඩ රැටියන්ගෙන් පවතෙන්නන් තවමත් නිල්ගල, නමුණුකුල, බදුල්ල පලාත් වල ජීවත් වෙයි. ..

    විශේෂ ස්තුතිය : මෙම ටෙලි නාටකය අන්තර්ජාලයට ලබාදුන අනුර මාධව ජයසේකර සොයුරාට.

    (මෙම වීඩියෝවේ තේමා ගීතය මෙන්ම ටෙලිනාටකයේ මුල් කොටසද ඇතුලත් වෙයි.)

    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සම්ප්‍රදායික වැඩවසම් ක්‍රමයේ ඉරිතැලීම හා නවයුගයකට අරුණලු වැටීම

    මේ මගේ දෙවැනි විචාරය මේක ගීතය මට තේරෙන විදිහට උපහාසාත්මක දේශපාලන ගීතයක් .. මම වැරදි වෙන්න පුළුවන්.. මේ මට හැඟෙන හැටි

    https://www.youtube.com/watch?v=JwEWsB_AmzI

    මෙම ගීතයේ සීයාගෙන් ආර්ථිකව, සමාජිකව,සංස්කෘතිකව පිඩනයට පත් මුළු ලෝකයම තමා උපන් හැදී වැඩුණු ගමයි සිතන සම්ප්‍රදායික චින්තනයක් සහිත භයපක්ෂපාත ප්‍රවේනිදාස ගැමි සමාජය නිරුපනය කරනා අතර මුණුපුරා මගින් 1977 නිදහස් ආර්ථිකය හඳුන්වාදුන් පසු ගමෙන් නගරයට ගොස් රටේ ලෝකයේ කරක් ගසා මිල මුදල් අතපත ගෑ එකල තරුණ රැඩිකල් සමාජය (සුරසේන) හා නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් අධ්‍යාපනය ලද හෝ ගමෙන් එලියට ගොස් විශ්විද්‍යාල අධ්‍යාපනය ලද තරුණය සමාජය (පියල්) නියෝජනය කරනු ලබයි.
    ...................................................................................

    :)
    දිගටම ලියමු
    11.gif

    5+
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනුර මාධව ජයසේකරනිර්මාණය කල චක්‍රායුධය ටෙලිනාට්‍යයේ තේමා ගීතය. රත්න ශ්‍රී විජේසිංහයන් රචනා කල, නවරත්න ගමගේ තනු නිර්මාණය කල, අමරසිරි පීරිස් හා රශ්මි සංගීතාගේ තැන්පත් හඩින් ගායනා කල මේ ගීතය එතරම් සමාජ ගතවී නැත. 2004 වසරේ (මගේ මතකය නිවැරදිනම්)ස්වාදීන රූපවාහිනිය ප්‍රදර්ශනය කල මෙම ටෙළි නාටකය 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල පසුබිම් කර නිර්මාණය කල ඉතා විශිෂ්ඨ නිර්මාණයකි.

    මං පුදුම ආසාවකින් බලපු ටෙලියක් මේ :)
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කවුරු හරි කියපල්ලකෝ මේ සින්දු දෙකේ තේරුම

    කුස පබාවතී පුවතත් - වේරලියද්ද

    සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ - ගුණදාස කපුගේ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කවුරු හරි කියපල්ලකෝ මේ සින්දු දෙකේ තේරුම

    කුස පබාවතී පුවතත් - වේරලියද්ද

    සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ - ගුණදාස කපුගේ

    බම්ප්
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    සොඳුරු මිනිසුන්ගේ කලාපයට මාගේ හදපිරි සුභ පැතුම්....
     
    naaa

    Member
    Dec 10, 2008
    2
    0
    0
    යාවත්කාලීන ද?

    මේක යාවත්කාලීන වෙන එකක් ද කොල්ලනේ ? වෙන නුලක් තියනවද නැත්නම් ?:)
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    කවුරු හරි කියපල්ලකෝ මේ සින්දු දෙකේ තේරුම

    කුස පබාවතී පුවතත් - වේරලියද්ද

    සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ - ගුණදාස කපුගේ

    සුදු නැන්දා එකේ කතාව දන්නවා.
    මේ සතියේ අතුලත දාන්නම් කව්රු හරි නොදැම්මොත් :)
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    නංගි..... අන්න නෑනට දුවෙක් ලැබිලලු... දැනුයි ඉස්පිරිතාලෙන් පණිවිඩේ ආවේ
    ඕන්න කොල්ලට නෑන පොඩ්ඩක් හම්බෙලා තියෙන්නේ. දැන් ඉතින් නෑනව බලාගන්න වෙයි පුතෝ, නැත්නම් හුලන් තමයි..

    අනේ අක්කේ විහිළු නොකර ඉන්න, පොඩි එකාට ඔව්ව තේරෙන එකක්යැ...

    ..............................................................................................

    ආ දැන් නෑනයි මස්සිනයි එකටමයි නේ කොයි වෙලෙත් ;);););)
    ...............................................................................................

    ලාංකීය ජන සමාජයේ බොහොම හුරු පුරුදු නෑන මස්සිනා ආදර කථාවකට මුල පුරන්නයි හදන්නේ. (577 ඉල්ලීමක් දුටුව නිසා සහ කව්රුත් තවම ප්‍රතිචාර නැති නිසා. කුස පබාවතී ජාතක කථාවේ කථාවම තමයි මචන් :) )

    එහෙනම් මුල් ලියුම්කරුවන්ගෙන් සහ එළකිරි වාසීන්ගෙන් අවසරයි..... :yes::yes::yes:

    මේ සින්දුව බැලු බැල්මට නෑන මස්සිනා කතාවක් කියලා තේරෙනවා
    ඒත් සුන්දර ආදර කතාවක් නෙමෙයි......
    එහෙනම් මොකද්ද මේකේ ඇතුලේ තියෙන සිද්දිය ????

    සුදු නැන්ද ඇයි මම එනවා දැකලා දොර වැහුවේ ?
    කවදාවත් නැතුව මාමණ්ඩි මග ඇරලා ගියේ ඇයි ?
    කෙල්ල ගෙයි ඉඳන් අඬනවා ඇහෙන්නේ ඇයි ??

    සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ
    මාමණ්ඩි මට ඇයි මගහැරියේ
    හීන් හඬට ඉකිබිඳුම් ඇහෙන්නේ
    හීන් නගා ඇයි ගෙයි මුල්ලේ.....

    නෑන මස්සිනා ආදරය දළුලාගෙන එනවා...
    මස්සිනා නගරෙට යනවා රැකියාවකට
    ආදයමක් අතට අරගෙන නෑනව සහේට ගන්න හිතාගෙන.

    නැන්ද මාම උනත් කැමැත්ත දීලයි තියෙන්නේ,
    දැන් ගෙයක් දොරක් හදාගෙන මගුල ගන්නයි තියෙන්නේ.
    හැමදාම නගරේ ඉඳන් ඇවිත් ඉස්සෙල්ලම කරන්නේ හීන් නගා බලන්න එන එක.
    ඒ එනකොට මොනවම හරි අරන් එනවාමයි.

    නැන්ද මාම මම එනකම් බලන් ඉන්නවා විස්තර දැනගන්න....
    දුවගේ අනාගතේ ගැන කථාබහ කරගන්න
    වෙනදා මම ආව කියල දැනගත්තම ගෙදරට එනකම් මිදුලේ කඩුල්ල ලඟට වෙලා බලාගෙන ඉන්න හීන් නගා.....

    අද මොකද ගෙයි ඉඳන් අඬනවා ඇහෙන්නේ ?
    ඇයි කඩුල්ල වහල දාල ?
    ගෙදර ඉන්න හරකවත් ඇයි මගේ ගැන තැකීමක් කරන්නේ නැත්තේ....???

