හරක්ටත් ලෙඩක්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ගවයන් අතර පැතිර යන චර්ම වෛරස් රෝගයක් පිළිබඳ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වේ.

    පොළොන්නරුව, අනුරාධපුර, මහනුවර ඇතුළු කිරි ගවයින් ඇති කරන ප්‍රදේශ කිහිපයකින් මෙම රෝගය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන බව ප්‍රදේශ කිහිපයක පශු වෛද්‍යවරුන් සඳහන් කළේය.

    සමේ තුවාල සහ ගැටිති හට ගැනීම, උණ වැනි රෝග ලක්ෂණ මෙම රෝගය වැළඳුණු සත්වයන්ගේ දක්නට ලැබෙන බව වාර්තා වේ.

    මෙම රෝගය මැස්සන් මගින් පැතිරෙන රෝගයක් බවට හඳුනාගෙන ඇති බව පොළොන්නරුව පශු වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පැවසුවේය.

    ඒ පිළිබඳ අදහස් දැක්වු වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා,

    “ගොවීන් කිහිපදෙනෙක් මට සතුන්ට ගෙඩි තියෙනවා කියලා මට පණිවිඩයක් දුන්නා. මම ඒ ප්‍රදේශයේ සත්තු නිරීක්ෂණය කරා කේෂ්ත්‍රයට ගිහින්. එහිදී මට දැනගන්න ලැබුණා මේ ලෙඩේ අපේ පළාතට අලුත් සහ අපි දන්නා පරිදි ලංකාවට මේක අලුත් ලෙඩක් කියලා. මැස්සෝ විදපු තැන්වලින් මේ ගෙඩි එනවා කියලා තමයි මට ඉස්සෙල්ලාම කිව්වේ. අපි සැක කළේ මේක ලම්පිස්කින් ඩිසීස් කියලා. අපි ඒකට අවශ්‍ය කළමනාකරණය කරන දේවල් අපි කරා. අපි ඒ ගෙඩි අඩුවෙන්න, ඉදිමුම අඩුවෙන්න ප්‍රතිකාර කරපු එක. ඊට අමතරව මේක පැතිරෙන්නේ කෘමීන් මඟින්. විශේෂයෙන් මැස්සෝ. ඒ නිසා ගොවීන්ට උපදෙස් දුන්නා මැසි මඳුරු උවදුර පාලනයට කළ හැකි දේ කරන්න.“

    සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය අංශය භාර වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු මහතා ප්‍රකාශ කළේ මෙය “ලම්පිස්කින් ඩිසීස්“ යන චර්ම රෝගය බවට හඳුනාගෙන ඇති බවය.

    වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු මහතා,

    “ලේ උරාබොන මැස්සන්ගෙන් තමයි මේ රෝගය බෝ වෙන්නේ. මේ රෝගය ලංකාවට ආගන්තුක රෝගයක්. ලංකාවේ මීට ඉස්සෙල්ලා දැකලා නැති රෝගයක්. ලංකාවේ මේ රෝගය වාර්තා වුණේ ‍2020 සැප්තැම්බර් මාසයේ. මේ වෛරසය මඟින් ගොඩක් වෙලාවට අපිට දක්නට ලැබෙන ප්‍රධානම දේ තමයි සතුන්ගේ සෑම තැනම ගැටිති හට ගන්නවා. ඒ වගේම මේ සතුන්ගේ උණ හටගන්නවා. නාසයෙන් හා ඇස්වලින් ස්‍රාවයන් හට ගන්නවා. මේ සත්තු කෑම ගන්නේ නෑ කියන්නේ, කිරි ගන්න සතෙක් නම් කිරි නිෂ්පාදනය ශීඝ්‍රයෙන් පහළ යනවා. මේ රෝගය ලම්පිස්කින් ඩිසීස් කියන රෝගය බවට හඳුනා ගත්තා. මේ වන විට සියලුම කටයුතු යොදලා තියෙනවා මේ රෝගය බෝ වීම පාලනය කරන්න.“
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    කුකුල් උණක් කලින් තර්ඩ් එකේ දැක්ක දැන් හරක්කුන්ටත් ලෙඩක් :dull:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    පානදුරේ ඉන්න video දාන හරකව දන්න කෙනෙක් ඉන්නව නම් කියපන් පොඩ්ඩක් ගෙට වෙලා ඉන්න කියල. නැත්තම් අර එලු හම් මල්ල අස්සටම පොන්නයවත් දාල වලලන්න වෙන්නෙ :yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    සජිත් මේ දවස් වල කුලප්පු වෙලා හිටියා එහෙනම් ඒක තමා ශින් එක
     
    • Haha
    Reactions: erozan

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    Lumpy skin disease (LSD) is caused by a capripox virus. (a large double-stranded DNA virus) :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    @erozan wadiya naththe utath me lede hadila wage
    තොපි වගේ කාලකන්නින්ට වැඩක් නතුවට මට කරන්ඩ වැඩ ඕන තරන් තියෙනව ඒක නිසා මේක පැය 24ම ලැගගෙන ඉන්ඩ බැ..

    සජිත් මේ දවස් වල කුලප්පු වෙලා හිටියා එහෙනම් ඒක තමා ශින් එක
    Lol
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    තොපි වගේ කාලකන්නින්ට වැඩක් නතුවට මට කරන්ඩ වැඩ ඕන තරන් තියෙනව ඒක නිසා මේක පැය 24ම ලැගගෙන ඉන්ඩ බැ..


    Lol

    මචන් පිසිආර් කරාද උබට ? අඩෝ මොනව වුනත් උබ හොඳ ලොල්ලා.​

     

    Similar threads