හර්පිස් 16+

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
හර්පිස් ගැන දැනුවත් වෙමු.

virus-image.jpg


මම කලින් කලට එළකිරියේ දැක්ක විවිද සාමාජිකයෝ ඔවුනට ඇති විවිද ප්‍රශ්න ගැන. ගොඩක් අයගේ ශිෂ්නයේ බිබිලි දැමීම. ගොඩක් අය මේවගේ වෙලාවට බය වෙලා ලජ්ජාවට පත් වෙනවා. ඊට පස්සේ එළකිරියේ උදවු ඉල්ලලා දානවා. පස්සේ උදවු කරලා නිසි තැනට යොමුකලාම ගොඩක් අය දොස්තර වෙත යන්න බය වෙනවා ලජ්ජා වෙනවා.

එයට අමතරව එළකිරියේ ඉන්න ගොඩක් අය ඔහුට තියෙන්නේ හර්පිස් කියල හුවා දක්වනවා. ඒ කියන අයට හර්පිස් කියන්නේ මොකක්ද කියල හරි හැටි වැටහීමක් නැතිව තමයි උත්තර දෙන්නේ. බිබිලි හට ගන්න සෑම වෙලාවකදීම එය හර්පිස් නමින් ඔවුන් හදුනවනවා. බිබිලි හටගත් පමණින් එය
හර්පිස් නොවන්න පුළුවන්. එතනින් වෙන්නේ රෝගියා ගොඩක් මානසික ඇද වැටීම.

ඇත්තටම හර්පිස් කියන්නේ බොහෝ අවස්ථාවල ලිංගිකව බෝවන රෝගයක්. මෙම සමාජ රෝගය ඇතිකරනු ලබන්නේ වෛරසයක් මඟිනි (Herpes simplex virus) මේකට ප්‍රධානම හේතුව වන්නේ තමන්ගේ යහපත් කල් ක්‍රියාවක් නොමැති වීම සහ හැඟීම්වලට වහල්ව කටයුතු කිරීමයි. සමහරුන්ට බඩු සබ්ජෙක්ට් එකට ගියාම මෙලෝ විචාරයක් නැහැ.

හර්පිස් වල වර්ග දෙකක් තියනවා මචන්ලා. එකක් තමයි HSV-1 සහ HSV-2 යන වර්ග දෙක. මේ දෙක අඳුන ගැනීමට අනිවාර්යයෙන්ම රුධිර පරීක්ෂාවක් සිදු කරන්න ඕනේ. යම් අවස්ථාවන් වලදී පිටවෙන ශ්‍රාවයන් ගෙන පරික්ෂා කිරීමේ හැකියාවක් ද පවතිනවා. නමුත් වඩා නිවැරිදි වන්නේ රුධිර පරික්ෂවයි.


මොකක්ද මේ HSV-1 කියන්නේ.

HSV-1 cold sores. ගොඩාක් වෙලාවට අපි කටේ එන උෂ්ණ බිබිලි කියල හදුන්වනවා. මේක සිපගනිමේදී ගොඩක් දුරට බෝවන්න පුළුවන්. අපි අහාර ගැනීමේදී හැඳි ගරුප්පු වගේ දේවල් වලිනුත් බෝවන්න අවධානමක් තියනවා . නමුත් නිවැරිදි ලෙස පිරිසිඳු කල හැඳි ගරුප්පු වලින් බෝවීමක් සිද්ධ වෙන්නේ නැහැ.
n2176.jpg


එතකොට HSV-2 කියන්නේ මොකක්ද

n5551628.jpg


HSV-2 තමයි ඉතින් චාටර්ම සිද්දිය. HSV-2 අසාධනය වන්නේ ලිංගිකව. කොපු නැතුව බඩු ගැහුවොත් ඉති සදා සොත්ති උපාලි තමයි. ලිංගික අවයව වලින් එන ස‍්‍රාවයන්හි මෙම වෛරසය ආසාදිත රෝගින්ගේ තියෙන්න පුළුවන් . එවැනි ස‍්‍රාවයන් තැවරීමෙන් තමයි HSV - 2 අසාධනය වන්නේ . ලිංගික අවයව, යෝනිමාර්ගය,යන ස්ථාන අසාධනය වන්න පුළුවන්.

වැඩේ තියෙන්නේ මචන්ලා මේ රෝගය කොහෙත්ම නිට්ටාවට සුව කිරීමට හැකියාවක් නැති කමයි. කල හැක්කේ රෝගය පාලනය කිරීම පමණයි. එක නිසා අද ඉඳලා බඩු සබ්ජෙක්ට් එකේ යනවනම් තමන්ගේ ජීවිතය ගැන දේවරක් සිතන්න වෙයි.

C0156044-Herpes_infection_on_the_penis-SPL.jpg


img0105.jpg


රෝග ලක්ෂණ

රෝග ලක්ෂණ වයිරසය අසාධනය වෙලා දවස් දෙකේ සිට සති තුනක් දක්වා කාල පරාසයක් තුල ඇති වෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට පුරුෂ ලින්ගයකනම් කෙලින්ම ජුන්ඩාගේ ටොපා නලියන ගතියක් දැනෙනවා. කසනවා වගේ දැනෙනවා. පොඩ්ඩක් ටොපා පස්සට කරලා බැලුවොත් කුඩා බිබිලි දක්නට පුළුවන් වෙයි. මේවා දියර පිරුණු ගෙඩි. මේවා නිකන් පැහැදිලි හෝ බොර පැහැති දියරයන් සහිත බිබිලි වෙන්න පුළුවන්. තවද මේවා වෘෂණ කෝෂ වල එන්නත් පුළුවන්. ගුද මාර්ගයේත් ඇති වෙන්න පුළුවන්. පස්සේ මේ බිබිලි පුපුරලා ගිහින් අධික වේදනාවක් හට ගන්නවා. චු දැවිල්ල වගේ ඇති වෙන්න පුළුවන්. ස්ත්‍රියකගේ නම් යෝනි මාර්ගයෙන් ශර්වයන් ගැලීම සහ යෝනිය අවට බිබිලි ඇති වෙන්න පුළුවන්. මේවා සති දෙකක් පුරා පැවතිලා ක්‍රම ක්‍රමයෙන් රෝගියා සුවපත් වෙනවා.

නැවතත් මේ රෝගය සති ගණනකින් හෝ මස කිහිපයකින් උත්සන්න වෙන්න පුළුවන්. නමුත් අර මුල් අවස්ථාවේ වගේ දරුණු වෙන්නේ නැහැ.

තව දෙයක් මේවා අසාධනය උනාම උන ගන්නවා . කුද්දැටි එනවා. හන්දිපත් රුධාවන් හැදෙනවා.


මෙහි ඇති භයානක කම වනුයේ මෙය නිට්ටාවට සුවකල නොහැකි වීමයි. වෛරස් රෝග සඳහා ඇති ඖෂධ මඟින් මෙහිදී ඇතිවන රෝග ලක්‍ෂණ යම් දුරකට යටපත් කල හැක. උදා: කැක්කුම හා ඇතිවන තුවාල පවතින කාලසීමාව අඩුකල හැක.
- නැවත නැවත මෙම රෝගී තත්වය ඇතිවීමත් සමඟ රෝගියා අවධානයෙන් සිටියහොත් රෝගය මතුවීගෙන එන අවස්ථාව හඳුනාගත හැක. එහිදී ඇතිවන නලියන ස්වභාවය, කැක්කුම, කැසීම, මීට නිදසුන්ය. එම අවස්ථාවේම වෛද්‍ය උපදෙස් අනුව අදාල ඖෂධ ලබාගැනීමෙන් තත්වය යම් දුරකට සමනය කල හැක. මෙමඟින් තව කෙනෙකුට බෝවීමේ හැකියාව යම් දුරකට අඩුකරයි.

⋆ මෙම බිබිලි ඇතිවුවහොත් ලිහිල් කපු රෙද්දෙන් නිමකරන ලද යට ඇඳුම් භාවිතා කල යුතුය.
⋆ ජලය හා සබන් මඟින් අදාල ප‍්‍රදේශය පිරිසිදු කිරීම කලහැක.
⋆ උණුවතුර නෑම මඟින් කැක්කුම අඩුකරයි.

විශේෂයෙන්ම කිවයුතුම ඩේ තමයි මෙවැනි රෝග ලක්ෂණ ඇති උනිත් ලිංගාශ්‍රිත සම්බන්ධ දොස්තර කෙනෙක් මුණගැසීම වඩා උචිතයි. බය වෙන්න එපා . සමාජයේ මතයක් තියනවා දොස්තරලා බනිනවා කියල. නමුත් එහෙම දෙයක් නැහැ නුතන වත්මන් සමාජයේ. එහෙම බනින්නේ නැහැ. ඔයාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙයි.








 
Last edited:

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපේ උන්ව මෙහෙම දැනුවත් කිරීම ගොඩක් හොඳයි. ගොඩක් උන් ලෙඩ වෙන්නේ නොදැනුවත් කමින්. Rep added.
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    Sutte 4tos dapan moko api kollo gahanna yanne na nea ban...ethakota wath meka leda ekek kiyala nogaha hitiyahaki
     

    naweej

    Junior member
  • Jan 27, 2010
    163
    24
    18
    12'o clock of Ur CP
    පහුගිය ටිකේම මෙවැනි ශිශ්ණයේ බිබිලි, කැසීම්, දැවිල්ල ආදිය සම්බන්දයෙන් පල කරලා තිබුන thread වලදී අදාල සහෝලට තිබුන ලොකුම ප්‍රශ්ණය තමයි "ඇත්තටම මට STD එකක්ද හැදිලා තියෙන්නේ කියලා." :confused:

    ශරීරයේ අභ්‍යන්තර සෞඛ්‍ය ගැටළු වලදී, public forum වල ස්ථිර විසදුම් හොයනවාට වැඩිය ඒ විෂයට අදාල දොස්තර මහතෙකු හමුවීම තමයි වඩාත් සුදුසුම දේ. :yes:

    එක වරයි... එය ජීවිත කාලෙටමයි... :no: :no: :no: නිසා ගණිකාවන් ඇසුරට පෙර තවත් වාරයක් කල්පනා කර බැලීම යහපති. :yes:

    දැනුවත් කලාට බොහෝම ස්තූතියි සහෝ... :cool:

    ◄○► BUMP ◄○►​