හයිබ්‍රිඩ් ත්‍රීවීලරය

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    හයිබ්‍රිඩ් ත්‍රීවීලරය

    ලෝකයේ පළමුවන
    හයිබ්‍රිඩ් ත්‍රීවීලරය ලංකාවේ හදලා


    * බැටරියෙන් කිලෝ මීටර් 100 ධාවනය කරන්න පුළුවන්
    * සූර්ය බලයෙනුත් බැටරි චාඡ් කරන්න පුළුවන්
    * වෙළෙඳපොළේ තියෙන ත්‍රිරෝද රථයවලට වඩා රුපියල් ලක්‍ෂයක්‌ අඩුයි


    'අපේ රජයක රටේ හැම පවුලකටම වාහනයක්‌...' ඡන්ද පොරපිටියේ එජාප අපේක්‍ෂකයන් ගිරිය කඩාගෙන ජනතාව ඉදිරියේ තැබූ එක පොරොන්දුවකි. 'නොතෙමී ගමනක්‌ යන්න එක්‌සත් ජාතික පක්‍ෂයට ඡන්දය දෙන්න...' ඡන්ද කාලේ මවක්‌ සහ පුතෙක්‌ රූප පෙට්‌ටියේ කිව්වේ එහෙමය. එහෙත් ජාතික ආණ්‌ඩුවේ මංගල අය වැයේදී එම පොරොන්දුව 'කඩවුණු පොරොන්දුවක්‌' මෙන්ම, ජනතාව මුළා කරන 'සුරංගනා කතාවක්‌' ද පමණක්‌ම විය.

    යහපාලනය තුළ සාමාන්‍ය මිනිසුන්ට රෝද හතරක්‌ සිහිනයක්‌ වන තරමට වාහන මත බදු බර වැඩිවිණි. දුප්පතාගේ හිතවතා වූ ත්‍රිරෝද රථයට ද බදු වැදිණි. එහෙයින් දැන් ත්‍රිරෝද රථය ද දුප්පත් මිනිසුන්ට ගණන් පෙන්වන්නේය. වාහනවලින් පිට කරන විෂ දුම නිසා පරිසරයට වන හානිය අවම කිරීම අරමුණු කරගෙන හඳුන්වා දුන් ඉලෙක්‌ටි්‍රක්‌ වාහනවලට දුම් විසි වෙන්න බදු වැදිණි. වාහන හිමිකරුවන්ට තම වාහන නඩත්තු කරගැනීමට නොහැකි තරමට බදු බර වැඩි විය. දරු මල්ලොත් සමග තමන්ගේම කියා වාහනයක ගමනක්‌ යැමට සිහින දකිමින් සිටි මිනිසුන්ගේ සිහින බොඳවිණි. යහපාලන ආණ්‌ඩුවේ අයවැයෙන් පැට වූ බදු බරට තවමත් මිනිසුන් කම්පනයට පත්ව සිටින්නේය. එකී කම්පිත මිනිසුන්ට සැනසිලිදායක පණිවිඩයක්‌ ලබාදීමට දැන් අප සූදානම්ය. ඒ අපේ රටේ නිෂ්පාදනය කරන හයිබ්‍රිඩ් වර්ගයේ ත්‍රිරෝද රථයක්‌ ගැනය. ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක්‌ වන හයිබ්‍රිඩ් ත්‍රිරෝද රථයේ හිමිකාරිත්වයට උරුමකම් කියන්නේ අනාදිමත් යුගයක සිට දේශීය වෙළෙඳපොළ තුළ නොකැලැල් කීර්තිනාමයක්‌ රඳවාගෙන සිටින ජිනසේන සමාගමය.

    මෙරට බිහි වූ පළමු ඉංජිනේරුවරයා ලෙස සැලකෙන සී. ජිනසේන මහතා විසින් 1905 වසරේ ජිනසේන වතුර මෝටරය රටට හඳුන්වාදීමත් සමග ජිනසේන නාමය මෙරට වෙළෙඳපොළට එකතු විය. එදා සිට අද දක්‌වා වසර එකසිය දහයක්‌ වැනි දීර්ඝ කාලයක්‌ තුළ ජිනසේන සමාගම විසින් නව නිෂ්පාදන රාශියක්‌ම වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. ඒ අතර 'ඇග්‍රිමෙක්‌' කොළ මඩින යන්ත්‍රය වෙළෙඳපොළ තුළ විශාල පෙරළියක්‌ සිදු කළ නිෂ්පාදනයකි. මෙරට බොහෝමයක්‌ කර්මාන්තශාලාවල ක්‍රියාත්මක වන යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරනු ලබන්නේ තිස්‌ස ජිනසේන සමූහ ව්‍යාපාරය මගිනි. ටයර්වලට අවශ්‍ය උපාංග, සූර්ය පැනල, වෝටර් ෆිල්ටර්, ජිනසේන සමූහ ව්‍යාපාර සෙවනේ නිෂ්පාදනය වන තවත් උපාංග කිහිපයකි. එකී නොකී නව නිෂ්පාදන රාශියක්‌ම වෙළෙඳපොළට හඳුන්වා දී ඇති ජිනසේන සමූහ ව්‍යාපාරයේ අලුත්ම සාමාජිකයා ලෙස එළිදැක්‌වූයේ හයිබ්‍රිඩ් ත්‍රිරෝද රථයයි.

    හයිබ්‍රිඩ් මෝටර් රථය ලෝකයට අලුත්a අත්දැකීමක්‌ නොවේ. එහෙත් හයිබ්‍රිඩ් ත්‍රිරෝද රථය ලෝකයට තවමත් ආගන්තුකය. මන්ද ලෝකයේ කිසිදු රටක හයිබ්‍රිඩ් ත්‍රිරෝද රථයක්‌ නිෂ්පාදනය කර නැති බැවිනි. එහෙයින් හයිබ්‍රිඩ් ත්‍රිරෝද රථය ලෝකයට හඳුන්වාදීමේ ගෞරවය හිමි වන්නේ ද අපේ මේ පුංචි රටටය. ජිනසේන සමූහ ව්‍යාපාරයටය. රටේ පුරවැසියන් විදිහට අප ජිනසේන ආයතනයේ නව හඳුන්වාදීම ගැන ආඩම්බර විය යුතුය. හොඳ දේ අගය කිරීම අපේ යුතුකමකි. එහෙයින් අපි මෙම නිෂ්පාදන කටයුත්තට උරදී සිටින තිස්‌ස ජිනසේන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි උදයකාන්ත සභාරත්න මහතා සමග හයිබ්‍රිඩ් ත්‍රිරෝද රථය සහ ජිනසේන ව්‍යාපාර ජාලය ගැන කතාබහ කළෙමු. මේ ඒ මහතා හයිබ්‍රිඩ් ත්‍රිරෝද රථය ගැන අපට කියන කතාවය.

    'අවුරුදු දෙක, තුනක කාලයක ඉඳලා අපි හයිබ්‍රිඩ් ත්‍රිරෝද රථය හදන්න අත්හදාබැලීම් කළා. මුලින්ම අපි පුංචි ඉලෙක්‌ටි්‍රක්‌ කාර් එකක්‌ ආනයනය කරලා ඒ විදිහට තමයි ත්‍රිරෝද රථය හදන්න සැලසුම් සකස්‌ කළේ. හිතුවටත් වඩා ඉක්‌මනට හයිබ්‍රිඩ් ත්‍රිරෝද රථය වැඩ ඉවර කර වෙළෙඳපොළට හඳුන්වා දෙන්න අපට පුළුවන් වුණා. ත්‍රිරෝද රථයට අවශ්‍ය ඇන්ජිම, ඉලෙක්‌ටි්‍රක්‌ මෝටරය, විද්යුත් පරිපථ කට්‌ටලය පිටරටින් ආනයනය කරනවා. ඉතිරි සියලු කොටස්‌ නිෂ්පාදනය කරන්නේ අපේ ආයතනය තුළ. ඉදිරියේදී බැටරි සෙට්‌ එක සහ මෝටරය අපේ ආයතනයේම නිෂ්පාදනය කරන්නත් අත්හදාබැලීම් කරගෙන යනවා. මේක හයිබ්‍රිඩ්වලටත් එහා ගිය නිෂ්පාදනයක්‌. මේ ත්‍රීවීල් එක ඉන්ධනවලිනුත් ධාවනය කරවන්න පුළුවන්. බැටරියෙන් ධාවනය කරවන්නත් පුළුවන්. විදුලියෙන් බැටරි චාඡ් කරන්නත් පුළුවන්. සූර්ය පැනල ආධාරයෙන් බැටරි චාඡ් කරගන්නත් පුළුවන්. බැටරි සෙට්‌ එක හොඳට චාඡ් කරගත්තට පස්‌සේ කිලෝ මීටර් සීයක්‌ විතර ධාවනය කරන්නත් පුළුවන්. බැටරිවල චාඡ් එක අඩු වෙනකොට ඔටෝ ඉන්ධනවලට හැරෙනවා. බැටරි චාඡ් වුණාට පස්‌සේ ඔටෝ ඇන්ජින් ඕප් වෙනවා. ගියර් දාලා වද වෙන්න දෙයක්‌ නෑ. ගියර් පද්ධතිය ඔටෝ ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී ලංකාවේ සෑම ෂෙඩ් එකකම ජිනසේන සෝලෝ පැනල සවි කරන්න කටයුතු කරනවා. එතකොට බැටරි චාඡ් කරගන්න පහසුයි. බැටරියක්‌ චාඡ් කරගන්න වැය වෙන්නේ රුපියල් පහක්‌ වැනි මුදලක්‌. හයිබ්‍රිඩ් ත්‍රිරෝද රථය ධාවනය කරවන්න විශාල ඉන්ධන ප්‍රමාණයක්‌ දහනය වෙන්නේ නෑ. ඒ නිසා හයිබ්‍රිඩ් ත්‍රිරෝද රථයේ නඩත්තු වියදම ගොඩක්‌ අඩුයි. කුලී ත්‍රිරෝද හිමිකරුවන්ට හයිබ්‍රිඩ් ත්‍රිරෝද රථය ලොකු වාසියක්‌...'

    මේ වන විට ත්‍රිරෝද රථ ලක්‍ෂ දහයක්‌ පමණ මෙරට ලියාපදිංචි වී ඇත. ඒ අතරින් ත්‍රිරෝද රථ ලක්‍ෂ හතක්‌ පමණ ධාවන කටයුතුවල යෙදී තිබේ. අවම වශයෙන් ධාවනයේ යෙදී සිටින ත්‍රිරෝද රථයක්‌ දිනකට ඉන්ධන ලීටර් තුනක්‌ පාවිච්චි කළොත් ත්‍රිරෝද රථවලට පමණක්‌ දිනක ඉන්ධන පාරිභෝජනය ලීටර් ලක්‍ෂ විසි එකකි. ඒ සඳහා මෙරටින් පිට රටවලට ගලා යන මුදල අති විශාලය. පිට කරන දුමෙන් පරිසරයට වන හානිය සුළු පටු නැත. ජිනසේන හයිබ්‍රිඩ් ත්‍රිරෝද රථය මගින් ඉන්ධනවලට යන වියදම සහ පරිසර දූෂණය බොහෝ දුරට අවමය. නඩත්තු සඳහා වැය වන වියදම ද ඉතාම අවමය. බාහිර පෙනුමෙන් බාජාඡ් ත්‍රිරෝද රථයේ හැඩයට සමාන වුවද, ඇඟිලිs තුඩුවලට දැනෙන විදිහට ජිනසේන හයිබ්‍රිඩ් ත්‍රිරෝද රථයේ තහඩුව ඝණකම්ය. අනතුරකදී ඉතා ඉක්‌මනට හානියට ලක්‌ වන කෝණ ස්‌ථාන ද ඝණකම් තහඩුවකින් නිර්මාණය කර ඇති බව ඇඟිsලි තුඩුවලට දැනේ. ඉන්ධන පාවිච්චිය අඩු නිසා හයිබ්‍රිඩ් ත්‍රිරෝද රථයේ ආරක්‍ෂාව ද සාමාන්‍ය ත්‍රිරෝද රථයකට වඩා සුරක්‍ෂිතය. සාමාන්‍ය ත්‍රිරෝද රථයක්‌ ධාවනය කරන ඕනෑම කන්දක හයිබ්‍රිඩ් ත්‍රිරෝද රථය ද ධාවනය කිරීමට හැකිය. ම්... ත්‍රිරෝද රථයෙන් නිකුත් වූයේ කණට නොඇසෙන තරමේ ශබ්දයකි. වෙන ත්‍රිරෝද රථවල මෙන් අධික ලෙස ගැස්‌සෙන සුළු ගතියක්‌ ද නැත. හරියට කාර් එකක යනවා වගේය.

    ලෝකයේ මුල්ම මෝටර් රථය වන්නේ ඉලෙක්‌ටි්‍රක්‌ මෝටර් රථයයි. එය නිෂ්පාදනය කර ඇත්තේ 1837 වර්ෂයේදී ස්‌කොට්‌ ජාතික රොබට්‌ ඩේවිඩ්සන් විසිනි. එහෙත් පැකර්ට ඔහුගේ නව නිෂ්පාදනය දියුණු ව්‍යාපාරයක්‌ බවට පත් කරගැනීමට නොහැකි විය. කාලය ගෙවී ගියේය. ඇමරිකාවේ ජෙනරල් මෝටර් සමාගම ඉලෙක්‌ටි්‍රක්‌ මෝටර් රථ නිෂ්පාදනය මහා පරිමාණයෙන් සිදු කරගෙන යැමට පටන් ගත්තේය. එමෙන්ම මෝටර් රථ දාහක්‌, දෙදාහක්‌ වෙළෙඳපොළට හඳුන්වාදෙන විට පෞද්ගලික පාවිච්චියට සුදුසුම වාහනය ඉලෙක්‌ටි්‍රක්‌ මෝටර් රථය බව මිනිසුන්ට වැටහිණි. ඒ සමග ඉලෙක්‌ටි්‍රක්‌ වාහනවලට ඉහළ ඉල්ලුමක්‌ ඇති වෙන්නට පටන් ගත්තේය. එහෙත් ඇමරිකාව ඛනිජ තෙල් ඒකාධිකාරිය සියතට ගැනීමත් සමග ඉන්ධන බලයෙන් ධාවනය කරවන වාහන ඉදිරියට ගෙන ඒමට ඔෆෙක්‌ සංවිධානය සමග එකතුව ඉලෙක්‌ටි්‍රක්‌ මෝටර් රථ නිෂ්පාදනයට තහංචි පැන වූයේය. ජෙනරල් මෝටර් රථ සමාගමේ ඉලෙක්‌ටි්‍රක්‌ කාර් නිෂ්පාදනය කළ යන්ත්‍ර සූත්‍ර විනාශ කර දමන ලෙස ඇමරිකාව විසින් ජනරල් මෝටර් රථ සමාගමට නියෝග කෙරිණි. එමෙන්ම ඒ වන විට වෙළෙඳපොළට නිකුත් කර තිබූ සියලු ඉලෙක්‌ටි්‍රක්‌ වාහන එකතු කර විනාශ කර දැමීමට ද නියෝග කෙරිණි. ඇමරිකාව සහ ඔෆෙක්‌ සංවිධානය එකතුව ඉලෙක්‌ටි්‍රක්‌ මෝටර් රථය එසේ මරා දැමීය. එහෙත් ජාපනය ඉලෙක්‌ටි්‍රක්‌ මෝටර් රථයට නැවන පණ දුන්නේය. මෙරට යහපාලන ආණ්‌ඩුවේ මංගල අයවැයේදීම ඉලෙක්‌ටි්‍රක්‌ වාහන පිට පැට වූ බදුවලින් පෙනී යන්නේ ඉලෙක්‌ටි්‍රක්‌ මෝටර් රථ මෙරටින් අතු ගා දැමීමට නිහඬ මෙහෙයුමක්‌ ආරම්භ කර ඇති බවය. එනම් එය ඉලෙක්‌ටි්‍රක්‌ මෝටර් රථය ලෝක වෙළෙඳපොළෙන් අතුගා දැමීමට ඇමරිකාව දියත් කළ මෙහෙයුම හා සමානය.

    තව වසර තිහ හතළිහක්‌ ගත වන විට පොසිල අවසාන වී ඛනිජ තෙල් නැති වී යැමේ අවදානමක්‌ මතු වී ඇත. එය වළකාලීමට විකල්ප නැත. එහෙයින් ඉන්ධන නැති ලෝකයේදී ඉලෙක්‌ටි්‍රක්‌ වාහනයට හයිබ්‍රිඩ් වාහනවලට ප්‍රමුඛස්‌ථානයක්‌ හිමි වේ. ඉන්ධන නැති ලෝකයට මුහුණදීමට පවතින රජයට දැක්‌මක්‌ නොමැති වුවද ජිනසේන සමාගම එයට සූදානම්ය. එහි පළමු පියවර තබා අවසානය. දැනටමත් ජිනසේන හයිබ්‍රිඩ් ත්‍රිරෝද රථය වෙළෙඳපොළට එළිදක්‌වා ඇත. 2014 අයවැය ඉදිරිපත් කිරීමට පෙර හයිබ්‍රිඩ් ත්‍රිරෝද රථයේ මිල නියම කර තිබුණේ රුපියල් ලක්‍ෂ හතරයි හැත්තෑ පහකට (රුපියල් 4,75000) පමණය. ආනයනය කරනු ලබන ත්‍රිරෝද රථවලට වඩා රුපියල් ලක්‍ෂයක්‌ පමණ අඩු මුදලකට වෙළෙඳපොළට හඳුන්වාදී තිබිණි. එහෙත් අයවැයෙන් ඉලෙක්‌ටි්‍රක්‌ වාහනවලට බදු අය කිරීමත් සමග එකී වාහනවල අමතර කොටස්‌වල මිල ද ඉහළ යැමේ අවදානමක්‌ පවතී. එහෙයින් ජිනසේන හයිබ්‍රිඩ් ත්‍රිරෝද රථයේ මිල ද සුළු වැඩි වීමක්‌ සිදුවීමට ඉඩ තිබේ එමෙන්ම හයිබ්‍රිඩ් ත්‍රිරෝද රථය නිෂ්පාදනය කර ගබඩා කරතබාගැනීමට ජිනසේන සමාගම ශක්‌තියක්‌ නැත. එහෙයින් තවමත් නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවන්නේ ලැබෙන ඇණවුම් මතය.

    මෙතරම් කාලයකට අපේම කියා යතුරුපැදියක්‌ හෝ රටට හඳුන්වාදීමට නොහැකි විය. මෙරට මහ මඟ 'ජෑම්' කරන සියලු වාහන පිටරට ඒවාය. දැන් අපේම කියා ආඩම්බරයෙන් කතා කළ හැකි හයිබ්‍රිඩ් වර්ගයේ ත්‍රිරෝද රථයක්‌ තිබේ. ඉදිරියේදී හයිබ්‍රිඩ් මෝටර් රථයක්‌ නිෂ්පාදනය කිරීමට ජිනසේන සමාගම සූදානම්ය. එම වාහන දියුණු කරගෙන ඉදිරියට ගෙන යැම ජිනසේන සමාගමටත් වඩා පවතින රජයේ වගකීමකි.

    තරංග රත්නවීර



     
    Last edited:

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,050
    2
    2,468
    113
    කොළොංපුරේ
    Too long to read but a ....
    2h3mscn.gif
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිනසේන එකෙන් වැඩේට අතගහල තියෙන හින්ද ඉස්සරහට පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් වෙයි. හැබැයි ඉතින් ඉන්දියන් කාරයොයි ඩේවිඩ් පීරිස් එවුනුයි උන්ට කරන්න පුලුවන් හැම දෙයක්ම කරයි මේක නවත්තන්න.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පත්වෙන හැම වෙස ආණ්ඩුවක්ම අපේ දේවල් නැති කරනකොට මේ වගේ දෙයක් අහන්න ලැබෙන එකත් වාසනාවක් ...

    රවී ගම්කබරය ඕකටත් කෙලියිද මන්ද ..මුන්ට හයිබ්‍රිඩ් පෙන්නන්න බැනේ :growl:

    පොටෝ එකක් නැද්ද ?
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මරුසිරා;19355299 said:
    පත්වෙන හැම වෙස ආණ්ඩුවක්ම අපේ දේවල් නැති කරනකොට මේ වගේ දෙයක් අහන්න ලැබෙන එකත් වාසනාවක් ...

    රවී ගම්කබරය ඕකටත් කෙලියිද මන්ද ..මුන්ට හයිබ්‍රිඩ් පෙන්නන්න බැනේ :growl:

    පොටෝ එකක් නැද්ද ?

    අනිවා.. මුංගෙන්නන් කොහොමවත් බේරගන්න බැරිවෙයි
     

    Dushmantha1

    Member
    Jun 27, 2015
    19
    1
    0
    m.youtube.com/watch?v=MDMJP0imtjw&itct=CBYQpDAYCSITCOT63bW0s8kCFYKvFgod2H8BvVIfaHlicmlkIHRocmVlIHdoZWVsIGluIHNyaSBsYW5rYQ%3D%3D&client=mv-google&gl=US&hl=en
     
    Nov 27, 2009
    2,139
    107
    0
    patta wadak! eth bn ape rate oya wage ewata support eka madi bn atththa kathawa thama eka :(

    Jinasena ekata kawuruth atha denna one ne ban, ehema balaporoththu wena company ekakuth neme, Agri, Tyre field eke business godak thiyenawa meyalata. Thissa Jinasena(dan owner) kiyanne ese mese kenek neme. :)