හාමුදරුවන්ට I phone X අකැපද?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,280
    1,529
    113
    පේමන්ට් එකේ.
    හාමුදරුවන්ට I phone X අකැපද?

    හාමුදුරුවන්ට IPHONE X අකැපද?

    මේ දවස්වල කිරියේ නිතරම කථා බහට ලක්වුණ THREAD එකක් නිසා මේ ගැන යමක් සදහන් කිරීම යහපත් යැයි කියා සිතුණි. එම නූලට අදාලව කිරියේ පලවුණු පින්තූර කිසිම නිරවද්‍යතාවයකින් තොරව පළවුණ ඒවා බව ප්‍රථමයෙන් සදහන් කිරීමද වටිනවා යැයි සිතමි...

    මේ ගැන කථා කිරීමට පළමුව අද අප සමාජයේ බහුතර (අ)බෞද්ධයන් හැසිරෙන්නේ බුදුන් වහන්සේගේ ධර්මය පිළිපැදිය යුත්තේ සංඝ රත්නය පමණක් කියා සිතාය. කොටින්ම ඔවුන්ගේ මතය වනුයේ බුදුන් වහන්සේ ධර්මය දේශනා කරේ සංඝ රත්නයට පමණය, එම නිසා ගිහියන් වන අපගේ පරම යුතුකම වන්නේ දුක අවබෝධ කරගැනීම නොව සංඝ රත්නය නිවන් දකින මාර්ගයේ යනවාද කියා ඔත්තු බැලීම බවය.

    නමුත් අපේ (අ)බෞද්ධයන් බුදුන් දේශනා කළ නිවන් දක්නා මාර්ගයේ නොයා සංඝ රත්නයට ඇගිල්ල දිගු කරන්නේ සංඝ රත්නය පමණක් බුදුන් දේශනා කර මග යා යුතුය කියන ළාමක හැගීම හිතේ තියාගෙනය. එම නිසා ඔවුහු ස්වාමීන් වහන්සේලාගේ අල්පේච්ඡතාවය ගැන කථා කරති.

    අල්පේච්ඡතාවය ගැන කථා කරත් බොහෝ (අ)බෞද්ධයෝ ලැබීම ගැන දන්නේ නැති බව මා හට හොදටම වැටහුණි. මෙය බහුතර සිංහල බෞද්ධයාගේ කැපී පෙනෙන ලකුණකි. කරුණ නම් මෙසේය. යම් පුද්ගලයෙක්ට කිසිදු මහන්සියක් තොරව යම් ධනයක්, බලයක්, තනතුරක් කොටින්ම කිව්වොත් සැපයක් ලැබුණහොත් අපේ එවුන් ඔවුන් දෙස බලන්නේ දැඩි ද්වේශයකිනි. ඔවුන් හිතන්නේ මෙය හෙන අසාධාරණ බවය. සියලු දේ ලබා ගත යුත්තේ පට්ට මහන්සියෙන් බවය. මෙය මිනිහෙක්ගේ ලැබීම බව ඔවුහු නොදනිති. කොටින්ම කිවහොත් පින පල නොදෙන බව නොදනිති. අපේ ඈයෝ කරන්නේ පින පලදීමට විරුද්ධව කථා කිරීමය. හේතු ඵල දහමට විරුද්ධව කථා කිරීමය. මෙහිදී සෘජුව මොවුන් සියල්ල බුදු දහමට විරුද්ධ වීමද සිදුවේ. දුකනම් ඔවුන් එය නොදැනීමය.

    බුදු රජාණන් වහන්සේගේ පාරමී බලය නිසා උන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සම්පූර්ණ වූ සේක. නමුත් බුදු රජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සගවා ගෙන සිටියේ නැත. සීවලී මහ රහතන් වහන්සේ ප්‍රථ්‍යාලාභීන්ගෙන් අග්‍රස්ථානය ලැබුවාය කියලා උන් වහන්සේ අනික් ස්වාමීන් වහන්සේලා මේ සම්බන්ධයෙන් මා ගැන වැරදි වැටහීමක් ඇති වේය, එම නිසා උතුම් සංඝ රත්නයට කැලළක් වේය සිතා කැලයට ගිහින් ජීවත් වුණේද නැත. උන් වහන්සේලා පිනට බබලන්න දුණි.

    අතීතයේ ජීවත් වූ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ කොසොල් රජතුමා, උදේනි රජතුමා, බිම්බිසාර රජතුමන්ලාට රූමත් අන්තඃපුර බිසෝවරු සිටියේය. නමුත් මේ රජුන්ට බිසෝවරුන් අයිති කර ගැනීමේ සම්මත විනයක් තිබුණි. ස්වාමි පුරුෂයන් ජීවත් වෙන කිසිම කාන්තාවක් රජවරු තම අන්තඃපුරයට ගත්තේද නැත. බුදුන් වහන්සේ කිසිම විටක මෙම රජවරු ලබන සැප සම්පත්ද විවේචනය කරේ නැත. උන්වහන්සේ අන්තඃපුර වසන්න කියා කිව්වේද නැත. මක් නිසාද යත් උන් වහන්සේ මේ සෑම සැප සම්පතක්ම අතීත කුසල් සංස්කාරයක ප්‍රතිඵලයක් කියා දන්නා බැවිණි.

    මිනිසුන්ගේ ලැබීම විවිධාකරය. පුද්ගලයන් දස දෙනෙක් ගතහොත් ඔවුන් දස දෙනාටම ඇත්තේ ලැබීම් දහයකි. බොහෝ බෞද්ධයන් මෙය තේරුම් ගන්නේ නැත. පොකට් ගැසූ දුප්පත් එවුන් අවුරුදු ගණන් හිරේ යද්දී කෝටි ගණන් මාටියා ගැසූ ඇමතිවරු සුවසේ වෙසෙන්නේ ඇයිදැයි විවාද කරගනිති. මෙය මෝඩ කමය. ඔවුහු මිනිසුන් ලබන සෑම සැපක් හා දුකක් අතීත කුසල් අකුසල් සංස්කාරවල ප්‍රතිඵල කියා නොදනිති. එම පදනමින්ම යම් ස්වාමීන් වහන්සේ කෙනෙක්ට වැඩිපුර සිව් පසය ලැබුණේද, වැඩිපුර යාන වාහන වලින් ගමන් කෙරේද විශාල විහාර වල වාසය කරයිද එවැනි කරුණක් දුටු විගස මොවුන්ගේ ළාමක අල්පේච්ඡතා තර්ක දමා ගසති. මොවුන් සිතන්නේ පුද්ගලයෙක් පැවිදි වූ විගස ඔහුගේ කුසල් සංස්කාරයන් පල නොදී ඒවා අතුරුදහන් වෙන බවය. මෝඩ අදහස්ය.

    බොහෝ අවස්ථාවල පැවසුවත් මට මේ අවස්ථාවේද මේ කරුණ පැවසීමට සිදුවී ඇත්තේ අපේ (අ)බෞද්ධයන්ගේ ගොන් චින්තන නිසාය. අනේපිඩු සිටුතුමා සැවැත් නුවර ගොස් ජේත නම් රාජ කුමාරයාගේ උයන මිලදී ගෙන සකලාංග සම්පූර්ණ කොට විහාරය කරවා බුදු පාමොක් මහසගන වැඩම කරවා අටළොස් කෝටියක් වියදම් කරගෙන විහාර පූජෝත්සවයක් පැවැත්වීය. ඔහු බුදු සස්නෙහි පරිත්‍යාග කල ධනය සිව් පනස් කෝටියකි. අද මේ හාමුදුරුවන්ට ඇගිල්ල දිගු කරන අයියලා එදා මේවා දුටුවානම් ඔවුන්ද මෙසේ බුදු පාමොක් මහසගනට ඇගිල්ල දිගු නොකරන්නේද? පොඩ්ඩක් සිතා බලන්න.

    මම තවම ලැබීම ගැන කථා කලා මිසක් ස්වාමීන් වහන්සේලාගේ ශිල්වත් භාවය පිළිබදව කථා නොකළෙමි. අපේ (අ)බෞද්ධ අයියලාට ලොකුම ප්‍රශ්නය වී ඇත්තේද එය බව දනිමි. මෙම කරුණු මා විසින් රේරුකානේ චන්දවිමල හාමුදුරුවන් විසින් රචිත සූවිසි මහා ගුණ නැමැති පොතෙන් උපුටා ගන්නා ලද කරුණුය. සංඝ රත්නය ගැන දැන ගැනීමට අදහස් දරන සියල්ලන් එම ග්‍රන්ථය කියවීම යහපති!

    ස්වාමීන් වහන්සේලා විවිධ ලෙස ප්‍රතිපත්ති පුරති. ඒ අනුව ඔවුන් ලබන මාර්ගඵලයන්ද වෙනස් වෙති. සමහර ස්වාමීන් වහන්සේලා ලාභ කීර්ති ප්‍රශංසා නැතිව ජීවිතාපේක්ෂාව හැර සිවු පිරිසිදු ශීලයේ පිහිටා ආරණ්‍යයක පිණ්ඩපාතිකාදී ධූත ගුණයන්හි පිහිටා උග්‍ර ලෙස පිළිවෙත් පුරති. උන් වහන්සේලා දැඩි අධිෂ්ඨානයෙන් යුතුව බලවත් වීර්යයෙන් දවල් කාලය සම්පූර්ණයෙන් සක්මනින් හා හිදීමෙන් ද එසේම රාත්‍රියේ ප්‍රථම පශ්චිම යාම දෙක ද ගත කරමින් සමථ විදර්ශනා භාවනාවන්හි යෙදෙති.

    තවත් ස්වාමීන් වහන්සේලා ශීල ධූත ගුණයන්හි පිහිටා තරමකින් භාවනාවන්හි යෙදෙති.

    ඇතැම්හු ශීලධූතගුණයන්හි නො පිහිටා ශීල මාත්‍රයෙහි පිහිටා මද වශයෙන් භවනාවෙහි යෙදෙති.

    තවත් ස්වාමීන් වහන්සේලා ශීල ධූත ගුණයන් පිරීමෙන් පමණක් කල් යවති.

    ඇතැම්හු ශීලමාත්‍රයම පුරති.

    ඇතැම්හු ශීලයද ඇතැම් සිකපද ද කඩමින් අසම්පූර්ණ කොට රක්ෂා කරති.

    මේ අනුව ඒ ඒ භීක්ෂූන් පුරණ පිළිවෙත් අනුව ඇතැම්හු අර්හත් ඵලයට පත්වෙති. ඇතැම් සකෘදාගාමී පලයට පත්වෙති. ඇතැම්හු සෝවාන් ඵලයට පත්වෙති. ඇතැම්හු ධ්‍යානාභිඥා ලබති. ඇතැම්හු ධ්‍යානපමණක් ලබති. ඇතැම්හු උපචාර සමාධිමාත්‍රයක් ලබති. ඇතැම්හු මේ කිසිවක් ලබා නොගනිති.

    මේ අනුව දැඩි වීර්යයෙන් පිළිවෙත් පුරා නොබෝ කාලයකින් රහත් වෙන භික්ෂුවද ලිහිල් ලෙස ප්‍රතිපත්ති පුරණ භික්ෂුවද පුරන්නේ බුදුන් වදාල නිවනට පමුණුවන ප්‍රතිපත්තියමය. ඒ ඒ භික්ෂුවගේ වීර්යය මත මාර්ගඵල ලබන ආකාරය වෙනස් වේ.

    අපේ (අ)බෞද්ධ අයියලා විසින් පටලවා ගෙන ඇත්තේ මෙය බව සිතමි. ඔවුන් භික්ෂුවක් දුටු විට සිතන්නේ කැලයට ගොස් අල්පේච්ඡතාවයට මුල් තැන දී භාවනා කල යුතු බවය. බුදු සසුනේ එන එක ධූතාංගයක්වත් කියනු ලෙස පැවසුවොත් ඔවුන් බොහොමයක් නිරුත්තර වෙති. බුදුන් වහන්සේ නිවනට පැමිණෙන මාර්ගය දේශනා කරේ ගිහි පැවිදි දෙපක්ෂයටමය. ඔබ ගිහිව සිටගෙන අඩුම තරමේ පන්සිල් පද පහවත් නොරැක එයට වඩා සිල් පදයක්වත් වැඩියෙන් රකින භික්ෂුව අයි පෝන් එකක් පාවිච්චි කළ විට ඇගිල්ල දිගු කරන්නේ නම් මොහොතක් සිතා බලන්න ඔබ කරන්නේ නිවැරදි දෙයක්ද බව.

    බුදු වරු සැපයක් තමා කරා එන විට පලා යන්න කියා කීවේද නැත. එසේනම් උදේනි රජතුමන්ලා, කොසොල් රජතුමන්ලා, බිම්බිසාර රජතුමන්ලා රජ කම අතහරීවිය. බුදුන් වහන්සේ ඔවුන්ට සැප සම්පත් අත හැර පැවිදි වෙන්න නොකීවේ උතුම් ධර්මය පිළිපදින්නට අපිට ඇති නිදහස මනාව පිළිබිඹු කරමින්ය. වැදගත් කරුණ නම් කවර සැපත ලැබුවත් එම සැපය නිසා පවුකම් නොකිරීමට වග බලා ගැනීමට අප දක්ෂ වීමය. බුදු වරයෙකුගේ කාර්යය චතුරාර්ය සත්‍යයය පිළිබදව ලොවට දේශනා කිරීමය. එය තේරුම් ගෙන නිවන් දැකීමේ වගකීම අප සතුය.

    කථාවේ සාරාංශය මෙසේය. ප්‍රශ්නය ඇත්තේ භික්ෂූන් භෞතික සැප සම්පත් විදින එක නොවය, අල්පේච්ඡතාවය නොරකින එකද නොවය. උන් වහන්සේලාගේ කුසල් සංස්කාරයන් අනුව භෞතික සැප සම්පත් ලැබීම කාහටවත් නැවැත්වීම නොහැක. එය නිරර්ථක උත්සහයකි. උන්වහන්සේලාගේ කුසල් සංස්කාරයන් ඵල දිය යුතුය. උතුම් සංඝ රත්නය සිල් පද රැකගෙන පිනට මතුවෙන්න ඉඩ දීමට දක්ෂ විය යුතුය.

    දලයිලාමා වහන්සේ විසින් මේ සම්මුඛ සාකච්ඡාව අවසානයේ නිවේදකයා සමග ඔහුගේ ඇරයුම මත ඔහු සමග SELFIE යක් ගැසීමට දෙවරක් නොසිතා ඉදිරිපත් වන්නේද ඒහෙයින් නොවේද? සම්පූර්ණ වීඩියෝව බලා නිගමනයකට පැමිණෙත්වා.



    සැමටම සත්‍යය අවබෝධ වෙත්වා! තෙරුවන් සරණයි.

    මූලාශ්‍ර:
    සූවිසි මහා ගුණ - රේරුකානේ චන්ද්‍රවිමල මහනාහිමි.
    පුණ්‍යෝපදේශය - රේරුකානේ චන්ද්‍රවිමල මහනාහිමි.
    මහරහතුන් වැඩි මග ඔස්සේ (අතහැරිම 10) - ඉදිරිපත් කිරීම; ඉන්ද්රයජිත් සුබසිංහ.
     
    Last edited:
    • Like
    Reactions: ForgottenSand

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    මම නන් හිතන්නේ ඕක කාගේ හරි උවමනාවකට කරපු එකක්. ගාල්ලේ ඔච්චර පෝන් කඩවල් තියෙද්දි ඇයි හාමුදුරුවෝ තම්බි කඩේකටම ගියේ. වරුණ phone shop එකට යන්න තිබ්බානේ. ඒකේ ඕන පෝන් එකක් තියෙනවා. පොටො ගහද්දිත් ලස්සනට හිනාවේ ගෙන ඉන්නවා. කොන්ඩේ බූගාලත් නෑ.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මම නන් හිතන්නේ ඕක කාගේ හරි උවමනාවකට කරපු එකක්. ගාල්ලේ ඔච්චර පෝන් කඩවල් තියෙද්දි ඇයි හාමුදුරුවෝ තම්බි කඩේකටම ගියේ. වරුණ phone shop එකට යන්න තිබ්බානේ. ඒකේ ඕන පෝන් එකක් තියෙනවා. පොටො ගහද්දිත් ලස්සනට හිනාවේ ගෙන ඉන්නවා. කොන්ඩේ බූගාලත් නෑ.

    :lol::lol::lol::lol: