~~~ හමුදාවේ නිලතල දන්නවාද ~~~
සන්නද්ධ හමුදාවක සාමාජිකයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි,
නිලධාරීන් (Officers)සහ
සෙසු නිලයන් (Other Ranks)වශයෙන්.
කෙටි යෙදුම (Offrs / ORs)
හමුදාවේ නිලධාරීන් ඔවුන්ගේ නිලය අනුව ප්‍රධාන වර්ග තුනකට බෙදනවා.
කනිෂ්ට නිලධාරීන්. (Subaltern Officers)
ක්ෂේත්‍ර නිලධාරීන් (Field Officers) සහ
ප්‍රධාන (මහ) නිලධාරීන් (General Officers) වශයෙන්.
කණිෂ්ට නිලධාරීන් (Subaltern Officers) ගණයට වැටෙන්නේ, 2/ලුතිතන්, ලුතිතන්, කපිතන්, කියන නිළ තුනයි. (2nd Lieutenant, Lieutenant, Captain)
ක්ෂේත්‍ර නිලධාරි (Field Officers) කියන ගණයට වැටෙන්නේ, මේජර්, ලුතිතන් කර්නල්, කර්නල්, යන නිළ තුනයි. (Major, Lieutenant Colonel, Colonel)
ප්‍රධාන (මහ) නිලධාරීන් (General Officers) වන්නේ, බ්‍රිගේඩියර්, මේජර් ජෙනරල්, ලුතිතන් ජෙනරල්, ජෙනරල්, යන නිළ හතරයි. (Brigadier, Major General, Lieutenant General, General)
නාවික හමුදාව සහ ගුවන් හමුදාව සම්බන්ධයෙන්ද එම තත්වය බොහෝ දුරට එසේමයි.
සෑම සන්නද්ධ සේවයකටම අලුතෙන්ම බැඳෙන ආධුනික නිලධාරීන් හඳුන්වන්නේ කැඩෙට් නිළධාරීන් (Officer Cadets) කියායි. මොවුන් අධිකාරියට පත්කරනතුරු ‘නිලධාරි’ (Officer) නමැති වර්ගීකරණයට වැටෙන්නේ නැහැ. ඒ නිසාත්, ඔබට ඔවුන් සාමාන්‍ය සමාජයේදී දකින්නට නොලැබෙන නිසාත්, ඔවුන්ගේ නිල ලාංඡන ගැන කතා නොකර මා ඔබට පෙන්වන්නේ අධිකාරි ලත් නිලධාරීන්ගේ (Commissioned Officers) ලාංඡන පමණයි. මුලින්ම බලමු යුද හමුදා නිලධාරීන්ගේ ලාංඡන. මේ ලාංඡන පිළිබඳව විශේෂ කරුණක් සඳහන් කල යුතුයි. මෙහි දැක්වෙන ත්‍රිවිධ හමුදා ලාංඡන මීට වඩා ඉතා අලංකාරයි. . මෙහි දැක්වෙන ත්‍රිවිධ හමුදා ලාංඡන දක්වා තිබෙන්නේ ඒවා පළඳින නිල ඇඳුමේ උරහිසේ ඇති රෙදි පටිය ද සහිතවයි. (එය හඳුන්වන්නේ ඇපලට් Epulette යන නමින්) යුද හමුදාවේ ඇපලට් එක හමුදා නිල ඇඳුමේ තිබෙන කොළපාටින් තිබිය යුතු බවත්, එම ලාංඡන, රිදී, රත්රන්, ක්‍රෝම් හෝ කළු පැහැයෙන් තිබිය යුතු බවත්, මතක තබාගන්න. එක් එක් නිලය හඳුන්වන නම් පැහැදිලි මදිනම් ඒ රූපය මත ‘ක්ලික්’ කර රූපය විශාල කර බලන්න. පිලිවෙලින් යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව දක්වා තිබෙන්නේ හමුදා ජ්‍යෙෂ්ඨතාවය අනුවයි. එසේම ත්‍රිවිධ හමුදාවේ එක් එක් නිලයට සමාන නිලය බලාගැනීමටත් එයින් ඔබට පහසු වනවා ඇතැයි සිතනවා. සෑම විටම අංක 1 යොදා තිබෙන්නේ පහලම නිලයට බවද මතක තබාගන්න.
ඉහත දැක්වෙන රූප සටහන් තුන දෙස හොඳින් බැලුවොත්, ඔබට පෙනෙනවා ඇති, යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ නිලධාරීන් නිල 10 කට අයත් වන අතර, නාවික හමුදාවේ නිලධාරීන් අයත් වන්නේ නිල 9 කට පමණක් බව. එයට හේතුව මෙයයි. යුද හමුදාවේ 2 වැනි ලුතිතන් තනතුරට හෝ ගුවන් හමුදාවේ නියමු නිලධාරි තනතුරට හෝ සමාන නිලයක් නාවික හමුදාවේ නැහැ. නාවික හමුදාවේ උප ලුතිතන් සමාන වන්නේ යුද හමුදාවේ ලුතිතන් සහ ගුවන් හමුදාවේ පියාසර නිලධාරි නිලයටයි. ඒ නිසා ඉහත රූප සටහන් බැලීමේදී, නාවික හමුදාවේ අංක 1 සමාන වන්නේ යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ අංක 2 ට බව මතක තබාගන්න.
පොලීසියේ නිළ පිළිබඳවත් රූප සටහනක්
ඔබ දැක ඇති යුද හමුදාවේ නිලධාරීන් මෙන්ම සමහර සෙසු නිලයන්ද යෂ්ටියක් (Batton) පාවිච්චි කරන බව. නිලධාරීන් සියලු දෙනාම සාමාන්‍ය රාජකාරි නිළ ඇඳුමෙන් සිටිනවිට යෂ්ටිය දැරිය යුතුයි. සෙසු නිලයන් අතරින් යෂ්ටිය දරන ප්‍රධාන නිලයා වන්නේ බල ඇණියක රෙජිමේන්තු සැරයන් මේජර් වරයායි. (Regimental Sergeant Major – RSM) ත්‍රිවිධ හමුදාවේම එම නිලයට සමාන නිලයන් එසේ යෂ්ටියක් පාවිච්චි කරන අතර එය තමයි හමුදා නිලයකු විසින් පාවිච්චි කරන විශාලතම යෂ්ටිය. එය අඟල් 1 1/2 ක පමණ විෂ්කම්බයකින් යුක්ත වන අතර අඩි 3 1/2 ක් පමණ දිගයි. එය හඳුන්වන්නේ කේන් මලයා (මලයා කියන්නේ මල්ලි නෙවෙයි මලයාව කියන රට) යන නමින්.
මෙය උපුටා ගැනීමකි .
වටිනා ලිපියක් නිසා බෙදා ගන්ට හිතුන .
වැඩි පුර දැනගැනීමට .
https://jangun.wordpress.com/2012/07/20/ඔයා-බ්‍රිගේඩියර්-ද-කමඩෝර/
https://jangun.wordpress.com/2012/07/27/ඔයා-බ්‍රිගේඩියර්-ද-කමඩෝර-2/
https://jangun.wordpress.com.

++++