    වෙනදා ඉඳිකඩ අද මට හරස් වෙලා
    වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා
    රිදී පොටක් ‍හංගාගෙන ආවා
    හීන් නගේ නුඹ නැහැ දන්නේ
    හීන් නගේ නුඹ නැහැ දන්නේ

    ගෙයි දෙවනත් වෙන්න අඬලන කුකුළා මොකද ගුලි ගැහිලා කුඩුවට වෙලා නිදි ?
    හෙප්පුවත් කනප්පුවෙන් බිමට වැටිලා, කව්රුවත් අරන් තියලා නැත්තේ ඇයි ?
    පාන් පැලේ තියෙන්නේ පර වුන මල්.. ඇයි මල් ටිකවත් අස් කරලා නැත්තේ ?
    මේ ගෙදර මිනිස්සුන්ට මොකක් වෙලාද ???????

    තටු පොරවාගෙන සැලයා කූඩු වෙලා
    කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා
    පාන් පැලට අද පර මල් වැඩලා
    ගලේ විහාරෙත් ගොලු වීලා
    ගලේ විහාරෙත් ගොලු වීලා

    වෙලා තියෙන්නේ මෙන්න මේකයි.

    නෑනා.... ඔව් මස්සිනා නැති අතරේ වෙනත් හාදකමක පැටලිලා
    එකෙන් වෙන්න ඕනේ හරිය කරගෙන, ඒක ගෙදරට ආරංචි වෙලා.
    මේ අව් අස්සෙම දුවගේ අත දෙන්න පොරොන්දු වෙලා හිටපු මනමාලයා, නෑකමට බෑනා නගරේ ඉඳන් ගෙදර එනවා

    කෙල්ල කරගෙන තියෙන වැඩේ හැටියට කොහොමද ඒ ළමයට අර දෙමව්පියෝ මුණ දෙන්නේ ?

    එකයි මාමණ්ඩි මග ඇරලා ගියේ....
    නැන්දා බෑනා ගෙට එන්න කලින් දොර වහලා දැම්මේ...
    ඒ කොල්ලගේ හොඳ කියා කියා දුවට බනිනකොට කරපු මෝඩකම් තේරිලා
    දුව අඬන සද්දේ තමයි බෑනාට ඇහෙන්නේ.

    ඔන්න ඕකයි මේ ගීතයේ කතාවට මුල.

    වැඩි හරියක්ම තියෙන්නේ උපමා රූපක

    ලාංකීය සංස්කෘතියේ කාන්තාවකට තියෙන වැදගත්ම කාරනාව අහිමි වීමෙන් සහ
    ඒ සමගම ලෝකයට, දුව දෙන්න පොරොන්දු වෙලා හිටපු තරුණයට මුහුණ දීමේ
    අපහසුවෙන් පෙලෙන පවුලක් ගැනයි මේ ගීතයෙන් කියන්වෙන්නේ.

    මේ කාරණාව මුළු ගෙදරම ගිලගෙන තියෙන ආකාරයයි උපමා වලින් හැඩ ගන්වලා
    තියෙන්නේ.
    හොඳම උදාහරණය ගෙදරක පහන් පැලට උදේ හවස මල් පුජා කරනවා,
    ඒත් මේ දවසේ තරුණයා එනකොට පහන් පැලේ තියෙන්නේ පරවුන මල්.
    ඒ කියන්නේ ගෙදර මිනිස්සුන්ට බුදුන්ට මලක් පහනක් තියන්න බැරි තරම් බැරෑරුම් ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
    තරුණයට තියෙන ගැටලුව ඒ මොකද්ද කියලයි ?

    {මේ කථාව මට දැනගන්න ලැබුනේ මම අයියලා වගයක් එක්ක සහභාගී වුන සාදයකදී වෙරි වුන නිතිඥය මහතෙක් ගෙන්. එතුමා කිවේ මේක සත්‍ය කථාවක් ඇසුරෙන් රචනා වුවක් කියලයි.}
     
    Last edited: