හමුදා ප්‍රහාරයකින්

signshop

Well-known member
  • May 30, 2011
    12,193
    8,924
    113
    Dubai
    හමුදා ප්‍රහාරයකින්

    thevian_appan_gopi.jpg


    හමුදා ප්‍රහාරයකින් එල්.ටී.ටී.ඊ. නායකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

    නැදුන්කර්නි ප්‍රදේශයේදී හමුදා ප්‍රහාරයකින් එල්.ටී.ටී.ඊ. නායකයින් තිදෙනෙකු මියගොස් තිබේ.

    හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා සඳහන් කළේ, මිය ගිය එල්.ටී.ටී.ඊ. නායකයින් අතර ගෝපි සහ තේවියන් ද වන බව ය.

    අප්පන් නමැත්තා ද ඒ අතර වන බවට සැකකරුන බව බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.

    එල්.ටී.ටී.ඊ.ය නැවත සංවිධානය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් මොවුන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ මහජන සහය ද ඉල්ලා තිබිණි.

    හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඔවුන් නැදුන්කර්නි ප්‍රදේශයේ සැඟවී සිටින බවට ලද තොරතුරු අනුව ආරක්ෂක අංශ එම ප්‍රදේශය වැටලූ බව ය.

    ඔවුන් වැටලූ භට පිරිස් අතරින් පැන යාමට තැත් කිරීමේදී ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අදාළ තිදෙනා ජීවිතක්ෂයට පත් වී තිබේ.


    මෙහෙම තමයි වෙන්න ඔන. මුන්ට ඔලුව උස්සන්න දෙන්න හොද නෑ. මුලදිම මේ විදියට ගලවලා දැම්මේ නැත්නම් බඩුම තමයි.
     

    NΞTHUSHI

    Member
    Apr 5, 2014
    85
    4
    0
    27
    Panala yanna haduwe natata kamak naha marapu eka nam watinawa. Tamil ayata matakai antimata LTTE eken ahinsaka tamil aya marapu eka. itin eyalama tama ottu denne maranna kiyala. kattiya ekatu wela haduwat kalin wage pawatmak naha tamil janatawa LTTE eka pattata nati nisa
     

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    nagitinna denna hoda naha. මුස්ලිම් කල්ලි වලටත් මේ ටිකම කරන්න ඕන
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔය උඩ ඊනිවුස් එකේ තියෙනවා මේ ගෝබී ආණ්ඩුවේ කොටියෙක් කියලා.

    :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    උපුටා ගැනීම ලංකා ඊනිව්ස්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    නව එල්ටීටීඊ නායකයා කියා ඝාතනය කළ අය හමුදාවේම ඔත්තු කරුවන්: සිද්ධිය හෙළිවෙනවාට රාජා නම් දෙමළ හමුදා නිලධාරියාත් මරලා: කන්ගැට්ටා දෙක නාටකය හෙලිවේ-------
    (ලංකා ඊ නිව්ස් -2014.අප්‍රේල්.11, ප.ව.3.30) රාජපක්ෂලා නිර්මාණ කළ නව එල්ටීටීඊ නායකයා යැයි රාජපක්ෂලාම හැඳින්වූ පොන්නයියා සෙල්වනායගම් කජීබන් හෙවත් ගෝබි (31) ඝාතනය කෙළේ යැයිද ඒ සමග තවත් එල්ටීටීඊ යැයි කියන අප්පම් සහ තේවියන් නම් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කෙළේ යැයිද රාජපක්ෂලාගේ යුද හමුදා ප්‍රකාශකයා අද පැවසීය. මොවුන් ඝාතනය කෙරුනේ පුලියන්කුලම පොලිස් වසමේ නෙදුන්කර්නි වනය වටලා කළ මෙහෙයුමකදී යැයිද ඔහු පැවසීය.
    ලංකා ඊ නිව්ස් යුද හමුදා අභ්‍යන්තර තොරතුරු සේවය වෙත හෙලිවන අන්දමට මෙය කන්ගැට්ටා දෙක ආකාරයේ නිර්මානයකි.
    මෙකී නව එල්ටීටීඊ නායකයා යැයි කියන ගෝබි ද අද ඝාතනය කළා යැයි කියන අප්පම් සහ තේවියන් යන තිදෙනාම පුලියන්කුලම යුද හමුදා කඳවුරේ කාලයක් තිස්සේ සිටි යුද හමුදාව ඔත්තු කරුවන් ලෙස ක්‍රියා කළ තිදෙනෙක් වෙති. මොවුන් ක්‍රියා කර ඇත්තේ යුද හමුදාවේ බුද්ධි අංශ සෙබලෙක් වූ දෙමළ ජාතික සෙල්වරාජා කමල රාජා (එස්.කේ.රාජා) (අංක 776927) නමැති නිලධාරියා යටතේ ය. රාජා සහ පෙර කී තිදෙනා මිතුරන් ද වන අතර තේවියන් සහ අප්පම් යුද හමුදාවට හඳුන්වා දී ඇත්තේ ද රාජා විසිනි. මොවුන් ඝාතනය සහ මෙම කුමන්ත්‍රණ නාටකය පිලිබඳ සත්‍ය හෙළි වේවි යන සැකය මත එස්.කේ.රාජා නම් සෙබලාද ඝාතනය කළ බව යුද හමුදා අභ්‍යන්තර තොරතුරු සේවය පවසයි.
    සෙබල රාජා මිය ගියේ වෙඩි හුවමාරුවෙන් යයි මුලින් කී හමුදාව පසුව කීවේ රාජා මිය ගියේ පුහුණුවකදී බවයි. මේ සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර සිදුවීම් මෙසේය.
    එල්ටීටීඊ නාටකට රඟ දැක්වීම සඳහා හමුදාව මහා වියදමක් දරා තිබිණ. පුලියන්කුලම පොලිස් වසමට අයත් මරත්තොටෙයි වෙඩිතලෙතිව්කල්ලූ ප්‍රදේශයේ වනාන්තර ප්‍රදේශය හමුදාව විසින් වැටලූවේ පෙරේදා (09) ය. ඒ සඳහා 2500 ක පමණ හමුදා භට පිරිසක්ද, ආමඩ් කාර් 11 ක්ද, බෆල් රථ 9 ක් ද, යොදා තිිබිණ. ප්‍රසිද්ධ කෙළේ නව එල්ටීටීඊ නායකයා කැලයේ සැඟව සිටින බවත් ඔහු අල්ලා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කරන බවත් ය.
    ඉන්පසුව අදට(11) එලිවෙන පාන්දර 1.20 ට පදවිය රෝහලට හමුදාව විසින් මළ සිරුරක් ගෙනැවිත් බාර දෙන්නේ ය. ඔහු කව්දැයි නොදන්නා බව එය බාර දෙන හමුදා නිලධාරීන් පදවිය පොලිසියට පවසයි. එය වෙඩි වැදුනු මළ සිරුරකි.
    ඉන්පසුව අද පාන්දර 6.10 ට එම හමුදාව විසින්ම බාරදුන් සෙබලාගේ විස්තරයක් පදවිය පොලිසියට ලබා දෙයි. එහිදි පවසන්නේ මෙම සෙබලා කුරුණෑගල පදිංචි කරුවෙක් බවත්, නමින් එස්.කේ.රාජා නම් දෙමළ ජාතිකයෙකු බවත්, අංකය 776927 බවත් මිය ගියේ හදිසි අනතුරකින් බවත් ය.
    මේ අතර මීට හාත්පසින් වෙනස් ප්‍රකාශයක් හමුදාව විසින් පුලියන්කුලම පොලිසියට ලබා දී ඇත. එහි සඳහන් වන්නේ අද පාන්දර 2.40 ට එල්ටීටීඊ ත්‍රස්තවාදීන් අතර අවි ගැටුමේදී යුද හමුදා බුද්ධි අංශයේ සාමාන්‍ය සෙබල එස්.කේ. රාජා යන අයට වෙඩි වැදුනු බවත් ඔහු මිය ගිය බවත් සිරුර අනුරාධපුරයට ගෙනයන බවත් ය.
    මේ සියල්ල ලිඛිතව පවතී (මෙම හෙළිදරව්වෙන් පසුව පොලිස් සටහන් වෙනස් නොකෙලේ නම් සියල්ල පරීක‍ෂා කළ හැක) ඒ අනුව පුලියන්කුලම පොලිසියට 2.40 ට රාජාට වෙඩි වැදුනා යයි කියද්දී 1.20 ට ඔහුගේ සිරුර රෝහලට බාර දී අවසන්ය. පුලියන්කුලම පොලිසියට ත්‍රස්තවාදීන් අතර වෙඩි හුවමාරුවකදී මිය ගියා යැයි කීවද පසුව හමුදා ප්‍රකාශකයා මාධ්‍යයට පවසන්නේ රාජා මිය ගියේ පුහුණුවකදී කියා ය. පදවිය දිසා බාර සහකාර පොලිස් අධිකාරී සේනාධීර සහ පදවිය ඕඅයිසී ජමල්දීන් මේ පරස්පරයන් පිලිබඳ දනිති.
    ලංකා ඊ නිව්ස් යුද හමුදා අභ්‍යන්තර තොරතුරු සේවය පවසන්නේ රාජා නිල වශයෙන්ම යුද හමුදාවේ 4 වන සන්නාහ සන්නද්ධ බලකායේ බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස සේවය කළ අයෙක් වන ගෝපි, තේවියන් සහ අප්පම් යන තිදෙනා ඔහු සමග ඔත්තු කරුවන් ලෙස කටයුතු කළ ඔහුගේ මිතුරන් බවයි.
    රාජපක්ෂ රෙජීමයේ පිස්සු විකාර ක්‍රියා ගැන කලකිරී සිටින ප්‍රබල දේශපාලනඥයෙක් ලංකා ඊ නිව්ස් වෙත කීවේ පසුගියදා ලත් ක්‍රිකට් ජයග්‍රහනය ගැන රටේ ජනතාව ජාතික කොඩි ඔසවා නටමින් ප්‍රීතිය පළ කළද මහේල සහ සංගා විසින් කරන ලද ප්‍රකාශය නිසා එය රාජපක්ෂලාගේ ගිණුමට බැර කර ගැනීමට නොහැකි වීම නිසා යලිත් ජාතික කොඩි වනා රාජපක්ෂලාට ලකුණු දා ගැනීම සඳහා රාජපක්ෂලා මෙවැනි විකාරයක් කළ බවයි. ලොරි ඩ්‍රයිවර් කෙනෙක් මැරුවා යයි කී විට ජාතික කොඩි උස්සාගෙන නැටීමට තරම් සිංහලයා මෝඩයෙක් නොවේ යයිද ඔහු පැවසීය

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: