හසලක ගාමිණී සහ වැලිකඩ සල්ලාල දාමරිකයා...

nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    හසලක ගාමිණී සහ වැලිකඩ සල්ලාල දාමරිකයා...

    ඒ එදා...





    පුංචි පැටව් ඉස්සර අපෙ ගම් මැද්දේ...
    සරං කෙටිය ඔසවා කැහැපට බැන්දේ...
    දෙපිල බෙදීලා දාගෙන මහ සද්දේ...
    බට ලී තුවක්කුවෙනුයි උන් ගිනි බින්දේ...

    රට දැය රකින රණවිරුවා මමයි සිතා...
    කොහිකිරිල්ල ගෙඩි ටික උණ්ඩයැයි සිතා...
    මව් බිම රකින එක තම යුතුකමැයි සිතා...
    කෙළි කොළු පැටව් යුද වැදුනා ජයම පතා...

    එදවස් එසේ මව් බිම ගැන සිතූ නිසා...
    යහපත් දේම වටපිටිනුත් පෙනුන නිසා...
    මව්බිම රකින එක තම වගකීම නිසා...
    රට දැය රකින රණවිරුවෙකි ඒ මිනිසා...



    මේ මෙදා...





    පෙර කල පොඩි එකා ගම් මැද යුද වැදුනත්...
    සිහියේ තිබුනෙ "මව්බිම රැකගමු වැදගත්..."
    දැන් කල පොඩි උන්ට කරනුව එය සිහිපත්...
    මොකෙක් නමුත් ඉතිරිව ඇත්දෝ යහපත්...

    දකින දකින සිංදුවෙ වලියක් යනවා...
    වෙඩි හඬ සිංදු මැද සවණේ රැව් දෙනවා...
    මේ වගෙ දේ බලා පොඩි උන් සැනසෙනවා...
    මැරයෙක් වෙන්න උපරිමයෙන් වලි කනවා...

    තේරෙනවාද මොනවද මේ කියන්නේ...
    අමු කැවිලා වගේ මට නම් පෙනෙන්නේ...
    මේව බලාලා මොනවද සිතන්නේ...
    පුංචි එකා මේ ලෙසටයි පතන්නේ...

    ගහගන්නට මේ ලෙස මට හැකි වේවා...
    පොලීසියට ඇති බයනම් දුරැරේවා...
    ගංජයි අරක්කුයි මට නෝමල් වේවා...
    හිරේ යන්න දවසක මට හැකි වේවා...

    _______________________________________




     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    ගහගන්නට මේ ලෙස මට හැකි වේවා...
    පොලීසියට ඇති බයනම් දුරැරේවා...
    ගංජයි අරක්කුයි මට නෝමල් වේවා...
    හිරේ යන්න දව්වසක මට හැකි වේවා...

    Patta post eka macho sorry rep denna ba

     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේකද අද නුතන රැල්ල කියල හිතෙන කොට සිතට දැනෙන්නේ මහා පිලිකුලක්..

    මොකක් හෝ බිහිසුණු සිහින පාතාලයක් සිත්හී අටවාගෙන කොහෙන් හරි අහුලා ගත් සංගීත කෑල්ලක් ඔබ්බලා අත පය සතර දෙසට නටෝලා මේ කියන්න හදන්නේ මොකද්ද??

    සින්දුව කියපු එකත් දන්නේ නැතිව ඇති ඌ මොනවද විනාඩි 3ක් තිස්සේ කියෙව්වේ කියල...ඒ වුනාට සින්දුව නම් නැගල ඇති අපේ රැප් මල්ලිලගේ chart එකේ මුදුනටම.....

    මල්ලියා අපුරු කාලෝචිත පණිවිඩයක්...රටකට ගිය කල..රටේ කොඳු නාරටිය..තරුණ පරපුරට ගිය කල...

    මල්ලියට ජය...
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පිටරට කලාකරයෝ වගේම ගෝනි එල්ලගෙන දඟලන තව ඕනෙ තරම් අපේ රටේ කලාකාරයෝ ඉන්නව සහෝදරයා :oo:
    මෙයා උනත් සෑහෙන්න gansta උණ තියෙන කෙනෙක්. interview එකට ආවොත් අනිවා ඔය වචනෙ වමාරල තමා යන්නෙ

    ඉතාම හොඳ නිර්මානයක් මචං. මමඞ් පෞද්ගලිකවම ඉතාම අගය කරනව මේ වගේ නිර්භයව කරන අර්ථවත් නිර්මාණ වලට :)
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ටෙලිවිෂන් එකක්, එෆ්.එම් එකක් පැයක් දෙකක් අහුවොත් ඕනේ එකෙකුට තේරෙනවා දැන් කලාකාරයෝ කියාගන්න කොපි කැට් හින්දුස්ථාන් කාරයොයි, මුලක් නැති යැංකී කාරයොයි ලංකාවත් තවත් ඉන්දියාවක් හරි ඇමරිකාවක් හරි කරන්න කොච්චර වලි කනවද කියලා...

    එහෙම කාලයක අපේම පරම්පරාවේ සහෝදරයෙක් මෙලෙසින් එයට එරෙහිව හඩක් නගලා තියෙනකොට හිතට පොඩි සැනසිල්ලකුත් එක්කම දැනෙනවා, උන් 100% ක්ම සාර්ථක නැහැ කියලා.

    සාර්ථකයි සහෝ ! ඉදිරියටත් අපේ යුතුකම ඉටු කරන්නට උඹට සුබ පැතුම් !!
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අපූරු නිර්මාණයක් යාළුවා ....... කාලයට ගැලපෙන තේමාවක්
    දිගටම මෙවන් අර්ථවත් නිර්මාණ අප හමුවේ තබාවි කියලා බලාපොරොත්තු වෙනවා
    + rep added
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    good work machan. +


    ගහගන්නට මේ ලෙස මට හැකි වේවා...
    පොලීසියට ඇති බයනම් දුරැරේවා...
    ගංජයි අරක්කුයි මට නෝමල් වේවා...
    හිරේ යන්න දවසක මට හැකි වේවා...

     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    මේ ගැන හීන් සීරුවේ සමාජයට පාරක් ගහන්න මට හිතුන ඒත් වේලපහම අපේ සහෝදරයෙල් ඒක කරපු එක ගැන ආඩම්බර වෙනව... මේක ඉතාම කාලෝචිත මාතෘකාවක් පිට රට සන්ස්කෘතිය එහෙන් පිටින්ම වැලඳ ගෙන හිරගෙදරට යනෑකත් නම්බුයි කියල හිතන මෝඩයින්ට හොඳ පාඩමක්.. ජය වේවා..!
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    ගහගන්නට මේ ලෙස මට හැකි වේවා...
    පොලීසියට ඇති බයනම් දුරැරේවා...
    ගංජයි අරක්කුයි මට නෝමල් වේවා...
    හිරේ යන්න දව්වසක මට හැකි වේවා...

    Patta post eka macho sorry rep denna ba


    ඒක අවුලක් නෑ බ්‍රෝ.. ස්තුතියි...

    ~niyama wadak machnz :)

    ස්තුතියි.......

    හොද නිර්මාණයක් මල්ලි

    :) ස්තුතියි.......

    Elasss Elasss

    ස්තුතියි.......

    nice work bro rep added

    ස්තුතියි.......

    nice work...keep it up..!!

    ස්තුතියි.......


    ස්තුතියි.......