මිල්කෝ ආයතනයේ පර්යේෂණ හා සංවර්ධන අංශය විසින් 2020 පෙබරවාරි මාසයේ පමණ සිට සිදු කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස, මේ වන තෙක් අපගේ සමහර නිෂ්පාදන සඳහා භාවිතයට ගත් E102 ,E122 අංක වලට අයත් කෘත්‍රිම වර්ණක ඉවත් කිරීමට කටයුතු කර ඇති බව සතුටින් දන්වා සිටිමු.
හිතවත් ශ්‍රි ලාංකික පාරිභෝගිකයිනි,
මිල්කෝ සමාගම යනු යහපත් මූලධර්ම සහ ව්‍යාපාරික ප්‍රතිපත්ති අනුගමනය කරමින් සදාචාරාත්මක ලෙස සිය ව්‍යාපාරයේ සියලුම කටයුතු කරන, ශ්‍රි ලංකාවේ ප්රමුඛ පෙළේ කිරි ආශ්රිත නිෂ්පාදන සිදු කරන, රජයේ අනුබද්ධිත සමාගමකි.
වගකිවයුතු ආයතනික පුරවැසියකු ලෙස මිල්කෝ සමාගම සිය පාරිභෝගිකයන්ට මෙන්ම සමස්ත ප්‍රජාව වෙනුවෙන් තත්ත්වයෙන් උසස් පෝෂ්‍යදායි හා සෞඛ්යාරක්ෂිත කිරි නිෂ්පාදන හයිලන්ඩ් වෙළඳ නාමය යටතේ වෙළෙඳපොළට නිකුත් කරන අතර, එම නිෂ්පාදන්හි සෞඛ්‍යට හානි කරන රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවන බව ඔබ දැනටමත් දන්නා කරුණකි.
තවද, අපගේ සමහර නිෂ්පාදන සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය ලත් E 102, E 122 අංක වලට අයත් කෘත්‍රිම වර්ණක භාවිතා කළ නමුදු ලාංකික පාරිභෝගිකයන්ගේ සෞඛ්යාරක්ෂිත බව තව දුරටත් තහවුරු කරමින් තවදුරටත් කෘත්‍රිම වර්ණක අඩංගු නොවන නිෂ්පාදන පාරිභෝගිකයන් අතට පත් කිරීමේ අරමුණින් එම
E 102, E122 අංක අයත් කෘතිම වර්ණක ඉවත් කිරීමට කටයුතු යෙදූ බව අවධාරණයෙන් දන්වා සිටිමු.