පාසලට විදුලිය තිබුණෙ නෑ... පරිගණක වැඩ කළේ සූර්ය කෝෂ වලින්.. ඒ හින්දා මං විදුලිය නැතිව ක්‍රියාත්මක වන ජංගම විදුලි නිෂ්පාදන යන්ත්‍රයක් හැදුවා... විදුලිය අවශ්‍ය ශබ්ද විකාශන ක්‍රියාත්මක කිරීම, කැසට් රෙකෝඩර් හා රූපවාහිනිය ක්‍රියාත්මක කිරීම වාගේ විදුලිය අවශ්‍ය කටයුතු පවත්වාගෙන යන්නෙ මේ ජංගම විදුලි කෝෂයෙන්... විදුලි පහන් දල්වන්නත් මේ ජංගම විදුලි කෝෂයෙන් පුළුවන්... මේ විදුලි කෝෂය යොදාගෙන කාමරයක් සිසිල් කිරීමේ පද්ධතියකුත් මම සකස් කරලා තිබෙනවා. මෙම උපකරණයට සවිකර තිබෙන ඕල්ටනේටරය (ඩයිනෝමෝවක් වැනි) නිසා මෙහි ස්විචයක් දැමූ ගමන් මේ විදුලි කෝෂය ක්‍රියාත්මක වෙලා විදුලිය නිපදවනවා. වැහි කාලෙට සූර්ය කෝෂ වලින් පරිගණක වැඩ කරන්නෙ නෑ... ඒ වෙලාවට මෙමගින් පාසලේ පරිගණක කිහිපයක් ක්රීයා කරන්නෙ මේ ජංගම විදුලි උත්පාදකයෙන්. ඒ වාගේම මෙම උපකරණය මගින් විදුලිය නිෂ්පාදනය කරන අතරම එම උපකරණයට අවශ්‍ය විදුලිය තැන්පත් කර ගැනීමක් සිදු වෙනවා. zවිදුලිය නිෂ්පාදනය වැඩිපුර සිදුවෙනවා නම් මෙම උපකරණයෙන් පෙන්නුම් කරනවා. එ වාගේම විදුලිය නිෂ්පාදනය වන ප්‍රමාණය අඩුනම් ඒ ආකාරයේ දැනුම්දීමක් සිදු කෙරෙනවා. එවිට මෙම උපකරණය මගින් අවශ්‍ය මට්ටමට විදුලිය නිෂ්පාදනය කරනු ලබනවා."
ශක්ති සංස්ථිති නියමෙටත් එහා ගිහින් වගේ. මේ පත්තරවලට ලිපි ලියන අයට අටේ පංතියෙ විද්‍යාව දැනුමවත් තිබුනනම්![]()
ශක්ති සංස්ථිති නියමෙටත් එහා ගිහින් වගේ. මේ පත්තරවලට ලිපි ලියන අයට අටේ පංතියෙ විද්‍යාව දැනුමවත් තිබුනනම්![]()