දෝදුද යන අය ඉන්නවා බං. ඔයාගෙ circle එකේ නැති උනාට.
ලංකාවේ 2025 වැඩිම පත්වීම් ගුරුවරු .
දැන් development officers ළට teaching දෙන සීන් එකක් තියනවා. 2022 ධි එහෙම සෙට් එකකට එක පාර දුන්නා.![]()
දැනට ගුරු පත්වීම් දෙන එකට නඩුවක් යනවා , සංවර්ධන නිලදාරීන් ඉල්ලනවා බඳවා ගැනීමේ විභාගයක් නැතුව ගුරුපත්වීම් දෙන්න කියලා
ඔතන ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ , ගොටගේ කාලේ සංවර්ධන නිලදාරීන් කියලා බන්දවගත්ත අය පාසල් වලට දැම්මම , උන් වෙනම නමක් හදාගත්තා පාසල් සංවර්ධන නිලදාරීන් කියලා (මම දන්නා තරමට නම් එහෙම තනතුරක් නෑ )
ඔය ඉන්න අයගෙන් 99% ක් ම GAQ උපාදි කඩෙන් බාහිර උපාධි ගනිපු උන් , උන්ට උගන්වන්න දෙන්න විෂයන් පුරප්පාඩු නෑ , මොකද උන්ට ගොඩක් විෂයන් උගන්වන්න බෑ ඒවා ගැන දැනුමක් නැති නිසා , බහුතරයක් දැනටත් ඉස්කෝලවල කරන්නේ ගුරුවරයෙක් නිවාඩු දවසට ඒ පන්තියට ගිහින් නිවාඩු ගුරුවරයා දීපු පැවරුම කරවනවා වගේ වැඩ , මල්පාත්ති කම්කරුවන් ලවා සකස් කරනවා , පින්සිපල්ගේ ඔෆිස් එකේ මොනවා හරි පොඩි පොඩි වැඩ වගේ වැඩ තමයි කරන්නේ ,
ලොකුම ප්‍රශ්නේ තමයි , ගුරුවරුන්ට අදාල වන ගුරුසේවා විවස්ථාවේ තියෙන බඳවා ගැනීමේ පටිපාටිය අනුව ගුරුපත්වීමක් දෙනවනම් , අනිවාර්යයෙන්ම බඳවා ගැනීමේ විභාගයක් තියලා ඒකෙන් පාස් වන අය තමයි ගුරුවරු විදියට පත්වීම් දෙන්නේ , මම දැක්කා දකුණු පළාතේ බඳවා ගැනීමේ විභාගය පාස් උන සෞන්ධර්ය උපාදිධාරීන්ට ප්‍රයෝගික පරික්ෂනයකුත් තියලා ඒකෙන් පාස් වෙන අය තමයි සෞන්ධර්ය ගුරුවරු විදියට බඳවාගෙන තිබුනේ , ඒ කියන්නේ නැටුම් උපාධිය තිබුනට ඇත්තටම නටන්න පුලුවන්ද කියලා බලලා තමයි ගුරු පත්වීම් දුන්නේ
දැන් මේ පාසල් සංවර්ධන නිලදාරීන් කියනවා , ගුරුවරුන්ට අදාල වන ගුරුසේවා විවස්ථාවේ තියෙන බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංගනය කරලා , බඳවා ගැනීමේ විභාගයක් නැතුව ගුරුපත්වීම් දෙන්න කියලා
උන් එහෙම කියන්නේ උන්ට ඔය විභාගේ මලාට පාස් වෙන්න බැරි නිසා , ගිය ආණ්ඩුවෙන් නමට විතරක් විභාගයක් තියලා පත්වීම් දෙන්න හැදුවා මුන් එකටත් බෑ කියලා උද්ගෝෂණ කරා
GAQ උපාදි කඩෙන් බාහිර උපාධිය අවුරුදු 10ක් විතර දඟලලා ගනිපු උන් විතරයි දැන් ගුරුසේවයට එන්න දඟලන්නේ , කැම්පස් ගියපු එවුන් දැන් ගුරුසේවයට එන්නේ නෑ , මොකද ලැබෙන පඩිය මදි නිසා, තව ටික දවසක් යනකොට ඉස්කෝලවල විද්‍යා ගණිත විෂයන් AL වලට උගන්වන්න උපාධිධාරී ගුරුවරු හොයාගන්න අමාරු වේවි , ගොඩක් විද්‍යා ගණිත උපාධිධාරී උන් දැන් ගුරුසේවයෙන් අස්වෙලා යන වා
කොටින්ම සවුන්ධාර්ය උපාධි උන් වත් ගුරුසේවයට එන්නේ නෑ
දකුණු පළාත් චිත්‍ර ගුරුවරුන් බඳවාගැනීම සවුන්ධාර්ය උපාධි තියන උන් එන්නේ නැති නිසා , අපොස උසස් පෙළ විභාගයේදී චිත්‍ර විෂය සඳහා A සාමාර්ථයක් හෝ B සාමාර්ථයක් සහිතව පිළිගත් විශ්ව විද්‍යාලයකින් ඕනෑම උපාධියක් ලබා තිබෙන කෙනක්ට අයදුම් කරන්න පුළුවන් කියලා
නිකමට හොයලා බලපන්කො නෙලුම් පොකුණ එහා පැත්තේ තියෙන සවුන්ධාර්ය විශ්වවිධ්යාලයෙන් චිත්‍ර උපාධි තියෙන එවුන් හොල්සේ එකේ එලියට එනවා නමුත් උන් එන්නේ නෑ ගුරුසේවයට, මොකද හරිහමන් වැටුපක් ( 37835/= )නැති නිසා
ඔන්න ඔය පහල තියෙන්නේ එකට අදාල චක්‍රලේකය
https://www.edumin.sp.gov.lk/attachments/2024/2024-07-06.pdf
දැනට උපාධියක් තියෙන කොල්ලෝ අලුතින් ගුරු සේවයට එන්නේ නෑ , විද්‍යා ගණිත වගේ උපාධි තියෙන ගැහැණු අයවත් අලුතින් ගුරු සේවයට එන්නේ නෑ , එහෙම එන්නේ ඉතාමත් සීමිත පිරිසක් ඒ අය වෙන කිසිම රැකියාවකට යන්න තරම් කුසලතාවයක් නැති අය, (මම මේ උපාධිධාරීන් කියලා හඳුන්වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් අභ්‍යන්තර උපාදියක් ගත අය , නැතිව බාහිර උපාධි හෝ GAQ ගැන නෙවෙයි )
Last edited:
