හම්බන්තොට ජනපති

waligamaya

Well-known member
  • හම්බන්තොට ජනපති

    ප්රතිවාදී අපේක්ෂකයාගේ ජීවමාන ඩමියක් දක්කාගෙන ඡන්දපොළට යාමට තරම් පහත් මානසිකත්වයකින් පෙලෙන්නකු පැරදුන විට නොව පැරදීගෙන එන විට හිමිදිරියේ ම නිල නිවසින් පිට වන්නේ නිල ප්රතිඵලයට මුහුණදීමට ආත්ම ශක්තිය නොමැති හීනමානය නිසා මිස එක රැයින් සිදුවූ අධ්යා්ත්මික පෙරළියකින් උපන් මහත්මා ගුණයක් නිසා විය හැකි ද? මින් පෙර ජනපතිවරණය ජයගෙන ප්රතිවාදියාගෙන් අසීමිතව පලි ගනිද්දී මුණිවත රැක්කන් සහ උදාසීනව කණගාටු වූවන්, මෙවර ඔහු හර්ද සාක්ෂියේ පීඩාවෙන් හැර අන් කිසිදු පීඩාවකින් තොරව ධුරයෙන් නික්ම යද්දී මෙතරම් විශාදයට පත්ව තිබීම අතිශයින් ම හාස්යනජනක ය. එකළ යුධ ජයග්රහණය සාමූහික වෑයමක් බව කියූ ඔව්හු මෙකල එය හිටපු ජනපතිවරයා ත්ර්ස්තවාදී නායකයා සමග මුහුණට මුහුණ කළ ද්වන්ධ සටනකින් ජය ගත් සේ හගිති. ප්රජාතාන්ත්රික ක්රමය යටතේ ජන බලයෙන් තේරී පත් වූ පාලකයෙකු ට රාජ්යජත්වය ආරෝපණය කොට ඔහු ඉදිරියේ හතර ගාතයෙන් වැටී හූල්ලන්නේ වැඩවසම්, වහල් මානසිකත්වයෙන් පෙලෙන්නෝ ය. එසේ රාජ්යත්වයෙන් උමතු කරවූ පාලකයා ස්වේච්චාවෙන් ළං කොට රැක ගත් බාලයන් පිට වරද පටවා තවදුරටත් ඔහු සුද්දවන්තයෙකු කරන්නෝ ද මේ ගැත්තෝ ය. වර්ගවාදය අවුළුවා සුළු ජාතික කැමැත්ත අහිමි කරගෙන යාපනේ හමුදා කඳවුරු වලට ගල් ගසා ඊලාම් කොඩිය ඔසවන හැටි හීන මවමින් සිතියම් පාට කර ඊලම තනා දෙන්නෝ ද මේ ගෝත්රිකයෝ ය. අසූචි වලක සුලැඟිල්ල ඔබාගෙන කිරි කලයට වැටෙන ගොම බිංදු ගනින්නෝ ද මේ අමනයෝ ය.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේවා නොතේරෙන අලුගුත්තෙරුවෝ ඉන්නේ බන් සිංහලයින්ගෙන් 50% ක් විතර
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    14858265931965481871basil1.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කුඩු කන්ටේනටර් එතනෝල් ගෙනල්ල මේ රටේ කොල්ලො කෙල්ලන්ට පොවල උන්ගේ අනාගතේ විනාශ වෙනකොට නොදැනුනු දුකක් බාල පෝර ගෙනල්ල රජර්ට අහිංසක මිනිසුන් වකුගඩු දියවෙලා මැරනකොට නොදෙනුනු දුකක් සංවර්ධනය මුවාවෙන් මේ රටේ ජාතික ධනය හොරා කනකොට නොදෙනුනු දුකක් මහින්ද මහත්තය පරාද උනාම මුන්ට දැනෙන්නේ. මහින්ද මහත්තය නම්බුකාර විදියට පරාජය බාර ගත්තා. පරාජය පිළිගන්න නොහැකිව එළකිරියේ ජාතිවදය අවුස්සමින් කිඹුල් කදුළු හලන්න එපා. අමතක කරන්න එපා මෛත්‍රී මහත්තයා ජයග්‍රහනය කලේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් චන්ද ලක්ෂ 62 කට වැඩි ප්‍රමානයකින්.
     
    මින් පෙර ජනපතිවරණය ජයගෙන ප්රතිවාදියාගෙන් අසීමිතව පලි ගනිද්දී මුණිවත රැක්කන් සහ උදාසීනව කණගාටු වූවන්, මෙවර ඔහු හර්ද සාක්ෂියේ පීඩාවෙන් හැර අන් කිසිදු පීඩාවකින් තොරව ධුරයෙන් නික්ම යද්දී මෙතරම් විශාදයට පත්ව තිබීම අතිශයින් ම හාස්යනජනක ය.
    වර්ගවාදය අවුළුවා සුළු ජාතික කැමැත්ත අහිමි කරගෙන යාපනේ හමුදා කඳවුරු වලට ගල් ගසා ඊලාම් කොඩිය ඔසවන හැටි හීන මවමින් සිතියම් පාට කර ඊලම තනා දෙන්නෝ ද මේ ගෝත්රිකයෝ ය.


    මෙන්න වැන්දා!