හරියට Phone එකක් තෝරන්නේ කොහොමද?
මොබයිල් ෆෝන් කියන්නේ අද ශරීරාංගයක් තරමට ම මිනිස්සුන්ට වැදගත් එකක්. මේ නිසා හැමෝම ළඟ ජංගම දුරකථන තියෙනවා. ඉඳල ඉඳලා ෆෝන් එකේ බැටරි බැස්සම අර කැලේක අතරමං වුණා වගේ අපිට දැනෙන්නේ ඒ නිසා.
දැන් ෆෝන් එකක් ගන්න එකත් ලේසි වැඩක් නෙවෙයිනේ?ඇයි එක් එක ජාතියේ ෆෝන් හැමතැනම. අරකට වැඩිය මේක හොඳයි කියනවා. මේකට වැඩිය අහවල් එක හොඳයි කියනවා පිස්සු හැදෙනවා. ෆෝන් එකක් ගන්න කඩේට ගියාම අපිට ෆෝන් කඩේ කොල්ලෝ එක එක ඒවා පෙන්නනවා. එකම ජාතියේ ෆෝන් එක එක ගණන්වලට එයාල ළඟ තියෙනවා. එයාලා ඒ ෆෝන් පෙන්න පෙන්න එක එක කථා කියනවා.මේවා ෆින්ලන්ඩ්, මේවා චයිනීස් මේක ඔරිජිනල් අරක බාලයි කියලා. අපි දන්නවයැ ඕවා. මොකෝ අපි හපලා රස බලලා දැනගන්න ද? එයාලා කියන එක අහගෙන අපිත් ෆෝන් එකක් උස්සගෙන එනවා. ඕක තමයි වෙන්නේ සාමාන්‍යයෙන්. මෙහෙම ගෙනාවට කවු ද දන්නේ මේ ෆෝන් එක ඇත්තටම හදපු රට වගේම ඔරජිනල්ම ෆෝන් එකක් ද? කොහොමද මේකේ කල් පැවැත්ම කියලා. එහෙනම් මෙන්න ඒ සේරම හොයාගන්න ක්‍රමයක්
එහෙනම් ෆෝන් එකේ *#06# කොටන්නකො බලන්න.
එතකොට ස්ක්‍රීන් එකේ අංකයක් එයි. ඒ තමයි "ජාත්‍යන්තර ජංගම උපකරණ හඳුනාගැනීමේ අංකය"
නැත්තම් international mobile equipment identity number. මේක එසේ මෙසේ අංකයක් නෙමේ. ජාත්‍යන්තර අංකයක්.
ඒ අංකයේ 07 වෙනි අංකයයි, 8 වෙනි අංකයයි පොඩ්ඩක් චෙක් කරල බලන්නකො. මෙහෙම කිව්වට තේරෙයි ද මන්ද ! තේරෙන්නෙ නැත්තම් පහළ වගුව බලන්න.
1-2-3- 4- 5-6-7-8-9-10-11-12-13-14-15
serial නම්බරේ X-X-X-X-X-X-?-?-X-X--X--X--X--X--X
ඒ අංක දෙක,
- 02 හරි 20 හරි නම්.
ඔබේ ෆෝන් එක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දි එකලස් කරපු එකක් සහ ඉතාමත් පහත් ගුණාත්මක භාවයෙන් යුතු එකක්.
- 08 හරි 80 හරි නම්.
ඔබේ ෆෝන් එක ජර්මනියෙ දි එකලස් කරපු, සාමාන්‍ය ගුණාත්මක භාවයෙන් යුතු එකක්.
- 01 හරි 10 හරි නම්.
ඔබේ ෆෝන් එක ෆින්ලන්තයෙ දි එකලස් කරපු, ඉතා හොඳ ගුණාත්මක භාවයෙන් යුතු එකක්.
- 00 නම්.
ඔබේ ෆෝන් එක ORIGINAL ෆැක්ට්‍රියෙදි හදපු , සිරාම සිරා, සුපිරිම සුපිරි ගුණාත්මක භාවයෙන් යුතු එකක්.
- 13 නම්.
ඔබේ ෆෝන් එක අසර්බයිජන්හි දි (Azerbaijan කියන්නෙ බටහිර ආසියාවයි, නැගෙනහිර යුරෝපයයි මායිමේ තියෙන රටක්ලු.) එකලස් කරපු, චාටර්ම චාටර් ගුණාත්මකින් යුතු පාවිච්චියට සහ සෞඛ්‍යයට ඉතා නුසුදුසු එකක්.
පල්ලෙහා තියෙන අංකවලින් එකක් ආවොත් ඒ ඒ රටවල් මෙහෙමයි.
30 = Korea or 03
40 = China or 04
50 = Brazil, USA, Finland or 05
60 = HK, China, Mexico or 06
70 = Finland or 07
91 = Finland or 19
දැන් ඉතිං ෆෝන් කඩේ කොල්ලාන්ගේ පචවලට තවත් අහුවෙන්න ඕන නෑ. වැඩකරුවෝ වගේ ෆෝන් එකක් හරියට තෝරා ගන්න තියෙන්නේ.
rep please

oka hariyanne na bn samahara ewata