හමුදා කඳවුරක් ඉදිරිපිට මහවිරු සැමරුමක්

Oct 3, 2008
1,723
437
0
හමුදා කඳවුරක් ඉදිරිපිට මහවිරු සැමරුමක්

යාපනය කෝපායි ප‍්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක් ඉදිරිපිට මාර්ගයේ අද (27) මහවිරු සැමරුමක් සිදුකෙරුණා.

ඒ, දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ෂිවාජිලිංගම්ගේ ප‍්‍රධානත්වයෙන්. එහිදී මන්ත‍්‍රීවරයා පැවසුවේ මහවිරු සතියේ අවසන් දින සැමරුම එය වන බවයි.

කෝපායි මහවිරු කනත්ත සමතලා කොට ඉදිකළ යුද හමුදා කඳවුර ඉදිරිපිට මාර්ගය ඒ සඳහා තෝරාගත් බව ඔහු කියා සිටියා.

යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සිහි කිරීමට උතුරේ ජනතාවට අයිතියක් පවතිනවා. එහෙයින් ඊට බාධා කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.


kopai-www.nethnews.lk001.jpg


kopai-www.nethnews.lk002.jpg


kopai-www.nethnews.lk006.jpg


මේ අතර යාපනය නල්ලූර් කෝවිල ආසන්නයේදී ද අද මහවිරු සැමරුමක් පැවැත්වුණා.

එහිදී මියගිය එල්.ටී.ටී.ඊ. නායකයින්ගේ ඡායාරූපවලට මල්මාලා පලඳවා පහන් දල්වා සැමරුම් සිදුකෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම අවස්ථාවට උතුරු පළාත් සභා මන්ත‍්‍රී ආනන්දි ශෂීදරන් ද එක්ව සිටියා.


Source - Neth News (2016-11-27)
 
Oct 3, 2008
1,723
437
0
කිලිනොච්චියේ මහවිරු සැමරුමට දෙදහසකට වැඩ&

කිලිනොච්චියේ මහවිරු සැමරුමට දෙදහසකට වැඩි පිරිසක්

කිලිනොච්චි නගරයේ අද (27) පස්වරුවේ පැවති මහවිරු සැමරුම සඳහා දෙදහසකට වැඩි පිරිසක් එක්ව සිටි බව නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවා.

කිලිනොචිචිය, කනගපුරම් හා මුලංකාවිල් ප‍්‍රදේශයන්ගේ පිහිටි මහවිරු සුසානයන් පිහිටි ස්ථානයන්ගේ කොඩි ඔසවා, අලංකාරවත් තොරණ ඉදිකරමින් මහවිරු සැමරුම් උත්සව පැවැත්වුණු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

එල්. ටී. ටී සංවිධානය ක‍්‍රියාකාරිව පැවති සමයේ නොවැම්බර් 21 වැනිදා සිට 27 වැනිදා දක්වා මහවිරු සතිය ලෙස නම්කොට තිබෙනවා.


kopai-www.nethnews.lk001-1.jpg


kopai-www.nethnews.lk002-1.jpg


kopai-www.nethnews.lk003.jpg


kopai-www.nethnews.lk004-1.jpg


kopai-www.nethnews.lk005.jpg


kopai-www.nethnews.lk007.jpg


kopai-www.nethnews.lk010.jpg
 

Grand Warden

Member
Aug 9, 2016
151
38
0

That’s called ” YAHAPALANAYA” for Politicians!

Dear All, don’t think these bloody fool politicians will create a good life for you or your children. They are looking after their families only. You are cheated by fool politicians. Be wise!
 
Oct 3, 2008
1,723
437
0
කිලිනොච්චියේ මහවිරු සොහොන් පූජනීය ස්ථාන

කිලිනොච්චියේ මහවිරු සොහොන් පූජනීය ස්ථාන කිරීමේ යෝජනාවකට අනුමැතිය


එල්.ටී.ටී.ඊ. සුසාන භූමි දෙකක් දෙමළ ජනතාවගේ ගෞරවයට පාත‍්‍රවන පූජනීය ස්ථාන දෙකක් බවට පත් කළ යුතුය යන යෝජනාවට කිලිනොච්චි සංවර්ධන කමිටුවේ අනුමැතිය ලැබී තිබෙනවා.

කිලිනොච්චියේ මුලංකාවල් හා කනකපුරම් ප‍්‍රදේශවල පිහිටි මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් මිහිදන් කර ඇති මහවිරු සුසාන භූමි මෙලෙස පූජනිය ස්ථාන බවට පත් කළ යුතු බවටයි යෝජනා වී ඇත්තේ.

මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රී ධරන් විසින්.

ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ දෙමළ ජනතාවගේ මිය ගිය ඥාතීන්ට ගෞරව දැක්වීමට ස්ථානයක් නොමැකි බවයි. එබැවින් එවැනි ස්ථානයක් නම් කළ යුතු බවටයි මන්ත‍්‍රිවරයා යෝජනා කර තිබුණේ.

මේ පිළිබඳ අදහස් දක්වා ඇති උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් ප‍්‍රකාශ කර ඇත්තේ සුසාන භූමි පිහිටි ඉඩම් සම්බන්ධ ගැටළු නිරාකරණය කර ඒ සම්බන්ධයෙන් තීරණ ගත හැකි බවයි.

එම ඉඩම් රජයේ ඉඩම් බව තහවුරු කර ගැනිමෙන් පසුවයි කිලිනොච්චි සංවර්ධන කමිටුව ඒ සඳහා අනුමැතිය ලබා දි ඇත්තේ.

sourcu - Neth News (2016-12-26)
 
  • Jan 21, 2012
    1,752
    348
    83
    කිලිනොච්චියේ මහවිරු සැමරුමට දෙදහසකට වැඩි පිරිසක්

    කිලිනොච්චි නගරයේ අද (27) පස්වරුවේ පැවති මහවිරු සැමරුම සඳහා දෙදහසකට වැඩි පිරිසක් එක්ව සිටි බව නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවා.

    කිලිනොචිචිය, කනගපුරම් හා මුලංකාවිල් ප‍්‍රදේශයන්ගේ පිහිටි මහවිරු සුසානයන් පිහිටි ස්ථානයන්ගේ කොඩි ඔසවා, අලංකාරවත් තොරණ ඉදිකරමින් මහවිරු සැමරුම් උත්සව පැවැත්වුණු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

    එල්. ටී. ටී සංවිධානය ක‍්‍රියාකාරිව පැවති සමයේ නොවැම්බර් 21 වැනිදා සිට 27 වැනිදා දක්වා මහවිරු සතිය ලෙස නම්කොට තිබෙනවා.


    kopai-www.nethnews.lk001-1.jpg


    kopai-www.nethnews.lk002-1.jpg


    kopai-www.nethnews.lk003.jpg


    kopai-www.nethnews.lk004-1.jpg


    kopai-www.nethnews.lk005.jpg


    kopai-www.nethnews.lk007.jpg


    kopai-www.nethnews.lk010.jpg


    මෙව කරන්නේ සල්ලි හම්බ කරන්න. මෙ ෆොටො රට ‍යැව්වම කොටි ඩයස්පොරවේ අම්බානකට සල්ලි හම්බ වෙනව
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේ කරපු තුප්පහි වැඩ වලට නම් ආයේ UNP එක කපේකට බලයට එන්නේ නැහැ.
    එත් තව අදින්න තියනවනේ අවුරුදු 3ක්. :(
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ කරපු තුප්පහි වැඩ වලට නම් ආයේ UNP එක කපේකට බලයට එන්නේ නැහැ.
    එත් තව අදින්න තියනවනේ අවුරුදු 3ක්. :(

    උඹ ලංකාවෙ එවුන් ගැන දන්නෙ නෑ. :rofl::rofl: ටික කාලයක් යනකොට ලංකාවෙ එවුන්ට ඔක්කොම අමතකයි.
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹ ලංකාවෙ එවුන් ගැන දන්නෙ නෑ. :rofl::rofl: ටික කාලයක් යනකොට ලංකාවෙ එවුන්ට ඔක්කොම අමතකයි.

    නැහැ බන් ඉස්සර තමිල්නාඩු ඒවා දානකොට මිනිස්සු හිනා උනා ජතිවදේ අවුස්සනවා කියලා. එත් මේ දැන් එළිපිටම කරනවා කියන්නේ ඉතින් කියල වැඩක් නැහැනේ. හිටංගේ නිදහස් පක්ෂෙට හරි UNP එකට හරි යේ බලේට එන්න චන්ද හම්බෙයි. මගේ රේප් කපලා තියන තුප්පහි දෙමළුන්ගෙන් නම්. මොනවා අමතක උනත් මිනිස්සුන්ට මේවා අමතක වෙන්නේ නැහැ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    නැහැ බන් ඉස්සර තමිල්නාඩු ඒවා දානකොට මිනිස්සු හිනා උනා ජතිවදේ අවුස්සනවා කියලා. එත් මේ දැන් එළිපිටම කරනවා කියන්නේ ඉතින් කියල වැඩක් නැහැනේ. හිටංගේ නිදහස් පක්ෂෙට හරි UNP එකට හරි යේ බලේට එන්න චන්ද හම්බෙයි. මගේ රේප් කපලා තියන තුප්පහි දෙමළුන්ගෙන් නම්. මොනවා අමතක උනත් මිනිස්සුන්ට මේවා අමතක වෙන්නේ නැහැ.

    ඔය ගූ ඇන් පී සෙට් එකත් දන්නවා බං ඕවා ඇත්ත කියලා..ඒ උනාට පිළිගන්නේ නෑ.. කැපුවත් කොළ ....

    ++++
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    මේ කරපු තුප්පහි වැඩ වලට නම් ආයේ UNP එක කපේකට බලයට එන්නේ නැහැ.
    එත් තව අදින්න තියනවනේ අවුරුදු 3ක්. :(

    :):yes:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    කොටි නැටිලි

    යුදමය වශයෙන් පරාජය කර වසර හයකට පසු උතුරේ නැවත වරක් එල්.ටී.ටී.ඊ ය අවදි වන ලකුණු පෙනෙන්නට ඇති බව ත‍්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව විශ්වාස කරයි
    මිට අදාළ තොරතුරු පොලිස් ත‍්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානී වැඩබලන නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට යොමු කරන ලද වාර්තාවක අන්තර්ගතය. කෙසේ නමුත් පොලිස් ත‍්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ අදහස් සමග වෙනත් විමර්ශන ආයතන එකඟව ඇති බවක් පෙනෙන්නට නැත.
    සන්ඬේ ටයිම්ස් හට ද දැකගන්නට හැකිවූ මෙම වාර්තාවට අනුව පසුගිය ජනවාරි 13 වැනිදා කිළිනොච්චියේ දී ත‍්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් වන තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. කරලාසිංහම් හෙවත් මාස්ටර්, ලූවිස් මාරියානයාකම් අජන්තන් හෙවත් ජානා සහ පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු වන තවේන්ද්‍රන් හෙවත් වෙන්ද්‍රන්, ඔවුහු තිදෙනාය.
    පොලිස් වාර්තාවට අනුව ඔවුන් තිදෙන අත්අඩංගුවට ගෙන ඇත්තේ එල්.ටී.ටී.ඊ සංවිධානය ප‍්‍රතිසංවිධානය කිරීමේ සහ ත‍්‍රස්ත කටයුතු වල යෙදී සිටියදීය. කුලේන්ද්‍රන්ගේ නිවසේ තිබී ක්ලේමෝ බෝම්බයක් සොයාගැනීමටත්, අජන්තන් අත තිබී සී 4 වර්ගයේ පුපුරන උපාංග සොයාගැනීමටත්, හැකිවූ බව වාර්තාවේ වැඩිදුරටත් සදහන් විය. මෙම පුපුරන ද්‍රව්‍ය යොදාගෙන යාපනයෙන් කිලෝමීටර 30 ක් දුරින් පිහිටි මාරුතකර්නි බලා යමින් සිටි ප‍්‍රභූවරයකු ඉලක්ක කර ප‍්‍රහාරයක් එල්ල කිරීම සැළැස්ම වී ඇත. එහෙත් වාර්තාවෙන් මෙම ප‍්‍රභූවරයා කවුරුන්ද යන්න හෝ සැළැස්ම කි‍්‍රයාත්මක වී ඇත්තේ කෙසේද යන්න අනාවරණය කර නොතිබිණි.
    මත්කුඩු ජාවාරමේ යෙදුණේයැයි මෙම තිදෙනා සමග පසුව අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙක් කිළිනොච්චිය මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරණු ලැබූහ. විදෙස් කණ්ඩායම් වලින් ලැබුණු සහයෙන්, දෙමළ ජාතික සන්ධාන යාපනය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ.සුමන්තිරන් මහතා ඝාතනය කිරීමට සැළසුම් කළේ යැයි ඔවුනට පසුව චෝදනා එල්ල විය. සුමන්තිරන් ඝාතනය කිරීමට සැළසුම් කළේ ඔහු රජයට පක්ෂපාතී පුද්ගලයකු වීම නිසාවෙන් බව සැක කැරිණ. මෙයත් සමග සුමන්තිරන්ගේ ආරක්ෂාව තර කිරීමට බලධරයෝ පියවර ගත්හ. නඩුව අද දිනයේ නැවත කැදවීමට නියමිතය.

    එල්.ටී.ටී.ඊ කි‍්‍රයාකාරකම්?
    පොලිස් ත‍්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාගේ වාර්තාවට අනුව මුලින්ම අත්අඩංගුවට ගත් තිදෙන ගෙවුණු මාස තුනක කාලය පුරා නිදහසේ කටයුතු කරමින්, ඔවුන්ගේ අරමුණු කරා ළගා වීමට මාර්ගය පාදාගෙන තිබේ. පසුගිය වසරේ නොවැම්බර් 27 වැනිදා ඔවුන් කිළිනොච්චියේ යම් තැනක එල්.ටී.ටී.ඊ ධජය ප‍්‍රදර්ශනය කර ඇතැයිද, එහි ඡායාරූප රටෙන් පිට කි‍්‍රයාත්මක වන එල්.ටී.ටී.ඊ හිතවාදී කණ්ඩායම් වෙත යවා ඇතැයිද, වාර්තාවේ සදහන්ව තිබිණ. ඔවුන් මෙසේ කටයුතු කර ඇත්තේ එල්.ටී.ටී.ඊ සංවිධානය තවමත් කි‍්‍රයාකාරීව පවතින බව පෙන්වීමටය.
    පසුගිය ඔක්තෝබර් හා නොවැම්බර් මාස වලදී කිළිනොච්චියේ මුර සංචාරයේ යෙදෙන පොලිස් කණ්ඩායමකට ප‍්‍රහාරයක් එල්ල කර, ඔවුන්ගේ අවි පැහැර ගැනීමේ සැළැස්මක තතුද වාර්තාවෙන් අනාවරණය කර තිබිණ. එහෙත් පරස්පර විරෝධී අයුරින් වැඩිදුරටත් කරුණු දක්වා තිබූ වාර්තාවට අනුව, මොවුන් තිදෙන එල්.ටී.ටී.ඊ ය අවි හා උණ්ඩ වළදමා තිබූ ප‍්‍රදේශ වලටද රාතී‍්‍ර කාලවලදී ගොස් ඇත. ඒවා ගොඩට ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. මේ අයුරින් ඔවුන් අත්අඩංගුවට පත් නොවුනේ නම් මහත් ව්‍යසනයක් වන්නට තිබිණ. කෙසේ නමුත් මොවුන්ගේ ප‍්‍රහාරයන්ට ලක්වන්නට ඉඩතිබූ පුද්ගලයින් ගැන සදහනක් වාර්තාවේ නොවීය. එහි පොලිසිය මෙම තිදෙන අත්අඩංගුවට ගැනීමට ලබාදුන් දායකත්වය ද යම් පමණකින් ඇගයීමට ලක් කර තිබිණ.
    වාර්තාව ලැබී දින තුනක් ගතවීමට මත්තෙන් පොලිස්පතිවරයා උතුරු පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතා වෙත ලියමින්, මේ සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙස උපදෙස් දුන්නේය. සන්ඬේ ටයිම්ස් හට පොලිස්පතිවරයා ලබාදී තිබූ උපදෙස් දැකගත හැකිවූ අතර, පහත කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස උපදෙස් ලබා දී තිබුණි.


    සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි - පරිවර්තනය කෝවිද ගුණසේකර (lankadeepa)