හසලක ගාමිණී සහ වැලිකඩ සල්ලාල දාමරිකයා...
ඒ එදා...
පුංචි පැටව් ඉස්සර අපෙ ගම් මැද්දේ...
සරං කෙටිය ඔසවා කැහැපට බැන්දේ...
දෙපිල බෙදීලා දාගෙන මහ සද්දේ...
බට ලී තුවක්කුවෙනුයි උන් ගිනි බින්දේ...
රට දැය රකින රණවිරුවා මමයි සිතා...
කොහිකිරිල්ල ගෙඩි ටික උණ්ඩයැයි සිතා...
මව් බිම රකින එක තම යුතුකමැයි සිතා...
කෙළි කොළු පැටව් යුද වැදුනා ජයම පතා...
එදවස් එසේ මව් බිම ගැන සිතූ නිසා...
යහපත් දේම වටපිටිනුත් පෙනුන නිසා...
මව්බිම රකින එක තම වගකීම නිසා...
රට දැය රකින රණවිරුවෙකි ඒ මිනිසා...
මේ මෙදා...
පෙර කල පොඩි එකා ගම් මැද යුද වැදුනත්...
සිහියේ තිබුනෙ "මව්බිම රැකගමු වැදගත්..."
දැන් කල පොඩි උන්ට කරනුව එය සිහිපත්...
මොකෙක් නමුත් ඉතිරිව ඇත්දෝ යහපත්...
දකින දකින සිංදුවෙ වලියක් යනවා...
වෙඩි හඬ සිංදු මැද සවණේ රැව් දෙනවා...
මේ වගෙ දේ බලා පොඩි උන් සැනසෙනවා...
මැරයෙක් වෙන්න උපරිමයෙන් වලි කනවා...
තේරෙනවාද මොනවද මේ කියන්නේ...
අමු කැවිලා වගේ මට නම් පෙනෙන්නේ...
මේව බලාලා මොනවද සිතන්නේ...
පුංචි එකා මේ ලෙසටයි පතන්නේ...
ගහගන්නට මේ ලෙස මට හැකි වේවා...
පොලීසියට ඇති බයනම් දුරැරේවා...
ගංජයි අරක්කුයි මට නෝමල් වේවා...
හිරේ යන්න දවසක මට හැකි වේවා...
_______________________________________
පුංචි පැටව් ඉස්සර අපෙ ගම් මැද්දේ...
සරං කෙටිය ඔසවා කැහැපට බැන්දේ...
දෙපිල බෙදීලා දාගෙන මහ සද්දේ...
බට ලී තුවක්කුවෙනුයි උන් ගිනි බින්දේ...
රට දැය රකින රණවිරුවා මමයි සිතා...
කොහිකිරිල්ල ගෙඩි ටික උණ්ඩයැයි සිතා...
මව් බිම රකින එක තම යුතුකමැයි සිතා...
කෙළි කොළු පැටව් යුද වැදුනා ජයම පතා...
එදවස් එසේ මව් බිම ගැන සිතූ නිසා...
යහපත් දේම වටපිටිනුත් පෙනුන නිසා...
මව්බිම රකින එක තම වගකීම නිසා...
රට දැය රකින රණවිරුවෙකි ඒ මිනිසා...
මේ මෙදා...
පෙර කල පොඩි එකා ගම් මැද යුද වැදුනත්...
සිහියේ තිබුනෙ "මව්බිම රැකගමු වැදගත්..."
දැන් කල පොඩි උන්ට කරනුව එය සිහිපත්...
මොකෙක් නමුත් ඉතිරිව ඇත්දෝ යහපත්...
දකින දකින සිංදුවෙ වලියක් යනවා...
වෙඩි හඬ සිංදු මැද සවණේ රැව් දෙනවා...
මේ වගෙ දේ බලා පොඩි උන් සැනසෙනවා...
මැරයෙක් වෙන්න උපරිමයෙන් වලි කනවා...
තේරෙනවාද මොනවද මේ කියන්නේ...
අමු කැවිලා වගේ මට නම් පෙනෙන්නේ...
මේව බලාලා මොනවද සිතන්නේ...
පුංචි එකා මේ ලෙසටයි පතන්නේ...
ගහගන්නට මේ ලෙස මට හැකි වේවා...
පොලීසියට ඇති බයනම් දුරැරේවා...
ගංජයි අරක්කුයි මට නෝමල් වේවා...
හිරේ යන්න දවසක මට හැකි වේවා...
_______________________________________
Last edited:


