හඳුන්නෙත්තිගේ රෙද්ද ගලවන්න පෝලිමක්....!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    "හඳුන්නෙත්තිගේ රෙදි ගැලවූ හෙලිදරව්ව" යන ශීර්ෂ පාඨය සහිතව Video කැබැල්ලක් මේ දින වල සමාජ මාධ්‍ය අවකාශයේ සැරිසරමින් තිබේ.

    ජරාව කන කපුටන්ට මලකුණක් බඳු මෙම Video කැබැල්ල, ප්‍රංශයේ වෙසෙන සජිත්වාදීන්, රනිල්වාදීන් මෙන්ම නාමල්වාදීන් මේ වන විට තළු මර මර බෙදාහරිමින් සිටී.

    මලකුණක් බඳු යූටියුබ් කාරයා...​

    මලකුණක් බඳු මේ Video කැබැල්ලේ අන්තර්ගතව ඇත්තේ පසුගිය අගෝස්තු 27 වැනිදා සිරස රූපවාහිනියේ පැවැති 'සටන' ට සහභාගි වී සිටි ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති විසින් කළ ප්‍රකාශයක් ගැන විවේචනයකි.

    මෙම Video කැබැල්ල ආරම්භ වන්නේ, එය සැකසූ පුද්ගලයාගේ පූර්විකාවකිනි. එය මෙසේය.

    " උන් කරන දේවල් වල ප්‍රතිඵල මොනවාද? උන් කියන දේවල් වල ප්‍රතිඵල මොනවාද? කියන දේ මත තමයි, සත්‍ය මිත්‍රයෙක්ද, සත්‍ය එදිරිවාදියෙක් ද කියන එක හඳුනගත හැක්කේ. සමහර එදිරිවාදකම් තියෙනවා ඒවා එන්නේ මිතුරු ලීලාවෙන්. "

    මේ පූර්විකාවෙන් පසු හඳුන්නෙත්ති සටනෙදි කරපු ප්‍රකාශයේ කොටසක් ද දර්ශනය වෙන්නට සලස්වයි.

    ඉදිරි ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර ජනාධිපති වූ පසු, දැනට පවතින ආණ්ඩුව විසුරුවා හරින බවත්, එම ආණ්ඩුව එක දවසක්වත් ඉදිරියට පවත්වාගෙන නොයන බවත් එතැනදි හඳුන්නෙත්ති පවසයි.

    නැවත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා අවසන් වන තුරු, ජාතික ජන බලවේගය සැලසුම් කර ඇති පරිදි අමාත්‍යංශ 25 වෙනුවෙන් ලේකම්වරු 25 පත්කොට ඒ මගින් ආණ්ඩුව පවත්වාගෙන යන බව හඳුන්නෙත්ති කියයි.

    මේ මොහොතේ සටන වැඩසටහනට සජිත් පාර්ශ්වය වෙනුවෙන් පැමිණ සිටි අජිත් පී පෙරේරා, අපහාසයට මෙන් සිනාසෙමින්, NPP එකට කවුරු හරි ලොකු ලණුවක් දී ඇතැයි කියමින් හඳුන්නෙත්තිට කෝචොක් කරයි.

    එතැනින් පසු සටන වැඩසටහනේ කොටස ප්‍රදර්ශනය කිරීම අවසන් කරන youtuber, සජිත්ගේ ගෝලයා විසින් හඳුන්නෙත්තිට දැමූ කින්ඩි ප්‍රකාශයම නැවත වමාරමින් ඔහුගේ මතය කියන්න පටන් ගනී.

    ඒ අනුව ඔහු කියන්නෙ , හඳුන්නෙත්තිගේ ප්‍රකාශය ඒ වෙලාවේ නිකන් කටට ආ කතාවක් බවයි. එය මූලධර්ම පිලිබඳව කිසිදු අවබෝධක් නැතුව කරන ප්‍රකාශයක් බවත්, අමාත්‍යංශ ලේකම්වරුන්ට බලතලදී ක්‍රියාත්මක කරනවා යැයි කීම හෙන ආකර්ශනීය එකක් බවත් ඔහු තවදුරටත් කියයි.

