හාඩ්ඩිස්ක් එකේ ඩේටා ගොඩදාගන්න.

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    හාඩ්ඩිස්ක් එකේ ඩේටා ගොඩදාගන්න.

    මචංලා හාඩ් එකක ඩේටා ටිකක් ගොඩගන්න උදව්වක් ඕන..අවුරුදු 8ක් පරණ ඩෙසක්ටෝප් කම්පියුටර් එකේ තමා කේස් එක ආවේ.. මුල් දවස් ටිකේ නං බැරි බැරි ගාතේ ඔන් වුනා..ඒ කාලෙත් සමහර ෆයිල්ස් නම් කොපි කරගන්නම බෑ කරප්ට් වෙලා. සමහර ඒවා ටිකක් කොපි කරගත්තා.

    මෙන්න මේ මෙසේජ් එක තමා මුල ඉදන්ම ඉන්නේ.

    SATA 3 HDD MAY NOT BE AVAILABLE.
    PLEASE CONTACT HDD MANUFACTURER. PRESS <SPACE> TO CONTINUE'.

    දැන්නම් මුකුත්ම එන්නේ නෑ බං..මේකේ මට වටින photos,documents ටිකක් තියෙනවා..පොඩ්ඩක් කියපං මේක ​ගොඩගන්න විදියක් ඩේටා ටික..

    (මගේ දැනට තියෙන්නේ ලැප් එක විදිය​ට මැක්බුක් එකක්..එකට ගන්න පුලුවන්නම් ඩේටා ටික​ ෂේප්)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    වැඩි සෙල්ලම් දාන්න යන්නේ නැතිව HDD Recover කරන team එකකට දුන්නා නම් හොද නැද්ද. Google search පාරක් දාපන් කොලඹ අවට නුවර එහෙම තැන් තියෙනවා.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    වැඩි සෙල්ලම් දාන්න යන්නේ නැතිව HDD Recover කරන team එකකට දුන්නා නම් හොද නැද්ද. Google search පාරක් දාපන් කොලඹ අවට නුවර එහෙම තැන් තියෙනවා.

    Thanx macho..wede thiyenne mata ehema denna beri tharam dewal meke thiyenawane ban :(
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    facebook eken issuwe
    මගේ ලැප් ටොප් එක කැඩුනා ගිය අවුරුදෙ අග, සාමාන්‍ය පරිගණක දැනුමක් තිබ්බත් මේ අවුල ගොඩ දාගන්නම බැරි උනා, HP ProBook 4530s ලැප් එක, ලැප් එක ඕන් වෙනවා හැබැයි OS ලෝඩ් වෙන්නේ නෑ, BIOS වලට යන්න පුළුවන් හැබැයි Exit වෙනකොට හිර වෙනවා. 2011 දි ගත්තු එකක් 2019 වෙනකන් තිබ්බ එකත් ලොකු දෙයක්, පස්සේ ඒක හදන්න දුන්නම අවුල හොයාගන්න බැරි උනා. කීප තැනකට යැව්වත් අවුල හොයාගන්න බැරි උනා, හදන්න ගත්තු කෙනත් කීවේ මේක නිසා ගොඩක් දේවලුත් ඉගෙනගන්න ලැබුනා හැබැයි අවුල හොයා ගන්නා බෑ කියලා. BIOS IC මාරු කරලා තව ඔක්කොම චෙක් කරලා හරි ගියේ නෑ හැබැයි අවුල තියෙන්නේ Mother Board එකේ කියලා කිවා. ගොඩක් පරණ නිසාත් බෝඩ් එක රිපෙයාර් කරන්න ට්‍රයි කරලා තේරුමක් නැති නිසාත් ආපහු ලැප් එක ගෙන්න ගත්තා.

    ඊට පස්සේ එකේ තිබ්බ Data ටික ගන්න ඕනි උනා, පස්සේ දවසක ලැප් එකේ hard disk එක ගලවලා වෙන Desktop PC එකකට ගහලා ඕන කලා. කලින් ලැප් එකේ Security Feature එකක් තිබ්බා Drive Lock Password කියලා, හාඩ් එකේ තියෙන ඔක්කොම ඩේටා ටික පාස්වර්ඩ් එකකින් වෙනස් කරලා තියෙන්නේ. ඒවා බලන්නන් Password එක ගහලා ආපහු ඩේටා ටික නෝමල් විදිහට හරවා ගන්න ඕනි (128bit Data Encryption) ලැප් එක ඔන් කරද්දි ඒ පාස්වර්ඩ් එක ගහන්න එනවා. මේක ලැප් එකට එක හදන සමාගමෙන් දත්ත වල ආරක්ෂාවට දාන එකක්. ඉතින් මම හාඩ් ඩිස්ක් එක Desktop PC එකකට ගහලා ඕන් කලාම සුපුරුදු විදිහට පාස්වර්ඩ් එක ඉල්ලුවා . මම දාපු පාස්වර්ඩ් එක ගැහුවත් ඒක වැරදි කියලා තමා හැමවෙලේම කිවේ. ඉස්කෝලේ කාලේ ඉදන් තිබ්බ ෆොටෝ ටික වැදගත් Documents ඔක්කොම තිබ්බ හාඩ් එක. දැන් මොකෝ කරන්නේ මම කල්පනා කරලා බැලුවා, IT ක්ෂේත්‍රයේ ඉහලම තනතුරු වල ඉන්න අයගේ ඉදන් සාමාන්‍ය එදිනෙදා දැනුම තියෙන අයගෙන් ඉදන් අහලා බැලුවා, එයාලා දුන්න විසදුම් තමා මේ,

    1.තව PC කීපයක් එක්ක ට්‍රයි කරන්න - කරා එකම ප්‍රතිපල

    2.LINUX OS එක්ක ට්‍රයි කරන්න ඒවගේ සාමානයෙන් ඩේටා පෙන්නනවා - පෙන්නුවේ නෑ

    3.Manufacture හරි Local Agent හරි සම්භන්ද කරගන්න ඒගොල්ලෝ ගාව Master Key තියෙන්න පුළුවන් Password by pass කරන්න - කලින් Email යවලා එපා වෙලා හිටියේ, අනික එයාලම Data වල Privacy එකට දාපු එකකට එහෙම Master Key දෙයි කියලා හිතන්න අමාරු නිසා වැඩේ අත්හැරිය.

    4. ලැප් හාඩ් එක එන්ක්ලොසර් එකකට දාල ගහලා බලන්න - ප්‍රතිපල නැත

    5. decrypt software වලින් ට්‍රයි කරනන- වැඩක් උනේ නෑ.

    කොරෝනා කේස් එක අස්සේ මම ආපහු ඔන්ලයින් ලැප් හදන තැන් වලට මැසේජ් කලා, ගොඩක් ප්‍රසිද්ධ තැන් වලින් කිවේ වැඩේ කරන්න බෑ කියලා. සමහරු රිප්ලයි කලේ නෑ.

    ඩේටා ටික මට ඕනි නිසාත් හාඩ් ඩිස්ක් එක වැඩකරන තත්වයේ තියෙන නිසාත් මට ඉතුරු උනේ මේ විකල්ප,

    1. මේ වගේම ලැප් එකක් හොයාගෙන ඒකෙන් ට්‍රයි කරන එක - ඇදිරි නීති කාලේ මේ වැඩේ කරන්න බෑ, ලැප් එකක් ගෙන්නගන්නත් කාලයක් යනවා අනික වියදම ගෙන්නනවනන් ඩොලර් රේට් වැඩිවෙන එකයි Shipping එක්ක 50000 පැනලා, අලුත් වෙන ලැප් එකක් ගන්න එක ඊට හොදයි.

    2. තියෙන ලැප් එක කොහොමහරි හදා ගන්නා එක - සැරයක් හදන්න දීලා සෑහෙන ට්‍රයි කරලා බැරි උන එකක්

    පස්සේ මම කලේ පරණ ලැප් එක අරන් හාඩ් එක අපහු ගහලා ඕන කලා, BIOS ගිහින් Drrive Lock Password අයින් කරලා Exit වෙද්දී Save කරන්න අහනවා එකට Yes දුන්නම ආයේ සුපුරුදු විදිහට හිර වෙනවා, ඊට පස්සේ වෙන PC එකකට ගහලා බැලුවම තාම Drive Lock අයින් වෙලා නෑ.

    දෙවෙනි සැරේ මම හාඩ් එක ගහලා ආපහු BIOS වලින් ගිහින් Drive Lock අයින් කරලා සේව් කරලා Exit වෙන්නේ නැතුව ඕනි දෙයක් කියලා හාඩ් එක ගලවලා දැම්ම ලැප් එකෙන්, පස්සේ ආපහු අනික් PC එකට ගහලා බලද්දි Drive Lock අයින් වෙලා ......

    ලිදට වැටුන මිනිහා ලිං කටින්ම ගොඩ එන්න ඕනි කියන කතාව ඇත්ත කියලා තේරුනේ එදා :-D :-D

    උගත් පාඩම්- කිසිවිටක අත්යාවශ්‍යතාවක් නැතිනම් Data encrypt කරන්න එපා.

    හැකි සෑම විටම කොතරම් ලොකු ඉඩක් ගියත් අත්‍යවශ්‍ය දත්ත Back Up කරගන්න

    ලැප් එකක් අවුරුදු 5 කින්වත් මාරු කරගන්න..
     
    • Like
    Reactions: windows_ubuntu

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,193
    1,796
    113
    Badulla
    hard eka win7 wage thiyan pc ekakata separate gahala try karanna.
    eken eka file ganna balanna.okkoma eka para copy karanne nathuwa
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    oya pc eken hard drive eka galawanna..
    wen aluth windows pc ekakata gahanna second drive eka widiyata..
    e pc ekata Power Data Recovery (version 6 nam godak hodai) install karanna..
    power data recovery eke advanced recovery gihin data tika wena hard ekakata recover karaganna..
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    mageth hard drive 4k ma thiyanwa backup gattuwa.... 2007 wage indala data thiyanwa... check karala balanna one badu thiyanwda kiyala
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උබට ඕක එලියට දෙන්න බැරි සිද්දියක් තියෙනවා නං කරන්න තියෙන්නේ SATA to USB Hard Disk Adapter එකක් අරන් වැඩ කරන එකකට ගහගෙන ෆයිල් ගන්න එක.
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    aluth machine ekakata linux daala parana hard drive eke DD image ekak ganna. eka FTK imager ekata dala recover karanna oni tika. nattan sluethkit eken recover karannat puluwan.

    internet eke oya wachana tika search karanna. etakota karana widiya kiyala athi.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    aluth machine ekakata linux daala parana hard drive eke DD image ekak ganna. eka FTK imager ekata dala recover karanna oni tika. nattan sluethkit eken recover karannat puluwan.

    internet eke oya wachana tika search karanna. etakota karana widiya kiyala athi.

    ගොඩක් ස්තූතියි මචෝ..මම බලන්නම්
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබට ඕක එලියට දෙන්න බැරි සිද්දියක් තියෙනවා නං කරන්න තියෙන්නේ SATA to USB Hard Disk Adapter එකක් අරන් වැඩ කරන එකකට ගහගෙන ෆයිල් ගන්න එක.

    ස්තූතියි මචෝ..ඔව් බං එලියට දෙන්න බැරි සින් එකක් තියෙන්නේ :yes:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචංලා හාඩ් එකක ඩේටා ටිකක් ගොඩගන්න උදව්වක් ඕන..අවුරුදු 8ක් පරණ ඩෙසක්ටෝප් කම්පියුටර් එකේ තමා කේස් එක ආවේ.. මුල් දවස් ටිකේ නං බැරි බැරි ගාතේ ඔන් වුනා..ඒ කාලෙත් සමහර ෆයිල්ස් නම් කොපි කරගන්නම බෑ කරප්ට් වෙලා. සමහර ඒවා ටිකක් කොපි කරගත්තා.

    මෙන්න මේ මෙසේජ් එක තමා මුල ඉදන්ම ඉන්නේ.

    SATA 3 HDD MAY NOT BE AVAILABLE.
    PLEASE CONTACT HDD MANUFACTURER. PRESS <SPACE> TO CONTINUE'.

    දැන්නම් මුකුත්ම එන්නේ නෑ බං..මේකේ මට වටින photos,documents ටිකක් තියෙනවා..පොඩ්ඩක් කියපං මේක ​ගොඩගන්න විදියක් ඩේටා ටික..

    (මගේ දැනට තියෙන්නේ ලැප් එක විදිය​ට මැක්බුක් එකක්..එකට ගන්න පුලුවන්නම් ඩේටා ටික​ ෂේප්)


    මගේ අවුරුදු 13 පරණ 500GB එකකට කෙල උනා ඔය විදියටම. මට එකෙක් කිව්වා හාඩ් එක fridge එකේ deep freezer එකේ තියලා පැය භාගයක් විතර ගොඩ දාගත්තා කියලා.මගේ එකට නම් හරි ගියේ නෑ.