හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ලොක්කා මම පාවිච්චි කරන්නේ අලුත්ම අලුත් කැම්රියක් . අලුත් කිව්වේ ජපන්නු පට්ට ගහපු අලුත් එකක් නෙවෙයි.. කඩෙන් ගත්තු අලුතෙන්ම ගත්තු අලුත්ම එකක්. trad Sunny එක ගැන මම මුලදී ඔයාට කිව්වේ ඔයාල පාවිච්චි කරනවයි කියන හොන්ඩා කියන වටිනා කියන වාහන වර්ගය ගැන compare කරන්නයි. මගේ Camry එක 140 ට යනකොට accord එක හුලන් පාරටත් පාරේ එහා මෙහා විසික් වෙනවා. මමනම් 170 ට speed කරන්න උත්සහ කරන්නේ නැහැ, මොකද පොලිසියෙන් අල්ලගත්තොත් ලයිසන් එකට පොයින්ට් එකක් දෙකක් නොමිලේම ලැබෙන නිසා.. Camry එක 140 ට මුළු දුරෙන් 90% ක් drive කරලත් හැතැක්ම 1400 (කිලෝමීටර් නෙවෙයි හොඳේ ) ක් ගිහින් එන්නත් යන්නේ තෙල් ලීටර් 90 යි ලොක්කා. ඒ කියන්නේ තෙල් ටැංකි දෙකයි..

    අර හුලන් පාරට විසිවෙන කතාව පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ... මොකද වාහන දෙකම ආසන්න වශයෙන් එක සමාන බර.. මන් හිතන්නේ Camry එක 140 ට යනකොට නවත්තලා තියෙන Accord එකක් වෙන්න ඇති විසි උනේ... අඩේ එහෙම විසි වෙන්නේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ...පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ... 1480kg විතර බර වාහනයක් විසි වෙන්න තරන්....

    අනික Automatic/ CVT පදින උන්ට මොන Driving Pleasure ද.....:P:P:P ඔහේ ඔටුවා වගේ පාගාගෙන යන්න විතරනේ තියෙන්නේ...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    O2 සෙන්සර් එක නොයා cat එක ගිහිපු එක තමයි ලොක්ක ප්‍රශ්නේ. එකයි මම කියන්නේ honda වල එන ලෙඩ එකිනෙකට සමානුපාතික නැහැ කියල.. අනික් වාහන වලට සාපේක්ෂව කැඩෙන සම්භාවිතාව වැඩියි .

    ඔයා ලංකාවේ මිල සහ තියෙන මාර්කට් එක හොයල බලන්න. ටොයෝටා , නිසාන් වාහන 10 ක් විකිනෙද්දී හොන්ඩා විකිනෙන්නේ එකක් හෝ දෙකක්. ඒ දෙක ගන්නෙත් ජීවිතේට වාහනයක් පැදලා නැති කිරි කෝඩු උක්කුන් බබාලා. ඊට පස්සේ ඉතින් උක්කුන්ලාට හොණ්ඩා එකෙන් තොර ලෝකයක් නැත..

    මහත්තයෝ මම වැඩ කරන්නේ ලංකාවේ තියෙන ලොකුම වාහන සෙල් එකක....ඔබ තුමා ඔය කියන හැම වාහනයක්ම (බහුතරය) වගේ මන් පැදලා තියෙනවා... මන් පැදලා තියෙන සමහර වාහන ලංකාවේ තියෙනවා කියලාවත් ඔබතුමා දන්නේ නැතුව ඇති... එහෙම වලත් Honda එකකට ගහන්න ඒ කැටගරි එකේ වාහනයක් මට තාම හම්බෙලා නෑ...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    O2 සෙන්සර් එක නොයා cat එක ගිහිපු එක තමයි ලොක්ක ප්‍රශ්නේ. එකයි මම කියන්නේ honda වල එන ලෙඩ එකිනෙකට සමානුපාතික නැහැ කියල.. අනික් වාහන වලට සාපේක්ෂව කැඩෙන සම්භාවිතාව වැඩියි .

    ඔයා ලංකාවේ මිල සහ තියෙන මාර්කට් එක හොයල බලන්න. ටොයෝටා , නිසාන් වාහන 10 ක් විකිනෙද්දී හොන්ඩා විකිනෙන්නේ එකක් හෝ දෙකක්. ඒ දෙක ගන්නෙත් ජීවිතේට වාහනයක් පැදලා නැති කිරි කෝඩු උක්කුන් බබාලා. ඊට පස්සේ ඉතින් උක්කුන්ලාට හොණ්ඩා එකෙන් තොර ලෝකයක් නැත..

    එහෙනම් CAT එක ගියේ කෙසේද? CAT එක ගියා යැයි කියන්නේ කෙසේද?
    වාහන ගැන මෙලෝ හසරක් නොදන්නා තොත්ත බබාලා හොන්ඩා වාහන පාවිච්චි කරනකොට වාහන කඩෙන සම්භාවීතාවය වැඩි තමා..
    කූඩැල්ලෝ මෙට්ටේ තියන්න බෑනේ... Technology එක advanced වාහනයක් මී හරකෙක් ගත්තම කඩෙන සම්භාවීතාවය වැඩියි...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අර හුලන් පාරට විසිවෙන කතාව පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ... මොකද වාහන දෙකම ආසන්න වශයෙන් එක සමාන බර.. මන් හිතන්නේ Camry එක 140 ට යනකොට නවත්තලා තියෙන Accord එකක් වෙන්න ඇති විසි උනේ... අඩේ එහෙම විසි වෙන්නේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ...පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ... 1480kg විතර බර වාහනයක් විසි වෙන්න තරන්....

    අනික Automatic/ CVT පදින උන්ට මොන Driving Pleasure ද.....:P:P:P ඔහේ ඔටුවා වගේ පාගාගෙන යන්න විතරනේ තියෙන්නේ...

    ඔතන තමයි න්‍යායාත්මක දත්ත fail වෙන්නේ ලොක්කා. ඔයා හිතන් ඉන්නවා එකම බර තියන වාහනේ විසික් වෙන්නේ කොහොමද කියල. ලොක්ක මෙහෙ හයිවේ වල තියනව දිග පාලම් . ඒවා තියෙන්නේ ගගවල් වලට වඩා ගොඩක් උසින්. ඒ පාලම උඩින් යනකොට හරහට හමන හුලන් පාර හරි තදයි . ඒ පාලම හරහා යනකොට camry එක යන වේගෙන්ම යන්න පුළුවනි. කිසිම හැලහොල්මනක් නැහැ. එත් උඹල ඔය කියන ලොකු හොන්ඩා accord එක 100 kmh වගේ වේගේ අඩු කරගන්නවා ඩ්‍රයිවර්ලා පාලමෙන් පහලට විසික් වෙයි කියන බයට. ඔයා ඔය කියන driving plessure බලන්නනම් දියුණු රටකට ගිහින් ලේන් 10ක් විතර තියන හයිවේ එකක 140 ට විතර එලවල බලන්න තදින් හුලන් හෝ snow තියන දවසක. එතකොට තේරුම් ගන්න පුළුවන් වෙයි හොන්ඩා එකට පැරිචුට් එකකුත් හයි කරලා එව්වනම් හොඳයි නේද කියල හදිසියකට පාරෙන් එලියට විසික් වෙන වේලාවකදී නවත්ටගන්න.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සිරා මචන් Honda වල පට්ටම Driving Pleasure එකක් තියෙන්නෙ. එලවන්න එලවන්න ආස හිතෙනව. and also when cornering :love:

    මචන් පුලුවන්නම් පොල්වත්ත තුමාට Driving Pleasure යන්න පැහැදිලි කර දෙන්න.. මන්ද යත් එළවලු ගෙන්න විතරක් Automatic/ CVT වාහනේ යන අයෙක්ට Driving Pleasure යන්න පහදා දීමට නොහැකිව මා අමාරුවේ වැටී ඇත.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    වාහන ගැන මෙලෝ හසරක් නොදන්නා තොත්ත බබාලා හොන්ඩා වාහන පාවිච්චි කරනකොට වාහන කඩෙන සම්භාවීතාවය වැඩි තමා..

    ඔයාම මේ කියන කතාවෙන් තේරෙන්නේ හොන්ඩා වාහන සාමාන්‍ය ජනතාවට පාවිච්චි කරන්න බැහැ කියන එකම නේද... ඉතින් මම කියන්නෙත් ඒකම තමයිනේ..:lol::lol::lol::lol::lol:

    ලොක්කා අමතක කරන්න එපා පාරේ රිය පදවන රියදුරන්ගෙන් 75% ක් දෙනා හුලන් ගියපු රෝදයක් මාරුකරගන්න දන්නේ නැති වග.

    මට කියනවද ඔයා මේ වෙනකම් පාවිච්චි කරපු වාහන මොනවද කියල..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔතන තමයි න්‍යායාත්මක දත්ත fail වෙන්නේ ලොක්කා. ඔයා හිතන් ඉන්නවා එකම බර තියන වාහනේ විසික් වෙන්නේ කොහොමද කියල. ලොක්ක මෙහෙ හයිවේ වල තියනව දිග පාලම් . ඒවා තියෙන්නේ ගගවල් වලට වඩා ගොඩක් උසින්. ඒ පාලම උඩින් යනකොට හරහට හමන හුලන් පාර හරි තදයි . ඒ පාලම හරහා යනකොට camry එක යන වේගෙන්ම යන්න පුළුවනි. කිසිම හැලහොල්මනක් නැහැ. එත් උඹල ඔය කියන ලොකු හොන්ඩා accord එක 100 kmh වගේ වේගේ අඩු කරගන්නවා ඩ්‍රයිවර්ලා පාලමෙන් පහලට විසික් වෙයි කියන බයට. ඔයා ඔය කියන driving plessure බලන්නනම් දියුණු රටකට ගිහින් ලේන් 10ක් විතර තියන හයිවේ එකක 140 ට විතර එලවල බලන්න තදින් හුලන් හෝ snow තියන දවසක. එතකොට තේරුම් ගන්න පුළුවන් වෙයි හොන්ඩා එකට පැරිචුට් එකකුත් හයි කරලා එව්වනම් හොඳයි නේද කියල හදිසියකට පාරෙන් එලියට විසික් වෙන වේලාවකදී නවත්ටගන්න.

    මම එන්නද මගේ පරණ 1992 Civic එකත් අරන් ඔබතුමාත් එක්ක Side by Side එළවලා බලන්න??? හැබැයි මගේ එක 1500cc... ඔබතුමාගේ 2000cc (වෙන්ට ඕනි).. මගේ දුප්පත් පරණ එන්ජිමට 195න් එහාට යන්න බෑ.. ඒ නිසා මුලින්ම 195 ට යනකෙනා දිනුම්... කැමතිද???

    මගේ වාහනේ මට වඩා අවුරුද්දයි බාල..
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔයාම මේ කියන කතාවෙන් තේරෙන්නේ හොන්ඩා වාහන සාමාන්‍ය ජනතාවට පාවිච්චි කරන්න බැහැ කියන එකම නේද... ඉතින් මම කියන්නෙත් ඒකම තමයිනේ..:lol::lol::lol::lol::lol:

    ලොක්කා අමතක කරන්න එපා පාරේ රිය පදවන රියදුරන්ගෙන් 75% ක් දෙනා හුලන් ගියපු රෝදයක් මාරුකරගන්න දන්නේ නැති වග.

    මට කියනවද ඔයා මේ වෙනකම් පාවිච්චි කරපු වාහන මොනවද කියල..

    මහත්තයෝ මට තාම වයස 23යි... වාහනයක් ගන්න තරන් ජොබ් එකකුත් නෑ... ගෙදරින් දුන්න සල්ලි වලින් ගත්ත වාහනේ තමා Honda Civic EG8 එක.. මගේ තාත්තා ලොකූ සල්ලි කාරයෙකුත් නෙමෙයි... Finance එකක් දාලා තමා ගත්තේ... අරන් අවුරුදු 2යි...

    හැබැයි ඉතින් 2006 (රතගාය හැදුන කාලේ) ඉඳන් මේ වෙනකල් පැදලා තියෙන වාහන නම් ගොඩයි... ඒ අතරේ ලංකාවේ වාහන 1k 2k පමණක් තියෙන ඒවත් තියෙනවා... ඔබතුමාට list එකක් ඕනෙද??? :P:P

    අත්‍යාවශ්‍ය නම් පමණක් කියන්න...මොකද සෑහෙන වෙලාවක් යයි Type කරන්න...
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මචන් පුලුවන්නම් පොල්වත්ත තුමාට Driving Pleasure යන්න පැහැදිලි කර දෙන්න.. මන්ද යත් එළවලු ගෙන්න විතරක් Automatic/ CVT වාහනේ යන අයෙක්ට Driving Pleasure යන්න පහදා දීමට නොහැකිව මා අමාරුවේ වැටී ඇත.

    මෙක නම් මචන් කෙනෙකුට කටින් කියන්න පුලුවන් කමක් නැ, මෙක තෙරුම් ගන්න වර්ග කිහිපයක වාහන කිහිපයක් එලවලා තියෙන්නම ඔනෙ. නැත්තම් හොදම දෙ මචන් වෙලවක ඔයාගෙ වහනෙ හො වෙනත් වාහනයක් එලවන්න දෙන්න.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් පුලුවන්නම් පොල්වත්ත තුමාට Driving Pleasure යන්න පැහැදිලි කර දෙන්න.. මන්ද යත් එළවලු ගෙන්න විතරක් Automatic/ CVT වාහනේ යන අයෙක්ට Driving Pleasure යන්න පහදා දීමට නොහැකිව මා අමාරුවේ වැටී ඇත.

    මා වයස අවුරුදු 14 (1990) පටන් වාහන පදවා ඇති බැවින් Driving Pleasure ගැන මට ඔබතුමන්ලා අලුතෙන් කියා දීමට අවශ්‍ය වන්නේ නැත. ඕනෑම වාහනයක සයිලන්සරයේ සිට එයාර්ක්ලීනරය දක්වා සියලුම අලුත් වැඩියා කිරීමට මාගේ මොළයටත් අත් දෙකටත් හැකියාවක් ඇති බැවින් ඔබ තුමාලා න්‍යායාත්මකව දත්ත මගින් පෙන්වන්නාවූ සියලු දේ ප්‍රායෝගික ලෝකයේදී කොතරම් ප්‍රායෝගිකද යන්න වසර 15 කට ආසන්න කාර්මික ක්ෂේත්‍රයේ රැකියාවක යෙදී සිටින මම අත්දැකීමෙන් දනිමි. වාහනයක් පදවන විට තවමත් ඔබ Driving Pleasure කියනා දේ අත්වින්දිනවානම් එයින් අදහස් වන්නේ ඔබ තවමත් රියදුරු ආසනයේ කිරිකොඩු උක්කුන් බබෙකු යන්නය.. පරෙස්සමෙන් එලවපල්ලා.. හදිසි අවස්තාවක බ්රේක් එක වෙනුවට gas පෙඩල් එකම පෑගෙන්න තියන ඉඩකඩ බොහොම වැඩියි පුටේ ..:oo::oo::oo:
     
    මහත්තයෝ එක තමා මම ඔබතුමාගේ වයස කියන්නත් කලින්ම කිව්වේ පප්පලාට හොන්ඩා හරි යන්නේ නැති බව. (ඔබතුමා මේ වනවිට විවාහ වී දරුවන්ද සිටින බව මට හැගේ. එවන් අයෙකුට Driving Pleasure සොයනවාට වඩා වැඩි වගකීම් ප්‍රමාණයක් ඇති බවද මා දනිමි. ඒ නිසයි මුලදීම මා කීවේ හොන්ඩා කොල්ලන්ට පමණයි යනුවෙන්)

    * ඔබතුමා මට වඩා සැහෙන වැඩිමල් බැවින් සහ මට වඩා සෑහෙන ජීවන අත්දැකීම් ප්‍රමාණයක් ඇත්තෙකු නිසාත් මා අතින් වරදක් වූවා නම් සමාවනු වනවි. (බොක්කෙන්මයි කිව්වේ...Not a Joke:yes::yes:)

    * ඔබගේ වයස මා විහිළුවකට නොගත් බවත් කරුණාවෙන් සලකන්න.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මහත්තයෝ මට තාම වයස 23යි... වාහනයක් ගන්න තරන් ජොබ් එකකුත් නෑ... ගෙදරින් දුන්න සල්ලි වලින් ගත්ත වාහනේ තමා Honda Civic EG8 එක.. මගේ තාත්තා ලොකූ සල්ලි කාරයෙකුත් නෙමෙයි... Finance එකක් දාලා තමා ගත්තේ... අරන් අවුරුදු 2යි...

    හැබැයි ඉතින් 2006 (රතගාය හැදුන කාලේ) ඉඳන් මේ වෙනකල් පැදලා තියෙන වාහන නම් ගොඩයි... ඒ අතරේ ලංකාවේ වාහන 1k 2k පමණක් තියෙන ඒවත් තියෙනවා... ඔබතුමාට list එකක් ඕනෙද??? :P:P

    අත්‍යාවශ්‍ය නම් පමණක් කියන්න...මොකද සෑහෙන වෙලාවක් යයි Type කරන්න...

    අයියෝ සල්ලි .. මම මේ මේ තරම් වෙලා තර්ක කරලා තියෙන්නේ වයස 23 ක හිච්චි එකෙක් එක්ක කියල මම දන්නේ නැහැනේ කොලුවෝ.. පුටේ මගේ වයස 37 ක් දැන්. මම මගේම සල්ලි වලින් අරන් පදපු වාහන ගාන උඹේ වයසටත් වඩා වැඩියි පුටේ ..

    සමාවෙයන් උඹේ හැඟීම් එක්ක තර්ක කරාට. උඹ උඹේ වාහනේට පණට වඩා ආදරෙයි කියල මට දැනෙනවා කොල්ලෝ. තව වයසින් වැඩෙන්න ඕන ලෝකේ common දේවල් ගැන තේරුම් ගන්න.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අයියෝ සල්ලි .. මම මේ මේ තරම් වෙලා තර්ක කරලා තියෙන්නේ වයස 23 ක හිච්චි එකෙක් එක්ක කියල මම දන්නේ නැහැනේ කොලුවෝ.. පුටේ මගේ වයස 37 ක් දැන්. මම මගේම සල්ලි වලින් අරන් පදපු වාහන ගාන උඹේ වයසටත් වඩා වැඩියි පුටේ ..

    සමාවෙයන් උඹේ හැඟීම් එක්ක තර්ක කරාට. උඹ උඹේ වාහනේට පණට වඩා ආදරෙයි කියල මට දැනෙනවා කොල්ලෝ. තව වයසින් වැඩෙන්න ඕන ලෝකේ common දේවල් ගැන තේරුම් ගන්න.

    මා තර්ක කරන්නේ මගේ හැගීම් වලින් නොවන බව කරුණාවෙන් සලකන්න.
    පිළිගත් ආයතනයකින් Automobile Engineering සම්බන්ධව උසස් ඩිප්ලෝමාවක් සමග වසර 8ක් වාහන අස්සේ අව්වේ, වැස්සේ, මඩේ එරී, තොග ගණන් පොත් කියවා දහස් ගණන් වෙබ් පිටු පීරා බාස්ලගෙන්, ඉංජිනේරුවන්ගෙන් ගුටි කා, මජන් තවරාගෙන එන්ජින් සිය ගණන් ගලවා, ගියර් පෙට්ටි පතුරු ගසා, ඇඟිලි තුවාල කරගෙන, රේස් පදින පුද්ගලයින් සමග කරට කර වැඩ කර, රේස් පදින්න මෝටර් සයිකල් සාදා ලබාගත් අත්දැකීම් වලින් බව සලකන්න. (පොර talk එකක් නොවේ)
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මා තර්ක කරන්නේ මගේ හැගීම් වලින් නොවන බව කරුණාවෙන් සලකන්න.
    පිළිගත් ආයතනයකින් Automobile Engineering සම්බන්ධව උසස් ඩිප්ලෝමාවක් සමග වසර 8ක් වාහන අස්සේ අව්වේ, වැස්සේ, මඩේ එරී, තොග ගණන් පොත් කියවා දහස් ගණන් වෙබ් පිටු පීරා බාස්ලගෙන්, ඉංජිනේරුවන්ගෙන් ගුටි කා, මජන් තවරාගෙන එන්ජින් සිය ගණන් ගලවා, ගියර් පෙට්ටි පතුරු ගසා, ඇඟිලි තුවාල කරගෙන, රේස් පදින පුද්ගලයින් සමග කරට කර වැඩ කර, රේස් පදින්න මෝටර් සයිකල් සාදා ලබාගත් අත්දැකීම් වලින් බව සලකන්න. (පොර talk එකක් නොවේ)

    මම ඔයාගේ දැනුමට අත්දැකීම් වලට අගෞරව කරන්නේ නැහැ. ඔයාල මේ ලෝකෙට වටිනා තරුණ කොටස්. එත් ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ඉන්නේ ලිඳක හිර වෙලා කියල මට දැනෙන එක. ඔයාල ඔය හිරවෙලා ඉන්න රාමුවෙන් එලියට ඇවිත් ලෝකේ දිහා බලන්න. සාමාන්‍ය ප්‍රායෝගික ලෝකය කියන්නේ රේස් පදිං ප්‍රජාව නෙවෙයි කියල අවබෝධ කරගන්න. දැනුම කොතරම් තිබුනත් අත්දැකීම් කොයිතරම් තිබුනත් ඒ සියල්ල ප්‍රායෝගික ලෝකය සමග එකට මිශ්‍ර කරලා common දෙයක් එලියට ගන්න තුරාවට ඕනෑම දක්ෂයෙක් තවත් එක්තරා ලිං මැඩියෙක් විතරයි. ඒ න්‍යාය නිසා තමයි අපි වගේ රටවල් තවමත් දුප්පත් රටවල් වෙන්නේ. මොකද දැනුමෙන් උගත් ප්‍රායෝගික ලෝකය සමග සෘජු සම්භන්ධයක් නැති උදවිය අපේ ලංකාවේ ආර්ථිකය සම්භන්ධ තීන්දු තීරණ ගන්න නිසා.

    ඔයා ඔය ඉන්න රාමුවෙන් එලියට ගිය දවසක කියාවි රේස් පදින්න මේ කාර් එක තමයි හොඳ එත් සාමාන්‍ය ජන ජීවිතයට හරියන්නේ මේ කාර් එකයි කියල. පුලුවනිනම් උත්සහ කරලා ඔය රාමුවෙන් මිදෙන්න උත්සහ කරන්න . මමත් මේ දේවල් ගැන කතා කරේ විද්යානුකුල දැනුම, ඒවා භාවිතයෙන් ගත්තු අත්දැකීම්, ලෝකේ වටේ ඇවිදලා ලැබුන අත්දැකීම් සහ වාහන අතරමක කැඩිලා චාටර් වෙච්ච උන්ගේ වාහන ටෙලිෆෝන් එකෙන් හදල ගත්තු අත්දැකීම් වලින් සහ වාහන අරගෙන විකුණලා තියන අත්දැකීම් වලින්. එහෙම බැලුවාම ඔයත් දක්ෂයෙක් එත් එක රාමුවක් ඇතුලේ විතරක්.

    උත්සහ කරන්න ඔය රාමුවෙන් මිදිලා ලෝකේ දිහා ඇස් ඇරලා බලන්න. මම ඔයාගේ දැනුම අවතක්සේරු කරන්නේ නැහැ. මොකද technical field එකේ 1997 ඉඳන් ඉන්න කෙනෙක් විදිහට මම දන්නවා කොයිතරම් දුක් විඳින්න ඕනෙද කියල යමක් ඇඟට සහ මොලයට දාගන්න. උඹල වගේ එවුන් මිනිස්සුන්ට ඕන. එත් රාමුවක් ඇතුලේ හිර වෙන්න එපා.

    උඹ දන්නවද බ්රෝකර්ල ඉන්නවා ගමේ ගොඩේ කාර් එකක් ගන්න හොයන මනුස්සයෙකුට වෑන් එකක් ගැන වර්ණනා කරන. අන්න ඒ වගේ වෙන්න එපා. මිනිස්සුන්ගේ අවශ්‍යතා විවිදයි, විෂමයි..ඒවා දැනගෙන ඉගෙනගෙන ඉදිරියට යන උදවිය තමයි තමුන්ගේ field එකේ පොරවල් වෙන්නේ.
     
    • Like
    Reactions: Kudnadun and KingCM

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්මෝ හිතුවටා වඩා වැඩේ දරුණු වෙලානේ :shocked:
    මේ නිසා ඔය දෙන්නා අතර හිත් අමනාපකමක් ඇතිකරගන්නෙ නැතිවෙයි කියලා හිතනවා.
    මේ ගැන මට හිතෙන දේමම කියන්නම්.
    ඔය දෙන්නම මගේ යාලුවෝ මම මේ කථාව කියන්නේ විවෘතව වගේම මට දැනෙන විදිහට. හොන්ඩා වාහන වල ගෙවීමක් සම්බන්ධ අත්දැකීම් මටනෑ. ඒ නිසා මම ඒ ගැන කථා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. හැබැයි ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් හොන්ඩා විකුණගන්න අමාරුයි. ඒ කිව්වේ වාහනේ කොච්චර තාක්ෂණිකව හොද වුනත් මාකට් එක අඩුයි කියන එකයි. පිටපළාතක දි නම් ගත්තු වාහනයක් ලේසියෙන් විකුණන්නත් බෑ. මට හිතෙන විදිහට ඒකට ලොකුම හේතුව තමයි ස්පෙයාපාට්ස් ප්‍රශ්නෙ. මොකද කොළඹින්, නුවරින් පිටදී වාහනේ ගැලෙව්වොත් පාට්ස් හොයන්න නම් වාහනේ ගැරජ් එකේ දාලා බස් එකේ කොළඹ යන්න වෙනවා. ඒ නිසා පිටපළාත්වල අය හොන්ඩා වාහන ගත්තොත් අමු කටු කන්න වෙන්නේ. (ඒ ගැන මට අත්දැකීම් තියනවා.)
    ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් වාහන වෙළදපොල ගත්තොත් ඒක පැතිරිලා තියන්නේ ඉතාම අඩු වාහන ඛාන්ඩ සංඛ්‍යාවක කියලා ඔයාලට අමතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඒ වාහන ඛාන්ඩ වලින් පිට ගිහින් අපි වාහන ගත්තොත් අපිට කන්න වෙන ගැරජ් කට්ට වැඩී. මොකද රිකන්ඩිෂන් පාට්ස් වැඩිපුර ගෙනල්ලා තියන්නේ බහුලව තියන මාදිලි වලට විතරක් නිසා.
    ඉතිං බෙන්ස් එකක්, බීඑම්ඩබ්ලිව් එකක් තියාගෙන ඒකේ හොද කියලා, ඒක සාමාන්‍ය කාර් හොයන මනුස්සයෙකුට පෙන්නුවත් ඒ මිනිහා ගන්න බයයි. ඕනිම මොඩයෙක් දන්නවා ඒවගේ තාක්ෂණය හොදයි කියලා. ඒත් ලංකාවෙදී කර ගහලා අමාරුවේ වැටෙව්ව බැරි නිසා ගන්නෙ නෑ. ae100, ae110, fb13, fb14 වගේ එකක් ඒ මනුස්සයට පෙන්නුව නම් ඒමනුස්සයට ඒක පේන්නේ අර බෙන්ස් එකට වඩා හොද වාහනයක් කියලා. ඒකට හේතුව ලංකාවේ තියන සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක. ඒ වගේම සාමාන්‍ය මිනිහෙකුට නඩත්තු කරන්න පුළුවන් පහසුව.
    ලංකාවෙදි සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් හොයනකොට වාහනේ තත්වෙයි, සැප පහසුවයි, තෙල් කිරීල්ලයි, අමතර කොටස්වල සුලභ බවයි, ආපහු විකුණන්න පුලුවන් වටිනාකම වගේම ඒක ආයි කාලෙක ලේසියෙන් විකුණ ගන්න පුලුවන්ද කියන එකයි තමයි බලන්න ඕනේ. ඔය සාදක ටික තියන්නේ ටොයෝටා, නිසාන් වෙළදනාම වලට අයත් වාහන මාදිලි කීපයක විතරයි. ඒකිව්වේ ලංකාවෙදි හැම ටොයෝටා එකම වත් හැම නිසාන් එකම වත් මාකට් නෑ කියන එකනේ. මරුටි, ඇල්ටො වගේ ඉන්දියන් වාහන ත් මෙහෙ මාකට් එක අල්ලලා තියන්නේ ඔය සාදක මත. මරුටියේ ඇති සැප පහසුවක් නෑ තමයි. ඒත් බයික් එකක්, ත්‍රීවිල් එකක් තිබුන මිනිහෙකුට මරුටිය කියන්නේ වාහනයක්. අනිත් ඔක්කොම සාදකත් තියන නිසා ඒ මනුස්සයා මරුටිය ගන්නවා. නිකන් හිතන්න ඉන්සියන් වාහන ගැල්වනයිස් කරල නෑ ඉක්මනට දිරනවා, තහඩුව බිස්කට් ටින්වල මූඩිය වගේ, එන්ජින් ගෙවෙනව ඉක්මනයි. ඒත් ඒවගේ මාකට් එක ලංකාවේ හොදයි. මේකට හේතුව තමයි ලංකාවේ මාකට් එක තීරණය වෙන්න බලපාන්නේ උඩ මම දාලා තියන සාදක ටික විම.
    මම මේ කථාකරේ තාක්ෂණික පැත්ත ගැන නෙවෙයි. වාහන මාකට් එක ගැන විතරයි.
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,189
    157
    63
    මම ඔයාගේ දැනුමට අත්දැකීම් වලට අගෞරව කරන්නේ නැහැ. ඔයාල මේ ලෝකෙට වටිනා තරුණ කොටස්. එත් ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ඉන්නේ ලිඳක හිර වෙලා කියල මට දැනෙන එක. ඔයාල ඔය හිරවෙලා ඉන්න රාමුවෙන් එලියට ඇවිත් ලෝකේ දිහා බලන්න. සාමාන්‍ය ප්‍රායෝගික ලෝකය කියන්නේ රේස් පදිං ප්‍රජාව නෙවෙයි කියල අවබෝධ කරගන්න. දැනුම කොතරම් තිබුනත් අත්දැකීම් කොයිතරම් තිබුනත් ඒ සියල්ල ප්‍රායෝගික ලෝකය සමග එකට මිශ්‍ර කරලා common දෙයක් එලියට ගන්න තුරාවට ඕනෑම දක්ෂයෙක් තවත් එක්තරා ලිං මැඩියෙක් විතරයි. ඒ න්‍යාය නිසා තමයි අපි වගේ රටවල් තවමත් දුප්පත් රටවල් වෙන්නේ. මොකද දැනුමෙන් උගත් ප්‍රායෝගික ලෝකය සමග සෘජු සම්භන්ධයක් නැති උදවිය අපේ ලංකාවේ ආර්ථිකය සම්භන්ධ තීන්දු තීරණ ගන්න නිසා.

    ඔයා ඔය ඉන්න රාමුවෙන් එලියට ගිය දවසක කියාවි රේස් පදින්න මේ කාර් එක තමයි හොඳ එත් සාමාන්‍ය ජන ජීවිතයට හරියන්නේ මේ කාර් එකයි කියල. පුලුවනිනම් උත්සහ කරලා ඔය රාමුවෙන් මිදෙන්න උත්සහ කරන්න . මමත් මේ දේවල් ගැන කතා කරේ විද්යානුකුල දැනුම, ඒවා භාවිතයෙන් ගත්තු අත්දැකීම්, ලෝකේ වටේ ඇවිදලා ලැබුන අත්දැකීම් සහ වාහන අතරමක කැඩිලා චාටර් වෙච්ච උන්ගේ වාහන ටෙලිෆෝන් එකෙන් හදල ගත්තු අත්දැකීම් වලින් සහ වාහන අරගෙන විකුණලා තියන අත්දැකීම් වලින්. එහෙම බැලුවාම ඔයත් දක්ෂයෙක් එත් එක රාමුවක් ඇතුලේ විතරක්.

    උත්සහ කරන්න ඔය රාමුවෙන් මිදිලා ලෝකේ දිහා ඇස් ඇරලා බලන්න. මම ඔයාගේ දැනුම අවතක්සේරු කරන්නේ නැහැ. මොකද technical field එකේ 1997 ඉඳන් ඉන්න කෙනෙක් විදිහට මම දන්නවා කොයිතරම් දුක් විඳින්න ඕනෙද කියල යමක් ඇඟට සහ මොලයට දාගන්න. උඹල වගේ එවුන් මිනිස්සුන්ට ඕන. එත් රාමුවක් ඇතුලේ හිර වෙන්න එපා.

    උඹ දන්නවද බ්රෝකර්ල ඉන්නවා ගමේ ගොඩේ කාර් එකක් ගන්න හොයන මනුස්සයෙකුට වෑන් එකක් ගැන වර්ණනා කරන. අන්න ඒ වගේ වෙන්න එපා. මිනිස්සුන්ගේ අවශ්‍යතා විවිදයි, විෂමයි..ඒවා දැනගෙන ඉගෙනගෙන ඉදිරියට යන උදවිය තමයි තමුන්ගේ field එකේ පොරවල් වෙන්නේ.

    ඔබතුමා field ඒකේ පොරක් වෙන්න ඇති.ඒත් ඔබතුමා එලකිරියේ එක පොස්ට් එකක් වත් දලා තියනවද වහන ගැන,මන් තම නම් දැකල නැහැ,මන් තාම එලකිරියට අලුත් එකෙක්,ඔබතුමා මෙfield එක ගෙන දන්නවනම් මෙ දෙවල් වලට උදව් කරන එක නේද හොදම දෙය
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    1. පුතේ... පුතා දන්නේ නැති උනාට ලෝකේ තියෙනවා Safety Starndared කියලා එකක් (ලංකාවේ නැති උනාට...) ඒක නිසා තව ඉස්සරහට එන්නේ තවත් පපඩම් වාහනම විතරයි... අනික ඔබ තුමා ඔය කියන කතාව හොන්ඩා නෙමේ අනික් හැම වාහනේකටම අදාලයි.. 87 Trad Sunny එකයි 2004 Tiida එක ගැනත් ඔය ටිකම තම මට කියන්න තියෙන්නේ...

    2. අනික් දේ තම මම හැම වෙලාවේම කතා කරන්නේ International Market එකත් එක්ක මිසක් ලංකාවේ Market එකත් එක්ක නෙමේ... මොකද ලංකාවේ Toyota වන්දනාව කියලා එකකුත් තියෙනවා .. අනික ලංකාව වගේ රට වල වාහනේ Quality කියන දේට වඩා Fuel Consumption කියන එක තමා බලාපොරොත්තු වෙන්නේ.. එඅ නිසා තමයි Toyota Mark 2, Nissan Cefiro වගේ World Class වාහන තුට්ටු දෙකට විකිනෙන්නේ... එක නිසා ලංකාවේ මාර්කට් එක නැතුව International Market එක අරන් එන්න වාහන සංසන්ධනය කරනකොට...

    3. ඔබ තුමා මගේ මුල් ගැටලුවට පිළිතුරු දීලා නෑ තාම. (එන්ජින්)

    4. ඔබතුමා නිකමට වගේ ගූගල් එකේ "BEST JDM CARS" කියලා ගහල එන මුල්ම පිටුවේ ලින්ක් සියල්ල බලන්න... ගණන් කරලා බලන්න ලිස්ට් වල වැඩි පුර තියෙන්නේ Honda වාහනද එහෙමත් නැත්තන් Toyota, Nissan වාහනද කියල...

    5. අනික හොද EG8, EK3 එකක් පාවිච්චි කරපු කෙනෙක්ගෙන් අහල බලපන් වාහනේ කොහොමද කියලා.. කොහොමත් ඔයා වාහන දෙක පප්පලාට හරි යන්නේ නෑ.. ඒ නිසා කොල්ලෙක්ගෙන් අහල බලපන්.. පුලුවන්නම් ඌට උබ ඔය කියන වෙන වාහනෙකුත් දීල බලපන් කොහොමද කියලා..
    ඒක හරියට Europian වහනයක් පාවිච්චි කරපු එකෙක්ට ජපන් එකක් දෙනවා වගේ වැඩක්.. මේක මොකක්ද කියල අහයි...

    6. අනික ලංකාවේ One Make events (Mini, Ford Laser, Legecy) ඇරුනම වාහනේක නමක් කියලා හැඳින්වෙන එකම Event එක SL-H. හැමෝම ඉවෙන්ට් එකට කියන්නේ Honda Event එක කියලා දන්නවා ඇති නේ.. Hachback වාහන තොගයක් තියෙද්දී Event එකේ Honda විතරක් දුවන්නේ ඇයි කියලා පදින එකෙක්ගෙන් අහල බලපන්... අනිත් එක පුලුවන්නම් ලංකාවේ ඔය Event එක දිනලා තියෙන Honda නොවන වාහනෙකුත් කියපන්...

    7. අනික ලංකාවේ හොන්ඩා වලට specialist ලා, බහුතරය Honda වාහන විතරක් කරන ගරාජ් තියෙනවා.... Sport වාහන ඇරුනම අනිත් ජපන් වලට එහෙම ඒවා නෑ දන්නා තරමින්...

    මචන් ඔය සෙෆිරෝ එක මට මතක විදිහට ඉන්ටනැශනල් මාකට් එකට ගහන්නේ මැක්සිමා කියල. ලංකාවේ සනිය 5යි නම් සෙෆිරෝ එක 3යි. ඉන්ටනැශනල් මාකට් එකේ සනිය 1යි නම් සෙෆිරෝ එක2යි. මෙහෙ බන් කුප්ප මාකට් එකක් තියෙන්නේ. මෙහෙ උන්ට ලක්ශ 50 දීලා වාහන ගන්න පුලුවන් තෙල් ගහන්න බෑ. අනික 141 එක. ලංකාවේ 141 මාකට් නෑ. අනිත් රටවල 141 කිට්ටු කරන්න බෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මේකට මට දෙන්න තියෙන උත්තරේ මෙච්චරයි... ලෝකේ තියෙන උපරිම තාක්ශනේ පාවිච්චි කරලා හදල තියෙන එන්ජින් තම Formula One වලට පාවිච්චි කරන්නේ. පාවිච්චි කරලා තියෙන සමහර සමහර තාක්ෂනයන් තාමත් රහසක් විදියට තියෙනවා. එච්චර තාක්ෂනය පාවිච්චි කරලා හදපු එන්ජිම (වටිනාකම ආසන වශයෙන් $ 8 Million ) දුවන්න පුළුවන් 400Kms. එක හිතල ඔයා කියනවා නම් එන්ජිම FAIL කියලා එක පිස්සු කතාවක්.
    Formula One එන්ජිම හදල තියෙන්නේ උපරිම Efficiency එක දෙන්න මිසක් කල් පැවැත්ම තියෙන්න නෙමෙයි...ඒ වගේ තමා හොන්ඩා එකක් ගත්තම.. උදාහරණයක් ගත්තම EG8, EK3 එක්ක දුවන්න පුළුවන් 1500cc වාහන වෙන නැහැ (තියෙනවා නම් කියපන්කො බලන්න). අනිත් බහුතරයක් 1500cc එන්ජින් 80-100HP නිපදවනකොට හොන්ඩා එන්ජිම 130HP නිපදවනවා... වෙනස එංගලන්තේ ඉන්න ලෙඩ නැති සුපිරි අශ්වයෝ 30 දෙනෙක්ගේ ශක්තිය.. එතැනදී Honda Company එක Life span කියන එක ගැන ගොඩක් Care කරලා නෑ (හිතන විදියට)

    අන්න ඒකනේ අපි ටොයොටා ගන්නේ:love::love: