හවස පොඩි වැඩක් කෙරුව - නාගෙන ඇවිත් දැනුයි කම්පියුටර් එක දාගත්තෙ

AnuradhaRa

Well-known member
  • mmjUoF4.jpg


    G4Jr57H.jpg


    d9PndTL.jpg


    මොකක්ද මේ තර්මල් පියුස් එකක් නේද
    මේක open වෙලා තිබුණ
    මේ කෑල්ල මතු කරගන්න මුළු මෝටර් එකම ගලවන්න වෙනව

    මම නිකං ෂෝට් කරල දැම්ම
    ෆෑන් එකේ ස්පීඩ් එක හොදටම අඩු වෙලා
    මං ගාව තිබුණ කැප් එකක් දැම්ම
    මේකෙ තිබුණෙ 1uF
    760 nF වගේ බැහැල තිබුණ

    මං ගාව තිබුණ එක මැනල බලද්දි 1.4uF වගේ තිබුණ. ඒ්ක දැම්ම, අවුලක් වෙන එකක් නෑ නේද..
    ස්විච් එකේ 3 වෙනි බට්න් එක වැඩ කරන්නෙ නෑ
    එතනට එන වයර් එක 1 ට පෑස්සුව
    එතකොට 1 තමා පුල් ස්පීඩ් 2 medium ස්පීඩ්

    මෝටරේ කෝර් එක මාක් එකක් දාල ගැලෙව්වත්
    ආයෙ හයි කරද්දි හිර වෙන්න බලනව
    ඒ හින්ද වටේ ඇන හතර තද කරද්දි නිදහසේ ෂාෆ්ට් එක කැරකෙනවද කියල බල බල තමා කරන්න ඕනෙ. තදයි නං ඇණ හතරම ආයෙ බුරුල් කරල එකින් එක තද කර කර බලන්න ඕනෙ. ඒකට මට සෑහෙන වෙලාවක් ගියා. බුරුල් කරනවා තද කරනවා බුරුල් කරනවා 😅

    මං හිතන්නෙ තර්මල් පියුස් එක යන්න ඇත්තෙ කැප් එක බැහැල නිසා රත් වෙනව ඇති මෝටරේ..

    දැං සුපිරියට වැඩ

    තාත්තගෙ කාමරේ ෆෑන් එක
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මෝටරයක් දාද්දි bearing තියන එකක් දාපන්. 1st speed එක normal එකක 3rd speed එක වගේ.

    පසුව ලියමි.

    ඔච්චර දේවල් පුළුවන්. රස්සාවක් කරන්න කිව්වම තමයි හිරේ දැම්ම ඇමැති වගේ ලෙඩා දුකා වෙන්නේ 😂
     
    • Like
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,038
    113
    එළ මචං. මට නම් ෆෑන් ගලවන්න ගියාම එපා වෙන්නේ මෝටරේ තියෙන ග්‍රීස්, ඔයිල් වගේ දේවල් අතේ ගෑවෙන එක. සමහර ඒවා ගෑවුනාම සබන් දාලා හේදුවත් යන්නේ නෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,507
    1
    62,300
    113
    Mother Earth
    උබ කොයිල් ඕතන්න දන්නවද ? කොයිල් බනිස් කනව වගේම කොයිල් ඔතන්නත් පුළුවන් වෙන්න ඕන.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මෝටරයක් දාද්දි bearing තියන එකක් දාපන්. 1st speed එක normal එකක 3rd speed එක වගේ.
    බෙයාරිං එක හොදයි මචං

    තර්මල් පියුස් එකත් දාල ගැලපෙන කැප් එකකුත් දැම්මනං තමා වැඩේ සුපිරි. මට ඒ වෙලාවෙ කඩේ යන්න හිතුණෙ නෑ.
    හිතුනොත් පස්සෙ 1uF එකක් ගෙනත් දානව
    ස්පීඩ් එක වැඩිද මංද කැරකෙනව දැං :oops:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    බෙයාරිං එක හොදයි මචං

    තර්මල් පියුස් එකත් දාල ගැලපෙන කැප් එකකුත් දැම්මනං තමා වැඩේ සුපිරි. මට ඒ වෙලාවෙ කඩේ යන්න හිතුණෙ නෑ.
    හිතුනොත් පස්සෙ 1uF එකක් ගෙනත් දානව
    ස්පීඩ් එක වැඩිද මංද කැරකෙනව.
    Reply එක edit කලා. ඒකත් කියවපිය.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උබ කොයිල් ඕතන්න දන්නවද ? කොයිල් බනිස් කනව වගේම කොයිල් ඔතන්නත් පුළුවන් වෙන්න ඕන.
    කොයිල් ඔතන්න දන්නෙ නෑ බං

    Reply එක edit කලා. ඒකත් කියවපිය.
    මගෙ පාඩුවෙ හිමීට කරන වැඩනෙ
    වැරදුනත් අවුලක් නෑ
    අනික මම කරන වැඩවල සමහර වෙලාවට ප්‍රොෆෙෂනල් ෆිනිෂින් එක නෑ
    ස්ලීව් කපල කම්බි පොටවල් පාදගත්තට ඒව වැහුවෙ මගෙ ක්‍රමේකට 😅
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මගෙ පාඩුවෙ හිමීට කරන වැඩනෙ
    වැරදුනත් අවුලක් නෑ
    අනික මම කරන වැඩවල සමහර වෙලාවට ප්‍රොෆෙෂනල් ෆිනිෂින් එක නෑ
    ස්ලීව් කපල කම්බි පොටවල් පාදගත්තට ඒව වැහුවෙ මගෙ ක්‍රමේකට 😅
    මේ රටේ කවුද ප්‍රොෆෙෂනල් ෆිනිෂින් වැඩ කරන්නේ.
     
    • Haha
    Reactions: AnuradhaRa