හමුදා ඇඳුම ගලවා දේශපාලනයට ආවේ යළි හමුදාපත
තමන් රාජකාරී හමුදා ඇඳුම ගලවා දේශපාලනයට ආවේ හමුදා රාජකාරිය කරන්නට නොවන බවත් රාජ්‍ය නායකයා වන්නට ජනතාව දෙන එම ජන වරම දෙන්නේ ආපසු හමුදාපතිගේ රාජකාරිය කරන්නට නොවන නිසා තමා ජනතාව ලබාදෙන ජනවරම හෑල්ලූවට ලක් කරන්නේ නැති බවත් ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඔහු එසේ කීවේ අද රාත්‍රියේ කොළඹ පැවැති ජාතික නීතීඥ සංගමයේ නිලවරණයේ විශේෂ අමුත්තා ලෙස සහභාගී වෙමිනි. මෙම උත්සවයට පැමිණි සිටි එක් දහස් පන්සියයක් පමණ වූ නීතිඥයයන්ගෙන් එක් අයෙක් ඔබ ජනාධිපති වුවහොත් හමුදා පාලකයෙකු සේ රට පාලනය කරන්නේදැයි ඇසූ පැනයකට පිළිතුරු ලෙස ෆොන්සේකා මහතා ඉහත ප්‍රකාශය කෙළේය.
ජාතික නීතීඥ සංගමයේ අද පැවැති මෙම නිලවරණයේදී සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ නීතීඥ උපුල් ජයසූරිය මහතාත් ලේකම් ලෙස ගුණරත්න වන්නිනායක මහතාත් තේරී පත් වූහ. මෙම උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී, පාර්ලිමේන්තුවේ හිටපු කෝප් කමිටුවේ සභාපති ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පැමිණ ජාතික නීතීඥ සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම විශේෂත්වයක් විය.
රාත්‍රී 8.15 ට පමණ මෙම උත්සවයට සහභාගී වූ ෆොන්සේකා මහතා තමන් යුධ මානසිකත්වයෙන් ඉවත්ව සිවිල් සමාජයට පැමිණ මෙවන් කණ්ඩායමකට දේශපාලන මානසිකත්වයකින් කරන පළමු ඇමතීම නිසා මෙම දිනය කවදාවත් අමතක නොවන බවද පැවසීය.
යුද්ධය දිනූ නමුත්් කිහිප දෙනෙකු විසින් රටපුරා භීෂණයක් පවත්වාගෙන යන බවත් රටේ නීතියක් නැති තත්ත්වයකට පත් කර ඇති බව දැකීමෙන් පසු කලකිරීමක් ඇති වූ බවත්, රටේ බොහෝ දේශපාලන කණ්ඩායම් පැමිණ මෙම තත්ත්වයෙන් රට මුදා ගත යුතුබව කී අතර රටේ දූෂණ වංචා, අස්ථාවර භාවය, දේශය විනාශ කිරීම, මාධ්‍ය නිදහස සුරැුකීම, විධායක බලතල අහෝසි කිරීම ආදී කරුණු කාරනා රැසකට නායකත්වය දීමට තමන් පැමිණි බවත් ෆොන්සේකා මහතා කීය.
ජනතාව මෙම කාරණා සඳහා ජන වරමක් දුනහොත් හමුදාවේ සිටියදී තම රාජකාරිය නිවැරදිව ඉටු කළා සේ ජනතාව විසින් පවරන එම කාර්යයද ඩියුටියක් සේ සලකා අකුරට ඉටු කරන බවත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඉදිරියේදී ජනතාවත් සමග එකතු වී රටට සේවය කිරීමෙන් තමන් සතුටක් ලබන බවද හිටපු හමුදාපති, ත්‍රිවිධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී විපක්ෂයේ වත්මන් පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් කීය.
ජායාරූප අනුග්‍රහය :- Daily Mirror
Source :- http://wp.me/pI5Gy-4a
හමුදා ඇඳුම ගලවා දේශපාලනයට ආවේ යළි හමුදාපතිගේ රාජකාරිය කරන්නට නොවේ: කිසිදිනෙක ජනවරම හෑල්ලූවට ලක් කරන්නේ නෑ -පොදු අපේක්ෂක ජෙනරාල් ෆොන්සේකා

eka tamai matath thiyena awla