හන්තාන සිහිනය

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    පේරා සෙට් එකේ උදව් එක්ක ..හන්තාන නැග්ග ගිය සතියේ..
    එකෙන් මතකයන් ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුන මෙහෙම ....:rolleyes::rolleyes:

    ට්‍රිප් එක ගැන කිව්වොත් ..:rolleyes::rolleyes:

    අපි කොළඹ න් පිටත් උනේ උදේ 5.30 ට විතර.. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යනකොට 10 ට කිට්ටුයි .. යන ගමන් උදේට පාන් කෑවා සිනි සම්බල් එක්ක..:rofl::rofl: කන්න නැතුව පුලුවනේ මොකක් වත් කරන්න.. කවට පස්සේ නොන්ස්ටොප් එකක් කිව්වා ආයේ කනකන් බස් එකේ දල තිබ්බ musical show එක කැලේ හිටං..:P:P

    පස්සේ විශ්වවිද්‍යාලයෙන් දවල් කෑම එකත් බෑග් එකේ ඔබා ගෙන..කන්ද උඩ වතුර නෑ කිව්ව නිසා 1 L බෝතලේකුත් ඔබා ගෙන ආයේ බස් එකට නැග්ගේ කන්ද නගින තැනට කිට්ටු කරන්න .. ඒ අස්සේ මගේ උරචක්කර මලෙත් බග් එකේ තිබ්බේ.. (ඔහොම කිව්වට මන් හෙන ආදරෙයි උන්දැට.. කෙල්ලෙක් නෙමෙයි හොදේ ;) )

    පිටිපස්සේ ඉදගෙන ආතල් එකේ අපි ගියාට .. රියදුරු තැනට නම් එක අපි කන්ද නගිනවා වගේ වැඩක් උනේ ඒ පාරේ බස් එකක් ගියාම තව ත්‍රි විල් එකකටවත් යන්න ඉඩක් තිබ්බේ නැති නිසා.කොහොම හරි 5 km විතර ගිහින් අමාය හිල්ස් හොටෙල් එක ගාවින් අපි බැස්ස.:yes::yes:... බෝල හිතුවේ නවතන් ගන්න කියල නේ .. නෑ බෝල එතනින් තමා කන්ද පටන් ගන්නේ .. අපි යන අමාය .. :oo::oo:

    බැහැල කන්ද නගින්න පටන් ගත්ත .. head එකෙකුයි tail එකෙකුයි සෙට් කර ගත්තේ අපේ සෙට් එක 200 ට වැඩි උණු නිසා. අහ තව මේඩ්ඩො දෙන්නෙකුත් උන්න .. ක්‍රම්ප් එකක්වත් අවොත් කියල ..:yes::yes:

    කොහොම හරි මගක් නගින කොට තේරුනේ අපේ ලොක්ක අපිට වැඩේ දීල තියෙන්නේ කියල.මොකද අපි නගින්නේ සාමාන්යෙන් බහින පැත්තෙන් කියල ඊතල දැක්කම තේරුණා.:angry::angry:
    කිව්වත් වගේ අපිට උඩදී වතුර ඉවර උන.ඉතින් වතුර හොයන වැඩේ බර උනේ පෙරා ඩබලට .. ඒ අස්සේ අපි උඩ තිබ්බ සිග්නල් කණු වල වැඩ කර එවුන් එක්ක කතා ක්‍රම කිව්වේ 20 L වතුර ගෙන්න රු 1000 ක් ගන්නවා කියල.:baffled::baffled:

    ඉතින් උන්ගෙන් වතුර උගුරක් ගන්න එක ගැන අපි වැඩිය හිතන්න ගියේ නෑ .. ;);)

    පස්සේ කන්ද මුදුනේ කල බීල .. නගින පැත්තෙන් බහින්න ගත්ත.:dull::dull:

    මොන උනත් ඉස්සර ලස්සන දැන් නැතුව ඇති කියල හිතුනේ කන්ද බහිද්දී දැක්ක මුඩු බිම් නිසා ...ලැව් ගිනි වලට කන්දෙන් එක පැත්තක් සම්පුර්ණයෙන් පිච්චිලා අලුවෙලා ගිහින් තිබ්බ.. ඒ වගේම ඈත බලද්දී තව කන්දකින් ලොකු දුමාරයක් දැකල ඇහුවම කිව්වේ ලැව් ගින්නක් වෙන්න ඕනි කියල..:frown::frown:

    මොන උනත් දෙය්යනේ කියල කිසිම සීතලක් නැ .. කිව්වට මොකද කට්ට අව්වේ අපි මාරම ෆීලින්ග් එකක් ගත්තේ :angry::angry:

    නගින්න කලින් කෙල්ලෝ ටික ජර්සි ගෙන අයිස් කැප් ගෙන හිටියේ.. දුකේ බෑ:P:P

    කුඩල්ලෙක් බේතකටවත් හොයාගන්න හිටියේ නෑ තනිකර දුවිලි වකාරයක් උඩ..:nerd::nerd:

    හිතුව තරම් ලස්සනක් නම් දැක්කේ නෑ.hike එකක් විදියට අව්ලකුත් නෑ.කොහොමහරි 8 විතර වෙද්දී බැහැල ඉවර කර.. රැට තිබ්බෙත් පාන් .. දවල්ට වැඩිපුර කෑම දෙකකින් සප්පායම් උණු නිසා ..රාත්‍රී ආහාරය පසෙකලා බස් එකේ හොද බිමක් හොයාගෙන ඇල උනා ..

    කොළඹ ට එද්දී 12 විතර උනා.

    අන්තිමට මිතුරු තොමෝ සතුටින් විසිර ගියාලු ඇ ...

    තවත් ගමනකින් සෙට් වෙමු .. !! :love::love:


    zspaaa.jpg


    5umlpg.jpg


    mm95kh.jpg


    wbyz4n.jpg


    2evqhz5.jpg


    2wf5tlz.jpg


    2vl8jeo.jpg


    2rrxa4g.jpg


    n4e2k2.jpg



    අප්ලෝඩ් වෙන්න වෙලා යනවා ..මම යටට යටට දාන්නම්.. :rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: sat_12

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    (ඔහොම කිව්වට මන් හෙන ආදරෙයි උන්දැට.. කෙල්ලෙක් නෙමෙයි හොදේ )

    හිටපිය දෙන්නම් තොට :P

    හූ හූ... උබල නාවේ නෑනෙ.
    අපිනම් නෑවා.





    hNMkkvj.jpg




    3APTfGh.jpg
     
    Last edited: