හඳහන බලා විවාහවීම සාර්ථක පවූල් ජීවිතයකට &#3524

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    හඳහන බලා විවාහවීම සාර්ථක පවූල් ජීවිතයකට &#3524

    කෙනෙකු උපන් වෙලාව අනූවයි ඔහූගේ හෝ ඇයගේ කේන්දරය හෙවත් හඳහන හැදුවේ. උපන් වෙලාව, අවූරුද්ද, මාසය, දිනය, පළාත, පිළිගත් ජ්‍යොතිෂඥයින්ට ලබාදුන් විට එම දත්ත අනූව ඔවූන් විසින් මූලින්ම දළ කේන්ද්‍රය නිර්මාණය කළා.


    මේ හඳහන අනූව තමයි ජීවිතයේ බොහෝ වැදගත් කාර්යයන් සඳහා යොදාගන්නා නැකැත් නිර්මාණය කළේ.


    යම්කිසි දෙදෙනෙක් විවාහයට එළඹෙන්නට පෙර ඔවූන් දෙදෙනාගේ කේන්ද්‍රය බලා යම් යම් තීරණ, තීන්දුවලට එළඹීම පැරණි සමාජයේ සිට පැවත එන්නක්.


    නමූත් නූතන සමාජය මෙම ක්‍රියාවට පරිබාහිරින් කුලය, සමාජ තත්ත්වය සොයා බැලීම සාර්ථක පවූල් ජීවිතයක් පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය සාධක ලෙස මා පිළිගන්නේ නැහැ. ඉතාම විශාල ධනස්කන්ධයකට හිමිකම් කියන ඇතැම් පූද්ගලයන් පවා කේන්දර හරි හැටි නොගලපා විවාහවීමෙන් ජීවිතය අසාර්ථක වූ බවට ඕනෑ තරම් උදාහරණ තියෙනවා.


    කේන්දරය නිවැරදිව පරීකෂා කිරීම තුළින් දෙදෙනෙකුගේ සිතුම් පැතුම්වල ගැලපීම බොහෝ දුරට දැනගන්න පූළුවනි. ජ්‍යොතිෂඥයින් විසින් අනාවරණය කරන කරුණූ කාරණා අනූව ඔවූන් අනාගතයේ ගෙවන පවූල් ජීවිතය ගැන අනාවැකි පළ කළ හැකියි.


    අද වෙලා තියෙන්නේ දෙදෙනෙක් විවාහයට පෙර කේන්දරය බලලා තීරණයකට එළඹෙන්න යන මොහොතේදී පවා ඇතැම් බලපෑම්වලට යටත්වීමයි. මෙයින් වෙන්නේ යම් දවසක එවැනි දරුවන්ගේ ජීවිතවලට යම් යම් බලපෑම් සිද්ධවීමයි. කේන්දරයෙන් ලැබෙන උපදේශනය මත නිවැරදි තීරණ ගන්නේ නම් එය බලපෑමකින් තොරව ලබාගැනීම ඉතාම වැදගත්.


    දෙදෙනෙක් විවාහ වෙන්නට යාමේදී ඔවූන්ගේ කේන්දර දෙක හොඳින් ගැලපේ නම් ඔවූන්ගේ පවූල් ජීවිතය වඩාත් සාර්ථක වෙන බව කියන්න පූළුවනි.


    පොරොන්දම් බැලීමෙන් කරන්නේ දෙදෙනෙකුගේ ගැලපීම් ගැන සොයන එකයි. නමූත් එක සමාන කේන්දර ඇති දෙදෙනෙක් ලෝකයේ කොහෙවත් සෙවිය නොහැකියි. නමූත් ගැළපීම් සෙවිය හැකියි.


    අපි විද්‍යාත්මකව විවාහය ගැන සලකා බැලිමේදී කියන්නේ දෙදෙනෙකුගේ පොරොන්දම් ගැලපීමට වඩා රුධිර ඝණ ගැලපීම සෙවීම වැදගත් බවයි. ජ්‍යොතිෂයේ රජ්ජූ පොරොන්දමෙන් බලන්නේ දෙදෙනෙක් අතර ඇති රුධිර ගැලපූමයි. පොරොන්දම් විස්සෙන් දොළහක්වත් සූබවිය යූතු යැයි සැලකේ.


    අපේ රටෙි හිටපූ පණ්ඩූකාභය රජූ තරම් දක්ෂ ජ්‍යොතිඥයන් ලොව ඉඳ නැතැයි කිව හැකියි. මෙවැනි රටක නියම ජ්‍යොතිෂඥයකුට නිවැරදි අනාවැනි ප්‍රකාශ කළ හැකියි.


    පොරොන්දම් වෙන වෙනම බැලීමේදී එයින් ඇතිවන බලපෑම වෙනස් වේ. නමූත් එය එකට බැලීමේදී කේන්දරේ ඇති ග්‍රහයන් සමග ඇති කරන බලපෑම තවත් විදිහකි.


    පොරොන්දම් විස්සෙන් ප්‍රධාන වන අෂ්ඨකුටය හෙවත් ප්‍රධාන පොරොන්දම් අටක් ගැලපීම ඉතාම වැදගත්. මේ අෂ්ඨකුටය මත තමයි ජීවිතවල මූළු ශක්තිය රඳා පවතින්නේ මෙම අෂ්ඨකුට පොරොන්දම් අටම අසූබවී අනෙක් පොරොන්දම් දොළහම සූබවී වැඩක් නැහැ.


    අපි ජ්‍යොතිෂ අෂ්ඨකුටය ලෙස හඳුන්වන්නේ පොරොන්දම් අටකි. එම පොරොන්දම් අට ගැලපීමේදී ලකුණූ ලබාදෙනූ ලැබේ. එම ලකුණූවලින් අඩූම තරමින් 36-18 ක්වත් ලබා ගන්නා කේන්දර දෙකක් තමයි හොඳයි කියලා බලන්නවත් සූදුසූ වෙන්නේ.


    මෙහිදී නාඩි පොරොන්දම ගැළපීමේදී ලකුණූ 8 කුත්, රාශි පොරොන්දම් ගැලපීමෙන් ලකුණූ 7 ක් ද ගණ පොරොන්දම් සඳහා ලකුණූ 6 ක්, රාශ ආදී පොරොන්දම් සඳහා ලකුණූ 5 ක්ද යෝනි පොරොන්දම සඳහා ලකුණූ 4 ක් ද නක්ෂත්‍ර පොරොන්දම සඳහා ලකුණූ 3ක් ද රජ්ජූ පොරොන්දම සඳහා ලකුණූ 2ක් ද වර්ණ පොරොන්දම සඳහා ලකුණක්ද ලබාදෙයි. මේ නිසා මෙම පොරොන්දම් මෙන්ම අනෙක් ග්‍රහයන් ගැන සළකා බැලීමත් විවාහයට වැදගත් වෙයි.


    dear doctor
     
    Last edited:

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රයේහි පූර්ව, මධ්‍ය, අන්ත්‍ය යන නාඩි තුන වා, පිත්, සෙම් යන කාරණා තුනට අයත්වේ. මෙමගින් යම් දෙදෙනෙකුගේ නහර ශක්‌තිය පිළිබඳව පෙන්නුම් කරයි. විවාහයට පත් දෙදෙනාගේ ම වාත, පිත් සෙම් කෝපවීම එකවරම සිදුවන්නේ නම් අසනීප උග්‍ර වීමට හේතු වේ. එවැනි දෙදෙනෙකුගේ උපදින දරුවන්ට ද ඒ අසනීප වැළඳීම නිසා මුළු පවුලේ ම රෝගී තත්ත්ව උත්සන්න වී විශාල විපතකට මුහුණ පාන්නට සිදුවේ. එම නිසා දෙදෙනා ම එකම නාඩි වීම ඉතා අශුභයි.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රයේහි පූර්ව, මධ්‍ය, අන්ත්‍ය යන නාඩි තුන වා, පිත්, සෙම් යන කාරණා තුනට අයත්වේ. මෙමගින් යම් දෙදෙනෙකුගේ නහර ශක්‌තිය පිළිබඳව පෙන්නුම් කරයි. විවාහයට පත් දෙදෙනාගේ ම වාත, පිත් සෙම් කෝපවීම එකවරම සිදුවන්නේ නම් අසනීප උග්‍ර වීමට හේතු වේ. එවැනි දෙදෙනෙකුගේ උපදින දරුවන්ට ද ඒ අසනීප වැළඳීම නිසා මුළු පවුලේ ම රෝගී තත්ත්ව උත්සන්න වී විශාල විපතකට මුහුණ පාන්නට සිදුවේ. එම නිසා දෙදෙනා ම එකම නාඩි වීම ඉතා අශුභයි.
    ----thanks
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kuja 8 vanne nam kendara hodata galapenna ona. Nathnam sahimakata path venne nathi pihitimaki.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මගෙ නම් වැඩි විශ්වාසයක් නෑ බන්....:nerd: ඕන එකෙක්ට වැදගත් වෙයි :)