ඇය මරා දැමුවේ නව දැනුම සොයා ගිය නිසාය.
මේ මීට වසර 1600කට පෙර කතාවකි...
ඒ වර්ෂ 415හේ යම්කිසි දිනකි.
පුරාණ ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩිරියා නුවර ඉහළ අහස කළු කරගෙන
වළාවෝ රජ කරමින් සිටියහ.
මේ වේලාවේ තරුණියක අල්ලා ගෙන කුදලා ගෙන යන පිරිසකි.
ඔවුහු ඇයව අසල තබූ සිසරීන් දොවොල තුලට ඇදගෙන ගොස්....
සමිපූර්ණයෙන් නිරැවත් කලහ.
එවිට "ගහපල්ලා...." යැයි එතැන සිටි පුජක ඇදුම ඇදගත් අයෙක් සිය අනුගාමිකයන්ට අණ දුන්නේය....
අනතුරුව පහර කා අඩසිහියෙන්
වැටුනු ඇයව රළු ගල්බොරලු මාවත දිගේ නිරුවතින්ම ඇදගෙන ගිය ඔවුහු....
කණුවක් සිටවා ඇය එයට බැද දමා
පණ පිටින් පුලුස්සා දැමූහ!
මෙි මා පවසන්නේ....
කතොලික පල්ලිය විසින්
පුළුස්සා මරා දැමූ....
ලොව අනගිතම
විද්‍යාවෙ දියණියකට අත්වූ....
සොචනීය ඉරණම ගැනයි.
මේ මම කියනා කාලයේ ලොව
අග්‍රගන්‍ය පුස්තකාල තුනක් තිබිණි.
එකක් ලංකාවේ
අනුරාධපුර මහා විහාරයේ ය....
අනෙක ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයේ ය....
අනෙක් වටිනාම
පුස්තකාලය තිබුනේ...
අද ඊඡිප්ත්‍තුවෙි ඇලෙක්සැන්ඩිරියා නම් නුවර ය....
එය නමි දැරැවෙි
'ඇලෙක්සැන්ඩිරියා පුස්තකාලය' ලෙසය..
මේ කියන කාලයේ
එහි පාලකයා වුයේ....
ප්‍රකට ප්දර්ශනවාදියෙකු වූ
තියොන් ඇලෙක්සැන්ඩර්ය.
ඔහුගේ එකම දියණිය
හයිපතියා විය.
ඔව්...මේ ඒ හයිපතියා [(in English, Hi-pat-ia or Hi-pay-she-a) (in Greek, ඉපතියාY-pah-tia ) ගේ අනුවේදනීය කතාවයි.
කුඩා කළ සිට ගණිතයට හා කුතුහලය දනවන තාරකාවන්ට මහත් ඇල්මක් දැක්වූ ඇය...
එම විෂයන් මනාව ප්‍රගුන කලාය.
තම පියා සේවය කළ අනගි පුස්තකාලයත් ඒ සදහා ඇයට ඉමහත් පිටිවහලක් විය...
ඒ වනවිටත් රෝමයේ උපත ලැබ ග්‍රීසිය, තුර්කිය හා කොන්ස්තන්තිනෝපල හරහා ක්‍රිස්තියානි පල්ලිය සිය බලය විහිදවමින් ඊඡිප්තුවට කඩා වැදුණා පමණි.....
නමුදු පල්ලියේ අසිපතට හා
හෙල්ලයට ඇය බිය වුයේ නැත!
මක් නිසාද ඇයට ආගමක් නොවීනි.
ඇය විශ්වාසය තැබුයේ මිනිසාව ය.
මිනිසාගේ ශක්තිය ය....
මිනිසා අද ලබන අත්දැකීමි තුලින් අවබෝධය ලබා හෙට නිවැරදිම මාර්ගය සොයාගනු ඇතැයි බුදු දහම නොදත් ඈ ඇගේ දර්ශනයට අනුව ඇය සිතුවාය.
ඇය බොහෝ මහන්සිවී
දිවා රැ නොනිදා කල්පනා කලාය...
ඇයට වටහා ගත නොහැකි
මෙි මහා විශ්වය පිළිබදව...
ඇය බොහෝ නිරීක්ෂන හා පරීක්ෂන වලට පසු
නිගමනවලට එළඹියාය.
ඒ ග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය පෘතුවිය නොවන බවත්.....
එහි කේනද්‍රය සුර්යයා බවත්....
අප පෘතුවිය ඇතුලු ග්‍රහ මණඩලය
සුර්යා වටා කැරකැවෙන බවත්...
එය කැරකැවෙන්නේ....
ඉලිප්සාකාරව බවත් ඇය විශ්වාසයෙන් කිවූ නිගමන විය.
එහෙත් අවාසනාවක මහත....
ඇගේ එම මතයන් හා
නිගමනයන් නිවැරදිම යැයි
කියා සිටින්නට අපිට...
තවත් වසර 1000 ක්
කේපලර් හා කොපර්නිකස්
එනතුරැ බලා සිටින්නට සිදුවිය.
ඇගේ විශිෂ්ඨතම නිර්මාණය වන්නේ තාරකා මාලිමාවයි (ASTROLABE) එය තාරකා විද්‍යාවෙි විස්මිත නිර්මාණයකි.
සුර්යාගේ පිහිටීම ග්‍රහලෝක වල පිහිටීම හා ඒ අතර ඇති දුර පුමාණය නිවැරදිව කිව හැකි උපකරනයකි එය.
එසේම ද්‍රව්‍යන්ගේ ඝනත්වය මැනීම සදහා ඇය නිමවන ලද පිත්තල ද්‍රව මානයද එසේම අග්‍ර ගන්‍ය ය.
ඇගේ මෙි සොයා ගැනීමි නිසා විශ්වයේ රහස් පිලිබද කුතුහලයෙන් පිරැනු මනස් ඇති උගත් බුද්ධිමත් නුවරැන් ඈ වටා රොක් විය....
නමුදු කතොලික පල්ලිය ඒ වන විටත් සිය බාධකය හදුනාගෙන තිබිණි....
එහි 'ධර්මාධිකරණය' වැඩිකල් බලා නොසිට ඔවුනට අවශය මොහොතේ
හයිපතියාව අත් අඩංගුවට ගත්තේය...
බලාධිකාරිය ඇයට අණකලේ
මෙි සොයාගත් දේ මිත්‍යාවක් යැයි
මහඡනයා ඉදිරියේ පවසන ලෙසය....
ඒය නිර්භය ලෙස ප්රතික්ෂේපකල
මෙම විශිෂ්ඨ ගැහැනියව අන්ධකාර පල්ලිය විසින් පුළුස්සා....
මා මුලින් කී ලෙස
මරා දමන ලද්දේ ඉන් අනතුරැවය.
ශත වර්ෂ ගනනාවකට පසුව කෙළෙහිගුණ දත් මිනිස්සු
ඇය විද්‍යාවට හා මිනිස් වර්ගයාට
කල මහගු සේවය සිහිගන්වනු වස්....
චන්ද්‍රයාගේ පවතින සුවිශේෂි
භූ ලක්ෂණ දෙක 'හයිපතියා භු ලක්ෂන' යනුවෙන් නමි කලේය.
මේ මනුශ්‍යත්වය අභිබවා ගිය
දේවත්වයේ භක්තියේ විශ්වාසයේ අන්ධකාරය හමුවේ සැඟව ගිය
ප්‍රඥාවේ අවිහිංසාවේ දෙව්දුවගේ කතාන්දරය යී.
මේ කතාව Agora නමින් 2009 දී හොලිවුඩ් සිනමාට ද නැගී ඇත.
ඔවුහු විශ්වයට අධිපති
දෙවියන් සොයන අතර...
ඇය විශ්වයේ රහස් සෙවුවා...
ඔවුහු අන්ධකාරයේ සැඟවුනු සෙවනැලිවල අතරමන් වූ අතර....
ඇය තරු අතර සැඟවුනු
ආලොකයෙහි ප්‍රෙහේලිකා විසඳුවා...
ඔවුහු ඇදහිල්ල උදෙසා,
ලේ වැගිරූ අතර...
ඇය ප්‍රඥාව උදෙසා
අවිහිංසාව පැතිරූවා.....
ලොව කිසිවක් නොවෙනස්ව නොපවතී. දැනුමද එසේ දිනෙන් දින අලුත් වෙයි.
නව දැනුම සොයා යාම
වැළැක්විය නොහැක....
ඇය මරා දැමුවේ
නව දැනුම සොයාගිය නිසා ය.
කිසිවක් ගැන නොසොයා...
ඔවුන් කියන්නක් අදහාගෙන
සිටීයේ නම්...
පාලකයෝද පූජකයෝද
ඉතා සතුටු වෙති...
එදා පමණක් නොව වර්තමානයේ ද තත්ත්වය ද එසේ ය!
A Research Article
Hypatia of Alexandria Free e book
Last edited: