අපේ සීය ඉස්සර ඕකට කතාවක් කියනවා මචං. ජර්මන් කාරයගේ වාහනෙයි ජපන් වාහනෙයි හෙලිකොප්ටර් එකෙන් යම් උසකට ගෙනිහින් අතඇරියලු. ජර්මන් වාහනේ දෙපාරක් බම්ප් වෙලා තිබුනලු. ජපන් වාහනේ බකස් ගාලා කඩාගෙන ගියාලු. අන්තිමට ජපන් කාරයා කිව්වලු ඒක තමයි අපේ මාකටින්. අපි වාහන හදන්නේ අව්රුදු 100 යක් පාවිච්චි කරන්න නෙවෙයි 50 ක් පාවිච්චි කරන්න කියලා (ඇත්තටම 50 ක් නෑ). එහෙම කියපු උන් හැදුවලු අව්රුදු 50 ක් පාවිච්චි කරන්න ලාස්නර් බොක්ස් එක. ඊට පස්සේ හදපු හැම වාහනේකම ආයුකාලය අඩු කරාලු. තාමත් ජර්මන් කාරයා අව්රුදු 100ට වාහනේ හදනවා. ඒත් ජපනා හදන්නේ සෑහෙන්න අඩු ආයුකාලයක් පවතින්නයි. අපි ඉතිං ඕව හද හද දුවනවා.ඉතිං තමන්ගේ සීය ගත්තු පරණ මයිනර් එක සීයගේ ජීවිත කාලෙස පාවිච්චි කරා කියලා අපි ගන්න බ්රෑන්නිව් වාහනයක් අපේ ජීවිත කාලෙම පාවිච්චි කරන්න හිතනව නම් ඒක විහිලුවක්. ඒ නිසා අපේ මේ වගේ දුප්පත් රටක ඉන්න අපි ලක්ෂ ගනන් නාස්ති කරන්න හිතාගෙන අලුත් වාහනයක් ගන්නවට වඩා හොදයි හද හද හරි දුවන්න පරණ වාහනයක් ගන්න එක. එතකොට වෙන ලොස්ට් එක බ්රෑන්නිව් එකක් ගන්නවට වඩා ගොඩක් අඩුයි.
නැහැ බන් දැන් ජර්මන් වාහන වලත් කලදසාව ඕක තමා. උන් වාහන හදන්නේ වැඩිකල් දුවන් නැතිවෙන්න. දැන් ඔක්කොම වාහන එන්නෙ ප්ලාස්ටික් කෑලිත් එක්කනෙ. ඕවා අව්රැදු 10 යද්දි වල පල්ලට යනවා. අපේ මාර්කට් එකේ තාම 1990-2000 අතර වාහන තියන හින්දය මේ පරණ වාහන මාර්කට් එක දුවන්නේ. බලපන්කො 2000-2010 වාහන ඔය තත්වෙට ආවම වෙන දේ.
ඉතිං තමන්ගේ සීය ගත්තු පරණ මයිනර් එක සීයගේ ජීවිත කාලෙස පාවිච්චි කරා කියලා අපි ගන්න බ්රෑන්නිව් වාහනයක් අපේ ජීවිත කාලෙම පාවිච්චි කරන්න හිතනව නම් ඒක විහිලුවක්. ඒ නිසා අපේ මේ වගේ දුප්පත් රටක ඉන්න අපි ලක්ෂ ගනන් නාස්ති කරන්න හිතාගෙන අලුත් වාහනයක් ගන්නවට වඩා හොදයි හද හද හරි දුවන්න පරණ වාහනයක් ගන්න එක. එතකොට වෙන ලොස්ට් එක බ්රෑන්නිව් එකක් ගන්නවට වඩා ගොඩක් අඩුයි. 






