හමුදා ඇඳුම ගලවා දේශපාලනයට ආවේ යළි හමුදාප&#3501

laknews

Member
Nov 16, 2009
94
1
0
හමුදා ඇඳුම ගලවා දේශපාලනයට ආවේ යළි හමුදාප&#3501

හමුදා ඇඳුම ගලවා දේශපාලනයට ආවේ යළි හමුදාපතිගේ රාජකාරිය කරන්නට නොවේ: කිසිදිනෙක ජනවරම හෑල්ලූවට ලක් කරන්නේ නෑ -පොදු අපේක්‍ෂක ජෙනරාල් ෆොන්සේකා

3466uqr.jpg

තමන් රාජකාරී හමුදා ඇඳුම ගලවා දේශපාලනයට ආවේ හමුදා රාජකාරිය කරන්නට නොවන බවත් රාජ්‍ය නායකයා වන්නට ජනතාව දෙන එම ජන වරම දෙන්නේ ආපසු හමුදාපතිගේ රාජකාරිය කරන්නට නොවන නිසා තමා ජනතාව ලබාදෙන ජනවරම හෑල්ලූවට ලක් කරන්නේ නැති බවත් ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂක හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඔහු එසේ කීවේ අද රාත‍්‍රියේ කොළඹ පැවැති ජාතික නීතීඥ සංගමයේ නිලවරණයේ විශේෂ අමුත්තා ලෙස සහභාගී වෙමිනි. මෙම උත්සවයට පැමිණි සිටි එක් දහස් පන්සියයක් පමණ වූ නීතිඥයයන්ගෙන් එක් අයෙක් ඔබ ජනාධිපති වුවහොත් හමුදා පාලකයෙකු සේ රට පාලනය කරන්නේදැයි ඇසූ පැනයකට පිළිතුරු ලෙස ෆොන්සේකා මහතා ඉහත ප‍්‍රකාශය කෙළේය.

2s7e52v.jpg

ජාතික නීතීඥ සංගමයේ අද පැවැති මෙම නිලවරණයේදී සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ නීතීඥ උපුල් ජයසූරිය මහතාත් ලේකම් ලෙස ගුණරත්න වන්නිනායක මහතාත් තේරී පත් වූහ. මෙම උත්සවයට පාර්ලිමේන්තු මන්ත‍්‍රී, පාර්ලිමේන්තුවේ හිටපු කෝප් කමිටුවේ සභාපති ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්‍ෂ මහතා පැමිණ ජාතික නීතීඥ සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම විශේෂත්වයක් විය.

රාත‍්‍රී 8.15 ට පමණ මෙම උත්සවයට සහභාගී වූ ෆොන්සේකා මහතා තමන් යුධ මානසිකත්වයෙන් ඉවත්ව සිවිල් සමාජයට පැමිණ මෙවන් කණ්ඩායමකට දේශපාලන මානසිකත්වයකින් කරන පළමු ඇමතීම නිසා මෙම දිනය කවදාවත් අමතක නොවන බවද පැවසීය.

9qda9g.jpg

යුද්ධය දිනූ නමුත්් කිහිප දෙනෙකු විසින් රටපුරා භීෂණයක් පවත්වාගෙන යන බවත් රටේ නීතියක් නැති තත්ත්වයකට පත් කර ඇති බව දැකීමෙන් පසු කලකිරීමක් ඇති වූ බවත්, රටේ බොහෝ දේශපාලන කණ්ඩායම් පැමිණ මෙම තත්ත්වයෙන් රට මුදා ගත යුතුබව කී අතර රටේ දූෂණ වංචා, අස්ථාවර භාවය, දේශය විනාශ කිරීම, මාධ්‍ය නිදහස සුරැුකීම, විධායක බලතල අහෝසි කිරීම ආදී කරුණු කාරනා රැසකට නායකත්වය දීමට තමන් පැමිණි බවත් ෆොන්සේකා මහතා කීය.

ජනතාව මෙම කාරණා සඳහා ජන වරමක් දුනහොත් හමුදාවේ සිටියදී තම රාජකාරිය නිවැරදිව ඉටු කළා සේ ජනතාව විසින් පවරන එම කාර්යයද ඩියුටියක් සේ සලකා අකුරට ඉටු කරන බවත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

13zsua1.jpg

ඉදිරියේදී ජනතාවත් සමග එකතු වී රටට සේවය කිරීමෙන් තමන් සතුටක් ලබන බවද හිටපු හමුදාපති, ත‍්‍රිවිධ හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී විපක්‍ෂයේ වත්මන් පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් කීය.

ජායාරූප අනුග්‍රහය :- Daily Mirror

Source :- http://wp.me/pI5Gy-4a
 
  • Like
Reactions: urajdrlk

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    :lol::lol:He Heee...Mans hithan inne mahinda eyaata dinanna deela ohe nikan balaa indee kiyalada danne ..hiks

    මහින්දට ඇත්තටම දැන් ජනවරමක් හරි ජනමතයක් හරි තියද........?
    එජාපෙන් පැනපු අයයි ජවිපෙ විමල්ගෙ සෙට් එකයිනෙ දැන් මහින්දත් එක්ක ඉන්නෙ....
     
    SHARINGAN

    Member
    Aug 11, 2009
    1,263
    42
    0
    Ambalantota
    මහින්දට ඇත්තටම දැන් ජනවරමක් හරි ජනමතයක් හරි තියද........?
    එජාපෙන් පැනපු අයයි ජවිපෙ විමල්ගෙ සෙට් එකයිනෙ දැන් මහින්දත් එක්ක ඉන්නෙ....

    Machan.. umbala hithan inne Sarath enakan api balan idi kiyalada :lol::lol:

    Eliyata bahala balapan aththa thathwe
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Machan.. umbala hithan inne Sarath enakan api balan idi kiyalada :lol::lol:

    Eliyata bahala balapan aththa thathwe

    මිනිස්සුත් එක්ක තමා යාලුවා අපි ඉන්නේ.....
    මිනිස්සුන්ට SF ගැන අවුලක් තියනවා එ SF දිනුවොත් රනිල් ගැන මොනවගේ තිරණයක් ගනිද කියන එක......
    එ වගෙම මිනිස්සුන්ට අවුලක් තියනව මහින්දගෙ පවුලම එකතුවෙල කොමිස් ගහන එක නවතින්නෙ කොතනින්ද කියල....
    .
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    එළියට බැහැලා බැලුවම නම් සරත් ෆොන්සේක ජෙනරල් තුම ඉදිරියෙන් ඉන්නවා
    2005 ජනාධිපති වරණයට එ.ජා‍.පෙට ඡන්දය දැම්ම සුළුතරයක් හැර අනිත් අය සියල්ලම සරත්ට... නමුත් සන්ධානේට ‍එහේමද? ‍
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    37
    ඩොටේ
    මහින්දට ඇත්තටම දැන් ජනවරමක් හරි ජනමතයක් හරි තියද........?
    එජාපෙන් පැනපු අයයි ජවිපෙ විමල්ගෙ සෙට් එකයිනෙ දැන් මහින්දත් එක්ක ඉන්නෙ....

    Patta kathaaawa!!!!:yes::yes::yes::rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes:
    107.gif
    107.gif
    107.gif
    107.gif
    107.gif

    lankawin

    Member
    Nov 28, 2009
    63
    2
    0
    me wage eunta mona dashapalaneda

    හමුදා ඇඳුම ගලවා දේශපාලනයට ආවේ යළි හමුදාපතිගේ රාජකාරිය කරන්නට නොවේ: කිසිදිනෙක ජනවරම හෑල්ලූවට ලක් කරන්නේ නෑ -පොදු අපේක්‍ෂක ජෙනරාල් ෆොන්සේකා

    3466uqr.jpg

    තමන් රාජකාරී හමුදා ඇඳුම ගලවා දේශපාලනයට ආවේ හමුදා රාජකාරිය කරන්නට නොවන බවත් රාජ්‍ය නායකයා වන්නට ජනතාව දෙන එම ජන වරම දෙන්නේ ආපසු හමුදාපතිගේ රාජකාරිය කරන්නට නොවන නිසා තමා ජනතාව ලබාදෙන ජනවරම හෑල්ලූවට ලක් කරන්නේ නැති බවත් ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂක හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

    ඔහු එසේ කීවේ අද රාත‍්‍රියේ කොළඹ පැවැති ජාතික නීතීඥ සංගමයේ නිලවරණයේ විශේෂ අමුත්තා ලෙස සහභාගී වෙමිනි. මෙම උත්සවයට පැමිණි සිටි එක් දහස් පන්සියයක් පමණ වූ නීතිඥයයන්ගෙන් එක් අයෙක් ඔබ ජනාධිපති වුවහොත් හමුදා පාලකයෙකු සේ රට පාලනය කරන්නේදැයි ඇසූ පැනයකට පිළිතුරු ලෙස ෆොන්සේකා මහතා ඉහත ප‍්‍රකාශය කෙළේය.

    2s7e52v.jpg

    ජාතික නීතීඥ සංගමයේ අද පැවැති මෙම නිලවරණයේදී සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ නීතීඥ උපුල් ජයසූරිය මහතාත් ලේකම් ලෙස ගුණරත්න වන්නිනායක මහතාත් තේරී පත් වූහ. මෙම උත්සවයට පාර්ලිමේන්තු මන්ත‍්‍රී, පාර්ලිමේන්තුවේ හිටපු කෝප් කමිටුවේ සභාපති ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්‍ෂ මහතා පැමිණ ජාතික නීතීඥ සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම විශේෂත්වයක් විය.

    රාත‍්‍රී 8.15 ට පමණ මෙම උත්සවයට සහභාගී වූ ෆොන්සේකා මහතා තමන් යුධ මානසිකත්වයෙන් ඉවත්ව සිවිල් සමාජයට පැමිණ මෙවන් කණ්ඩායමකට දේශපාලන මානසිකත්වයකින් කරන පළමු ඇමතීම නිසා මෙම දිනය කවදාවත් අමතක නොවන බවද පැවසීය.

    9qda9g.jpg

    යුද්ධය දිනූ නමුත්් කිහිප දෙනෙකු විසින් රටපුරා භීෂණයක් පවත්වාගෙන යන බවත් රටේ නීතියක් නැති තත්ත්වයකට පත් කර ඇති බව දැකීමෙන් පසු කලකිරීමක් ඇති වූ බවත්, රටේ බොහෝ දේශපාලන කණ්ඩායම් පැමිණ මෙම තත්ත්වයෙන් රට මුදා ගත යුතුබව කී අතර රටේ දූෂණ වංචා, අස්ථාවර භාවය, දේශය විනාශ කිරීම, මාධ්‍ය නිදහස සුරැුකීම, විධායක බලතල අහෝසි කිරීම ආදී කරුණු කාරනා රැසකට නායකත්වය දීමට තමන් පැමිණි බවත් ෆොන්සේකා මහතා කීය.

    ජනතාව මෙම කාරණා සඳහා ජන වරමක් දුනහොත් හමුදාවේ සිටියදී තම රාජකාරිය නිවැරදිව ඉටු කළා සේ ජනතාව විසින් පවරන එම කාර්යයද ඩියුටියක් සේ සලකා අකුරට ඉටු කරන බවත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

    13zsua1.jpg

    ඉදිරියේදී ජනතාවත් සමග එකතු වී රටට සේවය කිරීමෙන් තමන් සතුටක් ලබන බවද හිටපු හමුදාපති, ත‍්‍රිවිධ හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී විපක්‍ෂයේ වත්මන් පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් කීය.

    ජායාරූප අනුග්‍රහය :- Daily Mirror

    Source :- http://wp.me/pI5Gy-4a

    :no::no::no::no:
    me wage euntada api chanda danna yanna !!poddak chanda danna yanna kalin 2pparak hithala balanna