හරි ඔට්ටුයි

X1-01

Active member
  • Jun 18, 2012
    480
    41
    28
    ඔන්න පොරක් ඉන්නවලු චාමර කියලා.. ඌ දවසක් බාර් එකට යනවලු යාලුවෙක් එක්ක... දැන් චාමර යාළුවට කියනවලු මචං උඹ දන්නවද මං මේ බාර් එකේ ඕනේ එකෙක් අඳුරනවා බාර් එකේ විතරක් නෙමේ මේ පැත්තේ ඕනේ බුවෙක් මාව දන්නවා...
    යාළුවා: අනේ පල යන්න හා ඔට්ටුවක් දාමු ඉස්සෙල්ලම අපිට හම්බෙන එකා උබව දන්නවනම් පළවෙනි ග්ලාස් එක මගේ ගානේ...

    චාමර: ම්ම්... හරි ඔට්ටුයි...
    එතකොටම ගමේ මිනිහෙක් වැඩ ඇරිලා එන ගමන් මුන් දෙන්නගේ ඉස්සරහට හම්බුනාලු....
    ආ චාමර.. කොහෙද මේ යාලුවෙකුත් එක්ක...
    චාමර: ආ අයියේ... අපි මේ බාර් එක පැත්තේ යනවා... ගිහිං එන්නම්...
    යාළුවා : අම්මට උඩු.. උඹ ඌව දන්නවනේ... හරි අව්ලක් නෑ හැබැයි බාර් එකේදී ඉස්සෙල්ලම හම්බෙන එකා උබව දන්නවනම් මං උඹට ග්ලාස් දෙකක් අරං දෙනවා නැත්තං උඹ මට ග්ලාස් 4ක් අරං දෙන්න ඕනි...

    චාමර : හතරක්???? ම්ම් හා එහෙනං යන්කො...
    බාර් එක ඇතුලට යද්දිම වේටර් කොලුවා : ආ චාමර මහත්තයා... කාලෙකින්...
    යාළුවා: අඩෝ උඹ හැමදාම එන නිසා මේකේ එවුං උඹව දන්නවා... අසාධාරණයි... මං උඹට ග්ලාස් දෙකක් අරං දෙන්නම් හැබැයි හෙට මාත් එක්ක පාර්ක් එකට යන්න ඕනි එහෙදි ආයි ඔට්ටුවක් දාමු....
    චාමර: අනේ මංදා උඹේ කැමැත්තනේ....

    ඊ ළඟ දවසේ මේ දෙන්න යනවා පාර්ක් එකට..
    යාළුවා: මචං දැන් ඉස්සෙල්ලම අපිට හම්බෙන එකා උඹව අඳුරන්න ඕනි 1000ක් ඔට්ටුයි...
    චාමර : මං අතේ තියෙන්නෙත් 1500යි බං හාකෝ එහෙනං....
    ඔන්න පොඩි කොල්ලෙක් එනවා බෝලයක් අහුලන්න චාමරලා ඉස්සරහට...
    පොඩි එකා: ආ චාමර මාමේ... එන්නකෝ බෝල ගහන්න...
    චාමර: බෑ පුතේ වෙනදවසක ගහමු...

    යාළුවා: අම්ම ගහයි උඹ මාර පොරක්නේ... මෙන්න දාහ... උඹේ 2500ම ඔට්ටුයි මේකේ ඇතුලේ මං පෙන්නන එකාව උඹ අඳුරන්නේ නැත්තං මට ඔය 2500 නැත්තං මං 2500ක් දෙනවා...
    චාමර : අඩෝ ඒක අසාදාරණයි... මං කොහොමද උඹ පෙන්නන එකා දන්නේ...
    යාළුවා : එහෙනං 1000 දියන්...
    චාමර : හරි ඔට්ටුයි...

    පාර්ක් එක ඇතුලේ පට්ට ලස්සන කෑල්ලක් දැකල යාළුවා කියනවා... මචං උඹ අර කෙල්ලට ගිහිං කතා කරපං උඹව එකී දන්නවනම් මං 2500 දෙනවා...
    චාමර : අනේ බෑ මචං මං 2500 දෙන්නම් මට බෑ...
    යාළුවා(පුල් ආතල් එකෙන්) : අඩෝ එහෙම ඔට්ටු නෑ... හරි 10,000 ක් ඔට්ටුයි එකී උඹව දන්නේ නෑ...උඹ පැරදුනොත් 2500 දියන්...
    චාමර : හා එහෙනං 10,000ක් දෙන්න ඕනි හරිද
    මෙන්න මුන් ඉස්සරහට යද්දිම අර කෙල්ල අඬන්න පටන් ගත්තා... "ඇයි චාමර ඔයා මාව දාල ගියේ... ආයි කවදාවත් මගේ ඇස් දෙක ඉස්සරහට එන්නේ නෑ කියපු ඔයා ඇයි මේ.. මං ඉස්සරහට ආවේ ඊ.......

    යාළුවා : ඉඳා තොගේ 10,000 තෝ මේ රටේ එවුං විතරයි දන්නේ.... අර සුද්දා (පාර්ක් එකේ සුද්දෙක් පෙන්නමින්) උඹව දන්නවනම් උඹට මං මගේ අයි ෆෝන් එක දෙනවා... මං සල්ලි ගෙනාවේ නෑ ඔට්ටු දාන්න...
    චාමර : උඹ අත අරින්නෙම නෑනේ බං කියමින් සුද්දා ලඟට යයි...
    සුද්දා : helloooo Chamara... after long time dick head...
    යාළුවා : අඩෝ තෝ මාර පොරක්නේ... ඉඳා ෆෝන් එක ආයි ඔට්ටු ඕනි නෑ...

    චාමර : යකෝ මං දන්නවා පාප් වහන්සේවත්
    යාළුවා : පල යන්න හා ඔට්ටුවක් දාමු... මං උඹට ටිකට් දීලා කන්න බොන්න දීලා තව ලක්ෂ දහයකුත් දෙනවා උඹව පාප් වහන්සේ දන්නවනම්... යමං වතිකානු...

    ඔන්න දෙන්නා වතිකානු යන්න ප්ලේන් එකට නගිනවාලු... නගින ගමන් යාළුවා කියනවලු...
    හරි මෙතන තියනවා රු.50,000ක් උඹ මේකේ පයිලට්ව දන්නේ නෑ මොකක්ද ඔට්ටුව...
    චාමර: අම්මට උඩු මං දන්න පයිලට් කෙනෙක් ඉන්නවා ඌ හිටියොත් මගේ වෙලාව....
    එක පාරටම ස්පිකර් එකෙන් පයිලට්ගේ ඉංගිරිසි අනවුන්ස්මන්ට් එකට පස්සේ ඌ කියනවලු "මගේ හිත මිත්‍ර චාමරද මේ ගමනට එක් වී සිටීම මට ඉතා සතුටක්" කියලා...
    යාළුවා පයිලට්ගේ අම්මට බැන බැන රු 50,000 දුන්නලු ආය පාප් වහන්සේ හම්බෙනකල් සද්ද වහල ඉන්න ඕනි කියල හිතාගෙන...

    ඔන්න වතිකානුවට ගියා කියමුකෝ.. ඊ ළඟ දවස පාප් තුමා ආගමික දේශනයක් තියන දවසක්ලු... චාමර යාළුවට කිව්වලු මචං මං ටිකක් අවට සිරි නරබලා එන්නම් කියල...

    චාමර කෙලින්ම ගියේ පාප් තුමා හම්බෙන්නලු ගිහිං කිව්වලු අනේ පාප් තුමෝ මං යාලුවෙක් එක්ක ඔට්ටුවක් දැම්මා ඔබ තුමා මාව අඳුරනවා කියල අනේ හොද පාප් තුමා වගේ හෙට දේව මෙහෙයේදී මට කතා කරන්න නැත්තං මං හිඟන්නෙක් වෙනවා කියල... පාප් තුමා අමාරුවෙන් කැමති කරවාගෙන චාමර ඇවිත් ඔන්න දෙන්නම ඊ ළඟ දවසේ වතිකානු දේව මෙහෙයට ගියාලු...

    යාළුවා පුල් ආතල් එකේ ඉන්නවලු ලක්ෂ 10ක් අදනම් මුගෙන් ගන්නවා කියලා....

    ඔන්න පාප් වහන්සේ ඉස්ටෙජ් එකට එනවලු චාමරගේ කරට අතකුත් දා ගෙන... යාළුවා තාම දැක්කේ නෑලු චාමරව... චාමර යාළුවට පොඩ්ඩක් පේන්නත් ඉස්සිලා බලද්දී යාළුවා වෙන එකෙක් එක්ක කතා කර කර ඉඳලා පාප් වහන්සේ ඉන්න පැත්ත බලලා දඩොස් ගාල කලන්තේ දාල වැටුනලු...

    චාමරට තමන් කරපු හොර වැඩේ ගැන දුක හිතිලා යාළුවා ලඟට ගිහිං වතුර ටිකක් එහෙම ගහල කිව්වලු... මචං උඹට කලන්තෙත් දැම්ම නේද... මට සල්ලි එපා බං... පිට් එකනේ කියලා...

    යාළුවා කිව්වලු " උඹ මගුලක් කතා කරනවා.. සල්ලි නිසා නෙමේ බොල කලන්තේ දැම්මේ... එතන හිටපු එකෙක් මගෙන් ඇහුව "කව්ද බං අර චාමර ළඟ ඉන්න ආප්පයක් ඔලුවේ දා ගත්තු නාකි ඩයල් එක" කියලා... "
     
    • Like
    Reactions: chrishanelloyd

    X1-01

    Active member
  • Jun 18, 2012
    480
    41
    28
    ශර්ලොක් හෝම්ස් හා දොස්තර වොට්සන්...

    ශර්ලොක් හෝම්ස් හා දොස්තර වොට්සන් රහස් පරික්ශක කටයුත්තක් සදහා කාන්තාරයකට ගියොය. දෙදෙනාම රාත්ත්‍රියෙ, කාන්තරය මෑද කුඩරමක් ගසාගෙන නිදන්නට විනි. මහ රෑ නින්ඩෙන් පිබිදුන හොම්ස්, දොස්තර වොට්සන්ව අවදි කරවිය.

    ශර්ලොක්: වොට්සන්... අයිසේ නෑගිටල බලනව අහසෙ මොනවද පේන්නෙ කියල?

    වොට්සන්: ආඅහ්. අහසෙ හොදට තරු පායලනෙ.

    ශර්ලොක්: ඉතින් මොකක්ද ඒකෙන් ලබෙන නිගමනය?

    වොට්සන්: ඉහල අහසෙ වලාකුලු රහිතයි. වහි කුනාටුවක් වගෙ අනතුරකට අපිට මූන දෙන්ඩ සිදු වෙන එකක් නෑ ඒක නිසා.

    ශර්ලොක්: වෙන මොනවද පෙන්නෙ?

    වොට්සන්: අපි හරියටම් ඉන්නෙ දඩයක්කාරයගෙ තරුව යට. එ කියන්නෙ උතුරු අක්ශාන්ස 12 සිට නෑගෙනහිරට.

    ශර්ලොක්: නෑ නෑ. තාරක විද්යාව ගෑන නෙමේ මම අහන්නෙ. වෙන මොනවද කියල.

    වොට්සන්: තරක අලොකය ප්‍රබලයි. ඒ කියන්නෙ ලගදි හද පායන එකක් නෑ.

    ශර්ලොක්: නෑ මනුස්සයො. වෙන මොනවද පෙන්නෙ?

    වොට්සන්: ආ. වායුගොලය හා ජල වශ්ප අතින් ගත්තම...

    ශර්ලොක්: නෑ නෑ. ඔය මගුල් විකර නෙමේ. සරලව මොනවද පෙන්නෙ කියනව.

    වොට්සන්: ආහ්. ඊ කියන්නෙ සුර්යක් ග්‍රහනයක් වගෙ එකක් ගනද? හ්ම්ම්ම්...

    ශර්ලොක්: නෑ යකො. තමුසෙට තෙරෙන්නෙ නෑද්ද, අපි අටවගෙන හිටපු කූඩරම හොරු ගලවගෙන ගිහින් කියල. ඒකනෙ ඔයි උඩ අහස පේන්නෙ.

    වොට්සන්: අප්පහ්. මල කෙලියයි
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    …මේ පොනස් ට රෙප් දෙන්න එපා කවුරුවත්
    අර ඊයේ කැපිච්ච රෙප් ටික එකතු කර ගන්න තමයි මූ මෙ ත්‍රේඩ් දාන්නෙ.
    නැත්නම් මූ ජිවිතේට ත්‍රේඩ් එකක් දාන එකෙක් නෙවෙයි ..
    …කපපියවු ඔක්කොම රෙප්
    :angry::angry::angry:
     

    X1-01

    Active member
  • Jun 18, 2012
    480
    41
    28
    …මේ පොනස් ට රෙප් දෙන්න එපා කවුරුවත්
    අර ඊයේ කැපිච්ච රෙප් ටික එකතු කර ගන්න තමයි මූ මෙ ත්‍රේඩ් දාන්නෙ.
    නැත්නම් මූ ජිවිතේට ත්‍රේඩ් එකක් දාන එකෙක් නෙවෙයි ..
    …කපපියවු ඔක්කොම රෙප්
    :angry::angry::angry:

    :lol: Ridila :lol:

    Kavuda Galle Ponz Rep Illuwe :lol:
     
    Last edited:

    X1-01

    Active member
  • Jun 18, 2012
    480
    41
    28
    ඇමතියෙකුගේ අනුග්‍රහයෙන් සැහැල්ලු ගුවන් යානා සවාරියක් පැවැත්වුනාලු.මේඅවස්ථාව ලැබිල තිබුනේ සමාජයේ විවිධ ක්ෂේත්‍ර වලට අයත් පුද්ගලයන් කිහිපදෙනෙකුට.පාසල් ශිෂයෙකුටයි,වෛදයවරයෙකුටයි,කම්කරුවෙකුටයි,තව ඔයවගේ කීපදෙනෙකුට.ඔන්න දැන් ගුවන්ගතවුනාට පස්සෙ පොඩි කාර්මික දෝෂයක් ඇතිවුනාලු.පොඩි කිව්වට ප්ලේන් එක අතාරින්න වෙන ප්‍රශ්නයක්ලු.කට්ටියට ජීවිත බේරගන්න පැරෂුට් ලබාදුන්නලු.හැබැයි වාසනාවන්ත ඇමතියට දෙන්න එකක් මදිලු.බොහෝම නිර්භීත ඇමති ළමයට සද්දයක් දාලා පැරෂුට් එක ඉල්ලුවලු.ඉතින් බයවුන ළමයත් පැරෂුට් එක දුන්නලු.කවුරුත් මුකුත් කියන්නැල්ලු.ඇයි ඉතින් මූට සද්දෙ දාලා ජීවිතේ බේරගෙන වැඩක් ඇත්තෙ නෑනෙ.එතන හිටපු අනිත් අය ළමයට අනුකම්පා කරලා තමන්ගෙ ජීවිත බේරගත්තලු.අන්තිමට ඉතුරු වුනේ ළමයයි ටිකක් විතර වයසක මනුස්සයෙකුයි විතරයිලු.

    වයසක මහත්මයා
    පුතේ මම මේ ජීවිතේ ගොඩක් කල් ගතකලා.මේ මගේ අන්තිම කාලෙ.මේක අරගෙන ජීවිතේ බේරගන්න.

    ළමයා
    පිස්සු කියවන්නැතුව ඔන්න ඕක දාගන්නවා.මම ඇමතියට දුන්නෙ ස්කූල් බෑග් එක.
     

    X1-01

    Active member
  • Jun 18, 2012
    480
    41
    28
    "ඔව් දවසක් මට කොටියෙක්ව හම්බ වුණා මූණට මූණ ඒ වෙලාවෙ මම හිටියෙ
    තනිවෙලා අනික මගේ අතේ කිසිම අයුධයක් තිබුණෙ නැහැ"

    "සුරා ලව් කර කර ඉන්න ගමන් කෙල්ලට කිව්ව"

    "අපොයි දෙවියනේ ඉතින් ඔයා මොකද කළේ"

    "මම මොනවා කරන්නද ඉස්සෙල්ලාම මම උගේ ඇස් ගෙඩි දෙක දිහා එක එල්ලේම
    බලාගෙන හිටිය ඒකෙනුත් වැඩක් වුණේ නෑ ඌ හෙමින් හෙමින් මගේ ළඟට එන්න
    පටන් ගත්ත ඊට පස්සෙ මට හිතුණ මගේ අත උගෙ උගුර ඇතුළට දාල උගේ නගුටෙන්
    අල්ලලා ඌව කණපිට පෙරළන්න නමුත් ඒක භයානකයි කියල මම තීරණය කළා
    ඒත් ඌ හෙමින් හෙමින් මගේ ළඟට දිගටම ආවා. මොකද්ද කරන්නේ කියල මට
    මට ඉක්මනටම හිතන්න සිද්ධ වුණා"

    "ඉතින් ඔයා කොහොමද අනේ බේරුණේ" ???

    "මම එතනින් අයින් වෙලා අනිත් කූඩුවල ඉන්න සත්තු බලන්ඩ ගියා"
     

    X1-01

    Active member
  • Jun 18, 2012
    480
    41
    28
    ඔන්න අපෙ පොලෙ ඉන්නවා "පාලයා" කියල වට්ටක්ක බිස්නස් කරන පොරක්.මේක පට්ට මෝඩය.මේකගෙ පුතා ඉන්නෙ 7 වසරෙ. කොල්ල 7 උනාට කොම්පියුටර් ජිල්මාට් එහෙම එලටම දන්නවා මේකා...ඉතින් පාලය ඒකගෙ පුතට කොම්පියුටර් එකක් අරන් දීල උගෙ අදෝනාව අහන් ඉන්න බැරිම තැන. දවසක් කොල්ල තෙමීගෙන ඇවිත් කොල්ලට හොදටම හෙම්බිරිස්සව...එදා කොල්ල ඉස්කෝලෙ යන්නත බැ කියල ගෙදරට වෙලා දවසම කොම්පියුටරේ එක එක වැඩ කොර කොර හිටියලු..

    ඊට පහුවදා......

    "ශික්.... මෙ කොම්පියුටරේට වයිරස් ගිහිල්ල නොවැ.." කියල පාලගෙ කොල්ල උටම කියා ගත්තලු...

    ඒක ඇහුන පාලයා ගත් කටටම කිව්වාලු...

    " මන් හිතුව... මන් හිතුව... තෝ හෙම්බිරිස්සාවකුත් තියාගෙන ඕක අස්සේ ඊයෙ දවසම රි0ගන් ඉන්නකොට ඔය මල ඉලව්වට වයිරස් යන් නෙතුව තියෙඩ බොල... කීපාරක් උඹ ඕකට කිඹුහුම් ඇරියද........ මොඩ හරකා"
     

    X1-01

    Active member
  • Jun 18, 2012
    480
    41
    28
    ඔන්න සිරිපාලයියා ගියාලු අපායට..දෑන් ඉතින් පොර අපායේ ඈතුල් වෙන දොරටුව ගාවදි දෑක්කලු බෝඩ් ඒකක් ගහලා තියනවා "සංවර්ධිත අපාය සහ සංවර්ධනය වෙමින් පවතින අපාය" කියලා.. මේ දෙකෙන් කෑමති එකකට යන්න පුලුවන්ලු තෝරගෙන.

    දෑන් ඉතින් පොර දෑක්කලු සංවර්ධනය වෙමින් පවතින අපායට පට්ට පොලිමක්..අනිත් එකට සෙනග ඈත්තෙම නෑලු..

    දෑන් පොර ෆුල් හොල්මන් වෙලා ලග ඉන්න යමපල්ලෙක්ගෙන් ඈහුවලු.."මචං ඈයි මේ අර සංවර්ධනය වෙමින් පවතින අපායට පට්ට පොලිමක් තියෙන්නේ?එකේ දඩුවම් අඩුද කියලා..

    ඉතින් පොර කිව්වලු "නෑ නෑ දෙකෙම දඩුවම් එකයි බං" කියලා

    එහෙනම් මොන මගුලටද ඕයි ඒකට ඔච්චර පෝලිම???

    මේකයි සීන් එක සංවර්ධනය වෙමින් පවතින අපායේ බෑලුවොත් ඈත්නම් තෙල් ඉවරයි,එක්කෝ කස ඉවරයි,එහෙමත් නෑත්නම් දඩුවම් නියම කරන එවුන් ස්ට්‍රියික් එහෙම නෑතිම උනොත් රුපියල් පනහටත් නෑමෙන එවුන් ඉන්නව ඕයි කියලා කිව්වලු..