    මේ වගේ කතා TV program වල නොකියා හඳුන්නෙත්තිගේ ගම් පැත්තේ ගිහින් පොකට් Meeting වලට ගොස් කියන ලෙසත් අදාල Youtuber විසින් යෝජනා කරයි. එතැනින් නොනවතින ඔහු හඳුන්නෙත්ති ගමේ Meeting එකේදී එය කියූ පසු ඒ Meeting එකට එන මිනිස්සු අත්පුඩි ගසා හුරේ දාන අයුරුත් රඟදක්වා පෙන්වයි.

    පාර්ලිමේන්තුව විසුරුවලා, ලේකම්වරු 25 පත්කරලා, නැවත මැතිවරණය පවත්න තුරු කාලය තුළ , මොකා හරි එකා ජනාධිපති මැරුණොත්, ඊට පසුව මොන ලේකම් ද ජනාධිපති වෙන්නෙ කියා Youtuber ප්‍රශ්න කරයි.


    මේ ටික ලිව්වේ මේ ලිපිය කියවන පාඨකයාට අර Video කෑල්ලෙ තියෙන සම්පූර්ණ චිත්‍රය පිලිබඳව අදහසක් ඇති කර ගන්නය.

    මෙම සටහන ලියන මම, සජිත්ගේ ගෝලයා වෙච්චි අජිත් පී පෙරේරා හෝ තවත් කවුරු හරි වගේ හෝ නීති විභාගය සමත් වූ, ව්‍යවස්ථාව පිලිබඳව නීති විශාරදයෙක්වූ කෙනෙකු නොවෙමි.

    එහෙත් මේ Video කෑල්ල නරඹා තිබුණු මගේ සමකාලීන මාධ්‍ය සගයෙකු වුණු දැනට ඇමරිකාවේ වෙසෙන පෝද්දල ජයන්ත, මේ ගැන ඔහුගේ මුහුණු පොතේ ලියා තිබුණු සටහනක් මම කියෙව්වෙමි.

    පෝද්දලගේ සටහනේ ශීර්ෂ පාඨය යොදා තිබුණේ " හඳුන්නෙත්තිගේ ප්‍රකාශය නිවැරදියි.." යන්නය.

    පෝද්දල අවධාරණය කර තිබුණේ මේ Video කැබැල්ල, ජාතික ජන බලවේගයේ අනුර ගේ පැහැදිලි ජයග්‍රහණය හමුවේ වියරු වැටී සිටින්නන්ට තළු මැරීමට සහ මඩ ගැසීමට හොඳ මාතෘකාවක් සපයාදී තිබෙන බවය.

    පෝද්දල තමන්ගේ සටහනට ඇතුලේ , හඳුන්නෙත්ති 'සටන' වැඩසටහනේදී කරපු ප්‍රකාශය පිලිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ගෙන් කළ විමසීමකදි එම නිලධාරියා විසින් ඔහුට කළ පැහැදිලි කිරීමත් ඇතුලත් කර තිබිණි.

    හඳුන්නෙත්ති කටට ආවාට කීවා නොවේ..​

    පෝද්දල ලියා තිබූ අයුරින්ම එම පැහැදිලි කිරීම පහත පරිදිය.

    "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 අනුව නව ජනාධිපතිවරයකු පත්වූ පසු නිශ්චිත කාලය සම්පූර්ණ වී තිබේ නම් , පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ සිටින අගමැතිවරයා , ඉවත් කරන්න පුළුවන්. එවිට අමාත්‍ය මණ්ඩලය ඉබේම විසිරෙනවා. ඉන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර ඔහු කැමති අගමැතිවරයකු පත්කරන්න පුළුවන්."


    "අනතුරුව 47 ව්‍යවස්ථාවට අනුකූලව අමාත්‍යාංශ ගැසට් කරන්න පුළුවන්. ඊට පසු ඔහු කැමති නම් ඉන්න පාර්ලිමේන්තුවෙන් ඇමතිවරු පත් කරන්න පුළුවන්. නැත්නම් ඉහත ගැසට් කළ අමාත්‍යාංශවලට ලේකම්වරු පත් කරන්න පුළුවන්. පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ඊළග පාර්ලිමේන්තුව තෝරා පත්කර ගැනීම තෙක් භාරකාර ආණ්ඩුව වෙන්නෙ නව අගමැතිවරයා ප්‍රමුඛ එම ලේකම්වරු. ඊට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්"

    ඉහත දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු විසින් හඳුන්නෙත්තිගේ ප්‍රකාශය ගැන විමසූවිට ලබා දී තිබූ පිලිතුරුය.

    ඒ අනුව නම් හඳුන්නෙත්ති කියා ඇත්තේ ඒවෙලේ කටට ආපු එකක් නොවන බව පැහැදිලිය. Youtuber කියන විදිහට මූලධර්ම පිලිබඳ හඳුන්නෙත්තිගේ අවබෝධයේ අඩුවකුත් ඇතැයි සිතිය නොහැක.

    සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින අජිත් පී පෙරේරා මෙන්ම මෙම Youtuber මහතාද අවධාරණය කළ පරිදි ,හඳුන්නෙත්ති හෝ NPP එක හෝ කාගේවත් ලොකු ලණුවක් කා ඇති බවකුත් අදාල පැහැදිලි කිරීමට අනුව පෙනෙන්නට නැත.

    කපුටන් හාරා අවුස්සා කන මලකුණක්​

    කෙසේ වෙතත් කපුටන් හාරා අවුස්සා කන මලකුණක් බඳු මේ Video කැබැල්ල, ජාතික ජන බලවේගයට එරෙහිව කඳවුරු බැඳ සිටින ජාවාරම්කාර ,දූෂිත ප්‍රභූ පංතියේ නියෝජිතයන්ට නම් මසුරන් වටින ත්‍යාගයක් වී ඇත.

    ලංකාවේ පවතින සියලු ප්‍රධාන පක්ෂ තුළ විශාල අර්බුද මතුවී ඒවා කැඩි කැඩී විනාශ වෙමින් පවතින විට, කිසිදු අර්බුදයක් නොපෙනෙන එකම බලවේගය ලෙස පවතින ජාතික ජන බලවේගය තුළ අර්බුදයක් නිර්මාණය කිරීමට කිසිවෙකුට මෙතෙක් හැකි වී නැත.


    විටෙක අනුර සහ හරිනි අතර අර්බුදයක් ඇති කිරීමට ජනමාධ්‍ය ලෙස පෙනී සිටින ජඩ මාධ්‍ය උත්සාහ ගත් අයුරු දැක ගත හැකි විය. එය අසාර්ථක වූ විට, ලාල්කාන්තගේ ප්‍රකාශ මෙන්ම හඳුන්නෙත්තිගේ ප්‍රකාශ අල්ලා ගෙන ඒවා NPP ය තුළ ගැටුමක් ඇති බවට හුවා දැක්වීමට බොහෝ අය වෙර දරන අයුරු දක්නට හැකි විය.

    සත්‍ය මිත්‍රයෙක්ද, සත්‍ය එදිරිවාදියෙක්ද, යන්න හඳුනා ගැනීම ගැන සහ මිතුරු ලීලාවෙන් එන එදිරිවාදිකම් ගැන සඳහන් කරමින් මේ Youtuber මහතා තම පූර්විකාවෙන් ද ඉඟි ලබා දෙන්නේ, NPP ය තුළ ගැටුමක් පවතින බව ප්‍රකාශ කිරීමටය.

    මිතුරු වෙසින් ආ සතුරා...​

    මෙය තවත් බරපතල වී ඇත්තේ මේ Youtuber මහතා, ප්‍රංශයට පැමිණි NPP නායකයන් සියල්ලන් සමඟම සම්මුඛ සාකච්ඡා පවත්වා ඇති තද බල NPP හිතවාදියෙකු ලෙස බොහෝ අය හිතන නිසාය.

    සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ හුවමාරුවන මෙම Video කැබැල්ලේ ලොකු අකුරෙන් ලියා ඇත්තේ, " සුනිල්ට ට්‍රැක්ද?" යනුවෙන්ය.

