ගාමිනි මිය ගියේ සත්‍ය ලෙසටම කොටින් ගේ ප්‍රහාර වලින් ද, නැතහොත් අපේ ම ප්‍රහාර වලින්ද යන්න පැවසිම උගහටය.එවන් අවස්ථාවකට සතය ලෙසටම මුහුනදුන් අයවළුන් දනිත්, එවන් අවස්තාවක සතුරන් සහ මිතුරන් වෙන්කොට පහර දිය නොහැකි බව. නමුත් ඔවුන් කල ඒ වීරෝදාර ක්‍රියාව නිසා කදවුරේ සිටි සෙබලුන් සහ සෙසු නිලයින් සිය ගනනක් ගේ ජීවිත බේරා ගැනීමට හැකිවිය. මෙවන් විරුවන් සම්ඉන්ධව මා එදත්, අදත්,හෙටත් පවසන්නේ මෙයම පමණි. එය මීට වසර දෙදහස් ගනනකට පෙර කාන්තාවක් කියූ දෙයකි. එයම මේ පිළිබද ව පැවසීම ගැන මට සමාවන්න.........
"නිබ්බුතා නූ න සා මාතා
නිබ්බුතා නූන සෝ පිතා
නිබ්බුතා නූන සා නාරි
යස්සායං ඊදිසෝ පති........."