මහත්තයෝ මම කතා කරේ වාහන වල ගෙවීම ගැනයි ලංකාවේ වාහන මාර්කට් එක ගැනයි . ඔයා එතනට wold ratings ගැන කතා කරනවානම් එක වෙනම කතා කලයුතු ප්‍රශ්නයක්.
ඔයා කියනවා ලංකාවේ ටොයෝටා වන්දනාව කියල එකක් තියනවා කියල. එහෙම දෙයක් තියනවනම් තියෙන්නේ මිනිස්සුන්ගේ අත්දැකීම් එක්ක කොයි වාහනේද වැඩි කල්පවත්මක් තියෙන්නේ කියල මිනිස්සු දන්නා හින්දයි. මම මේ පුන පුනා කියන්න උත්සහ කරේ ලංකාවේ සාමාන්‍ය මනුස්සයෙකුට වාහනයක් ගන්නවානම් ටොයෝටා හෝ නිසාන් වාහනයක් ගැනීමේදී ඇතිවෙන වාසි වැඩියි කියන එකයි. එතැනදී honda එකක් අරගෙන වෙන පාඩුව වැඩියි ටොයෝටා හෝ නිසාන් වාහනයක් ගන්නවට වඩා.
ඔයා කතා කරන්නේ international මාර්කට් එක ගැනනම් මම කතා කරන්නේ ලංකාවේ මාර්කට් එක ගැනනම් අපි මේ තර්කය තව දුරටත් ඉස්සරහට ගෙනිහින් පලක් නැහැ. අනික් කාරනාව තමුන්ගේ පලවෙනි වාහනේ විදිහට honda එකක් පැදපු කෙනෙක් එක්ක ටොයෝටා නිසාන් ගැන කතා කරලා පලක් නැහැ. එක මට සමාන කරන්න පුළුවන් පලවෙනි වාහනේ විදිහට මරුටියක් පැද්දා වගේ තමයි.
ඔයාම කියනවා ලංකාවේ honda වාහන හදන්න වෙනම විශේෂිත වූ ගරාජ් තියනවා කියල. එකෙන් කියන්නේ සාමාන්‍ය ගරාජ් එකක honda වාහනයක් හදන්න බැහැ කියන එකද??? මම දන්නා විදිහටනම් කොළඹින් පිට honda වාහනයකට අමතර කොටස් හොයනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්.
මම කතා කරන්නේ ලංකාවේ honda වාහන මාර්කට් එක ගැන. එකට තර්කයක් විදිහට ඔයා ඉදිරිපත් කරන්නනේ honda racing event එකක් ගැන. මේ සැසඳීම මොන තරම් ගොන් තර්කයක්ද? හයිවේ එක ඇරුනාම පැයට කිලෝමීටර 60 ට එහා drive කරන්න නීතියෙන් අවසරයක් නැති ලංකාව වගේ රටක ලෝකේ අංක එකට රේස් පදින්න පුළුවන් කාර් ගෙනල්ල පදින්න තරම් අපේ මිනිස්සු මෝඩයි කියන එකද ඔයා මේ කියන්නේ???
එන්ජින් වල performance ගැන මම කොතැනවත් කතා කරේ නැති නිසා ඔයාගේ එන්ජින් ගැන දාපු කතාවට උත්තර දෙන එක කිසිම තේරුමක් නැති වැඩක්. මොකද ලංකාවේ වාහනයක් විකුනද්දී මිනිස්සු බලන්නේ එන්ජිමේ ක්‍රියාකාරිත්වයේ තත්වය මිසක් performance නෙවෙයි.
අන්න ඒකනේ අපි ටොයොටා ගන්නේ