    මේ Video කැබැල්ල දුටු විට නම්, හඳුන්නෙත්තිට කොහොම වෙතත්, ප්‍රංශයට පැමිණි NPP නායකයන් හැමෝම පාහේ ට්‍රැක් පන්නා ගත්තා දැයි බොහෝ අයට හිතෙන්නට පුලුවන් ය.

    ජනමාධ්‍යවේදියාගේ වාර්තාකරණය සිදුවිය යුත්තේ එය පරිශීලනය කරන ජනතාවගේ බුද්ධියට නිගාවක් ඇති නොකරන පරිදි ය. නිගාවක් ඇති වන පරිදි එය සිදු වුවහොත්, එවැනි ජනමාධ්‍යවේදීන් ලබන එකම ප්‍රතිපෝෂණය ජනතා පිළිකුල පමණය.

    -සුනිල් ගාමිණී ජයලත්ගේ​

     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    BmmFIbF.jpeg
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ගහන්න මඩක් නැතුවුනාහම ජොකේක් හරි අල්ලගන්නව.

    මේවද බං රටේ තියෙන ප්‍රශ්ණ. මිනිස්සුන්ට කන්න බොන්න නෑ, මුං බොලද ජොකු joke දදා මෝඩ ආතල්දානව. මේවා දැක්කහම මෝඩ පුතාට තියෙන චන්දත් නැතිවෙනවා

    බංකලොත්, සජිත් වගේම බොලද, මොන්ටිසෝරි joke. Political and intellectual bankruptcy
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    ගහන්න මඩක් නැතුවුනාහම ජොකේක් හරි අල්ලගන්නව.

    මේවද බං රටේ තියෙන ප්‍රශ්ණ. මිනිස්සුන්ට කන්න බොන්න නෑ, මුං බොලද ජොකු joke දදා මෝඩ ආතල්දානව. මේවා දැක්කහම මෝඩ පුතාට තියෙන චන්දත් නැතිවෙනවා

    බංකලොත්, සජිත් වගේම බොලද, මොන්ටිසෝරි joke. Political and intellectual bankruptcy
    @bambuwathamai
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මට නම් අවංකවම ලොකු කණගාටුවක් තියෙනවා මේ රටේ මජර දේශපාලන ක්‍රමයයි, ඒකේ ඉන්න ජරා සත්තු ටික ගැනයි...

    නිකමට හිතපන් රටේ පාලන තන්ත්‍රයේ ඉන්න දේශපාලකයොයි, ඒකට ගෑවිලා ඉන්න උනුයි, ඇත්ත දැන දැන තමන්ගේ බල තන්හාව වෙනුවෙන් විසාල බොරු කෙලලා, රටක මිනිස්සු අන්දනවා කියන්නේ රටේ පාලනය මොන වගේද කියලා හිතාගන්නත් පුලුවන් නේ?

    ඊයේ දැක්කා විමල් වීරවංශ ආයේ අර සුපුරුදු ඇමෙරිකානු විරෝධයම පට්ට ගහනවා :rofl: ඇමෙරිකාවට ඕන වුනාලු රනිල් සජිත් එකතු කරන්න, දැන් ඒක වුනේ නැති නිසා අනුරලව ගේනවලු :lol: ඌට නම් තියෙන්නේ වෙනම ලෙවල් එකක් :rofl: මේ වගේ උන් රට පාලනය.කරන්න ඉන්නවා කියන්නේ ඉතින් බඩුම තමා...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,678
    167,338
    113
    එකමත් එක රටක
    ඊයේ දැක්කා විමල් වීරවංශ ආයේ අර සුපුරුදු ඇමෙරිකානු විරෝධයම පට්ට ගහනවා :rofl: ඇමෙරිකාවට ඕන වුනාලු රනිල් සජිත් එකතු කරන්න, දැන් ඒක වුනේ නැති නිසා අනුරලව ගේනවලු :lol: ඌට නම් තියෙන්නේ වෙනම ලෙවල් එකක් :rofl: මේ වගේ උන් රට පාලනය.කරන්න ඉන්නවා කියන්නේ ඉතින් බඩුම තමා...
    ඉතින් ඌ ත් JVP එකේ හිටපු උන්ගේ ප්‍රධානම කතිකයා සෑහෙන කාලයක් .
    එලියට ආවෙත් විකල්ප JVP කියලා කෑල්ලක් හදාගෙන සෙට් එකක් එක්ක .
    සමහරු කියන විදියට JVP එකේ ඉන්නේ හරි හොද , රටට ආදරේ , හොර බොරු නැති , දුෂිත නැති උන් කිව්වට ඒවා එහෙම නෙවෙයි .

    එහෙනම් මොන පැත්තට පැන්නත් ජෙප්පෝ හොද වෙන්න ඕනේ . එහෙම නෑ .
    බලය ලැබුනම උන්ගේ ඇත්ත තත්වේ එලියට එනව . විමල් විරවංශ හොද උදාහරණයක් . ඌ දිහා බලලවත් බොරුවට ජෙප්පෝ වෙනුවෙන් මහල ඇදගන්නේ නැතුව හිටියනම් ඇති .

    ජෙප්පෝ කියන්නෙත් අනිත් උන් වගේම ඕන බොරුවක් කියලා මිනිස්සු අන්දලා බලයට එන්න දගලන සෙට් එකක් තමයි . උන්ගේ ඇත්ත හැටි උන් ආවට පස්සේ බලාගන්න පුලුවන් . දැනටම ටික ටික එලියට එනව සමහර උන්ගෙන් .
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,660
    28,697
    113
    අනාගත වෙන්න මුදල් ඇමතිලු මේ පිස්සව වාඩි කරන්න :lol:





     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඉතින් ඌ ත් JVP එකේ හිටපු උන්ගේ ප්‍රධානම කතිකයා සෑහෙන කාලයක් .
    එලියට ආවෙත් විකල්ප JVP කියලා කෑල්ලක් හදාගෙන සෙට් එකක් එක්ක .
    සමහරු කියන විදියට JVP එකේ ඉන්නේ හරි හොද , රටට ආදරේ , හොර බොරු නැති , දුෂිත නැති උන් කිව්වට ඒවා එහෙම නෙවෙයි .

    එහෙනම් මොන පැත්තට පැන්නත් ජෙප්පෝ හොද වෙන්න ඕනේ . එහෙම නෑ .
    බලය ලැබුනම උන්ගේ ඇත්ත තත්වේ එලියට එනව . විමල් විරවංශ හොද උදාහරණයක් . ඌ දිහා බලලවත් බොරුවට ජෙප්පෝ වෙනුවෙන් මහල ඇදගන්නේ නැතුව හිටියනම් ඇති .

    ජෙප්පෝ කියන්නෙත් අනිත් උන් වගේම ඕන බොරුවක් කියලා මිනිස්සු අන්දලා බලයට එන්න දගලන සෙට් එකක් තමයි . උන්ගේ ඇත්ත හැටි උන් ආවට පස්සේ බලාගන්න පුලුවන් . දැනටම ටික ටික එලියට එනව සමහර උන්ගෙන් .
    එහෙම දූෂණ වංචා තියෙනවා නන් අනිත් පක්ෂ වල උන්ට නඩු දාන්න පුලුවන් නේ. උඹ හිතන් ඉන්නේ එහෙම තිබුණා නන් උන් අනිත් පක්ෂ වල උන් නිකන් ඉඳි ද? උඹ නේද ක්‍රිකට් tread දන්නේ. ඒවගේ හෙන logic.මාර කරුනු තියෙනවා.අන්න ඒ ලෙවෙල් එකෙන් දේශපානය ගැනත් හිතපං
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,678
    167,338
    113
    එකමත් එක රටක
    එහෙම දූෂණ වංචා තියෙනවා නන් අනිත් පක්ෂ වල උන්ට නඩු දාන්න පුලුවන් නේ. උඹ හිතන් ඉන්නේ එහෙම තිබුණා නන් උන් අනිත් පක්ෂ වල උන් නිකන් ඉඳි ද? උඹ නේද ක්‍රිකට් tread දන්නේ. ඒවගේ හෙන logic.මාර කරුනු තියෙනවා.අන්න ඒ ලෙවෙල් එකෙන් දේශපානය ගැනත් හිතපං
    විමල් විරවංශ ට චෝදනා ඕන තරම් තියෙන්නේ .