සුදු හකුරු රජතුමාගේ ප්රියතම ආහාරයකි.රජවාසලට සුදු හකුරු සැපයූ ගමරාළගෙන් දිනක් රජතුමා මෙසේ ඇසීය.
,ඈ බං උඹේ හකුරු හරිම රසයි.උඹ කෙහොමද මේව හදන්නේ?”
රජතුමාගෙන් ලකුණු දමාගැනීමට ලද හොදම අවස්ථාව අත් නොහල ගමරාළ මෙසේ උත්තර දුන්නේය
“අවසර මහරජතුමනි, උඩට උඩු වියන් පයට පාවඩ බැඳල, මාය් මගේ මාය්යියි සුදු පිරිවට ඇඳල, මුකවාඩම් බැඳ ගෙන තමයි අපි මේ හකුරු සරි කරන්නනේ.”
තව තවත් ප්රීතියට පත් රජු ගමරාළට තුතු පඬුරු ද දී පිටත් කර හැරියේය.
දිනක් දේශ සංචාරයේ නිරතවන අතර රජතුමා, හකුරු සපයන ගමරාළ ගේ නිවස ඇති ඉසව්වට ද අහම්බෙන් සේන්දු විය. පරිවාර ඇමතියන්ගෙන් ඒ බැව් දැනගත් එතුමා ගමරාළ ගේ නිවෙස සොයා ගෙන ඒ දෙසට පානගන්නට විය.
විස්මයකි!
ගමරාල ඒ මොහොතේ ද සිටියේ පැණි උණුකර හකුරු සාදමින්ය. නමුත් උඩට උඩුවියන්, පයට පාවඩ, සුදු පිරුවට ඒ කිසිත් අහලක නොවීය. ලිප අසල බොහෝ වේලාවක් තැම්බි තැම්බී සිටීම නිසාදෝ ගමරාළ ද ගම මහගේ ද සිටියේ දාඩියෙත් තෙත්වූ දැලි කුණ පෙරාගත් සිරුරිනි.
රජතුමා අසූ හාරදහසට උදහස් විය.
“ඈ බොල තෝ මට හකුරු සරිකරනවයි කීවේ මේ විදියටද?”
“පස්වාන් දහසකට බුදුවන්ට දේවයන් වහන්ස. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි !”
ගමරාළ පිලිවදන් දිනි.
මටත් ඕන හකුරුවිතරයි, අනික රත්තරන් අස්සයො ඉන්නව කියන රටේ කගවේන්නුත් අැති බන්