මොකක්ද මේ තර්මල් පියුස් එකක් නේද
මේක open වෙලා තිබුණ
මේ කෑල්ල මතු කරගන්න මුළු මෝටර් එකම ගලවන්න වෙනව
මම නිකං ෂෝට් කරල දැම්ම
ෆෑන් එකේ ස්පීඩ් එක හොදටම අඩු වෙලා
මං ගාව තිබුණ කැප් එකක් දැම්ම
මේකෙ තිබුණෙ 1uF
760 nF වගේ බැහැල තිබුණ
මං ගාව තිබුණ එක මැනල බලද්දි 1.4uF වගේ තිබුණ. ඒ්ක දැම්ම, අවුලක් වෙන එකක් නෑ නේද..
ස්විච් එකේ 3 වෙනි බට්න් එක වැඩ කරන්නෙ නෑ
එතනට එන වයර් එක 1 ට පෑස්සුව
එතකොට 1 තමා පුල් ස්පීඩ් 2 medium ස්පීඩ්
මෝටරේ කෝර් එක මාක් එකක් දාල ගැලෙව්වත්
ආයෙ හයි කරද්දි හිර වෙන්න බලනව
ඒ හින්ද වටේ ඇන හතර තද කරද්දි නිදහසේ ෂාෆ්ට් එක කැරකෙනවද කියල බල බල තමා කරන්න ඕනෙ. තදයි නං ඇණ හතරම ආයෙ බුරුල් කරල එකින් එක තද කර කර බලන්න ඕනෙ. ඒකට මට සෑහෙන වෙලාවක් ගියා. බුරුල් කරනවා තද කරනවා බුරුල් කරනවා
මං හිතන්නෙ තර්මල් පියුස් එක යන්න ඇත්තෙ කැප් එක බැහැල නිසා රත් වෙනව ඇති මෝටරේ..
දැං සුපිරියට වැඩ
තාත්තගෙ කාමරේ ෆෑන් එක
Last edited:
