මෙහෙමයි මට හිතෙන්නෙ... මේ වසංගත තත්ත්වයට මුහුණ දෙන්න රජයක් විදියට ගත්තු ක්‍රියාමාර්ග බහුතරයක් දැන් ෆේල් වෙලයි තියෙන්නෙ.. මොකද බහුතරයක් තීන්දු තීරණ විද්‍යාත්මක නැති නිසා කියලයි කියන්නෙ.. කතා ඇහෙන විදියට අපිට කෙලවෙලා ඉවරයි ලු..
දැන් එතකොට මේ failure එකේ fall guy කෙනෙක් ඉන්න ඕනි.. (උදාහරණයක් විදියට අර NMRA Data මැකුණු සිද්ධියෙදි අර data company එකේ සේවකයා වගේ).. දැන් කවුද වගකීම ගන්නෙ? 'ස්? හමුදාපති ෂවේන්ද්‍ර? සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් (හෝ අදාල සෞඛ්‍ය බලධාරීන්)? GMOA එක?
මේ කවුරුවත් වගකීම ගන්නෙ නෑ.. මෙයාලා එකිනෙකාට ඇඟිල්ල දික් කර කර ඉඳියි..
දැන් එතකොට කොයි මුව හමට ද තලන්නෙ?
ඉතුරු වෙන්නෙ එකම option එකයි.. ඒ තමයි ජනතාව වැරදිකාරයා කරන එක.. ඇඳිරිනීතිය පනවන්න උනේ ඇයි? මෙදා පාර ඇඳිරි නීතිය රජය විසින් නොදැම්ම නම්, ජනතාව විසින් රට වහගන්න තැනකට එමින් තිබුණෙ.. වෙලඳ සංගම් එකින් එක නගර වහන්න ගත්තා.. මේකත් අර කලින් පාර FB එකේ ගියපු "බදියුදීන් මගේ ගෙදර නෑ" වගේ trend එකක් වීගෙන ආවෙ.. මිනිස්සු විසින් රට වහගත්ත නම් ඊලඟට මිනිස්සු realize කරන දේ තමයි මොකටද අපිට තව දුරටත් රජයක් තියාගෙන ඉන්නෙ? රජයකින් අපිට වැඩක් නෑ නේද කියන දේ.. එහෙම උනා නම් පක්ෂ පාට බේදයක් නෑ, ඔය 225ටම හුකෑස් වෙනවා..
ඉතිං මෙ නවනිංගිරාවෙන් ගැලවෙන්න නාමික ඇඳිරිනීතියක් දැම්මා.. හැබැයි කලින් ගමන් වල වගේ පොලිසිය / හෝ ආරක්ෂක අංශ විසින් දැඩි ලෙස පරික්‍ෂා කිරීමක් නෑ.. check point තියෙනවා වෙනද වගේම.. හැබැයි check කරන්නෙ නෑ.. ඒ මුර කපොලු වල ඉන්න පොලිස් නිලධාරීන් පුටු තියාගෙන වාඩි වෙලා එක්කො නිදි.. නැත්නම් ෆෝන් එකක් ඔබ ඔබ ඉන්නවා.. මුල් දවස් ටිකේ මිනිස්සු ගෙවල් අස්සට වෙලා හිටියා.. හැබැයි ටික දවසක් යද්දි මිනිස්සු තේරුම් ගත්තා මුන් කලින් වගේ මෙදා පාර චෙක් කරන්නෙ නෑ කියන එක.. ඉතින් මිනිස්සු ඇවිදින්න, එදිනෙදා වැඩ කරගන්න එලියට යන්න පටන් ගත්තා.. අද වෙනකොට මහ පාරෙ නැත්තෙ පොදු මගී ප්‍රවාහන බස් රථ, නැව් හා ගුවන් යානා විතරයි.. වෙනද වගේම ට්‍රැෆික් දැන්..
ඉතින් කොවිඩ් පැතිරීම අඩු වෙයිද? නෑ.. පහුගිය දවස් ටිකේ ආසාධිතයන් වාර්තා වීම අඩු වීමට ප්‍රධාන හේතු 02ක් මම දකිනවා..
01. ඇඳිරි නීතිය දාපු මුල් දවස් ටිකේ මිනිස්සු ගෙදර හිටපු නිසා පැතිරීම අඩු උනා..
02. PCR සහ RAT (Rapid Antigen Test) කරන ප්‍රමාණය අඩු උනා..
ඒත් ඔන්න බලන්න ඉදිරි දවස් 05 වගේ ඇතුලත ආයිමත් ආසාධිතයන් වාර්තා වීම වැඩි වේවි (සත්‍ය තොරතුරු කිසිම බලපෑමකින් තොරව ඉදිරිපත් කරොත්). මොකද හේතුව පනවපු ඇඳිරි නීතිය වචනයට විතරක් සීමා වෙච්චි එකක් නිසා..
එතකොට පරමාර්ථ 02ක් ඉෂ්ඨ වෙනවා..
01. බය නැතුව මහජනතාව දිහාවට ඇඟිල්ල දික් කරල කියන්න පුළුවන් "අපි රට වැහුවා. ඒත් තොපි ගෙදර ඉන්නෙ නැතුව ඇවිදින්න පටන් අරන් මේ රට කෑවා" කියලා..
02. ඒ වගේම මෙහෙම වත් ඇඳිරිනීතිය දාන තැනට පත් කරපු අර වෙලඳ ප්‍රජාව ඇතුළු මේ රටේ කොන්දක් තිබුනු, රටට ආදරේ කරපු කොටසකට ටොක්කක් අනින එක.
හදිසි නීතියත් දාලා තියෙන්නෙ.. දැන් කිසි කතාවක් නැතුව විරෝධය පල කරොත් අත් අඩංගුවට ගන්න පුළුවන්.. ජනතා විරෝධය මර්ධනය කරන්න පුළුවන්.. ඒ වගේම ජනතාව විසින් රජයට බලපෑම් කරන එක නවත්තන්න පුළුවන් නීති ත් ඉදිරියේදි අපිට හොරා සම්මත වේවි..
කොහොමද ටිකිරි මොලේ..
(කිසිම එකෙක් මගේ මේ කමෙන්ට් එකට දේශපාලනික අර්ථකථනයක් දෙන්න ලෑස්ති වෙන්න එපා. මේක කිසිම දේශපාලනික අරමුණකින් දුන්න උත්තරයක් නෙවෙයි. සිරාවටම කියන්නෙ.. මීට වඩා දරුණු කාරණා තියෙනවා.. ඒවා කතා කරන්න බෑ.. ජාතික ආරක්‍ෂාවට ගැටළුවක් / තර්ජනයක් උනා කියල නීතිමය ක්‍රියා මාර්ග ගන්න පුළුවන්.. තොරතුරු දැනගැනීමේ පනත යටතේ මගේ IP details වල ඉඳල සේරම තොරතුරු දෙන්න GT බැඳිල ඉන්නවා)