හරියට tile අල්ලමු

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
ස්තුති සහෝ දිගටම කරගෙන යන්න .
ReP +


ස්තුති සහෝ


4 පිටුව - නිවැරදිව ටයිල් තෝරගමු
9 පිටුව - ටයිල් කරන්න කලින් දැනගනිමු
12 පිටුව - නාන කාමරය ටයිල් කරමු
 
  • Like
Reactions: 577

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අපේ ගෙදර ටයිල් අල්ලපු මක බාසයා බිම කෑවා.

    ටයිල් බම්ප්.
     

    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    හරිම විරළ ගනයේ පෝස්ට් එකක්
    හැමෝටම කවදා හරි වටිනවා.ඔබගේ උත්සාහය
    අගේ කරනවා මිත්‍රයා

     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    අපේ ගෙදර ටයිල් අල්ලපු මක බාසයා බිම කෑවා.

    ටයිල් බම්ප්.

    shaa niyamai very good




    ස්තුති සහෝ


    4 පිටුව - නිවැරදිව ටයිල් තෝරගමු
    9 පිටුව - ටයිල් කරන්න කලින් දැනගනිමු
    12 පිටුව - නාන කාමරය ටයිල් කරමු
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    හරිම විරළ ගනයේ පෝස්ට් එකක්

    හැමෝටම කවදා හරි වටිනවා.ඔබගේ උත්සාහය
    අගේ කරනවා මිත්‍රයා

    කාලය පිලිබඳ ලොකු ගැටලුවක් තිබුනත් වැදගත් වෙයි කියල හිතෙන තවත් කරුනු ටිකක් ඉක්මනින්ම පල කිරීමට බලාපොරොත්තු වෙනවා.... ඔබේ දිරිගැන්වීමට ස්තුති !!!


    4 පිටුව - නිවැරදිව ටයිල් තෝරගමු
    9 පිටුව - ටයිල් කරන්න කලින් දැනගනිමු
    12 පිටුව - නාන කාමරය ටයිල් කරමු
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    අද කියල දෙන්න යන්නෙ ටයිල් Trims ගැන....


    හැමෝම දන්නව ඇති මේ ටයිල් Trims කියන්නෙ මොනාද කියල
    දන්න නොදන්න හැමෝටම වැදගත් වෙන කරුණු ටිකක් කියලා දෙන්න හිතුවා....

    Nk9Ol3J.jpg


    ඔය පෙන්නලා තියෙන්නෙ ටයිල් trims ටිකක්.... පේනව ඇතිනේ මේවා විව්දාකාර පාට වලින් ගන්න පුලුවන්. තමන්ගෙ ටයිල් වල පාට අනුව තෝරගන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි මේවා විවිදාකාර හැඩ වලින් තෝර ගන්නත් පුලුවන්.
    PVC හැරුනම stainless steel වගේම ඇලුමීනියම් වලින් හදපු ටයිල් trims දැන් වෙලඳපොලේ ගන්න තියනවා


    ඔය ටයිල් trims පාවිච්චි කරන්නෙ මුලු වලට කියල නම් දන්නව ඇතිනෙ. සරලව කියන්නම් ඇයි මුල්ලකට ටයිල් trims අවශ්‍ය වෙන්නෙ කියලා....

    මේ පහත පින්තුරෙ පොඩ්ඩක් බලන්න....



    8fFLjth.jpg


    ඔය පෙන්නල තියෙන්නෙ බිත්තියක මුල්ලක ටයිල් අල්ලනවිට ටයිල් කැටයේ ගනකම පෘෂ්ඨය බිත්තියෙන් එලියට පෙනවා...

    3y7SVm5.jpg


    rrpwa8V.jpg


    මේ ඇඳලා තියෙන්නෙත් ඒ අවස්තාවම තමයි.....


    ඉතින් මෙහෙම අවස්තාවක අපිට වෙන අවාසි 2ක් තියනවා..

    එකක් නම් ලස්සන අඩු වෙනවා ( සල්ලි දීල ටයිල් අල්ලන්නෙ ලස්සන කරන්න නෙ )

    දෙවැනි කාරනය මේ කොටසේ කුනු රැඳිම වැඩී... මොකද රලු බව වැඩි නිසා... ඉතින් ලෙසියෙන් සුද්ද කරන්නත් අමාරුයි... ඉක්මනින් අව පැහැ ගැන්වෙනවා....

    ඉතින් මේ අපහසු තාවෙන් මිදෙන්න නම් භාවිතා කරන්න පුලුවන් ක්‍රම දෙකක් තියනවා....

    එකක් තමයි මේ පෙන්නලා තියන විදියට අංශක 45 ට ටයිල් කැටය කපලා අල්ලන්න එක...

    nS4d0oY.jpg




    නමුත් ඉතින් මේක කියන තරම් ලේසි නෑ... කරන්න බැරි නෑ...හොඳ පලපුරුද්දක් තියෙන්න ඔනෙ මොකද කැපුම් දාරය පිටට පෙනෙන නිසා....

    අනිත් ක්‍රමය තමයි ටයිල් trim එකක් භාවිතා කිරීම....

    ටයිල් trim එකක් ඇල්ලුවම මේ වගේ තමයි පෙනෙන්නේ....

    v5POEMA.jpg



    ඇත්තටම හොඳ නිමාවක් ගන්න පුලුවන් මේ ටයිල් භාවිතා කිරීමෙන්. මීට අමතරව trims භවිතා කිරීමෙන් තියුනු දාරයක් වෙනුවට කවාකාර දාරයක් ලැබෙනවා... ඒක ආරක්ෂාවටත් හොඳයි...


    දැන් බලමු තෝර ගන්න කොට වැදගත් වෙන කරුනු මොනවද කියලා....

    1. හැඩය හා පාට - මේක නම් තමන්ගෙ කැමැත්තට ගැලපෙන විදියට තෝර ගන්න පුලුවන්.

    2. ප්‍රමානය - මේක නම් හරිම වැදගත්... මොකද මේවා විවිද ප්‍රමාන වලින් ගන්න තියනවා.... ( උදා: 8mm 10mm 12mm ) මුලින්ම කරන්න ඔනෙ අල්ලන ටයිල් වල ගනකම නිවැරදිව මැන ගන්න ඔනෙ... ( උදා: ටයිල් කැටයේ ගනකම 10mm නම් ගැලපෙන trim එක වෙන්නෙ 12mm.) trim එක හැම විටම ටයිල් එකෙ ගනකමට වඩා මිලිමීටර 2ක් පමන විශාල විය යුතුයි


    ඒ විතරක් නෙමෙයි... ටයිල් trim එක පිලිවෙලට අල්ල ගන්නත් ඔනෙ... හැමවිටම ටයිල් කැටයේ පිහිටි දාරය ටයිල් trim එක පැත්තට තියන්න අමතක කරන්න එපා.... කැපුම් දාරයක් තිබේ නම් එය විරුද්ධ පැත්තට හිටින ලෙස ටයිල් අල්ල ගන්න.... එතකොට ගොඩක් ලස්සන නිමාවක් ලබා ගන්න පුලුවන් වෙනවා..


    මේ පෙන්නන්න යන්නෙ බොහොම අපිලිවෙලට ටයිල් ත්‍රිම් එකක් අල්ලලා තියන විදිය....

    rpbkwh8.jpg



    මෙතන වැරදි කිහිපයක් තියනවා.....

    1. රතු ඊතලයෙන් පෙන්නල තියෙන්නේ ටයිල් එක ඉතා අපිලිවෙලට කපනලද අවස්තාවක්... මම මුලදි කිව්ව වගේ නිවැරදි උපකරන භාවිතා නොකිරීම තමයි මේකට ප්‍රධානම හේතුව...

    2. කොල පාට ඊතලයෙන් පෙන්නාලා තියෙන්නෙ ටයිල් කැටයත් trim එකත් අතර පරතරයක් නැති විය යුතුයි. එතකොට ගොඩක් ලස්සන නිමාවක් ලබෙනවා...

    3.නිල් පාට ඊතලයෙන් පෙන්නලා තියෙන්නේ හැමදාම කියනවා වගේ කුඩා තීරුවක් යොදා ගත්තම ලස්සන අඩු වෙනවා කියන එකයි... ඉතින් ටයිල් රටාව වෙනස් කරලා මේ විදිය තීරුවක් ලෙසියෙන් ඉවත් කර ගන්නත් පුලුවන්, ලස්සන නිමාවක් එකෙන් ලබා ගන්නත් පුලුවන්.

    4. මේ ටයිල් trim පතුරු එකතුවෙන තැන හොඳට බැලුවොත් පෙනෙවි ඒකත් පිලිවෙලට කපලා නැහැ කියන එක...

    මේ වගේ පුන්චි දෙවල් හරියට හදා ගත්තොත් වියදම් කරන මුදලට ගැලපෙන නිමාවක් ලබා ගන්න පුලුවන් වෙවි.....


    (දැන් ඉතින් ගොඩක් දෙවල් දන්න නිසා ගේ හදද්දි මේ වගේ වැරදි නම් කරන්න දෙන්න එපා..... )


    ටයිල් කරද්දි සිදුවෙන වැරදි සහ ඒවා නිවැරදි කර ගන්න විදිය ගැනත් ඉදිරියෙදි කියන්න හිතාගෙන ඉන්නවා....

    4 පිටුව - නිවැරදිව ටයිල් තෝරගමු
    9 පිටුව - ටයිල් කරන්න කලින් දැනගනිමු
    12 පිටුව - නාන කාමරය ටයිල් කරමු
    16 පිටුව - ටයිල් trims ගැන



    එලකිරි යාලුවන්ගේ උනන්දුවත් දිරි ගැන්වීමත් නිසා තමයි මෙච්චර දේවල් මේ thread එකට දැම්මේ.... නමුත් දැන් නම් කට්ටියට එපා වෙලා වගේ කියල දැනෙනවා... ගොඩක් වැඩ රාජකාරි තියාගෙනත් මේව ලියල දාන්නෙ ඔයාල යමක් ඉගෙන ගනී කියන අදහසින්... ඉතින් වචනෙකින් හරි තමන්ගෙ අදහස කියල යනව නම් ඉදිරියටත් ලියන්න ලොකු හයියක් වෙනව ඒක....
     
    • Like
    Reactions: roxter

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    4 පිටුව - නිවැරදිව ටයිල් තෝරගමු
    9 පිටුව - ටයිල් කරන්න කලින් දැනගනිමු

    12 පිටුව - නාන කාමරය ටයිල් කරමු
    16 පිටුව - ටයිල් trims ගැන
     

    Jayantha Upatissa

    Junior member
  • Jun 30, 2011
    63
    2
    8
    මට දැනගන්න දෙයක් තියෙනව. සමහර බාස්ල සිමෙන්ති කොලපු අතුරල ටයිල් අල්ලනව. සමහර බාස්ල සිමෙන්ති වැලි මිශ්‍රණය ජලය අඩුවෙන් යොදල අතුරපු බදාම උඩ ටයිල් අතුරනව. වැඩිය හොඳ මොන ක්‍රමයද?
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    මට දැනගන්න දෙයක් තියෙනව. සමහර බාස්ල සිමෙන්ති කොලපු අතුරල ටයිල් අල්ලනව. සමහර බාස්ල සිමෙන්ති වැලි මිශ්‍රණය ජලය අඩුවෙන් යොදල අතුරපු බදාම උඩ ටයිල් අතුරනව. වැඩිය හොඳ මොන ක්‍රමයද?


    ගොඩක් සතුටුයි ප්‍රෂ්නයක් අහපු එක ගැන....
    මෙහෙමයි.....
    ඔය කියපු ක්‍රම දෙකේම වැරැද්දක් නෑ.... නමුත් මේ ක්‍රම දෙක පාවිච්චි වෙන්නෙ අවස්තා 2 කදී.....

    1. ඔබේ සකසා ගත් පොලව මට්ටමත් අවසන් පොලව මට්ටමත් (finish floor level ) අතර අඟල් 3- 4ක පමන පරතරයක් තිබේ නම් හෝ ඔබට ට‍යිල් අල්ලන විට යම් බැස්මක් අවශ්‍ය නම් ( කලින් පොලවේ බැස්ම සකස් කර නැති විට ) මේ වැලි සිමෙන්ති මිෂ්‍රනය යොදා ගන්න පුලුවන්. නමුත් මෙතනදීද ටයිල් ඇල්ලීම සඳහා දියාරු කොලොප්පු මිෂ්‍රනයක් භාවිතා කල යුතුයි.


    2. ඔබේ සකස් කල පොලව මට්ටම ( structural floor) මත කෙලින්ම ටයිල් අල්ලන්නේ නම් හෝ බිත්ති වල ටයිල් අල්ලන්නේ නම් ඔබට කොලොප්පු භාවිතා කල හැකිය....
    1 වන ක්‍රමයේ දී මිෂ්‍රනය ඉතා හොඳින් අනා ගතයුතු වෙන වා.... එහෙම නැති වුනොත් ඉක්මනින් පොලව බොල් ස්වභාවයක් ගන්න ඉඩ තියනවා... 2 වන ක්‍රමය වඩා හොඳ වන නමුත් අවස්තාව අනුව යොදා ගත යුතු ක්‍රම වෙනස් වේ....
    ( මේ නිසා තමයි ත්‍රෙඩ් එක පටන් ගන්නකොටම පොලව සකසා ගැනීම වැදගත් කියලා කිව්වෙ. )
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    epa wela naha , digatama karagena yanna




    ස්තුති සහෝ !!


    4 පිටුව - නිවැරදිව ටයිල් තෝරගමු
    9 පිටුව - ටයිල් කරන්න කලින් දැනගනිමු
    12 පිටුව - නාන කාමරය ටයිල් කරමු

    16 පිටුව - ටයිල් trims ගැන
     
    • Like
    Reactions: shanehbrsj

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    1. Water Proofing (සමා වෙන්න සිංහල වචනය ඔලුවට එන්නෙ නෑ )



    ජල වාරක
     

    Jayantha Upatissa

    Junior member
  • Jun 30, 2011
    63
    2
    8
    1. Water Proofing (සමා වෙන්න සිංහල වචනය ඔලුවට එන්නෙ නෑ )

    ජල රෝධක කියලත් කියනව.