හඳේ ගස් හිටවමුද ?

ElaMalli

Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    හඳේ ගස් හිටවමුද ?

    ඕගොල්ලෝ දන්නවනේ,2019 ජනවාරි 3 වෙනිදා චීනය විසින් හඳේ Far side එකේ අභ්යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්සුවා.

    _105050483_moon_landings_640-nc.png


    ඉතින් මේක නිකන් ඉඳල නැහැ....කම්මැලි කමටත් එක්ක කපු ඇට ටිකක් දාල පැළවෙන්න කියල...මෙන්න මේක පලවෙලා... ඔය photo තියෙන්නේ පහලින්....චන්ද්ර පෘෂ්ඨය මත මිනිසුන් ජීව විද්යාත්මක වර්ධන පරීක්ෂණ සිදු කළ ප්රථම අවස්ථාව ලෙස මේක ලෝක(සහ හඳේ ) ඉතිහාසට එකතුවෙනවා.

    5c3dcd08bd77303b5339c314-750-375.jpg



    canister used to grow plants on the moon

    5c3dd260d4beaf31e66cad95-750-884.jpg


    කපු විතරක් නෙමෙයි ..අර්තාපල්,rapeseed oil සහ වෙනත් ශාක වර්ග(ඔක්සිජන්, ආහාර සහ තෙල් නිපදවිය හැකි) අරන් ගිහින් තියනවා පැල කරන්න කියල....

    මෙම ශාක තෝරා ගනු ලැබුවේ ප්‍රදාන හේතු කීපයක් නිසා
    1.ප්‍රමාණයෙන් කුඩා වීම ,
    2.අධික උෂ්ණත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව
    3.විකිරණවලට ඔරොත්තු දීමේ හැකියාව

    දැන් තමයි වැදගත්ම දේ...මෙහි අරමුණ කුමක්ද ?

    1. ගගන ගාමීන් පෝෂණය කිරීමට සහ අනෙකුත් අවශ්‍යතාවයන් සඳහා.උදහරනෙක ගමු අඟහරු ගමන.අඟහරු වලට කොළඹ ඉඳන් යන්න අවරුදු කීපයක්ම ගතවෙනවා..ඉතින් මගදී තව කෑම stock කරගන්න ඕන උනොත් හඳට detour එකක් දාල යන්න තමයි තියෙන්නේ

    2. අනෙක තමයි ගුරුත්වාකර්ෂණය අඩු, වැඩි විකිරණ සහ ස්වභාවික ආලෝකකරණ තත්වයන් තුල ශාකවල වර්ධනය ඉගෙන ගැනීමට(මට නම් පෙන්නේ මුන් nuclear war එකකට ලස්තිවෙනවා වගේ).


    China's Yutu-2 rover, part of its Chang'e 4 lunar mission

    5c2f3f8ebd77304d21184b95-750-750.jpg



    හරි ඔය ඇති ...මෙ ටික කෙටුවේ morning tea break එකේ.... මම යනවා...හෙටත් පුළුවන් උනොත් හමු වෙමු....



     

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    උන් හදේ පැළ හිටවනකොට අපිත් මල් පෝච්චියේවත් පැළයක් හිටවමු. 🌙 🌳
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සමහර විට පිටසක්වල ජීවියොත් පෘථිවියට ඇවිල්ල ගස් පැල කලාද දන්නෑ :love:
     

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    සමහර විට පිටසක්වල ජීවියොත් පෘථිවියට ඇවිල්ල ගස් පැල කලාද දන්නෑ :love:

    ඔව්..මුලින්ම හිටවල තියෙන්නේ නිදි කුම්බ ගහක්...ලංකාවේ තමයි හිටවල තියෙන්නේ
     

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63


    Good one...me tike Honda thread tikkak danawa neda...



    Ela malli

    සමහර විට පිටසක්වල ජීවියොත් පෘථිවියට ඇවිල්ල ගස් පැල කලාද දන්නෑ :love:

    22.gif


    පට්ට...!!.


    Thanks for reps Gents...
     

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    Oka Loku wei da dan?

    තොල කට වේලෙන ප්‍රශ්න අහන්න එපා බන්...ලොල්

    බලමු චීන්නු මොකාටද එන්න හදන්නේ කියල..
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    උන් ඒව පැලකරල තියෙන්නෙ හදේද නැත්නම් යානය ඇතුලෙද මචන්:confused:
     
    Last edited:
    • Like
    Reactions: jcj

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    තොල කට වේලෙන ප්‍රශ්න අහන්න එපා බන්...ලොල්

    බලමු චීන්නු මොකාටද එන්න හදන්නේ කියල..

    Naha ithin gahak hadala loku wenna epai oxygen labennai, gedi hadennai ekai. Naththan wadak thiyanawada?:confused: