හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මහත්තයෝ මම කතා කරේ වාහන වල ගෙවීම ගැනයි ලංකාවේ වාහන මාර්කට් එක ගැනයි . ඔයා එතනට wold ratings ගැන කතා කරනවානම් එක වෙනම කතා කලයුතු ප්‍රශ්නයක්.

    ඔයා කියනවා ලංකාවේ ටොයෝටා වන්දනාව කියල එකක් තියනවා කියල. එහෙම දෙයක් තියනවනම් තියෙන්නේ මිනිස්සුන්ගේ අත්දැකීම් එක්ක කොයි වාහනේද වැඩි කල්පවත්මක් තියෙන්නේ කියල මිනිස්සු දන්නා හින්දයි. මම මේ පුන පුනා කියන්න උත්සහ කරේ ලංකාවේ සාමාන්‍ය මනුස්සයෙකුට වාහනයක් ගන්නවානම් ටොයෝටා හෝ නිසාන් වාහනයක් ගැනීමේදී ඇතිවෙන වාසි වැඩියි කියන එකයි. එතැනදී honda එකක් අරගෙන වෙන පාඩුව වැඩියි ටොයෝටා හෝ නිසාන් වාහනයක් ගන්නවට වඩා.

    ඔයා කතා කරන්නේ international මාර්කට් එක ගැනනම් මම කතා කරන්නේ ලංකාවේ මාර්කට් එක ගැනනම් අපි මේ තර්කය තව දුරටත් ඉස්සරහට ගෙනිහින් පලක් නැහැ. අනික් කාරනාව තමුන්ගේ පලවෙනි වාහනේ විදිහට honda එකක් පැදපු කෙනෙක් එක්ක ටොයෝටා නිසාන් ගැන කතා කරලා පලක් නැහැ. එක මට සමාන කරන්න පුළුවන් පලවෙනි වාහනේ විදිහට මරුටියක් පැද්දා වගේ තමයි.

    ඔයාම කියනවා ලංකාවේ honda වාහන හදන්න වෙනම විශේෂිත වූ ගරාජ් තියනවා කියල. එකෙන් කියන්නේ සාමාන්‍ය ගරාජ් එකක honda වාහනයක් හදන්න බැහැ කියන එකද??? මම දන්නා විදිහටනම් කොළඹින් පිට honda වාහනයකට අමතර කොටස් හොයනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්.

    මම කතා කරන්නේ ලංකාවේ honda වාහන මාර්කට් එක ගැන. එකට තර්කයක් විදිහට ඔයා ඉදිරිපත් කරන්නනේ honda racing event එකක් ගැන. මේ සැසඳීම මොන තරම් ගොන් තර්කයක්ද? හයිවේ එක ඇරුනාම පැයට කිලෝමීටර 60 ට එහා drive කරන්න නීතියෙන් අවසරයක් නැති ලංකාව වගේ රටක ලෝකේ අංක එකට රේස් පදින්න පුළුවන් කාර් ගෙනල්ල පදින්න තරම් අපේ මිනිස්සු මෝඩයි කියන එකද ඔයා මේ කියන්නේ???

    එන්ජින් වල performance ගැන මම කොතැනවත් කතා කරේ නැති නිසා ඔයාගේ එන්ජින් ගැන දාපු කතාවට උත්තර දෙන එක කිසිම තේරුමක් නැති වැඩක්. මොකද ලංකාවේ වාහනයක් විකුනද්දී මිනිස්සු බලන්නේ එන්ජිමේ ක්‍රියාකාරිත්වයේ තත්වය මිසක් performance නෙවෙයි.

    අන්න ඒකනේ අපි ටොයොටා ගන්නේ:love::love:
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    Toyota

    28a877ca-e19e-42fd-9a04-4430894d8816.jpg

    c735071e-9d0f-4006-8f4b-4e2c16167985.jpg

    2hckbo0.jpg

    2rca2ix.jpg

    Kottawa seylan bank eka issaraha. camera - huawei honor 3c;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    සෑහන දෙයක් ඉගෙනගත්තා. මහේශ්, පොල්වත්තකොම්... හුගක් ස්තූතියි

    අවසන් නිගමනය:P:P:P:P - ටොයොට තමයි හොදම:P:P:P. ඒකෙනුත් 120 තමයි හොදම..:rofl::rofl: Y60ත් හොදයි (රිදෙයි )
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මා තර්ක කරන්නේ මගේ හැගීම් වලින් නොවන බව කරුණාවෙන් සලකන්න.
    පිළිගත් ආයතනයකින් Automobile Engineering සම්බන්ධව උසස් ඩිප්ලෝමාවක් සමග වසර 8ක් වාහන අස්සේ අව්වේ, වැස්සේ, මඩේ එරී, තොග ගණන් පොත් කියවා දහස් ගණන් වෙබ් පිටු පීරා බාස්ලගෙන්, ඉංජිනේරුවන්ගෙන් ගුටි කා, මජන් තවරාගෙන එන්ජින් සිය ගණන් ගලවා, ගියර් පෙට්ටි පතුරු ගසා, ඇඟිලි තුවාල කරගෙන, රේස් පදින පුද්ගලයින් සමග කරට කර වැඩ කර, රේස් පදින්න මෝටර් සයිකල් සාදා ලබාගත් අත්දැකීම් වලින් බව සලකන්න. (පොර talk එකක් නොවේ)

    මම ඔයාගේ දැනුමට අත්දැකීම් වලට අගෞරව කරන්නේ නැහැ. ඔයාල මේ ලෝකෙට වටිනා තරුණ කොටස්. එත් ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ඉන්නේ ලිඳක හිර වෙලා කියල මට දැනෙන එක. ඔයාල ඔය හිරවෙලා ඉන්න රාමුවෙන් එලියට ඇවිත් ලෝකේ දිහා බලන්න. සාමාන්‍ය ප්‍රායෝගික ලෝකය කියන්නේ රේස් පදිං ප්‍රජාව නෙවෙයි කියල අවබෝධ කරගන්න. දැනුම කොතරම් තිබුනත් අත්දැකීම් කොයිතරම් තිබුනත් ඒ සියල්ල ප්‍රායෝගික ලෝකය සමග එකට මිශ්‍ර කරලා common දෙයක් එලියට ගන්න තුරාවට ඕනෑම දක්ෂයෙක් තවත් එක්තරා ලිං මැඩියෙක් විතරයි. ඒ න්‍යාය නිසා තමයි අපි වගේ රටවල් තවමත් දුප්පත් රටවල් වෙන්නේ. මොකද දැනුමෙන් උගත් ප්‍රායෝගික ලෝකය සමග සෘජු සම්භන්ධයක් නැති උදවිය අපේ ලංකාවේ ආර්ථිකය සම්භන්ධ තීන්දු තීරණ ගන්න නිසා.

    ඔයා ඔය ඉන්න රාමුවෙන් එලියට ගිය දවසක කියාවි රේස් පදින්න මේ කාර් එක තමයි හොඳ එත් සාමාන්‍ය ජන ජීවිතයට හරියන්නේ මේ කාර් එකයි කියල. පුලුවනිනම් උත්සහ කරලා ඔය රාමුවෙන් මිදෙන්න උත්සහ කරන්න . මමත් මේ දේවල් ගැන කතා කරේ විද්යානුකුල දැනුම, ඒවා භාවිතයෙන් ගත්තු අත්දැකීම්, ලෝකේ වටේ ඇවිදලා ලැබුන අත්දැකීම් සහ වාහන අතරමක කැඩිලා චාටර් වෙච්ච උන්ගේ වාහන ටෙලිෆෝන් එකෙන් හදල ගත්තු අත්දැකීම් වලින් සහ වාහන අරගෙන විකුණලා තියන අත්දැකීම් වලින්. එහෙම බැලුවාම ඔයත් දක්ෂයෙක් එත් එක රාමුවක් ඇතුලේ විතරක්.

    උත්සහ කරන්න ඔය රාමුවෙන් මිදිලා ලෝකේ දිහා ඇස් ඇරලා බලන්න. මම ඔයාගේ දැනුම අවතක්සේරු කරන්නේ නැහැ. මොකද technical field එකේ 1997 ඉඳන් ඉන්න කෙනෙක් විදිහට මම දන්නවා කොයිතරම් දුක් විඳින්න ඕනෙද කියල යමක් ඇඟට සහ මොලයට දාගන්න. උඹල වගේ එවුන් මිනිස්සුන්ට ඕන. එත් රාමුවක් ඇතුලේ හිර වෙන්න එපා.

    උඹ දන්නවද බ්රෝකර්ල ඉන්නවා ගමේ ගොඩේ කාර් එකක් ගන්න හොයන මනුස්සයෙකුට වෑන් එකක් ගැන වර්ණනා කරන. අන්න ඒ වගේ වෙන්න එපා. මිනිස්සුන්ගේ අවශ්‍යතා විවිදයි, විෂමයි..ඒවා දැනගෙන ඉගෙනගෙන ඉදිරියට යන උදවිය තමයි තමුන්ගේ field එකේ පොරවල් වෙන්නේ.

    14139156986946.png
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අයියෝ සල්ලි .. මම මේ මේ තරම් වෙලා තර්ක කරලා තියෙන්නේ වයස 23 ක හිච්චි එකෙක් එක්ක කියල මම දන්නේ නැහැනේ කොලුවෝ.. පුටේ මගේ වයස 37 ක් දැන්. මම මගේම සල්ලි වලින් අරන් පදපු වාහන ගාන උඹේ වයසටත් වඩා වැඩියි පුටේ ..

    සමාවෙයන් උඹේ හැඟීම් එක්ක තර්ක කරාට. උඹ උඹේ වාහනේට පණට වඩා ආදරෙයි කියල මට දැනෙනවා කොල්ලෝ. තව වයසින් වැඩෙන්න ඕන ලෝකේ common දේවල් ගැන තේරුම් ගන්න.

    මහත්තයෝ එක තමා මම ඔබතුමාගේ වයස කියන්නත් කලින්ම කිව්වේ පප්පලාට හොන්ඩා හරි යන්නේ නැති බව. (ඔබතුමා මේ වනවිට විවාහ වී දරුවන්ද සිටින බව මට හැගේ. එවන් අයෙකුට Driving Pleasure සොයනවාට වඩා වැඩි වගකීම් ප්‍රමාණයක් ඇති බවද මා දනිමි. ඒ නිසයි මුලදීම මා කීවේ හොන්ඩා කොල්ලන්ට පමණයි යනුවෙන්)

    * ඔබතුමා මට වඩා සැහෙන වැඩිමල් බැවින් සහ මට වඩා සෑහෙන ජීවන අත්දැකීම් ප්‍රමාණයක් ඇත්තෙකු නිසාත් මා අතින් වරදක් වූවා නම් සමාවනු වනවි. (බොක්කෙන්මයි කිව්වේ...Not a Joke:yes::yes:)

    * ඔබගේ වයස මා විහිළුවකට නොගත් බවත් කරුණාවෙන් සලකන්න.

    කිව්වට තරහ වෙන්න එපා දෙන්නම... වයස එක්ක වාහන ගැන තියෙන ගැහීම් වෙනස් වෙනවා මචන්:yes::yes::yes:

    18-25 කාලේ හොන්ඩා/සුබාරු උන නැති එකෙක් නෑ
    25-35 කාලේ ඇලියොන් ප්‍රෙමියෝ කැම්රිවගේ උන එන්නේ
    35-45 කාලේ ආර්තිකවත් වඩාත් ස්තාවර වේගෙන එද්දි, SUV උන එනවා. ටිකක් ලොකු ජීප් එකකට යන්න හිතෙනවා. ඔය පරන පලාත්සභා පදින උන් සේරම මේ වයසේ හෝ වැඩි උන්. පන ඇරලා ඉන්නේ පලාත්සභාවට
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අම්මෝ හිතුවටා වඩා වැඩේ දරුණු වෙලානේ :shocked:
    මේ නිසා ඔය දෙන්නා අතර හිත් අමනාපකමක් ඇතිකරගන්නෙ නැතිවෙයි කියලා හිතනවා.
    මේ ගැන මට හිතෙන දේමම කියන්නම්.
    ඔය දෙන්නම මගේ යාලුවෝ මම මේ කථාව කියන්නේ විවෘතව වගේම මට දැනෙන විදිහට. හොන්ඩා වාහන වල ගෙවීමක් සම්බන්ධ අත්දැකීම් මටනෑ. ඒ නිසා මම ඒ ගැන කථා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. හැබැයි ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් හොන්ඩා විකුණගන්න අමාරුයි. ඒ කිව්වේ වාහනේ කොච්චර තාක්ෂණිකව හොද වුනත් මාකට් එක අඩුයි කියන එකයි. පිටපළාතක දි නම් ගත්තු වාහනයක් ලේසියෙන් විකුණන්නත් බෑ. මට හිතෙන විදිහට ඒකට ලොකුම හේතුව තමයි ස්පෙයාපාට්ස් ප්‍රශ්නෙ. මොකද කොළඹින්, නුවරින් පිටදී වාහනේ ගැලෙව්වොත් පාට්ස් හොයන්න නම් වාහනේ ගැරජ් එකේ දාලා බස් එකේ කොළඹ යන්න වෙනවා. ඒ නිසා පිටපළාත්වල අය හොන්ඩා වාහන ගත්තොත් අමු කටු කන්න වෙන්නේ. (ඒ ගැන මට අත්දැකීම් තියනවා.)
    ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් වාහන වෙළදපොල ගත්තොත් ඒක පැතිරිලා තියන්නේ ඉතාම අඩු වාහන ඛාන්ඩ සංඛ්‍යාවක කියලා ඔයාලට අමතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඒ වාහන ඛාන්ඩ වලින් පිට ගිහින් අපි වාහන ගත්තොත් අපිට කන්න වෙන ගැරජ් කට්ට වැඩී. මොකද රිකන්ඩිෂන් පාට්ස් වැඩිපුර ගෙනල්ලා තියන්නේ බහුලව තියන මාදිලි වලට විතරක් නිසා.
    ඉතිං බෙන්ස් එකක්, බීඑම්ඩබ්ලිව් එකක් තියාගෙන ඒකේ හොද කියලා, ඒක සාමාන්‍ය කාර් හොයන මනුස්සයෙකුට පෙන්නුවත් ඒ මිනිහා ගන්න බයයි. ඕනිම මොඩයෙක් දන්නවා ඒවගේ තාක්ෂණය හොදයි කියලා. ඒත් ලංකාවෙදී කර ගහලා අමාරුවේ වැටෙව්ව බැරි නිසා ගන්නෙ නෑ. ae100, ae110, fb13, fb14 වගේ එකක් ඒ මනුස්සයට පෙන්නුව නම් ඒමනුස්සයට ඒක පේන්නේ අර බෙන්ස් එකට වඩා හොද වාහනයක් කියලා. ඒකට හේතුව ලංකාවේ තියන සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක. ඒ වගේම සාමාන්‍ය මිනිහෙකුට නඩත්තු කරන්න පුළුවන් පහසුව.
    ලංකාවෙදි සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් හොයනකොට වාහනේ තත්වෙයි, සැප පහසුවයි, තෙල් කිරීල්ලයි, අමතර කොටස්වල සුලභ බවයි, ආපහු විකුණන්න පුලුවන් වටිනාකම වගේම ඒක ආයි කාලෙක ලේසියෙන් විකුණ ගන්න පුලුවන්ද කියන එකයි තමයි බලන්න ඕනේ. ඔය සාදක ටික තියන්නේ ටොයෝටා, නිසාන් වෙළදනාම වලට අයත් වාහන මාදිලි කීපයක විතරයි. ඒකිව්වේ ලංකාවෙදි හැම ටොයෝටා එකම වත් හැම නිසාන් එකම වත් මාකට් නෑ කියන එකනේ. මරුටි, ඇල්ටො වගේ ඉන්දියන් වාහන ත් මෙහෙ මාකට් එක අල්ලලා තියන්නේ ඔය සාදක මත. මරුටියේ ඇති සැප පහසුවක් නෑ තමයි. ඒත් බයික් එකක්, ත්‍රීවිල් එකක් තිබුන මිනිහෙකුට මරුටිය කියන්නේ වාහනයක්. අනිත් ඔක්කොම සාදකත් තියන නිසා ඒ මනුස්සයා මරුටිය ගන්නවා. නිකන් හිතන්න ඉන්සියන් වාහන ගැල්වනයිස් කරල නෑ ඉක්මනට දිරනවා, තහඩුව බිස්කට් ටින්වල මූඩිය වගේ, එන්ජින් ගෙවෙනව ඉක්මනයි. ඒත් ඒවගේ මාකට් එක ලංකාවේ හොදයි. මේකට හේතුව තමයි ලංකාවේ මාකට් එක තීරණය වෙන්න බලපාන්නේ උඩ මම දාලා තියන සාදක ටික විම.
    මම මේ කථාකරේ තාක්ෂණික පැත්ත ගැන නෙවෙයි. වාහන මාකට් එක ගැන විතරයි.

    ඔව්. ලංකාවේ වාහන මාකට් එක අමුතුම දෙයක්.. සාමාන්‍ය පාවිච්චියට වාහනයක් ගද්දි උබ කියන දේ හරියටම හරි
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17666596 said:
    ලංකාවේ රෙජිස්ටර් කරන්න ඕනේ බන් 75ට අඩු වාහන විතරනේ.. අනික්වා නොම්බර නැතුව දිව්වත් පොලිස් බල්ලෝ අල්ලනේ නෑ:rofl::rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මම ඔයාගේ දැනුමට අත්දැකීම් වලට අගෞරව කරන්නේ නැහැ. ඔයාල මේ ලෝකෙට වටිනා තරුණ කොටස්. එත් ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ඉන්නේ ලිඳක හිර වෙලා කියල මට දැනෙන එක. ඔයාල ඔය හිරවෙලා ඉන්න රාමුවෙන් එලියට ඇවිත් ලෝකේ දිහා බලන්න. සාමාන්‍ය ප්‍රායෝගික ලෝකය කියන්නේ රේස් පදිං ප්‍රජාව නෙවෙයි කියල අවබෝධ කරගන්න. දැනුම කොතරම් තිබුනත් අත්දැකීම් කොයිතරම් තිබුනත් ඒ සියල්ල ප්‍රායෝගික ලෝකය සමග එකට මිශ්‍ර කරලා common දෙයක් එලියට ගන්න තුරාවට ඕනෑම දක්ෂයෙක් තවත් එක්තරා ලිං මැඩියෙක් විතරයි. ඒ න්‍යාය නිසා තමයි අපි වගේ රටවල් තවමත් දුප්පත් රටවල් වෙන්නේ. මොකද දැනුමෙන් උගත් ප්‍රායෝගික ලෝකය සමග සෘජු සම්භන්ධයක් නැති උදවිය අපේ ලංකාවේ ආර්ථිකය සම්භන්ධ තීන්දු තීරණ ගන්න නිසා.

    ඔයා ඔය ඉන්න රාමුවෙන් එලියට ගිය දවසක කියාවි රේස් පදින්න මේ කාර් එක තමයි හොඳ එත් සාමාන්‍ය ජන ජීවිතයට හරියන්නේ මේ කාර් එකයි කියල. පුලුවනිනම් උත්සහ කරලා ඔය රාමුවෙන් මිදෙන්න උත්සහ කරන්න . මමත් මේ දේවල් ගැන කතා කරේ විද්යානුකුල දැනුම, ඒවා භාවිතයෙන් ගත්තු අත්දැකීම්, ලෝකේ වටේ ඇවිදලා ලැබුන අත්දැකීම් සහ වාහන අතරමක කැඩිලා චාටර් වෙච්ච උන්ගේ වාහන ටෙලිෆෝන් එකෙන් හදල ගත්තු අත්දැකීම් වලින් සහ වාහන අරගෙන විකුණලා තියන අත්දැකීම් වලින්. එහෙම බැලුවාම ඔයත් දක්ෂයෙක් එත් එක රාමුවක් ඇතුලේ විතරක්.

    උත්සහ කරන්න ඔය රාමුවෙන් මිදිලා ලෝකේ දිහා ඇස් ඇරලා බලන්න. මම ඔයාගේ දැනුම අවතක්සේරු කරන්නේ නැහැ. මොකද technical field එකේ 1997 ඉඳන් ඉන්න කෙනෙක් විදිහට මම දන්නවා කොයිතරම් දුක් විඳින්න ඕනෙද කියල යමක් ඇඟට සහ මොලයට දාගන්න. උඹල වගේ එවුන් මිනිස්සුන්ට ඕන. එත් රාමුවක් ඇතුලේ හිර වෙන්න එපා.

    උඹ දන්නවද බ්රෝකර්ල ඉන්නවා ගමේ ගොඩේ කාර් එකක් ගන්න හොයන මනුස්සයෙකුට වෑන් එකක් ගැන වර්ණනා කරන. අන්න ඒ වගේ වෙන්න එපා. මිනිස්සුන්ගේ අවශ්‍යතා විවිදයි, විෂමයි..ඒවා දැනගෙන ඉගෙනගෙන ඉදිරියට යන උදවිය තමයි තමුන්ගේ field එකේ පොරවල් වෙන්නේ.

    ඔබතුමා ඔය කියන රාමුව මට තේරෙන්නේ නෑ... රාමු නොවී කතා කරන්න ඕනි නිසා තමයි මම කලින්ම International Market එකට ගියේ...ඒ වගේම කල්පැවැත්ම කියන රාමුව අයින් කරලා අනිත් සාධකත් එක්ක කතා කරේ. ඔබතුමා ඔය කියන රාමුව මගේ ගාව නෑ..
    දැනෙන විදියට ඔබතුමා තමයි කල්පැවැත්ම කියන රාමුවේ කොටුවෙලා හොන්ඩා වල ගෙවීම වැඩියි කියන්නේ. රාමුවෙන් එලියට ආවම පෙනෙයි ගෙවීම කියන දේ සාපේක්ෂයි කියලා. ලංකාවේ මාර්කට් කියන රාමුවෙන් එලියට ආවම පෙනෙයි ඇත්ත තත්වේ මොකක්ද කියලා....
    ඔය රාමුවලින් එලියට පැන්න මිනිස්සු ප්‍රමාණය වැඩි උන දවසට AUDI, BMW, BENZ, VW, PEUGEOT වාහන හිතන්න බැරි තරන් ලොකූ ගානකට විකිනෙයි. Cefiro, Cedric, Mark, Crown, Verossa, Legacy, වගේ වාහන වලට දැනට Benz එකකට BMW එකකට තියෙන Reputation එක ලැබෙයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17666557 said:
    කිව්වට තරහ වෙන්න එපා දෙන්නම... වයස එක්ක වාහන ගැන තියෙන ගැහීම් වෙනස් වෙනවා මචන්:yes::yes::yes:

    18-25 කාලේ හොන්ඩා/සුබාරු උන නැති එකෙක් නෑ
    25-35 කාලේ ඇලියොන් ප්‍රෙමියෝ කැම්රිවගේ උන එන්නේ
    35-45 කාලේ ආර්තිකවත් වඩාත් ස්තාවර වේගෙන එද්දි, SUV උන එනවා. ටිකක් ලොකු ජීප් එකකට යන්න හිතෙනවා. ඔය පරන පලාත්සභා පදින උන් සේරම මේ වයසේ හෝ වැඩි උන්. පන ඇරලා ඉන්නේ පලාත්සභාවට

    ඒක නම් ඇත්ත. මහේෂ් පොඩි කොල්ලා. ඌට හොන්ඩා උණ. පොල්වත්තකොම් ලොකු කොල්ලා එයාගේ ආසාව වෙනස්. මම ඔය මැද ඉන්නේ මට තියන්නේ ඇලියොන්, ප්‍රෙමියෝ වගේ උණක්. හැබැයි බිස්නස් කරන නිසා අඩු ගණන් වලට කාර් තුනක් විතර ගන්න බලන්නේ. එහෙමයි වාහන වලට කියලා අතේ තියාගෙන ඉන්න 40 න් විතර රෝල ගහන්නේ.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17666557 said:
    කිව්වට තරහ වෙන්න එපා දෙන්නම... වයස එක්ක වාහන ගැන තියෙන ගැහීම් වෙනස් වෙනවා මචන්:yes::yes::yes:

    18-25 කාලේ හොන්ඩා/සුබාරු උන නැති එකෙක් නෑ
    25-35 කාලේ ඇලියොන් ප්‍රෙමියෝ කැම්රිවගේ උන එන්නේ
    35-45 කාලේ ආර්තිකවත් වඩාත් ස්තාවර වේගෙන එද්දි, SUV උන එනවා. ටිකක් ලොකු ජීප් එකකට යන්න හිතෙනවා. ඔය පරන පලාත්සභා පදින උන් සේරම මේ වයසේ හෝ වැඩි උන්. පන ඇරලා ඉන්නේ පලාත්සභාවට

    ඒ කියන්නේ ඔබතුමාත් 35-45 අතර වයසේ පසුවන පප්පෙක් බවයි...
    මචෝ මන් ඔය කතාව මුලදිම කිව්වා... පප්පලාට හොන්ඩා හරියන්නේ නෑ කියලා....:yes::yes:
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,189
    157
    63
    ඒ කියන්නේ ඔබතුමාත් 35-45 අතර වයසේ පසුවන පප්පෙක් බවයි...
    මචෝ මන් ඔය කතාව මුලදිම කිව්වා... පප්පලාට හොන්ඩා හරියන්නේ නෑ කියලා....:yes::yes:

    මල්ලියේ තරහගන්න එපා,දැන් රන්ඩු උනා අති.
    බොමුද සීතල වතුර වීදුරුවක්,:P:P