හරිත කෘෂිකර්මාන්තය පැමිණ ඇත

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කෙරේ.​

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් සංවර්ධිත කෘෂි ආර්ථිකයක් ගොඩනැඟීම, ඉදිරි දශකය තුළ දේශීය හා ජාත්‍යන්තර පාරිභෝගිකයාට වස විසෙන් තොර කෘෂි නිෂ්පාදන ලබා ගැනීමට අවස්ථාව උදා කිරීම හා පරිසර හිතකාමී වගා හඳුන්වා දීමට කටයුතු කරන බව අවධාරණය කර ඇත.​

    පසට හා ජලයට එකතු වන රසායන අපද්‍රව්‍ය අවම කරමින්, ජීවනෝපාය මාර්ග තුළින් පරිසර හිතකාමී සෞඛ්‍යාරක්ෂිත හරිත කෘෂිකර්මයක් බිහි කිරීම රජයේ ප්‍රමුඛ පරමාර්ථයක් වේ. නවීන තාක්ෂණික උපකරණ භාවිත කරමින්, පරිසර හිතකාමී හා කාබනික වගාවන් සිදු කිරීමෙන් තිරසර හරිත කෘෂිකර්මයක් කරා ගමන් කිරීමෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රතිලාභ අත් කර ගැනීමට ඇති හැකියාව අවධානයට ලක් කර තිබේ.​

    පර්යේෂණ හා නව නිපැයුම් මඟින් අහිතකර කෘෂි රසායන ද්‍රව්‍ය අවම කිරීමට හා පරිසර හිතකාමී දේශීය පරිසර තත්ත්වයන්ට ගැළපෙන කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය දිරිගැන්වීම් ලබා දීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් ජනාධිපතිතුමා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් ඊයේ (15) මෙම කාර්ය සාධක බලකාය ස්ථාපනය කෙරිණ.​

    විජිත් වැලිකල මහතාගේ සභාපතීත්වයෙන් යුත් කාර්ය සාධක බලකායේ සාමාජිකයන් සංඛ්‍යාව 14කි. ජනාධිපති අතිරේක ලේකම්, වර්නන් පෙරේරා මහතා කාර්ය සාධක බලකායේ ලේකම්වරයා ලෙස පත් කර ඇත. හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන්ගේ නාම ලේඛනය පහතින් දැක්වේ.​

    01. විජිත් වැලිකල මහතා - සභාපති, වයිල්ඩ් හොලිඩේස් (පුද්ගලික) සමාගම​

    02. ලලිත් සෙනෙවිරත්න මහතා​

    03. එස්.කේ.බී. කසුන් තාරක අමල් මහතා - අධ්‍යක්ෂ, ජෛව ජනන හරිත තාක්ෂණ පර්යේෂණ ආයතනය​

    04. මාලින්ද සෙනෙවිරත්න මහතා - අධ්‍යක්ෂ, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා​

    පුහුණු ආයතනය​

    05. ආර්.බී. රසික තුසිත කුමාර මහතා - දේශගුණික කෘෂිකාර්මික සම්බන්ධීකාරක/ වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්ක පරිසර හිතකාමී කෘෂිකාර්මික පුහුණු උපදේශක​

    06. ආචාර්ය බී.කේ.ජේ. කාවන්තිස්ස මහතා - ප්‍රධාන විධායක අධ්‍යක්ෂ, “සියපත” ජාත්‍යන්තර අධ්‍යාපන හා පුහුණු කිරීමේ ආයතනය (පුද්ගලික) සමාගම​

    07. සමන්ත ප්‍රනාන්දු මහතා - කාන්ගර හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම​

    08. සමුදිත කුමාරසිංහ මහතා - ලංකා බයෝ ෆර්ටිලයිසර්ස් පුද්ගලික සමාගම​

    09. අජිත් රන්දුනු මහතා - ග්‍රීන් ෆොර්ස් ඇග්‍රිකල්චර් පුද්ගලික සමාගම​

    10. එන්.එම්. කලීඩ් මහතා - ලංකා නේචර් පවර් පුද්ගලික සමාගම​

    11. ශම්මි කිරින්දේ මහතා - බයෝ ෆුඩ්ස් පුද්ගලික සමාගම​

    12. නිර්මලා කරව්ගොඩ මහත්මිය - හයිසොන්ග් ඕඑන්බී පුද්ගලික සමාගම​

    13. චමින්ද හෙට්ටිකන්කානම්ගේ මහතා - ආර්.කේ.ජී. බයෝ ග්‍රීන් ෆාර්ම්​

    14. නිශාන් ද සිල්වා මහතා - ලෝරන්ස් ලික්විඩ් ෆර්ටිලයිසර්

    සැලසුම් හදන්න දැනුයි කාර්ය සාධක බලකායක් දාල තියෙන්නේ... හැබැයි පොහොර ගෙනල්ලා කලින්ම..
     
    • Haha
    • Like
    Reactions: ieannet and ESL

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හැම කාලෙම කතා විතරයි බං...
    ඒක් කාලෙක 'අපි වවමු - රට නගමු' - තව කාලෙක 'නිල්ල පිරුණු රටක්',
    'වගා ලංකා - වගා ස‍ංග්‍රාමය', 'ගෙවතු වගා සංග්‍රාමය' -'නීල හරිත යුගයක්'
    මට මතකයි මෙෙත්‍රිපාල සිරිසේන කෘෂිකර්ම අැමති කාලෙ ඔය වගේ වැඩක් පටන් ගත්ත. ඒ් වගේම රත්නසිරි වික්‍රමනායකත් ඒ් වගේ වැඩක් පටන් ගත්ත.
     
    Last edited: