හරකා වෙනුවෙන් දිවි පිදු ඉන්ද්‍ර රතන හිමි...
ගව ඝාතනයට විරුද්ධව දළදා මාලිගාව ඉදිරි පිටදී ශරීරයට හිනි තබාගෙන අපවත්වූ ඉන්ද්‍ර සාර හිමියන්ට ප්‍රථමයෙන්ම නිවන් සුව ප්‍රර්ථනා කරන අතර එම සිදුවීම සැලසුම් ගතව පටිගත කර මාධ්‍යාට ලබාදුන් සුවර්ණවාහිනි නාලිකාවටද එකසේ ස්තුතිය පුදකළ යුතුයි .
බෞද්ධ ආගමිකයන් අන්‍යාගම් වලට හැරවීම නැවැත්විමටත් සව ඝාතනය නැවැත්වීමත් යන කාරණා දෙක මුලික කරගෙන ඒ වෙනුවෙන් ජීවිතය දානය කල ඉන්ද්‍රසාර ගිමියන් මෙයින් බලාපොරොත්තු වන දෙය කොයිතරම් දුරට සාර්ථකද සාධාරණද යන්නෙහි ගැටලුවක් පැනනැගී ඇත .
ඉන්ද්‍ර සාර හිමියන් පවසන ප්‍රථම කාරණය ගෙන බැලුවහොත් අන්‍යාගම් අවලට හැරවීම කියන කාරණය , එතැනදී මනුෂ්‍යන්ට තමන් කැමති ආගමක් වැලද ගැනීමට හෝ ඇදහීමට නිදහස තිබිය යුතුයි ලංකාව තුල ඒ නිදහස තිබෙන බැවින් ඒ සදහා බලකිරීමක් කරනවායයි කීම පිළිගත හැකි කාරණයක් නොවේ . බෞද්ධ යෙක් හෝ කුමන ආගමිකයෙක් වේවා ඔහු කැමතිනම් වෙනත් ආගමක් වැලද ගැනීම ඔහුගේ කැමැත්තයි එකට විරුද්ධ වෙන එක නිෂ්පලයි.
දෙවැනි මෙන්ම ප්‍රධාන කාරණය වන ගව ඝාතනය, මෙතැනදී දකින ප්‍රධාන වරදනම් ඇයි ගව ඝාතනයට පමණක් විරුද්ධ වන්නේ . විරුද්ධ විය යුතුනම් විරුද්ධ විය යුත්තේ සියලුම සත්ව ඝාතනයන්ටය, ගව ඝාතනයට පමණක් විරුද්ධවන බෞධ්දයන් දකින විට ඇතිවන්නේ හාස්‍යක්.
සිංහල බොදුනුවන් බොහෝ විට තර්ක කරන්නේ ගව ඝාතනය හෝ සත්ව ඝාතනය සිදු කිරීමට අන්‍ය ආගම් වලින් අනුබල දෙනාවායයි කියන කාරණය. මා දන්නා අන්දමින් කිසිම ආගමකින් සත්ව ඝාතන වලට අනුබල දීම් සිදුකර නැහැ පසුකලකදී ඇතිවූ වෙනස්වීම් හැරෙන්නට . එහෙත් සමහර ආගම් වලින් සත්ව ඝාතන නොකරන්න කියා ද සදහන් කර නැහැ. එයටද හේතුවන කරුණු තිබේ.
බෞද්ධ ධර්මය හැරුනුවිට අනෙක් බොහොමයක් ආගම්වල මුලාරම්භය ඇතිවී තිබෙන්නේ යුරෝපය ,පලස්තීනය ,අරාබිය, වැනි රටවලින් අතීතයේ එවැනි බොහෝ රටවල ප්‍රධාන ආදායම් මාර්ග වුයේ සතුන්, ලෝකයේ සියලුම ප්‍රදේශ කෘෂිකර්මාන්තයට සාර්ථක වුයේ නැහැ , එබැවින් ඒ රටවල මිනිසුන්ගේ ආහාර අවශ්‍යතාවයන් වලට සරිලන අන්දමින් ඵළ බෝග වගාකරගැනීම සාර්ථක නොවන බැවින් සත්ව මාංශ ප්‍රධාන ආහාරයක් බවට පත්වී තිබෙනවා . ඒ බැවින් එවැනි පසුබිමක් සහිතව නිර්මාණයවූ ආගම්වලට සත්ව මාංශ අනුභව කිරීම වරදක් විදියට දක්වා නැත . වරද ඇත්තේ නොයෙක් නොයෙක් ආගම් අදහන්නක් එකම රටක් තුල ජීවත්වීමේදී අනෙකාගේ චර්යාවන් වලට සංවේදී නොවීමයි...
තත්වය එසේ තිබේදී ඉන්ද්‍ර සාර හිමියන් දිවි පුදකිරීම කොයිතරම් දුරට සාධාරනදැයි නොදනිමි . නියපිට රැදී පස් පිඩක්මෙන් බොහෝ කලාතුරකින් ලබන මනුෂ්‍ය ආත්මය විනාශ කරගැනීම එයිටත් වඩා පාපයක් බව චීවර දාරීන් නොසැලකීම එයිටත් වඩා කනගාටුවට කරුණකි.
ලංකාව තුල මනුෂ්‍යන්ට ආහාර සදහා ධාන්‍යාගාරය ප්‍රමානවත්නම් ගව ඝාතනය පමණක්ම නොව සියලු සතුන් ඝාතනය ද තහනම් කලාට වරදක් නැත . මක්නිසාදයත් ජීවත්වීමේ අයිතිය ගවයාට පමණක්ම නොව අනෙක් සතුන්ටද ලැබිය යුතුය . පව් සිදුවන්නේ ගව ඝාතනය නිසා පමණක්ම නොව කුමන සත්වයෙකුගේ හෝ ජීවත්වීමේ අයිතිය උදුරා ගැනිම පාපයකි . එහෙත් ඇයි තවමත් ගවයන්ට පමණක් විශේෂයක් ????
උපුටා ගැනීම
http://chami4u.blogspot.com/2013/05/blog-post_26.html