හන්තානට පායන හද

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    හන්තානට පායන හද

    ලස්සන සින්දුවක්..හැමෝම අහලත් ඇති..එත් අද තමයි හරි එකකට පදවැල් එක්කල මේ සින්දුව ඇහුවේ..


    හන්තානට පායන හද ලස්සනයිද කියන්න
    මා නොදකින ඒ පුර හද ඔබට හැකිය දකින්න..

    අදුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න
    කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න...

    හන්තානට පායන හද ලස්සනයිද කියන්න
    මා නොදකින ඒ පුර හද ඔබට හැකිය දකින්න..

    ලතා මඩුලු අත වනාවි එපා අහක බලන්න
    මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න...........

    හන්තානට පායන......

    සින්දුවෙනම් ලොකු තේරුමක් තියනවා..මම දැකලත් තියනවා සමහර අය සින්දුව ගැන එක එක විචාර එහෙම ලස්සනට ලියලා දාලත් තියනවා..කොහොම උනත් අපි හැමෝටම අන්තිමේදී මේ සින්දුව තමා ගොඩක් වෙලවට කියන්න තියෙන්නේ..හැමෝටම වගේ මටත් කියන්න තියෙන්නේ මේකම තමා.. අදුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න..කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න..මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න...

    ඔයාලගෙත් මතකට අවදිකරවන සින්දු එහෙම තියනවනම්..ඔයාලට කියන්න බැරි උන වචන එහෙම හිතේ තියේනම් සින්දුවෙන් හරි ලියල යන්න එන්න..

    අදුරු වෘකයා
     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    අනිවා මචා ........මාර දුකක්/තනිකමක් හදවතට දැනෙනෙවා.....රෙප් +
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    අනිවා මචා ........මාර දුකක්/තනිකමක් හදවතට දැනෙනෙවා.....රෙප් +

    තියන දුකක් හිතේ තියන සින්දුවෙන්ම කියල යමු සහෝදරයා..
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මේ වගේ අර්ථයක් ඈති සිංදු ලියන අයට ගොඩාක් පිං !

    …මාත් ආසම කරන් සිංදුවක්,මේ වගේ සිංදු කොච්චර ඈහුවත් එපා වෙන්නේ නෑහෑ!
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    oke aththa kathawa kohomath loku dukak hithena kathawak :(
    මමත් අහල තියනවා
    ela machan.....
    එල
    ස්තුති
    maath aasama sinduwa...

    ai danne ne....
    සමහරවිට සින්දුවේ වචන නිසා වෙන්න ඇති..සමහර විට තේරුම නිසා වෙන්න ඇති..නැතිනම් සමහරවිට..උන සිදුවීමක් මතක් වෙන්ව ඇති...
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    මේ වගේ අර්ථයක් ඈති සිංදු ලියන අයට ගොඩාක් පිං !

    …මාත් ආසම කරන් සිංදුවක්,මේ වගේ සිංදු කොච්චර ඈහුවත් එපා වෙන්නේ නෑහෑ!



    එකනම් ඇත්ත මචන්..අද කලේ සින්දු වල සද්දේ විතරයි..වචන ගතම කිසිම තේරුමක් නැතුව ඔහේ වචන ගොඩක් එකතු කරලා... මේ වගේම තවත් සින්දුවක් තමා කදු පාමුල සිට කියන සින්දුව...
     
    • Like
    Reactions: sudu pusa

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ සින්දුව නෙද කිඹුලාගෙ‌ පියතුමා ලිව්වා කිව්වෙ‌?
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    බොක්කේ ඉදන් සීතල වෙනවා බං මේකට
    සරල පද පේලියක් උනාට පට්ටට ලියල තියෙනවා

    ඔබතුමාව මගේ ත්‍රෙඩ් එකක දැකීමත් සතුටක්.. මන් එළකිරි එකේ හිටියේ නැති දවස් වල ඔබතුමාගේ රත්තරන් සහෝදරයාගේ පොස්ට් වල එල්ලිලා හිට්යා..එළකිරි ප්‍රකට සුදු පුසා මහත්මයා එහෙනම් මගේ ත්‍රෙඩ් එකටත් එනවා.. බොහොම ස්තුති අදහසට..ඇත්ත කතාව.. ඇස්වල කදුළු පිරෙන්නේ අපිටත් නොදනිම...

    මේ සින්දුව නෙද කිඹුලාගෙ‌ පියතුමා ලිව්වා කිව්වෙ‌?

    එකගනන්ම් හරියට මන් කියන්න දන්නේ නැහැ..එත් අපේ කිබුල් සහෝදරයා මේක දැක්කොත් එකගන අපිට එයාගෙන්ම අහලා දැනගන්න පුළුවන්...කවුරු ලිවුවත්..කවුරු කිවුවත්..ලස්සන වචන..ලස්සන තේරුමක් තයන සින්දුවක්...
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මේ සින්දුව මගේ ඇතුළු ගොඩක් දෙනෙක්ගේ ජීවිත එක්ක සමීපයි :(
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    මේ සින්දුව මගේ ඇතුළු ගොඩක් දෙනෙක්ගේ ජීවිත එක්ක සමීපයි :(


    මේ සින්දුව විතරක් නෙමේ..මේ වගේ තව ගොඩක් සින්දු තියනව..ඒ නිසා මන් කැමති ඉල්ලීමක් කරන්න ඔයාලගේ හිතේ කියන්න බැරි වෙලා ඉතිරි උන දේවල් තියෙනෙම්..කතාවෙන් කියන්න බැරි උනත් සින්දුවෙන් හරි කියලා යන්න..
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    බඹරෙකු වන්නට නොහෑකිව ලතවෙන
    මා අභියස ඔබ නෙලුම නොවේ
    උල්පත වන්නට නොහැකිව ලතවෙන
    මා අභියස ඔබ සයුර නොවේ

    ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
    බැරිකම් මිස ඔබේ සිහින ලොවේ
    ඔබ කැදවන්නට ඔබ සතපන්නට
    මා හද තුල ඉඩ නැතිව නොවේ :sorry::sorry::sorry::sorry:
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මේ සින්දුව විතරක් නෙමේ..මේ වගේ තව ගොඩක් සින්දු තියනව..ඒ නිසා මන් කැමති ඉල්ලීමක් කරන්න ඔයාලගේ හිතේ කියන්න බැරි වෙලා ඉතිරි උන දේවල් තියෙනෙම්..කතාවෙන් කියන්න බැරි උනත් සින්දුවෙන් හරි කියලා යන්න..



    ඇරබුමම කඳුලක් වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ දුරක් දුරවැඩි නිසා
    අවසනයට පෙර පෙර ඈ ගියා.....................
     
    Last edited:
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    ලස්සනම සින්දුවක්,
    මෙහෙම පෝස්ට් එකක් දැම්මට ස්තූතියි.
    තව ටිකක් ඔයාගෙ අදහසුත් එකතු කරන්න පුලුවන් නම් තවත් හොදයි.
    (පොඩි විචාරයක් වගේ එකක්)